මුහුදට ගලා යන ක්ෂුද්‍ර ප්ලාස්ටික් මත ගොඩබිම ආශ්‍රිත රෝග කාරක ගමන් කල හැකි අතර එය සාගර ජීවීන්ට තර්ජනයක් විය හැකි බව නව අධ්‍යයනයකින් අනතුරු අඟවා තිබේ.

විද්‍යාත්මක වාර්තාවල ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව, ගැටළු ඇති කල හැකි රෝග කාරක අතරට Toxoplasma gondii, Cryptosporidium (Crypto) සහ Giardia ඇතුළත් වේ.

උදාහරණයක් ලෙස Toxoplasma gondii, බළලුන්ගේ අසූචි වල දක්නට ලැබේ. මෙම රෝග කාරකය මුහුදු දිය බල්ලන්, හෙක්ටර්ගේ ඩොල්ෆින් සහ හවායි මොන්ක් සීල් සතුන් වැනි බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ මරණ සමඟ සම්බන්ධ වී ඇති බවද අධ්‍යයනය පෙන්වා දෙයි.

එම අධ්‍යයනයෙන්, මුහුදු ජලයේ වර්ධනය වන විබ්‍රියෝ වැනි, ජලයට ආදරය කරන විෂබීජ කෙරෙහි අවධානය යොමු කර ඇති බව අධ්‍යයනයේ කතුවරයකු වන කැරන් ෂැපිරෝ ඩවුන් ටු අර්ත් වෙත පැවසීය.

එක්සත් ජනපදයේ යු.සී. ඩේවිස් පශු වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥයෙකු සහ සහකාර මහාචාර්යවරයෙකු වන ශෑප්‍රියෝ විසින් කරන ලද අධ්‍යයනයට අනුව පරපෝෂිතයින්ට මුහුදේ ව්‍යාප්ත වීම කළ නොහැක.

නමුත් මෙම ක්ෂුද්‍ර ජීවීන්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලට සම්බන්ධ වී තිබේද යන්නද අපැහැදිලි බව අධ්‍යයනයට අනුව පැවසේ.

එබැවින්, කණ්ඩායම දැනටමත් මුහුදු ජලයේ ගිලී ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග දෙකකට, පොලිතීන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් පබළු සහ පොලියෙස්ටර් මයික්‍රෝ ෆයිබර් වලට රෝග කාරක නිරාවරණය කළේය. පළමුවැන්න එක්ස්ෆෝලියන්ට් සහ ක්ලෙන්සර් වැනි රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙතද දෙවැන්න ඇඳුම් පැළඳුම් සහ මාළු දැල් දක්වාද සොයාගත හැකිය.

ක්ෂුද්‍ර තන්තු සඳහා වැඩි කැමැත්තක් පෙන්නුම් කළද ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ඒ දෙකටම ව්‍යාධිජනකව සම්බන්ධ වන බව පරීක්ෂණයෙන් පෙන්නුම් කළේය.

“රෝග සම්ප්‍රේෂණය රඳාපවතින්නේ මෙම රෝග කාරක, ආසාදිත සතුන්ගේ සහ මිනිසුන්ගේ මළ මූත්‍රා ඔස්සේ සාගරයේ අවදානමට ලක්විය හැකි ධාරකයෙකුට හෝ දූෂිත මුහුදු ආහාර පරිභෝජනය කරන මනුෂ්‍යයෙකුට භෞතිකව ප්‍රවාහනය කිරීම මතයි” ෂාපිරෝ පැවසීය.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් රෝග කාරක මුහුදට ගෙන යා හැකි අතර සාගර ජීවීන්ට ආකාර දෙකකින් බලපෑම් කළ හැකි බව අධ්‍යයනයේද සඳහන් වෙයි. මෙම අංශු, ජල මතුපිට පාවී දිගු දුරක් ගමන් කරන අතර, එම ක්‍රියාවලියේදීද ව්‍යාධිජනකව පැතිරෙයි.

විකල්පයක් ලෙස, ඔවුන් සු ප්ලැන්ක්ටන්, බෙල්ලන් සහ අනෙකුත් බෙල්ලන් වැනි පෙරහන පෝෂණය කරන සතුන් වාසය කරන කලාප වන සාගරයේ ගැඹුරට ගිලී යා හැක.

පෙර කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ජලය පෙරා ආහාර බුදින සතුන් ඉහළ මට්ටමේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීමකට විශේෂයෙන් ගොදුරු වන බවයි.

“මෙය මිනිසුන්ට සහ සතුන්ට බලපාන ගැටලුවක්” යැයි එමා ෂැන්ග් (අධ්‍යයනයේ පළමු කතුවරිය), ඩේවිස් නම් පශු වෛද්‍ය විද්‍යාලයේ පශු වෛද්‍ය ශිෂ්‍යාවක් සමඟ ,මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

අප සැවොම සාගර පරිසරය මත යැපෙන බැවින් ගැටලුව සඳහා මානව, වනජීවී සහ පාරිසරික විෂයයන් හරහා සහයෝගීතාව අවශ්‍ය බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

පර්යේෂකයන් මීට පෙර මෙම රෝග කාරක සිප්පිකටු තුලින් හඳුනාගෙන ඇත. “දැන් අපි අවධානය යොමු කරන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් සිප්පිකටු අතර ව්‍යාධිජනක අවශෝෂණයන් වැඩි කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමටයි,” ෂපීරෝ පැවසීය.

රෙදි සෝදන යන්ත්‍ර සහ වියළන යන්ත්‍ර මත පෙරහන් එකතු කිරීමෙන් පරිසරයට ක්ෂුද්‍ර තන්තු මුදා හැරීම පාලනය කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

අනෙකුත් විසඳුම් අතරට කුණාටු ජලය පිරියම් කිරීම සඳහා තාක්ෂණයන් යෙදවීම සහ ප්ලාස්ටික් කර්මාන්ත හා ඉදිකිරීම් ස්ථානවලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුදා හැරීම වැළැක්වීම සඳහා හොඳම කළමනාකරණ පිළිවෙත් ඇතුළත් කිරීමකිරීම බව පර්යේෂකයන් වැඩිදුරටත් පැවසීය.

මේ වන විට විද්‍යාඥයින් වාතයේ, ජලයේ, ආහාරවල සහ අපගේ සිරුරේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් හඳුනාගෙන ඇත. 2022 මාර්තු මාසයේදී, අධ්‍යයනයකින් මිනිස් රුධිර සාම්පලවල මෙම අංශු හඳුනා ගන්නා ලදී.

The Total Environment හි Science සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද තවත් අධ්‍යයනයක් මගින් මිනිස් පෙනහළුවල ගැඹුරින් සැඟවී ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අනාවරණය කර ඇත. මෙම අංශු ප්ලාස්ටික් ඇසුරුම්වල සහ පයිප්පවල භාවිතා කරන පොලිප්‍රොපිලීන් කොටස් සහ බෝතල්වල භාවිතා කරන පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් හෝ පීඊටී ය.

මෙම මිනිසා විසින් සාදන ලද දූෂකවලට නිරාවරණය වීමෙන් ඇති වන සෞඛ්‍යමය බලපෑම් තවමත් පැහැදිලි නැති බැවින්, පර්යේෂකයන් ඒ සම්බන්ධ විමර්ශන සඳහා වැඩිදුර අධ්‍යයනයන් ඉල්ලා ඇත.

Rohini Krishnamurthy විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Land-based pathogens may hitch a ride on microplastics to oceans: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.