ආසියානු පැසිෆික් කලාපයේ සාගර සත්ත්ව විශේෂයන්ට අමතරව ගොඩබිම් හා මිරිදිය සත්ත්ව විශේෂයන්ට ප්ලාස්ටික් දූෂණය බලපා ඇති බව 2021 අගෝස්තු 31 දින නිකුත් කල එක්සත් ජාතීන්ගේ නවතම අධ්‍යයනයකින් හෙළි විය.

ප්ලාස්ටික් දූෂණයෙන් ඇති වන බලපෑම් පිළිබඳ සිදු කරනු ලබන අධ්‍යයනයන්හි දී ගොඩබිම සහ මිරිදිය විශේෂයන් විශාල වශයෙන් නියෝජනය නොවන බව එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලයේ වන සතුන්ගේ සංක්‍රමණික විශේෂ සංරක්‍ෂණය පිළිබඳ සම්මුතිය (සීඑම්එස්) විසින් සිදු කරන ලද අධ්‍යයනය මඟින් පෙන්වා දෙයි.

මෙම අධ්‍යයනයෙන් ගංගා සහ මීකොං ද්‍රෝණියේ විශේෂයන් පිළිබඳව සොයා බැලූ අතර එමඟින් “සෑම වසරකම ඉන්දියානු සාගරයට සහ පැසිෆික් සාගරයට ටොන් 200,000 ක ප්ලාස්ටික් දූෂණ ප්‍රමාණයක් දායක වූ” බව සීඑම්එස් ප්‍රකාශ කළේය.

එය ගංගා සහ ඉරවාඩි ඩොල්ෆින් වල උදාහරණ ගෙනහැර දක්වා තිබුණි. මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරනු ලබන දැල් සහ අනෙක් ධීවර ආම්පන්න වැනි ප්ලාස්ටික් අපද්‍රව්‍ය වල සිරවීම හේතුවෙන් මිරිදිය ඩොල්ෆින් විශේෂ දෙකම තර්ජනයට මුහුණ පා ඇත. ධීවර දැල්හි සිරවන ඩොල්ෆින් මසුන් හුස්ම ගැනීම සඳහා මතුපිටට පැමිණීමට නොහැකිව මිය යයි.

මුහුදු ඌරන් ප්ලාස්ටික් ආම්පන්න වල පැටලීමෙන් මෙන්ම ප්ලාස්ටික් ආහාරයට ගැනීම හේතුවෙන්ද තර්ජනයට මුහුණ පා සිටියි. මෙම හේතුවෙන් ඉන්දියාවේ සහ තායිලන්තයේ මුහුදු ඌරන්ගේ මරණ සිදු වන බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන ආසියානු අලි ඇතුන් ශ්‍රී ලංකාවේ කුණු ගොඩවල් වලින් ජීවත් වීම මෙන්ම තායිලන්ත සතුන් ප්ලාස්ටික් ආහාරයට ගැනීම පිළිබඳව ලේඛන ගත කර ඇති බවයි.

මෙම අධ්‍යයනයෙන් විවිධ කුරුලු විශේෂ පිළිබඳ උදාහරණ ද දක්වා ඇත. ආසියා පැසිෆික් කලාපයේ කුරුලු විශේෂ 500 ක් පමණ ඇත. කළු මුහුණැති හැඳි අලවා සහ ඔස්ප්‍රේ වැනි සංක්‍රමණික පක්ෂීන් ‘ප්ලාස්ටික් යොදාගනිමින් සහ ධීවර දැල්, නැව් සුන්බුන් භාවිතා කරමින් කූඩු සෑදීම නිරීක්‍ෂණය කර ඇති අතර එම ද්‍රව්‍යයන් හි බොහෝ විට පැටවුන් පැටලී යන බව’ එහි තවදුරටත් සටහන් විය.

මිරිදිය ජලයට අමතරව භෞමික හා කුරුලු විශේෂයන්ද ඉවත දමන ධීවර ආම්පන්න වල මෙන්ම මීකොං ද්‍රෝණියේ සරුංගල් නූල් වල පැටලී ඇති බව වාර්තා විය.

ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටළුව තව තවත් උග්‍ර වන බව අධ්‍යයනයේ වැඩිදුරටත් සඳහන් විය. 2030 වන විට වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 53 ක් පමණ ජලජ පද්ධතියට ඇතුළු විය හැකි අතර එය අවසානයේදී ටොන් මිලියන 90 දක්වා වැඩි විය හැකිය.

ප්ලාස්ටික් පරිසරයට ඇතුළු වීම වැළැක්වීම සඳහා අධ්‍යයනයෙන් විවිධ නිර්දේශ ලබා දී ඇත.

ආසියා සහ පැසිෆික් කලාපයේ මිරිදිය ජලජ, භෞමික හා සංක්‍රමණික කුරුලු  විශේෂ සඳහා ප්ලාස්ටික් දූෂණය හේතුවෙන් ඇතිව තිබෙන බලපෑම් සීඑම්එස් ලේකම් කාර්යාලයේ එක්සත් රාජධානියේ ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානය විසින් සඳහා සූදානම් කරන ලදී.

Down to Earth කාර්ය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Land, freshwater species in Asia-Pacific impacted by plastic pollution: UN Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.