අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

“පියුමි..”

“ම්…”

“දැන් ඒක නෙමේ ඔයා අයෙමත් කැම්ප් එකට යන්න ඕනෙ.. දැන් රෑ වේගනයි එන්නේ.. දැන් අටහමාරත් වෙලා”

“අයියෝ එච්චර වෙලා ගිහින් ද? තේරුණෙවත් නෑනෙ.. “

“ඔව් දැනටමත් හොඳටම රෑ තමයි අපි දෙන්න අද එකට මෙහෙ රෑ හිටියොත් ඒක ඔයාට හොඳ නෑ පියුමි.. තේරෙනවා නේද? …”

“ඉතිං”

“ඔයා ගැන ඔයාගෙ ලෙක්චරස්ලා යාළුවො විශේෂයෙන් උදාර.. මොනා හිතයි ද දන්නෙ නෑනෙ? “

තාරක කීය.

“උදාර..? ඒ ඇයි..?”

“ඒ ඔයගේ බෝයිනේ..”

“පිස්සුද තාරක? මට එහෙම කෙනෙක් නෑ.. උදාර මගෙ හොඳම යාළුවා විතරයි..”

“හරි හරි ඕකේ.”

“ඉතිං මම තනියෙන් යන්නෙ කොහොමද මේ රෑ මේ බය හිතෙන කැලේ මැද්දෙන්..? වයිල්ඩ් ලයිෆ් ඔෆිසර් උණත් සත්තුන්ව හීලෑ කරන්න පුළුවන් උණත්.. ඔයාට සනීප නැති නිසා කොහොමත් මාව ඇරලවන්න එන්න බෑ.. “

තාරක කතා කළේ නැත.

“මට ගොඩක් බයයි තාරක.. ඔයාට බැරිද කෝල් එකක් දීලා එයාලට විස්තරේ කියන්න..?”

“මං මොනාද කියන්නෙ?..”

“ඇත්ත කියන්න.. ඔයා වැටුන නිසා පරක්කු උණා කියන්න එයාලා මාව අවිශ්වාස කරන එකක් නෑ.. අනික අපි වැරදි දෙයක් කරන්නෙ නෑනෙ තාරක.. අපි ඒක දන්නවනේ..? “

“හරි ඔයා කියනව නම් කියන්නම් ඉතින්,..”

“මේකෙන් ගන්න.. “

“පියුමි ඔහුට තම ජංගම දුරකථනය දුන්නා ය.

“හ්ම් හරි එහෙනම්”

තාරක ඇමතුම ලබාගත්තේ ය.

“හෙලෝ..”

“……………………………………………..”

“සර්.. මම තාරක..”

“……………………………………………..”

“මායි පියුමියි එන්න ගොඩක් රෑ උණා සර්…. “

“……………………………………………..”

“ඔව් සර්..'”

“……………………………………………..”

“ඒ අස්සේ මාව ගෙදරට නගින ඉනිමඟෙනුත් වැටුණා..”

“……………………………………………..”

“ඔව් සර්.. පියුමි අමාරුවෙන් උඩට ගෙනියලා… මම සිහිය නැතුව ඉඳලා තියෙන්නෙ..”

“……………………………………………..”

“ඔව් සර් නළලයි අතකුයි තුවාලයි..”

“……………………………………………..”

“උණ ගතියත් තාම තියෙනව සර්..”

“……………………………………………..”

“අද නං එන්න බැරි වෙයි වගෙ සර්..”

“……………………………………………..”

“මට ඇරලවන්න පණක් නෑ නැත්තං මම එක්ක එනවා…”

“……………………………………………..”

‘මොකද්ද සර්.. ඒ..?”

“……………………………………………..”

“හරි සර්.. අපි ඒ විදිහට ඉන්නම්.. මං ගැන සැකයක් තියාගන්න එපා…”

“……………………………………………..”

“ඕකේ සර්.. ගුඩ් නයිට්… “

තාරක රිසීවරය තැබීය.

“ඔන්න සේරම හරි ඔයාට අද විතරක් නෙමේ මට හොඳටම හොඳ වෙනකම්ම මෙහෙ ඉන්න සර් පර්මිෂන් දුන්නා.. හැබැයි මම අර ඔයාට ඉස්සෙල්ල කිව්ව කොන්දේසි ටිකත් දාලා… “

“එහෙනම් වැඩේ හරිනෙ..”

පියුමි ඔහුගේ නිල් දෙනෙත දෙස බලා සිනාසුණා ය.

