පෘථිවිය බාධාවකින් තොරව සිඝ්‍රයෙන් උනුසුම් වීම, පාරිසරික රටා කිහිපයකම වෙනස් වීමට බලපෑම් කර ඇති අතර ගිම්හානයේදී ආක්ටික් ප්‍රදේශයට භෞමික සතුන් සහ පක්ෂීන් සංක්‍රමණය වීම නවතම අනතුර විය හැකි බව නව වාර්තාවක් පවසයි.

උතුරු ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම තව දුරටත් වාසිදායක නොවන අතර මෙම සංක්‍රමණික විශේෂයන්ට හානිකර විය හැකි බව අධ්‍යයන 25ක විශ්ලේෂණයකින් පෙන්වා දී ඇත.

සෑම ගිම්හානයකම දහස් ගණන් කුරුල්ලන්, සතුන් සහ කෘමීන් උතුරේ බොහෝ දුර ගමන් කරමින් පහසුවෙන් ආහාර ලබා ගැනීම සිදුකල අතර ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු වීම සහ විලෝපිකයන් අඩු වීම එයට ප්‍රධානම හේතුව වේ. නමුත් ආක්ටික් කලාපයේ උෂ්ණත්වය ඉහළ යාම මෙම සමෘද්ධිමත් විධි විධානය කණපිට හරවා ඇත.

‘බොහෝ ආක්ටික් සහ උතුරේ සෞම්‍ය ස්ථාන මේ වන විට වෙරළබඩ කුරුල්ලන්, සමනලුන් ඇතුළු විවිධ සංක්‍රමණික සතුන් සඳහා පාරිසරික උගුල් හෝ ඊටත් වඩා නරක ලෙස පිරිහුණු පාරිසරික තත්ත්ව ඇති කොට තිබෙනවා.’ යැයි පරිසර විද්‍යාව සහ පරිණාමය පිළිබඳ ප්‍රවනතාවන්හි පර්යේෂණ වාර්තා ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂකයෝ පැවසූහ. 

මෙම අර්බුදයේ අවසාන ප්‍රතිඵලය වන්නේ උණුසුම් මාසවලදී උතුරු දෙසට ගමන් කොට පැවැත්ම තහවුරු කරගන්නා විශේෂ වල සංක්‍රමණික විශේෂ ගහනය අඩු වීමයි.

ගිම්හානයේදී සාම්ප්‍රදායිකව උතුරු ප්‍රදේශවල රැකවරණය පතා එන බොහෝ පක්ෂීන් ආහාර සැපයුම අඩුවීම නිසා ඔවුන්ගේ පැටවුන් වැඩි ප්‍රමාණයක් මිය යන බව විද්‍යාඥයෝ වාර්තා කොට තිබුණි.

වාර්තාවට අනුව ආක්ටික් කලාපයේ නව පරපෝෂිතයන් සහ රෝග කාරක ද මතු වී ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම වෙනස්කම් සිදු වී ඇත. මේ හේතුවෙන් දේශීය ගොදුරේ ගහනය අඩු වී ඇති අතර විලෝපිකයන් සංක්‍රමණික සත්ත්ව විශේෂ වෙත නැඹුරු වී ඇත.

 “මෘදු ශීත කාලය නිසා හිම මතට වර්ෂාව ඇද හැලෙන අතර පසුව නැවත එම වැහි ජලය අයිස් ලෙස හිම මත මිදීමෙන් ලේමින්ග් හට ඔවුන්ගේ ආහාර වෙත ළඟා වීම වළක්වයි.” ආක්ටික් ප්‍රදේශයේ හිවලුන් වැනි විලෝපිකයන් සඳහා ප්‍රධාන ආහාර ප්‍රභවය වූයේ ලේමින්ග්ස් සහ වොල්ව් බව එම පත්‍රිකාවේ ප්‍රධාන කතුවරයා සහ බාත් විශ්ව විද්‍යාලයේ Milner Center for Evolution හි ආගන්තුක පර්යේෂක වොජ්ටේ කුබෙල්කා පැවසීය.

ලේමින්ග්ස් සහ වොල්ව් විශේෂයන්ගේ ගහනය අඩුවන හෙයින්, සංක්‍රමණික පක්ෂීන්ගේ බිත්තර සහ පැටවුන් ආහාරයට ගැනීමට හිවලුන් නැඹුරු වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

“දේශගුණික විපර්යාස හේතුවෙන් ආක්ටික්හි සංක්‍රමණික වෙරළබඩ කුරුල්ලන්ගේ කූඩු කොල්ලකෑමේ වේගය පසුගිය වසර 70 තුළ තුන් ගුණයකින් වැඩි වී ඇති බව අපට නිරීක්ෂණය වූවා.” යැයි  කුබෙල්කා පැවසුවේය.

සංක්‍රමණය වීම සඳහා ඇති ස්වාභාවික වාසි ඛාදනය වීම හේතුවෙන් “විශේෂ සංයුතිය අඩු වීම, ආහාර ජාල බිඳ වැටීම මෙන්ම සමස්ත පරිසර පද්ධතියේම  ක්‍රියාකාරකම් හි වෙනස්කම් ඇති විය හැකි බව පර්යේෂකයෝ අනාවැකි පළ කළහ.

උතුරේ ධ්‍රැව ප්‍රදේශයේ සහ සෞම්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශයන්හි ඔවුන්ගේ වාස භුමිහි ඒකාබද්ධ සංරක්‍ෂණ ප්‍රයත්නයන ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයක් බව පර්යේෂකයන් පවසයි. සංක්‍රමණික විශේෂ හා ශීත කාලය තුළ නවාතැන් ගන්නා ස්ථානයන්හි ඇති ගැටලු හඳුනා ගන්නා ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

Down to Earth කාර්යය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Climate change effect: Northern climes no longer safe haven for migratory animals නම් ලිපියේ සිංහල පරිවර්තනයකි