අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

“අම්මේ අද උදේ වෙච්ච කරදරේ නිසා මම නං ගොඩක් බය උණා.. “

වෙනුරි කීවා ය.

“ඔයා ඉතිං කොහොමත් බයගුල්ලිනේ…”

කෙවින් සිනාසෙමින් පැවසී ය.

“මේ.. මෝඩයෝ ඕවට එන්න එපා… “

“මෙයාගෙ ගෑස් බලන්නකෝ… දැන් ගෑස් ගණන් කාලෙ මෙයා හරිම ප්‍රයෝජනයි….. “

“පොර කුකුළයි පොර කිකිළියි ආයෙම පටන් ගත්තද? රණ්ඩු කරනවා කොයි වෙලේ බැලුවත්.. “

උදාර මැදිහත් විය.

“උදාර.. මෙයා මට පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑනෙ.. “

වෙනුරි නායකයාට චෝදනාව ඉදිරිපත් කළා ය.

“මං දෙන්නවම දන්නවනේ… රණ්ඩුව නවත්තන්න.. පියුමිව බලන්න යමු.. එයාට සනීප නෑ…. “

“ඒ මොකද ඒ..?”

“ඊයෙ සිද්ධිය නිසා උණ අරගෙන..”

ටානියා ද ඔවුන්ට එක් වූවා ය.

“ආ අර තාරකත් එන්නෙ.. එයා නම් පියුමිගෙ ඉෂ්ට දේවතාවා වගෙ… පුදුම විදිහකට ආරක්ෂා කරන්නෙ… “

ආකාශ් කීය.

“ආ කට්ටිය බර සාකච්ඡාවක් වගෙ මොකක් හරි කුමන්ත්‍රණයක්ද? “

“අයියෝ නෑ… තාරක අපි පියුමිගෙ අසනීපෙ ගැන කතාකරේ.. ඊයෙ බයවෙලා උණ අරගෙනනෙ… “

ටානියා කීවා ය.

“දැන් කෝ පියුමි? “

“එයා ටෙන්‍ට් එකේ…”

වෙනුරි කීවා ය.

“ඇත්තද ආ…? “

“මේ කෙවින් වහනවා කට…”

වෙනුරි ගස්සා අහක බලාගත්තා ය.

සියල්ලෝම ඉන්පසු ඇගේ කූඩාරම වෙත ආවෝ ය.

පියුමි සිය හකුලන ඇඳ මත වැතිර උන්නා ය. ටානියා ඇගේ නළලට අත තබා බැලුවා ය

“ම්ම් ටිකක් උණ…”

පියුමි කෙඳිරිගෑවා ය.

“ඒකනේ පියුමි කියන්නේ… ඕනාවට වඩා හිතන්න එපා කියලා.. ඔයාට මුකුත් උනේ නෑනෙ ඇයි මේ මෙහෙම?… “

උදාර ඇසුවේ ය.

“දැන් ඕව වැඩක් නෑනෙ ඒක වෙලා ඉවරයි…  අපි දැන් මේ අසනීපෙ ගැනයි හිතන්න ඕනෙ.. “

වෙනුරි කීවා ය.

“අම්මේ… කාලෙකට පස්සෙ හොඳ අදහසක් පහළ වෙලා තියෙන්නේ…. “

කෙවින් කීය.

“ඔයා කටවහගෙන ඉන්න කෙවින්… ඔයා කවදත් මෝඩම ළමයා තමා… “

“ම්ම්ම් මං ට්‍රයි කරන්නම් පියුමිව සනීප කරන්න… “

“තාරක! ඔයා ඩොක්ටර් කෙනෙක්ද ? “

“අපෝ නෑ උදාර.. අපේ ආච්චි ටිකක් මට උගන්නලා තියෙනවා… කැලේ තියෙන ගහ කොළ වලින් ලෙඩ සනීප කරන හැටි මාත් තනියෙම ඉන්වෙස්ටිගේට් කරලා තියෙනවා… කොහොමත් හැම බේත් ජාතියම වගෙ හදන්නෙ ඉතින් අපේ පරිසරයෙදේවල් ගහ කොළ පාවිච්චි කරලා…”

“හ්ම් හ්ම් ඔයා මරු තාරක…”

“මම නෙමේ මරු.. මේ සොබාදහම.. “

“තෑන්ක්ස් තාරක ඔයා නැත්තම් මම … නෑ… “

පියුමි මිමිණුවා ය.