“ඔයාට පෙන්නන්න අලුත්ම ජාතියෙ TV එකක් තියෙනවා.. කෝ එන්න පෙන්නන්න ඔයා ගොඩක් ආස වෙයි…”

“මේ කැලේ මැද්දට ටීවී වලට කොහෙන්ද සිග්නල් එන්නෙ..? ඔයා නම් මම හිතන්නෙ වයිල්ඩ් ලයිෆ් ඔෆිසර් කෙනෙක් නෙමෙයි..”

“එහෙනම්…”
තාරක ගැස්සුණේ ය.

“මට පේන විදියට සයන්ටිස්ට් කෙනෙක්.. “

හීනියට සිනාසුණු තාරක ඇය කැටුව ගියේ විශාල රූපවාහිනි යන්ත්‍රයක් අසලටය.

“ඔන්න බලන්න..”

තාරක රූපවාහිනිය දෙස එක එල්ලේ බලා සිටියේය. රූපවාහිනිය ක්‍රියාත්මක විය. එවිට ඔහුගේ ඇස් ළා කොල පැහැයක් ගත්තේ ය. එහි පසෙකින් වැටුණු තිරයේ රූපවාහිනි නාලිකා දිස්වූවේ ය. තාරක එක එල්ලේ නාලිකාවක ලාංඡනය දෙස බැලූ විට එම නාලිකාව විකාශය විය. දැන් ඔහුට ඇත්තේ කහ පැහැති දෙනෙතකි.

පියුමිට මේ තාක්ෂණය මැජික් මෙන් විය.

“කොහොමද පියුමි වැඩ..? “

ඔහු ඇසුවේ පියුමි දෙස බලමිනි.

මේ වන විට තාරකගේ දෑස් නැවත නිල් පැහැයෙන් දිදුලන්නට විය.

“වා..ව්..”

පියුමිට කියාගත හැකි වූයේ එපමණකි.

“හරි හරි.. දැන් ඒක නෙමේ ප්‍රශ්නෙ.. ඔයා මොනවද කන්නෙ? ඔයාට බඩගිනි නැද්ද?”

” අපොයි ඇත්ත නේන්නම් අපි කාලා නෑනෙ… ඉන්න තාරක මම ඔයාටත් එක්ක කන්න මොනවහරි හදන්නම්…”

“නෑ.. නෑ.. ඔයා මුකුත්ම කරන්න ඕනෙ නෑ… ඔය කන්න කැමති මොනාද කියන්න මම දැන්මම ගෙනත් දෙන්නම්..”

“ඇත්තටම..?  එහෙනම් මේ කැලේ ඇතුළෙ සුපර්මාර්කට් එකක් එහෙම තියෙනව ද?”
පියුමි ඇසුවේ සිනාසෙමිනි.

“කැලේ සුපර්මාර්කට් හදන්න.. මරු.. කැලේ කියන්නෙ සම්පතක්.. ඒක මොකටද අපි විනාස කරන්නෙ.. “

“අයියෝ තාරක.. විහිළුවට කිව්වෙ මම.. එතකොට මම කැමති ඕනම කෑමක් ඇත්තටම දැන් ගෙනත් දෙන්න පුළුවන් ද?”

“ඔව් අනේ ඇත්තටම…”

“ම් හරි එහෙනම්…. මට නූඩ්ල්ස් ඕනේ… හැබැයි එලවළු විතරයි… ඕන ඔට්ටුවක්.. ඕක ඔයාට බෑ තාරක…”

” ඔයා වෙජිටේරියන්ද පියුමි..? “

“ඔව්.. පොඩි කාලෙ ඉඳන්ම.. මම ආස නෑ මස් මාළු කන්න.. “

“හොඳ ළමයෙක්.. මාත් වෙජිටේරියන්.. අපි මොකටද කන්න මෙච්චර දෙවල් තියාගෙන වෙන ජීවිත විනාශ කරන්නෙ.. සත්තුන්ටත් තියෙන්නෙ මේ ලෝකෙ අපිට ජීවත් වෙන්න තියන අයිතියම තමයි…  “

“ඇත්තමයි තාරක.. කවුද කැමති අපිව මරාගෙන කනවට.. අන්න ඒ වගෙ තමයි ඒ අසරණ සත්තුත්..”

“හැබැයි ඉතින් සත්තු අතරෙ එහෙම නෑ.. ආහාර දාම පාඩම් මතක ඇතිනෙ.. සමහරු ඉතින් තනිකරම මාංශ භක්ෂක..”

