2021 ඔක්තෝබර් 1 සිට උතුරු ඉන්දීය සාගර කලාපයේ අඩු පීඩන ප්‍රදේශ හතක් හටගෙන ඇත. නමුත් ඒවා කිසිවක් සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී නොමැත. මෙය අසාමාන්‍යය. ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) දත්ත වලට අනුව ඔක්තෝබර් සහ නොවැම්බර් ඉන්දියාව සඳහා උච්ච සුළි කුණාටු සමය වේ. නොවැම්බර් මාසයේ ඉතිරි කාලය තුළ සුළි කුණාටුවක් ඇති නොවීම පසුගිය වසර 31 තුළ ඔක්තෝබර් සහ නොවැම්බර් සඳහා පළමු වරට විෂමතාවක් අදහස් නොවේ. 

දෙසැම්බර් මාසයද සුළි කුණාටුවලින් තොර නම්, 1961 වසරෙන් පසු පශ්චාත් මෝසම් සමය සුළි කුණාටුවකින් තොරව පවතින පළමු අවස්ථාව එය වනු ඇත. මෙය සිදුවී ඇත්තේ 1891 සිට පස් වතාවක් පමණි. ඒ 1900, 1911, 1953, 1954 සහ 1961 දීය. 

අවම වශයෙන් අවපීඩන කලාප තුනක් ඔක්තෝබර් මාසයේදී සහ හතරක් නොවැම්බර් මාසයේදී ඇතිවිය. බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඔක්තෝබර් 27 වැනිදා හටගත් අවපීඩන කලාපයක ශේෂයක් නොවැම්බර් 3 වැනිදා අරාබි මුහුදට ඇතුළු වී නොවැම්බර් 6 වැනිදා යළි තීව්‍ර විය. නොවැම්බර් 7 මෙම පද්ධතිය තවදුරටත් අවපාතයක් දක්වා තීව්‍ර විය. නමුත් නැගෙනහිර-මධ්‍යම අරාබි මුහුදේ තත්ත්වය තවදුරටත් තීව්‍ර වීමට හිතකර නොවීය.

නොවැම්බර් 6 සහ නොවැම්බර් 13 වැනි දින පිහිටුවන ලද තවත් අවපීඩන කලාප දෙකක් අවපාත දක්වා තීව්‍ර විය. නවතම පීඩන අවපාතය ඔක්තෝබර් 18 දින පිහිටුවා නොවැම්බර් 19 අලුයම ගොඩබෑමට ලක් විය. එය තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයේ ධාරානිපාත වර්ෂාපතනයක් ඇති කලේය. 

මුලදී, එක්සත් ජනපදයේ ගෝලීය පුරෝකථන පද්ධතිය මගින් මෙම පද්ධතිය සඳහා වන අනාවැකිය එය සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වනු ඇතැයි යෝජනා කර ඇත. නමුත් එලෙස සිදු නොවීය. ඔක්තෝම්බර් 18 වන දින ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව ප්‍රකාශ කළේ පද්ධතියේ අහිතකර ගොඩබිම් අන්තර්ක්‍රියා හේතුවෙන් සුළි කුණාටුවක් ඇති නොවන බවයි. 

එල් නිනෝ- සදර්න් ඔස්කිලේෂන් (ENSO) සංසිද්ධියේ ලා නිනා අදියර දැනට පවතින බව නොතකා මෙය සිදු වේ.ලා- නිනා යනු එල් නිනෝ- සදර්න් ඔස්කිලේෂන් හි සිසිලන අවධිය වන අතර උතුරු ඉන්දියානු සාගර කලාපය ඇතුළුව ලොව පුරා සුළි කුණාටුව සෑදීම සඳහා සාමාන්‍යයෙන් හිතකර වේ.

උතුරු අත්ලාන්තික් සාගරය ලා නිනා මතුවීම හෝ පසුගිය වසර දෙක තුළ එහි ඇති විය හැකි මතුවීම හේතුවෙන් වාර්තාගත කුණාටු සහ සුළි කුණාටු ක්‍රියාකාරකම් අත්විඳ ඇත. මෙම සංසිද්ධිය සුළි කුණාටු තීව්‍ර වීම සඳහා හිතකර වන පහත් සිරස් සුළං කප්පාදුවේ විස්තීරණ කලාපයක් නිර්මාණය කරයි. ඇත්ත වශයෙන්ම, සැප්තැම්බර් අග පමණ වන විට ගුලාබ් සහ ෂහීන් සුළි කුණාටු අනුපිළිවෙලින් ඇති වූ විට, සුළි කුණාටු සමය ආරම්භ වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. සැප්තැම්බර් මාසයේ වාර්තාගත අඩු පීඩන ප්‍රදේශ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල අඛණ්ඩව පැවතීම සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අධික වර්ෂාපතනය සහ ගංවතුර ඇතිවීමෙන් පසුවද මෙය සිදු විය.

ඔක්තෝම්බර් මාසයේදී කේරළයේ සහ උත්තරකාන්ද් හි ඇති වූ ගංවතුර සහ තමිල්නාඩුවේ නොවැම්බර් ගංවතුරට අර්ධ වශයෙන් අඩු පීඩන ප්‍රදේශ හේතු විය. මේ සමගම නිරිතදිග මෝසම් සමය ඔක්තෝබර් අග දක්වා දීර්ඝ විය.

සාමාන්‍ය දිනය වූ ඔක්තෝබර් 15 වැනිදාට වඩා දින 11ක් පසුවී ඔක්තෝබර් 26 වැනිදා මෝසම් තත්ත්වය පසුබැස ගියේය. මෝසම් වර්ෂාපතනය පසුබැසීමට පවා පටන්ගෙන තිබුණේ ඔක්තෝබර් 6 වැනිදාය. මෝසම් වර්ෂාපතනය දීර්ඝ වීමද සුළි කුණාටු අඩුවීමට හේතුවක් විය හැකිය.

මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥයෙකු වන රඝු මුර්තුගුඩ්ඩේ පැවසුවේ, “ඇත්ත වශයෙන්ම, මම සමහර තරුණ විද්‍යාඥයින්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රමාද වූ ගිම්හාන මෝසම් වර්ෂාවේ ඇති වන බලපෑම සොයා බලන ලෙසයි.”

“ශක්ති විසර්ජනය හා බෙදීයාම හේතුවෙන් එය මර්දනය කිරීමේ බලපෑමක් ඇති බව මට විශ්වාසයි. වර්ෂාව ඔක්තෝබර් අග සිට නොවැම්බර් දක්වා හොඳින් පැතිර ගියේය. ඊසානදිග සංසරණය මේ වන විටත් හොඳින් සංවිධානය වී නොමැති අතර අපි දැනටමත් නොවැම්බර් තුන්වන සතියට පැමිණ සිටිමු. එබැවින් අඩු පීඩන පද්ධති ශක්තිමත් සුළි කුණාටු වර්ධනය සඳහා ස්වයං-නිරෝධක ලෙස පමණක් ක්‍රියා කරයි. අක්‍රමවත් මෝසම් හැසිරීම් සමඟ කුතුහලය දනවන ප්‍රශ්න මතු වී ඇත, නමුත් අපි අන්තයන් ගැන උමතු වෙමින් සිටිමු.”ඔහු වැඩිදුරටත් පැවසීය.

Akshit Sangomla විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Why were there no cyclones in October and November? නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.