වායුගෝලයේ ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය සාන්ද්‍රණය මේ වසරේ සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

මෙම නිවේදනය 2022 අගෝස්තු 24 දින එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ, ඇමරිකානු විද්‍යාත්මක සහ නියාමන ආයතනයක් වන ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ (NOAA) විද්‍යාඥයින් විසින් නිකුත් කරන ලදී. එම ආයතනය කාලගුණ අනාවැකි, සාගර සහ වායුගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කරයි.

ඕසෝන් යනු ප්‍රධාන වශයෙන් වායුගෝලයේ ප්‍රදේශ දෙකක දක්නට ලැබෙන ඔක්සිජන් පරමාණු තුනකින් සෑදුණු ඉතා ප්‍රතික්‍රියාශීලී අණුවකි. පෘථිවි ඕසෝන් වලින් 90% ක් පමණ පෘථිවි පෘෂ්ඨයට ආසන්නතම ස්ථරය වන නිවර්ථන ගෝලයට ඉහලින් පිහිටි ආන්තික ගෝලයේ පවතී.

වැඩිම ඕසෝන් ප්‍රමාණයක් ඇති ආන්තික ගෝලීය කලාපය ඕසෝන් ස්ථරය ලෙස හැඳින්වේ. ආන්තික ගෝලයේ ඕසෝන් ස්ථරය සූර්යයාගේ පාරජම්බුල කිරණ අවශෝෂණය කරමින් පෘථිවියේ සියලුම ජීව විද්‍යාත්මක පද්ධති හානිකර කිරණවලින් ආරක්ෂා කරයි.

ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ ඕසෝන් හායන වායු දර්ශකය මඟින් 1990 ගණන්වල මුල් භාගයේ එහි උච්ච සාන්ද්‍රණයට සාපේක්ෂව දිගුකාලීන ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය වලින් ඕසෝන් ක්ෂය කරන ක්ලෝරීන් සහ බ්‍රෝමීන් වල සමස්ත ආන්තික ගෝලයේ සාන්ද්‍රණය නිරීක්ෂණය කළේය.

ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ විද්‍යාඥයින් විසින් වාර්ෂික අභ්‍යාසයක දී ලොව පුරා දුරස්ථ ස්ථාන වලින් එකතු කරන ලද වායු සාම්පල විශ්ලේෂණය කරන ලදී. මධ්‍ය අක්ෂාංශ ආන්තික ගෝලයේ ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය වල සමස්ත සාන්ද්‍රණය 50%කට වඩා පහත වැටී ඇති බව ඔවුන් සොයා ගත්හ.

මෙයින් අදහස් කරන්නේ 2022 දී ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය මට්ටම්, ඕසෝන් ස්ථරය ක්ෂය වීමට පෙර 1980 දී නිරීක්ෂණය කළ මට්ටමමය. කෙසේ වෙතත්, වසන්තයේ දී විශාල ඕසෝන් සිදුරක් අත්විඳින ඇන්ටාක්ටිකාව හරහා ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍යන්හි අඩුවීමේ වේගය අඩු වී ඇත.

පසුගිය දශක තුන තුළ මෙය මන්දගාමී නමුත් ස්ථාවර ප්‍රගතිය සාක්ෂාත් කරගනු ලැබුවේ ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය පිළිබඳ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලයේ ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය නිෂ්පාදනය සහ වෙළඳාම පිළිබඳ පාලනයන් සමඟ ජාත්‍යන්තර අනුකූලතාවයෙන් 1987 දී සාදන ලද ජාත්‍යන්තර ගිවිසුමකිනි.

ඇන්ටාක්ටික් සඳහා 2022 දර්ශකය 1990 ගණන්වල උච්ච අගයෙන් 26% කින් පහත වැටී ඇත, ඇන්ටාක්ටික් ඕසෝන් ස්ථරය ප්‍රකෘතිමත් වීම 2070 දී පමණ සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

NOAA හි ගෝලීය නිරීක්ෂණ රසායනාගාරයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ස්ටීවන් මොන්ට්ස්කා පැවසුවේ “මෙම ප්‍රගතිය දැකීම සතුටක්. “ඒ අතරම, ඕසෝන් ක්ෂය වීමේ ප්‍රශ්නය අප පිටුපස ඇති බව ප්‍රකාශ කිරීමට විද්‍යාවට තවමත් බොහෝ දුරක් ඇති බව වටහා ගැනීමටට තරම් අප නිහතමානී”, බවයි.

1980 ගණන් වලදී මිනිසා විසින් සාදන ලද රසායනික ද්‍රව්‍ය පන්තියක් මෙම ආරක්ෂිත ඕසෝන් ස්ථරයට බරපතල ලෙස හානි කරමින් ඇන්ටාක්ටිකාවට ඉහළින් ඕසෝන් ස්ථරයේ යෝධ “සිදුරක්” නිර්මාණය කරන බවත්, එය මධ්‍ය අක්ෂාංශ වල කුඩා නමුත් තවමත් කනස්සල්ලට පත්වන ක්ෂයවීමක් ඇති කරන බව සොයා ගන්නා ලදී.

එක්සත් ජනපදයේ ප්‍රතිචාරයේ කොටසක් ලෙස, කොංග්‍රසය විසින් ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය සහ NOAA විසින් 1990 දී පිරිසිදු වායු පනත සම්භන්ධව කරන ලද සංශෝධනවලදී ආන්තික ගෝලයේ ඕසෝන් සහ ඕසෝන් හායන වායු නිරීක්ෂණය කිරීමට නියෝග කළේය.

NOAA හි ගෝලීය නිරීක්ෂණ විද්‍යාගාරයේ විද්‍යාඥයින් විසින් දර්ශකයක් නිර්මාණය කරන ලදී. ඕසෝන් වායු හායන දර්ශකය මඟින් සංකීර්ණ විශ්ලේෂණ මාලාවක ප්‍රතිඵල තනි සංඛ්‍යාවක් බවට පත් කරන අතර එමඟින් මෙම රසායනික ද්‍රව්‍යවල සම්පූර්ණ බහුලත්වය සහ ඒවා ඕසෝන් ස්ථරයට එල්ල කරන තර්ජනය කාලයත් සමඟ වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරයි.

1980 වසර දර්ශකයේ මිණුම් ලකුණ ලෙස තෝරා ගනු ලැබුවේ විද්‍යාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රජාවන් ඕසෝන් ක්ෂය වීම ප්‍රථමයෙන් පැහැදිලි වූ දිනය ලෙස දිගු කලක් තිස්සේ සැලකූ බැවිනි.

DTE Staff විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Good news! Recovery of ozone layer achieves significant milestone නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.