ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු වලදී විවිධාකාරයෙන් පරිසරයට හානි සිදු වෙ. එවන් හානි අවම කරගනිමීන් පරිසරහිතකාමීව ඉදිකිරීම් කටයුතු සිදු කරන අවස්ථා කිහිපයක් පහත ඡායාරූපයන්හි දැක්වේ.

  1. කොන්ක්‍රීට් මිශ්‍රන යන්ත්‍රය සෝදන ජලය පෙඟවුම් වළකට එකතු කිරීම.
  2. ඉදිකිරීම් ස්ථානයේ මඩ පිටතට යාම අවම කිරීම සඳහා වාහන වල රෝද සේදීම.
  3. ඉදිකිරීම් ස්ථානයේ දූවිල්ල අවම කිරීම සඳහා ජලය ඉසීම.
  4. අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය වෙන් කර නිසි ලෙස ගබඩා කිරීම.
  5. ඉදිකිරීම් භූමියේ සාරවත්ම කොටස වන ඉහළම පස් ස්ථරය ඉවත් කර පසුව යළි පිරවීම සඳහා ආවරණය කර තැබීම.
  6. අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම හා අනවශ්‍ය වෙලාවන්හී විද්‍යුත් උපකරණ ක්‍රියා විරහිත කිරීම.
  7. ඉදිකිරීම් භූමියේ දුම්බීම තහනම් කිරීම.