එවරස්ට් මහ කඳු මුදුනයි
නයිල් නදී ගං කොමලියි
ඇමේසන්හි මහ වනයයි
මේ ලොව හැමටම උරුමයි
 
ෆූජියාමා ගිනි කන්දයි
සිංහරාජ මහ වනයයි
අර්ධ දීප ග්ලැසියරයයි
සියල් සත් සතුයි
 
මිය යන බාධක පරයයි
දියවන මහ හිම කන්දයි
මිනිසුන් මේ ලොව වනසයි
නිහඬව පවසයි
 
පරිසරයට ආදරයයි
ගස් වැල් වෙත රැකවරණයි
මිනිසුන් සිත ඇති වුනොතින්
ලොවම මතු රැකෙයි

මාධව රංග
දුම්රිය ස්ථානාධිපති, පානදුර