” ම්… මට එච්චර බයොලොජි සයිඩ් එක නම් බෑ.. ඒත් ඕවා මතකයි. ඒක නෙමෙයි… ඔයාට හෙට වෙයි නූඩ්ල්ස් ටික හදන්න.. “

“නෑ නෑ..  විනඩි දෙකක් දෙන්න මට… යං ඔයත් එන්නකෝ..”

තාරක ඇගේ අතින් ඇදගෙන මුළුතැන්ගෙය වෙත ගියේ ය.

ඔහු ගියේ තවත් යන්ත්‍රයක් වෙතටය. ඔහු එම යන්ත්‍රය පෙර පරිදි ක්‍රියාත්මක කර නම් ඇතුළත් කළේ ය. පියුමි ඉල්ලූ ආහාරය ඇයට ලැබී තිබුණි.

පියුමි එහි ක්‍රියාවලිය පෙර ක්‍රියාවලියම බව තේරුම් ගත්තා ය. එම විස්මිත ක්‍රියාව දැක තව තවත් පුදුමයට හා සතුටට පත් වූවා ය.

ඇත්තටම තාරක මේවා කොහෙන්ද ඉගෙනගත්තෙ… මෙහෙම ටෙක්නොලජි එකක් ලෝකෙ තියනවා කියලාවත් මට හිතිලා නෑනෙ..”

“ඒවා තාම රහස් ඉතින්… කෝ කන්න රසද බලන්න…”

“ඔයත් කන්න..”

“හරි දෙන්නටම තමා හදාගත්තෙ..”

යන්ත්‍රයෙන් පැමිණි නූඩ්ල්ස් පිඟන් දෙකකට දමාගත් දෙදෙනා අනුභව කිරීමට පටන් ගත්හ.

“පුදුම රසක් තාරක…”
පියුමි කිවේ ප්‍රීතියෙනි.

“ඒකනෙ ඒකනේ.. රසයි තමයි.. චෙෆ් තාරකගෙ කෑම..”
තාරක සිනාසුණේ ය.

“දැන් ඔයා සනීපෙන් නේද තාරක..?”

“ඔව් පියුමි.. ගොඩක් දුරට හොඳයි.. අපි හෙට උදේම යමු.. මට දැන් පුළුවන්…”

“ඔව් ඒක හොඳයි..”

“කාලා ඉවර උණාම වොශ් එකක් දාලා නිදාගන්න.. රෑ ඇඳුම් අර මැෂින් එකෙන්ම ගන්න පුළුවන්.. ඔයාට විසිටර් රූම් එකේ නිදාගන්න ලෑස්ති කරලා දෙන්නම්..”

“මේ ඇඳගෙන ඉන්න ඇඳුම නම් මේක අවුලක් නෑ තාරක.. මට පුරුදුයි තෑන්ක් යු..”

ඈ සිනාවක් පෑවා ය.

මුහුණ සෝදාගෙන තාරක පෙන්වූ පිරිසිඳු කාමරය තුළට ගොස් දොර වසා ගත් ඈ දිගු හුස්මක් ගෙන සිය දෙනෙත පියා ගත්තා ය.

**************************************************************************************

තාරක ද සිය කාමරයට ගොස් සිය සයනයේ වැතිරුණේ ය.

ඔහුට පියුමි මුණගසුනේ අහම්බයකින් නොවේ. නමුත් ඔහු ඇය හමුවූ මොහොත, ඇගේ ජීවිතය බේරාගත් අවස්ථා ඇතුළු සෑම සිදුවීමක් ම එකින් එක මතකයට නඟා ගත්තේ ය.

“ඇත්තටම පියුමි දන්නවනම් මම කවුද කියලා.. එයා කවදාවත්ම මාව ඇරලවන්න එනවා තියා මාව එයාගෙ යාළුවෙක් හැටියටවත් තියාගන්න එකක් නැති වෙයි.. “

තාරක නිදි නැතිව ඇඳේ ඒ මේ අත පෙරලෙමින් සිටියේ ය.

“ඔව්.. මම ඔයා හිතන කෙනා නෙමෙයි පියුමි.. ඒත් ඔයාට මම කවදාවත් හිරිහැරයක් නම් කරන්නෙ නෑ.. “

ඔහු තමාටම කියාගත්තේ ය.

මීළඟ කොටසින් හමුවෙමු.