පසුගිය දශක තුනක කාලය තුළ කොරල් පර දරුණු ලෙස පීඩා විඳිමින් ජිවත් විය. කෙසේ වෙතත්, ඒවා හට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවත් ගෝලීය උණුසුම මඟින් එල්ල වන අභියෝගයන්ට ඔරොත්තු දිය හැකි බවත් ඕස්ට්‍රේලියානු රජය මෑතකදී කල අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කොරල්පර වල දේශීය පීඩනය අඩු කිරීමෙන් ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම දිරිමත් කල හැකි බව අධ්‍යයනය පවසයි. කොරල්පර වල ප්‍රවනතාවයේ තත්වය අවබෝධ කර ගැනීම සඳහා ක්ෂේත්‍රය තුළ එකතු කරන ලද දත්ත අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බව එහි සඳහන් වේ.

“ක්‍රමානුකූල විද්‍යාත්මක ප්‍රවේශයන්, නව තාක්‍ෂණයන්, හැකියාවන් සහ ධාරිතාවයන් වැඩි දියුණු කිරීම සඳහා භූගෝලීය ආවරණය පුළුල් කිරීම සහ දත්තවල ගුණාත්මකභාවය, ප්‍රවේශ්‍යතාවය සහ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ ආයෝඡනය අත්‍යවශ්‍ය වේ” යනුවෙන් අධ්‍යයනය පවසයි.

ලෝකයේ කොරල් පර වල තත්වය: 2020 සකස් කරන ලද්දේ ඕස්ට්‍රේලියානු රජය සමඟ ගෝලීය කොරල් පර අධීක්ෂණ ජාලය විසිනි.

එම වාර්තාවේ ද කම්පන සහගත කරුණු රාශියක් සටහන් වී තිබුණි. උදාහරණයක් වශයෙන්, 1998 කොරල් විරංජනය වීමේ සිදුවීමෙන් ලෝකයේ කොරල් වලින් 8% මියගොස් ඇත.

2009 සහ 2018 අතර පසු කාලීන සිදුවීම් නිසා ලෝකයේ කොරල් වලින් 14% ක් මිය ගියා.

ගෝලීය කොරල් ආවරණයෙහි පහත වැටීම් සිදුවුයේ සාගර ජලයේ මතුපිට උෂ්ණත්වය (SST) විෂමතාවයේ සීඝ්‍ර වැඩිවීම හේතුවෙනි.

2010 වසරට වඩා 2019 වසරේදී ලෝකයේ කොරල්පර වල ඇල්ගී 20% කින් වැඩි වී තිබුනි. ඇල්ගී ප්‍රමාණය වැඩිවීම දෘඩ කොරල් ප්‍රමාණයේ පහත වැටීම සමඟ සම්බන්ධ වූ බව අධ්‍යයනය පවසයි.

2010 වසරේ සිට සෑම කලාපයකම පාහේ සාමාන්‍ය කොරල් ආවරණය අඩුවීමක් පෙන්නුම් කළ බව අධ්‍යයනයේ සඳහන් විය. ඇස්තමේන්තු වලට අනුව, සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා ඉදිරි දශක කිහිපය තුළ කොරල් පර තවදුරටත් පහත වැටෙනු ඇත.

කෙසේ වෙතත්, 2002 සහ 2009 අතර කාලය තුළ සහ 2019 දී ගෝලීය කොරල් ආවරණය වැඩි වීම පිළිබඳව බලාපොරොත්තු ඇති කළේය. එමඟින් පෙන්වා දුන්නේ ගෝලීය වශයෙන් කොරල්පර වල ඔරොත්තු දීමේ හැකියාවක් පවතින අතර කොන්දේසි වලට ඉඩ ලැබුණහොත් යථා තත්ත්වයට පත් විය හැකි බවයි.

උදාහරණයක් වශයෙන්, ලෝකයේ කොරල් පර වලින් 30% ක් තිබෙන නැගෙනහිර ආසියාවේ, පසුගිය කාල පරිච්ඡේදයේදී විශාල පරිමාණයේ කොරල් විරංජන සිදුවීම හේතුවෙන් එම ප්‍රදේශය පීඩාවට පත් වුවද, 1983 දී සිදු වූවාට වඩා 2019 දී, වැඩි කොරල් ප්‍රමාණයක් දක්නට ලැබුනි.

මෙම අධ්‍යයනයට අනුව, ඉහළ කොරල් ආවරණය සහ විවිධත්වය හේතුවෙන් මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාමේදී ස්වාභාවික ප්‍රතිරෝධක මට්ටමක් ලබා දිය හැකි බව පෙන්නුම් කෙරිණි.

Down to Earth කාර්ය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද The world’s coral reefs have suffered terribly in 30 years, but are resilient: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.