ගෝලීය උණුසුම සැමවිටම ජලගැලුම් හා නියඟයන්ට අඩි තාලම සපයයි. මේ වන විට ඊට රෝග බියද එකතු වී ඇත. 2100වන විට සෙල්සියස් අංශක 3.7ක උෂ්ණත්ව ඉහල යාමක් සිදුව මැලේරියාව හා ඩෙංගු රෝගය මාරාන්තික ලෙස පැතිර යා හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එම උණුසුම් මට්ටමේදී, 1970-99 කාලයට වඩා බිලියන 4.7ක පමණ ජනතාවක් මෙවැනි මාරාන්තික රෝග වලින් අවදානමට ලක්විය හැකි බව අධ්‍යයනය පවසයි. එය ‘ද ලැන්සෙට් ප්ලැනටරි හෙල්ත්’ හි පළ විය.

සම්ප්‍රේෂණ සමයේ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම මැනීම සඳහා පර්යේෂකයන් ඒකාබද්ධ බහු-ආකෘති, බහු-දර්ශන රාමුවක් භාවිතා කළහ. 1951-99 කාල පරිච්ඡේදය සඳහා විවිධ උන්නතාංශ සහ ජන ඝනත්වය සඳහා මැලේරියාව හා ඩෙංගු අවදානම ඇති ගෝලීය ජනගහනය මැනීම සඳහා ඔවුහු මෙය භාවිතා කළහ.

ලන්ඩනයේ සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලය, ස්වීඩනයේ උමේයා විශ්ව විද්‍යාලය, ඉතාලියේ න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ අබ්දුස් සලාම් ජාත්‍යන්තර මධ්‍යස්ථානය, ජර්මනියේ හයිඩෙල්බර්ග් විශ්ව විද්‍යාලය සහ ලිවර්පූල් විශ්ව විද්‍යාලය විසින් මෙම අධ්‍යයනයට නායකත්වය දෙන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අප්‍රිකානු කලාපය, ගිනිකොනදිග ආසියානු කලාපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනය සහිත නාගරික ප්‍රදේශවල මැලේරියාව හා ඩෙංගු අවදානම වැඩි වනු ඇතැයි අධ්‍යයන අනාවැකි පළ කරයි. අප්‍රිකාවේ සහ ගිනිකොනදිග ආසියාවේ නාගරික ප්‍රදේශවල මැලේරියාව හා ඩෙංගු රෝගය වැළඳීමේ අවදානම බිලියන 1.4ක් වනු ඇතැයි ද ගණන් බලා තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් රෝග දෙකේම සම්ප්‍රේෂණ කාලය ඉහළ යන බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. මෑත අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ ශීත සෘතුව වඩාත් උණුසුම් වන අතර ගිම්හානය කලින් පැමිණ ඇති බවයි. එබැවින් මදුරුවන් වැනි වාහකයන්ට බෝ කිරීමට වැඩි කාලයක් ලැබෙනු ඇත.

අප්‍රිකාවේ නිවර්තන උස්බිම්, නැගෙනහිර මධ්‍යධරණි සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැලේරියාව සම්ප්‍රේෂණය වීමේ අවදානම තවත් මාස 1.6 කින් ඉහළ යනු ඇතැයි අධ්‍යයනයෙන් අනාවරණය විය. බටහිර පැසිෆික් සාගරයේ සහ නැගෙනහිර මධ්‍යධරණි මුහුදේ පහත් බිම් ප්‍රදේශවල ඩෙංගු සම්ප්‍රේෂණය වීමේ අවදානම තවත් මාස හතරකින් වැඩි වේ.

උණුසුම් හා වඩා නාගරීකරණය වූ ලෝකයක මදුරුවන්ගෙන් බෝවන ප්‍රධාන රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සුදුසු උපාය මාර්ග සකස් කළ යුතු බව අධ්‍යයනය යෝජනා කළේය.

සමාජ ආර්ථික සංවර්ධනය, රෝග සහ දෛශික පරිණාමයේ බලපෑම හෝ වඩාත් ඵලදායී ඖෂධ සහ එන්නත් නිපදවීම පර්යේෂකයන් විසින් සැලකිල්ලට නොගත් බව අධ්‍යයනය පිළිගෙන ඇති අතර, මේ සියල්ලම අවදානම් ප්‍රමාණයේ වැදගත් වෙනස්කම් වලට තුඩු දිය හැකිය.

Madhumita Paul විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Global warming can put billions at risk of malaria, dengue: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.