“ෂ්….ඔයා නිදාගන්න… මං ඔයාට බේත් කරන්නම් හොඳේ… “

තාරක පිටව ගියේ ය.

*******************************************************************************

තාරක දිනයක් පුරා කොළ පැහැයෙන් යුත් පානයක් ඇයට ලබා දුන්නේ ය. නමුත් සුවයක් නොවීය.

රාත්‍රියේ තාරක කෙමින් ඇගේ කූඩාරම අසලට ළං වූවේය. ඈ තද නින්දේ වූවාය. ඔහු ඇය අසලට පැමිණ ඇගේ හිස මත අත තැබීය. ඉන් මොහොතකට පසු ඔහු බැරෑරුම් ස්වඹ්හවයක් මවාගෙන එතැනින් ඉවතට ගියේ ය.

*******************************************************************************

“ගුඩ් මෝනින් පියුමි දැන් ඔයාට හොඳද?..”

“ඔව් ටානි හොඳටම හොඳයි… තාරකගෙ බේත් නං නියමයි…”

“හ්ම්…. ඒත්… ඔයාගෙ වෙදාට නං හොඳටම උණ නැගිටගන්නවත් පණක් නෑ..”

“මොකද්ද උදාර??”

“ඔව් පියුමිගෙන් බෝ වෙලාද කොහෙද? “

ටානියා කීවා ය.

“අනේ පව් තාරක… එයා මට කොච්චර උදව් කරාද?… මට කිසිදෙයක් කරන්න උණේ නෑනේ.. දැන් මං එයාව හොඳට බලාගන්නම් ටානි… එහෙම නේද උදාර..? “

“ඔව් පියුමි.. ඔයා හරි..”

දෙදෙනාම එකවර කීහ.

*******************************************************************************

කිසිදු හැලහොල්මනක් නැතිව තාරක ඔහේ වැතිර සිටියේ ය.

“තාරකට අමරුයි වගෙ හොස්පිටල් ගෙනියන්න වෙයිද මන්දා… “

කෙවින් කනස්සල්ලෙන් පැවසීය.

“තාරක ඔයාට මොනාද උණේ..? “

“දන්නෙ නෑ උදාර.. මට ඉන්න බෑ… මගෙ ඔලුව… “

තාරක එක්වරම සිහි විසඥව, නිල් නෙතු පියාගත්තේ ය.

“තාරක!!”

පියුමි මුළු කඳවුරටම ඇසෙන සේ බෙරිහන් දුන්නා ය.

“ඉක්මන්ටම වතුර ටිකක් ගේන්න… “

ආකාශ් කීය.

ටානිය දිවගොස් වතුර වීදුරුවක් රැගෙන ආ අතර උදාර හනි හනිකට වතුර බිඳු තාරකගේ මුහුණට ඉස්සේ ය.

ඔහුට යාන්තමින් පියවි සිහිය ලබුණි.

“තාරක දෙයියනේ මොකද්ද උණේ..?”

“ටිකක් හොඳයි වගෙ පියුමි මං වත් දන්නෙ නෑ මට මොනා උණාද කියලා.. අනේ මට ගෙදර යන්න ඕනෙ පියුමි.. “

“මං ඇරලවන්නම් උදාර.. ඔයාටත් එන්න පුළුවන් නේද? “

“අනේ පියුමි මට ඩොක්ටර් සුනිල් ලොකු වැඩක් බාරදුන්නනෙ.. මට එන්න බැරිවෙයි…”

“අම්මෝ මට නම් බෑ මාව අතරමං උණොත්…? “

ආකාශ් කීය.

