අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

“පියුමියි උදාරයි.. ඉන්නව ද?… “

තාරක ඇසුවේ කඳවුරේ ඉදිරිපස අවට නරඹමින් සිටි අමිලගෙනි.

“ආ ටිකක් ඉන්න මං කතාකරන්නම්… “

සුළු වෙලාවකට පසු අමිල පැමිණියේ පියුමි සමඟිනි.

“තාරක ඔයා… අනේ උදාර නම් නෑ.. එයා ලෙක්චරර් එක්ක එළියට ගිහින්… දැන්මම නම් එන එකක් නෑ…”

“අවුලක් නෑ පියුමි ඔයා ඉන්නවනේ… “

“තාරක දෙයක් අහන්නම් ද..?”

“අහන්න ඉතිං ඕනෙ දෙයක්.. “

“ඔයාගෙ අම්මා හරි තාත්තා හරි වෙන රටකද?”

“ඔව් මගෙ අම්මා ජැමෙයිකන්… ඇයි පියුමි ඔයා එහෙම ඇහුවේ..? “

“නෑ තාරක ඔයාගෙ වගෙ නිල් ඇස් අපේ රටේ අයට නෑනේ.. ඒකයි.. මාර ලස්සනයි..”

“මගෙ ඇස් දෙක ඒ තරමටම ලස්සනයි ද ?

“ඔව් ඒක අමුතුම  ලස්සනක්.. ඒක නෙමේ තාරක ඔයාට පුළුවන්ද අපිට ගයිඩ් කෙනෙක් වගේ උදව් කරන්න අපි මේ ඉන්න ටිකට අනේ.. ඔය අපේ ෆීල්ඩ් එකේ නෙමේ උණාට ඔයාට එන්න පුළුවන් නේද අපි එක්ක එන්න ඇවිදින්න යද්දි එහෙම..? “

“ඔයාට ඔනේ මාව ඔයාලගෙ ටුවර් ගයිඩ් කරගන්නද? මේ ටිකේ මගේ ඩැඩීත් නෑ.. එයා. හෙඩ් ඔෆිස් එකට ගිහින් තව සති ගාණකින් එන්නෙ නෑ.. මෙහෙ වැඩ මම තනියෙන් බලන්න ඕනේ.. මම නිවාඩු තියෙන වෙලාවට එන්නම්කෝ.. ඒත් හැමවෙලේම නම් බැරි වෙයි.. අනික ඔයාලගෙ සර්ල කැමති වෙයිද මේ කැලෑ කොල්ලා ඔයාල එක්ක ඉන්නවට ? “

“එහෙම දෙයක් නෑ තාරක අපි පොඩි ළමයි නෙමේනෙ නීති දාන්න.. අනික ඔයා අපි එක්ක නතරවෙන්න හදනවා නෙමේනේ.. අනේ.. මං වෙනුවෙන් හා කියන්නකෝ…”

පියුමි පිණ්සෙන්ඩු වූවා ය.

“හරි හරි අම්මෝ හරි.. මම එන්නම්.. දැන් හරිනේ.. ඔයා එහෙනම් ඔයාලගේ හෙඩ්ට කියලා තියන්නකෝ.. මම මේ නිකන් මේ පැත්තේ ආවෙ..මට වැඩ තියනවා මම යන්නම් එහෙනම්..”

“හරි තාරක තෑන්ක් යූ පරිස්සමෙන් ගිහින් එන්න..”

පියුමි කීවා ය.

*******************************************************************************

“අද අපි සර්වේ කරන්න යන්න අර පේන කන්ද උඩ.. හැමෝම උදේ කෑමෙන් පස්සෙ එතනට යනවා.. කඳු නගින්න ඕනෙ දේවලුත් අරගෙන.. “

ආචාර්ය සුනිල් සිසුන්ට සිත් කලඹන නිවේදනයක් දුන්නේ ය

මේ වන විටත් තාරක ද අවසර ලැබ සිසුන් සමඟ සිටියේ ය.

“අනේ මේක නම් අපිට මාර එක්ස්පීරියන්ස් එකක් වෙයි .. අනික තාරකත් ඉන්නවනේ..”

පියුමි සතුටින් කීවා ය.

“ඔව් ඒක ඇත්ත..මේ වගේ තැනක සර්වේ එකක් නියමයි… “

උදාර ද කීවේ ය.

“ඔය වැටුණොත් මම අල්ලගන්නම්.. “

තාරක කීවේ පියුමි දෙස බලා ඇසක් ඉඟිමරමිනි.

“අපි බලමු.. මාව එහෙම වැටෙන්නෙ නෑ..”

“ඔව් අපේ පියුමි හරිම ටැලන්ටඩ්…”

ආකාශ් කීවේ ය.

උදෑසන ආහාරයෙන් අනතුරුව ඔවුහු කන්ද තරණය කිරීම ආරම්භ කළහ.

“අතන මෙතන කඩදාසි කෑල්ලක් වත් දාන්න එපා ළමයිනෙ.. මේ ලස්සන පරිසරය අපි පරිස්සම් කර ගන්න ඕන.. “

ආචාර්ය සුනිල් මුලින්ම අවවාද කළේ ය.

” ඒ විතරක් නෙමෙයි ළමයි පරිස්සමෙන් කඹේ ලිස්සල වැටුනොත් කෑලිවත් හොයාගන්න හම්බවෙන්නෙ නෑ.. ” ආචාර්ය අසේල පැවසුවේ ය.

