නව වාර්තාවකට අනුව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතන වලට 2016-2021 දක්වා බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු අප්‍රිකාවේ ගෑස්, තෙල් සහ ගල් අඟුරු ව්‍යාපෘති 964කට අවම වශයෙන් ඩොලර් බිලියන 132.3ක් පමණ වැය කර ඇත.

2022 මාර්තු 3 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව ෆොසිල ඉන්ධන සඳහා වන මෙම මූල්‍යය, අප්‍රිකාව විසින් ‘අවම සංක්‍රාන්තියකින්’ නවතා ඇත. එලෙසම මහාද්වීපය නියමිත වෙලාවට, තිරසාර බලශක්තිය වෙත අවශ්‍ය පිම්ම ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමක් ඇති බව අධ්‍යයනයෙන් හෙළි විය.

සාධාරණ සංක්‍රාන්තියක් සඳහා වත්මන් බලශක්ති පද්ධතිය, නිස්සාරක පොසිල ඉන්ධන මත පදනම් වූ ආර්ථිකයක සිට පුනර්ජනනීය ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය වේ.

ෆොසිල ඉන්ධන සඳහා වූ මෙම මූල්‍යකරණයෙන් අතිමහත් බහුතරයක් අප්‍රිකාවෙන් පිටත පදනම් වූ මූල්‍ය ආයතනවලින් ලැබුණු බව, ‘Locked Out of a Just Transition: Fossil Fuel Financing in Africa’ යන වාර්තාවේ සඳහන් වේ. 

වාර්තාවට අනුව වාණිජ බැංකු, සංවර්ධන බැංකු සහ අපනයන ණය නියෝජිතායතන වැනි පොදු ආයතන දෙකම ඇතුළත් වේ.

විශාලතම ෆොසිල ඉන්ධන මූල්‍ය සපයන්නන්ගෙන් බහුතරයක් උතුරු ඇමරිකාව සහ යුරෝපය, විශේෂයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වේ.

අප්‍රිකාවේ, ෆොසිල ඉන්ධන කර්මාන්තයට සංවර්ධනය ගෙන ඒම සහ බලශක්ති ප්‍රවේශය වැඩි කිරීමේ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බව අධ්‍යයනයට අනුව හෙලිවේ. මිලියන ගණනක් අප්‍රිකානුවන් බලශක්ති දරිද්‍රතාවයේ දිගටම ජීවත් වෙති – බලශක්ති දරිද්‍රතාවයේ ජීවත් වන ලෝකයේ මිලියන 800 ක ජනතාවගෙන් මිලියන 600 ක් අප්‍රිකාවේ සිටිති. බලශක්ති දරිද්‍රතාවය යනු ලෝක ආර්ථික සංසදයට අනුව තිරසාර නවීන බලශක්ති සේවා සහ නිෂ්පාදන සඳහා ප්‍රවේශය නොමැතිකමයි.

සමස්තයක් වශයෙන්, 2016 සහ 2021 ජූනි අවසානය දක්වා මෙම ෆොසිල ඉන්ධන ව්‍යාපෘති සඳහා ෆොසිල ඉන්ධන සමාගම් 406 ක් සම්බන්ධ වී ඇති බව නව වාර්තාවේ සඳහන් වේ. මෙම අධ්‍යයනයෙන් ආවරණය වන ෆොසිල ඉන්ධන ව්‍යාපෘති 58 සඳහා මෙම කාලය තුළ ඩොලර් බිලියන 49.8ක් ලැබිණි. මොසැම්බික් එල්එන්ජී ව්‍යාපෘතිය සඳහා වන මුදල්, මෙම මුදලින් විශාල කොටසක් ආවරණය කර ඇති බව වාර්තාව පවසයි.

අප්‍රිකාවෙන් ලැබෙන සමාගම් මුල්‍ය ඩොලර් බිලියන 8.9 බොහෝ දුරට දකුණු අප්‍රිකානු මූල්‍ය ආධාර වලින් සමන්විත වන අතර එය වාර්තා කාලය තුළ ඩොලර් බිලියන 5.7 ක් වූ බව අධ්‍යයනයෙන් හෙළි විය.

ඊට ප්‍රාදේශීය රාජ්‍ය මූල්‍ය ආයතනය, අප්‍රිකානු අපනයන-ආනයන බැංකුව මූලිකත්වය ගන්නා අතර, බොහෝ දකුණු අප්‍රිකානු වාණිජ බැංකු වන Absa Group, Standard Bank සහ FirstRand වෙතින් පැමිණේ.

ඔයිල් චේන්ජ් ඉන්ටර්නැෂනල් වාර්තාවකට අනුව, පොසිල ඉන්ධන කර්මාන්තය අප්‍රිකාව සඳහා ඉදිරි වසර 30 තුළ එහි සැලසුම් සමඟ ඉදිරියට ගියහොත්, මෙය කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 62 ක් විමෝචනය කරනු ඇත.

මෙය පූර්ව කාර්මික මට්ටම්වලට වඩා සෙල්සියස් අංශක 1.5ක් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තුළ රැඳී සිටීමේ 50%ක සම්භාවිතාවක් හා ඉතිරි කාබන් අයවැයෙන් 13%කට සමාන වේ.

ෆොසිල ඉන්ධන ව්‍යාපෘති බොහෝ විට ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ පරිසරයට දැඩි බලපෑම් ඇති කරන අතර එමගින් අවතැන් වීම, ගොඩබිම සහ ජලය සඳහා ප්‍රවේශය අහිමි වීම මෙන්ම ආහාර සුරක්ෂිතතාවද අහිමි වේ.

පුනර්ජනනීය බලශක්තිය සඳහා පරිවර්තනීය සාධාරණ සංක්‍රාන්ති ප්‍රවේශයකට මූලධර්ම මාලාවක්, වාර්තාව යෝජනා කළේය. ෆොසිල ඉන්ධන මූල්‍යකරණය සහ සහාය සඳහා වගවීම, වැඩිදියුණු කිරීම, සූරාකෑමේ පිළිවෙත් නැවත සිදු නොවන බව සහතික කිරීම, මෙන්ම අප්‍රිකානු රටවලට හරිත ඔරොත්තු දෙන සහ තිරසාර අනාගතයක් පිළිබඳ අපේක්ෂාව ලබා දීම ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනද, නියාමකයින්ද සඳහා වන නිර්දේශ එහි ඇත.

Madhumita Paul විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Fossil fuel finance locking Africa out of just transition to renewable energy: Report නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.