කිසිවකු ඇය සමඟ යාමට කැමත්තක් පෙන්නුවේ නැත.

“හරි හරි… එහෙනම් මම සර්ට කියන්නම්කො.. මම අද තනියෙන් තාරකව ඇරලවන්න යනවා..”

“ඒත්…”

“අවුලක් නෑ උදාර පාර හොයගෙන එන්න බැරිඋනොත් මම රෑ තාරක එක්ක ඉන්නවා.. මම ඩොක්ටර් සුනිල්ට කියන්නම්..

“පියුමි ඔයා..? “

“කමක් නෑ නේද තාරක..?  මට උදේට හරි පාර හොයාගෙන එන්න පුළුවන් වෙයිනේ… “

“අනේ.. ඔයාට කොහොම තෑන්ක් කරන්නද මන්දා පියුමි.. ඔයා හරිම හොඳ කෙනෙක්”

තාරක මිමිණුවේ ය.

“ඔය මට කරපු උදව් වලට මේවා මොනාද තාරක? මං දැන්මම ඩොක්ටර් සුනිල්ගෙන් පර්මිෂන් අරන් එන්නම්..

පියුමි ආචාර්ය සුනිල් සොයා දිවගියා ය.

ඈ කෙමින් කෙමින් ආචාර්ය සුනිල්ගෙ කූඩාරම වෙත ළං වූවා ය.

“සර්.. මම ඇතුළට එන්නද?…”

“ඔව් එන්න පියුමි එන්න…”

“තෑන්ක් යූ සර්..”

“කියන්න පියුමි මොකද්ද කරණේ..? “

සර්.. මේ.. සර්.. තාරකට සනීප නෑ.. සර්. “

“මට ආරංචියි ඔව් ඉතින්..”

“එයාට අද ගෙදර යන්න ඕනෙලු සර්… තනියෙන් එයට යන්න බෑ.. අනිත් අයටත් වැඩ සර්.. ඉතින් මම යන්නද එයාව ඇරලවන්න..? අනේ කමක් නැද්ද සර්… ?  “

“හ්ම් අනේ මන්දා.. මට බයයි පියුමි.. ඒත්..”

“ප්ලීස් සර්.. අනේ…”

“හරි.. හැබැයි ගොඩක් පරිස්සමෙන්.. අපි ඔය තාරක ගන හරියටම දන්නෙ නෑනෙ.. “

“හා සර් තෑන්ක් යූ…”

“ඒ වගේම කැලේ ගැන දන්නෙත් නෑ.. මොනා උණත් ඒ ළමයා ඔයාට කරපු උදව් වල හැටියට මේක ඔයාගෙ යුතුකමක්.. හරි පියුමි.. මම පර්මිෂන් දෙන්නම්.. “

“තෑන්ක්ස් සර්.. ඒත්..”

“ඇයි ඒත්?..”

“රෑ උණොත් මට එහෙ නැවතිලා උදේට එන්න වෙයි සර්.. “

ඈ බියෙන් කීවා ය.

“මොනව?.. තාරක එක්ක තනියෙම ඉන්න? “

“ඔව් සර්.. එයත් තාම අසනීපෙන්.. අනික එයාගෙ තාත්තත් ගෙදර නෑ.. මං…”

“හරි හරි.. ඒත් කලින් එන්න ට්‍රයි කරන්න පරිස්සම් වෙන්න මොනා උණත් තාරකත් කොල්ලෙක්.. ඔයාලගෙ මේ තරුණ වයස.. මට ආයෙම ගෙවල් වලට උත්තර බඳින්න දේවල් තියන්න එපා එච්චරයි.. “

තෑන්ක් යූ වෙරි මච් සර්… මම ඉක්මන්ටම එන්නම්..”

ඈ සතුටින් කූඩාරමෙන් නික්ම ගියාය.

මීළඟ කොටසින් හමුවෙමු.