• ශ්‍රී ලංකාව පුරා නාගරික අපද්‍රව්‍ය, නිතිපතා විවෘත කසළ ගොඩවල්වලට බැහැර කරනු ලබන අතර, ඒවායින් බොහොමයක් ආරක්ෂිත ප්‍රදේශ සහ අනෙකුත් වනජීවී වාසස්ථාන අසල පිහිටා ඇති අතර, ආහාර සොයා අලි ඇතුන් එහි ඇදෙනු ඇත.
  • ලෙනාඩෝ ඩිකැප්‍රියෝ විසින් ට්වීට් කරන ලද මෑත කාලීන AP ප්‍රවෘත්ති වාර්තාවකට ස්තූතිවන්ත වන්නට එවැනි ආහාර සොයා යන අලි ඇතුන් කිහිප දෙනෙකුගේ මරණය ගෝලීය අවධානයට ලක්ව ඇත, නමුත් ප්‍රාදේශීය සංරක්ෂණවේදීන් පවසන්නේ ඔවුන් මෙම ගැටලුව පිළිබඳව දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇති බවයි.
  • වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙකු පවසන්නේ නව කුණු කසල බැහැරුම් ස්ථාන ස්ථාපිත කළ යුත්තේ කොතැනද යන්න පිළිබඳ තීරණය, බොහෝ විට වනජීවී ගැටළු නොසලකා හරින බවත්, එය ‘කෙටි, දැක්මක් නැති, දේශපාලනිකව අභිප්‍රේරණය වූ’ සැලසුම් මගින් මෙහෙයවන බවත්ය.
  • එහෙත් අලි ඇතුන්, කුණු ගොඩවල් ආශ්‍රයෙන් බැහැර කිරීම පමණක් විසඳුමක් නොවේ. මෙම සතුන්ගෙන් බොහෝ දෙනෙක් බෝග සඳහා දේශීය ගොවිපලවල් වැටලීමට පුරුදු වී සිටිති – කුණු කසළ දැමීමේ ස්ථාන වසා දැමූ විට ඔවුන් ඉතා ඉක්මනින් ආපසු එන පුරුද්දක් වන අතර එය අලි මිනිස් ගැටුමේ තවත් ගැටලුවකට මග පාදයි.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් කුණු කූඩයට දැමීමේ ප්‍රශ්නය, ගෝලීය අවධානයට යොමු කිරීමට හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. නමුත් ප්‍රාදේශීය සංරක්‍ෂකයින් දිගු කලක් තිස්සේ මෙම ගැටලුව සලකුණු කර ඇති අතර, ඔවුන් පවසන පරිදි එය මුල් බැස ඇත්තේ “කෙටි දැක්මක් නැති, දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත” සැලසුම් තුළ වන අතර එය අලි ඇතුන්ට සහ මිනිසුන්ට දිගින් දිගටම හානි කරනු ඇති බවයි.

ජනවාරි 26 වන දින, ඔස්කාර් සම්මානලාභී සහ පරිසරවේදියෙකු වන ඩිකැප්‍රියෝ ඔහුගේ මිලියන 20 කට ආසන්න ට්විටර් අනුගාමිකයින්ට නිකුත් කල ට්වීට පණිවිඩය ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ විසින් වාර්තා කලේ විවෘත කසළ ගොඩවල් වලින් ආහාර ගැනීමෙන් පසු, ආසියාතික අලි (Elephas maximus) මිය යාමේ ගැටලුව පිළිබඳවය. අලි ඇතුන් ශ්‍රී ලංකාව තුළ ගෞරවාදරයට පාත්‍ර වන අතර, බොහෝ විට සංස්කෘතික හා ආගමික උත්සවවල ද දක්නට ලැබේ. එහෙත් බොහෝ සතුන් මෙම කසළ ගොඩවල්වල අයාලේ යන බල්ලන් සහ කපුටන් සමඟ පෝෂණය වන අතර, ඒවායින් බොහොමයක් සංරක්ෂණ ස්ථාන සහ වන සතුන්ගේ නිවහන් වන වෙනත් ආරක්ෂිත ප්‍රදේශ අසල සිටී.

හොලිවුඩ් සුපිරි නළු ලියෙනාඩෝ ඩිකැප්රියෝ විසින් ශ්‍රී ලංකාවේ කුණු කන අලි පිළිබඳ මෙම කතාව ඔහුගේ මිලියන 20 කට ආසන්න ට්විටර් අනුගාමිකයින් වෙත ට්වීට් කළේ, ගැටලුව කෙරෙහි ගෝලීය අවධානය යොමු කරමිනි. ඡායාරූපය: ටුවිටර්/ මොන්ගාබේ

“අපි ශ්‍රී ලංකාව වටා සමීක්ෂණයක් පවත්වා අලි ඇතුන් පැමිණෙන කසළ කඳු 54ක් ලැයිස්තුගත කළෙමු” යනුවෙන් ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මොංගාබේ වෙත පැවසීය. “මෙම කසල ගොඩවල් පිහිටුවීමට දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැත. නමුත් අලි ඇතුන්, එම කසල ගොඩවල් අසල නිතර සිටින නිසා අපට ඒවාට මුහුණ දීමට සිදුවේ. අපි උත්සාහ කරන්නේ බලපෑම අවම කිරීමටයි. නමුත් ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගෙන් 70% ක් ආරක්ෂිත ප්‍රදේශවලින් පිටත ද සොයා ගත හැකි බැවින් එය උඩු යටිකුරු කාර්යයකි.