“ඒකනම් ඇත්ත තමයි අම්මෝ බයේ බෑ…”

පියුමි කීවා ය.

“මම පෙන්නන්නද මේ කන්දෙන් පහළට පැනලා… ? “

තාරක ඇසුවේ ය.

“අඬු කඩාගන්නඩද ඕනෙ..?”

“ඔව් පියුමි..”

තාරක සිනාසෙමින් කීවේ ය.

“ඒයි පියුමි ඔයගෙ ඔලුවෙ මොකෙද්ද මන්දා ඉන්නවා දැළඹුවෙක් වගෙ”

කෙවින් පවසනා විට පියුමි තැති ගත්තා ය.

“ඊයා.. අනේ…. “

ඈ ලණුව අතහැරියා ය

ඇය බිමට වැටීමට ඇත්තේ තව සුළු මොහොතකි.පියවරින් පියවර ඈ පොළවට  ළංවෙමින් සිටියා ය.

“පියුමි…!!!”

තාරක කෑගසමින් සිය ලණුවද සමඟ වහා පහළට පැන්නේ ය

පහළට වැටෙමින් සිටි ඇයව අල්වාගනීමට විදුලි වේගයෙන් පැමිණි තාරක සමත් විය.

පියුමිට තමාව තදින් අල්ලාගැනීමට පැවසූ ඔහු ඇයද සමඟ වේගයෙන් පහළට ඇද වැටෙමින් සිටියේ ය. ඈ හඬමින් සිය දෑස් වසා හිස තාරකගේ ළය මතට තදකරගෙන උන්නා ය.

“තාරක මට බයයි…. “

ඈ තව තවත් තාරකව තදින් ග්‍රහණය කරගත්තා ය.

“බය වෙන්න එපා……. මං ඉන්නවනෙ.. මං ඔයාට හීරෙන්නවත් දෙන්නෙ නෑ… “

“ඔන්න එකයි දෙකයි තුනයි … අපි දෙන්නා බිමට ආවා… “

බියෙන් සිටි පියුමිගේ ගත දහදියෙන් පෙඟී තිබිණි.

*******************************************************************************

“අනේ.. දෙවියනේ… තාරක පැන්නෙ පියුමිව බේරගන්න.. ඒත් අනේ මට බයයි… “

ටානියා කීවේ තැති ගනිමිනි.

“බයවෙන්න එපා ටානි එයාලට මුකුත්ම වෙන්නෙ නෑ…”

වෙනුරි කීවා ය.

“මං කී පාරක් කිව්වද මේක භයානකයයි කියලා…කෝ කියන දේවල් අහන්නෙ නෑනේ.. වයස හරි නිසා සේරම දන්නව කියල තමයි හිතන්නේ.. අර තාරකට බේරගන්න පුළුවන් උණොත් නම් ලොකු දෙයක්.. අනේ ඒ ළමයත් අපේ අය නිසා අමාරුවෙ..”

ආචාර්ය සුනිල් පැවසුවේ මහත් අසහනයකිනි.

*******************************************************************************

“තාරක ඔයා මගේ ජීවිතේ බේරුවේ දෙවෙනි පාරට දෙවියනේ… ඔයා ඔයාගෙ ජීවිතේ ගැනවත් හිතුවේ නෑ… ඇයි ඒ… කියන්න මට.. මම ඔයා වෙනුවෙන් මොනාද කරලා තියෙන්නෙ.. ඇයි.. මං ගැන ඔච්චරටම හිතුවේ… ?”

ඈ හැඬුවා ය.

“අනේ.. ඔයා අඬන්න එපා පියුමි.. ඔයා මගෙ යාළුවනෙ.. දැන් හොඳ ළමයා වගේ කඳුලු පිහිදගන්න… අනිත් අයත් එනවා.. ඔයා අඬනව දැක්කොත් ඔයාට අරවා මේවා කියන්න ගනී…”

“අනේ දෙවියන්ට ස්තූති වේවා… දෙන්නම හොඳින්.. තාරක .. ඔය දෙවිකෙනෙක් වගේ මේ ළමයව බේරගත්තෙ.. ඔයාට ගොඩක් පින්…”

මිස් මුදිතා කීවා ය.

“පියුමි.. දැන්වත් හොඳ සිහියෙන් වැඩ කරන්න පුරුදු වෙන්න.. ලණුව අතාරින්න තරම් ඔයාට මොනාද උණෙ..?”

ආචාර්ය සුනිල් ඇසුවේ ය.

“මට අහුණා කෙවින් කියනව මගෙ ඔලුවෙ දළඹුවෙක් ඉන්නව කියලා… ඉතිං මම ඌව අයින් කරන්නයි ගියෙ.. මට අමතක උණා අපි ඉන්නෙ කඳු නගින ගමන් කියලා… “

“හරි හරි දැන් ඔයා අඬන්න එපා… සේරම හරි.. කාටවත් කරදරයක් උණේ නෑනෙ.. “

උදාර ඇය සනසමින් කීවේ ය.

“හරි දැන් අපි කරන්න ගිය පාඩම කරමු. නැත්තම් අපිට එක මිස් වෙනවා…”ආචාර්ය සුනිල් පැවසුවේ ය.

මීළඟ කොටසින් හමුවෙමු.