අහසට වැඩි කඳුලු බිංදු
වැස්ස වෙලා වැටෙන කලට
මිහිකත සතොසින් රඟදෙයි
රස බලන්න වැහි බිඳු වල

රස බලලා ඉතිරි බිඳිති
ගලන්නෙ මහ සාගරයට
සාගරයට වැඩි වෙන්නෑ
අහස හෙළන කඳුලැල් කැට

අයෝධ්‍යා කිරිඇල්ල