කැනේඩියානු ආක්ටික් ප්‍රදේශයේ සීතල මුහු දු ජලයේ වාසය කරන බැක්ටීරියා විශේෂයක් පෝෂ්‍ය පදාර්ථ මඟින්  උත්තේජනය කිරීමෙන්, මුහුදේ ඇතිවන තෙල් කාන්දු වීමේදී නිකුත්වන ඩීසල් සහ අනෙකුත් ඛනිජ තෙල්, දිරාපත් වීමට උපකාරී වන බව නව අධ්‍යයනයකින් තහවුරු විය.

අධ්‍යයනය සිදු කළ ස්ථානය වන කැනඩාවේ ලැබ්‍රඩෝර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු මාර්ග හරහා තෙල් වෙළඳාම සහ විභව නිෂ්පාදනයන් කාන්දු වීම සාමාන්‍ය දෙයක් බවට පත් කර ඇත. මෙම අනතුරු හේතුවෙන් වෙරළබඩ ජලයේ ගුණාත්මක භාවය පිරිහී යන අතර සාගර පරිසර පද්ධති අඩපණ වේ.

මුහුදු ආහාර මත යැපෙන ලැබ්‍රඩෝර් වෙරළේ වෙසෙන ආදිවාසීන්ට තෙල් මඟින් ඇතිවන සමුද්‍ර දූෂණය, සෞඛ්‍ය උපද්‍රව ඇති කරන බව කැල්ගරි විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා ජීව විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය කේසි හියුබර්ට් සහ එහි කතුවරයෙක් විද්‍යා ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Phys.Or වෙත පැවසීය.

මෑතකදී ශ්‍රී ලංකාව ද එවැනිම තෙල් කාන්දු වීමේ ගැටලුවකට මුහුණ දුන්නේ ය.

විද්‍යාඥයන් විසින් සෙල්සියස් අංශක 4ක තබා ඇති බෝතල් වල කෘතීම මුහුදු ජලය යොදා සාගර වායුගෝලය ප්‍රතිනිර්මාණය කළා. තෙල් කාන්දුවක් අනුරුපනය කිරීම සඳහා ඔවුන් මෙම පරිසරයට ඩීසල් සහ බොරතෙල් හඳුන්වා දුන්නා.

Paraperlucidibaca, Cycloclasticus, Oleispira, Thalassolituus Zhongshania සහ තවත් සමහර බැක්ටීරියා භාවිතා කරමින් ජෛව ප්‍රතිසංස්කරණය කිරීම මඟින් දූෂක කාණ්ඩ කිහිපයක් ඉවත් කිරීමට උපකාරී වූ බව ඔවුහු සොයා ගත්හ.

ප්‍රතිඵල 2021 අගෝස්තු 11 වන දින ඇමරිකානු ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ සංගමයේ සඟරාවක් වන ව්‍යවහාරික හා පාරිසරික ක්ෂුද්‍රජීව විද්‍යාවේ ප්‍රකාශයට පත් කරන ලදි.

කාන්දු වූ ඉන්ධන වලින් කොටසක් මුහුදු පතුලේ තැන්පත් විය. සාගරයේ මෙම ගැඹුරේ ජීවත් වන සහ සාගර පත්ලේ ජිවත් වන ක්ෂුද්‍ර ජීවීන් උත්තේජනය කිරීම මඟින් එහි ඇති දූෂක ඵලදායී ලෙස දිරාපත් වීමට වැදගත් බව විද්‍යාඥයෝ සඳහන් කොට ඇත.

ප්‍රයෝජනවත් බැක්ටීරියා විශේෂ රාශියක් ඉන් මතු විය හැකි බැවින් ගැඹුරු මුහුදේ ක්ෂුද්‍රජීවී ප්‍රජාවන් පිළිබඳ පර්යේෂණ දිරිමත් කිරීමෙහි අවශ්‍යතාව ලැබ්රඩෝර් මුහුදේ සීතලට අනුවර්තනය කරන ලද ක්ෂුද්‍රජීවී ප්‍රජාවන් විසින් ඩීසල් සහ බොරතෙල් වල ජෛව හායනය නමැති වාර්තාව මඟින් දිරිගන්වනු ඇත.

DTE කාර්ය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Bacteria in Candian Arctic seawater can help clear up oil spills: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.