එම ස්ථානවල ඇති ප්ලාස්ටික් කුණු කසළ අනුභව කිරීමෙන් අලි ඇතුන් මිය යන බව ඒ.පී වාර්තා කළත්, එය ප්ලාස්ටික් නොවේ, මූලික වශයෙන් පොලිතින් බව DWC හි වත්මන් සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් පවසයි.

“මෙම කුණු ගොඩවල් ආශ්‍රිතයෙන් සෑම වසරකම අලි ඇතුන් ගණනාවක් මිය යන නමුත් ඔවුන්ගේ මරණයට හේතුව පොලිතින් අජීර්ණය නොව ආහාර විෂ වීමයි” ප්‍රසාද් මොන්ගාබේට පැවසීය. “බොහෝ ආහාර අපද්‍රව්‍ය නොසැලකිලිමත් ලෙස බැහැර කරනු ලැබේ. මෙම අපද්‍රව්‍ය බොහෝ විට පොලිතින් මළු තුළ තදින් වසා ඇත. ඔක්සිජන් නොමැති පරිසරය තුළ ආහාර නරක අතට හැරෙන විට, බැක්ටීරියා මගින් විෂ සහිත ද්‍රව්‍ය නිර්මාණය වේ. කුණු කන අලින්ගේ මරණ පිටුපස ඇති සැබෑ හේතුව මෙය බව අපි සොයා ගත්තෙමු.

එළදෙනුන් වැනි සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ කුටි කිහිපයක් ඇති අතර එමගින් ඔවුන්ගේ බඩවැලේ පොලිතීන් සමුච්චය විය හැකි අතර එය අවසානයේ මාරාන්තික විය හැකිය. නමුත් අලියෙකුගේ ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් සරල වන අතර, සතා මළපහ කරන විට පොලිතින් පිටව යයි. නමුත් ප්ලාස්ටික් අවදානම් සහිතය. එය සමහර විට මල බද්ධයට හේතු විය හැකි බවද ප්‍රසාද් පැවසීය.

කුණු ලොරි එනකම් බලා සිටින අලි කුණු ට්‍රැක්‍ටර් ඒ අසලට පැමිණෙන හඬ ඇසීමෙන් විනාඩි 10ක් ඇතුළත එම සතුන් කුණු කන්ද දෙසට ඇදී යන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ඡායාරූපය: සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය (CCRSL)/ මොන්ගාබේ  

‘අදුරදර්ශී තීරණය’

ශ්‍රී ලංකාවේ නාගරික අපද්‍රව්‍ය බොහෝ විට පළාත් පාලන ආයතන විසින් විවෘත කසළ ගොඩවල්වලට බැහැර කරනු ලැබේ. මෙම ස්ථාන අපිරිසිදු හා දුර්ගන්ධයන්ගෙන් සමන්විත බැවින්, දේශීය සැලසුම්කරුවන් ඒවා මිනිස් ජනාවාසවලින් බැහැර ප්‍රදේශවල ස්ථානගත කිරීමට උත්සාහ කරති. මෙහි ප්‍රතිඵලයක් ලෙස අලි ඇතුන් ඇතුළු වන සතුන් ගැවසෙන ප්‍රදේශවල කුණු කසල ගොඩගැසීම සිදුවේ.

විශාල වශයෙන් කැළි කසළ ජනනය වන නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල අප විසින් ජනනය කරන කැළි කසළ පිළිබඳව අවධානය යොමු කළහොත් අලි ඇතුන් කසළ ආහාරයට ගන්නවාද, නැතිනම් ආහාරයට ගැනීම සඳහා කුණු ගොඩවල් වලට එනවාද යන ප්‍රශ්නය මතු නොවනු ඇතැයි හිටපු අධ්‍යක්ෂ සුමිත් පිලපිටිය මහතා පවසයි. “කසළ බැහැර කළ යුත්තේ ඒවා ජනනය වන ප්‍රදේශවලට මිස ස්වභාවික රක්ෂිත හෝ වන සතුන්ගේ වාසස්ථාන ලෙස පිළිගෙන ඇති ප්‍රදේශවලට නොවේ.”  DWC ජෙනරාල් මොන්ගාබේට පැවසීය.

පිලපිටිය මහතා පැවසුවේ තමා DWC සිටි කාලය තුළ සංරක්ෂණ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ නව කුණු කසළ ස්ථාන පිහිටුවීමට දෙපාර්තමේන්තුව නිතර විරුද්ධ වූ නමුත් බොහෝ විට ඒවා නොසලකා හරින ලද බවයි. මධ්‍යම පළාතේ නගරයක් වන දඹුල්ලෙන් අපද්‍රව්‍ය බැහැර කළ යුත්තේ කොතැනටද යන්න පිළිබඳ තීරණය ඔහු සිහිපත් කළේය, එහිදී නාගරික සැලසුම්කරුවන් විභව ස්ථාන දෙකක් තෝරා ඇත. එකක් දිගම්පතාන රක්ෂිතයේ සහ අනෙක දඹුල්ල-මාතලේ මාර්ගයේ හිස් අඩවියකි. DWC හි විරෝධතා නොතකා, දිගම්පතන ප්‍රදේශයේ කුණු කන්ද පිහිටුවීමට සැලසුම්කරුවන් තීරණය කළහ. අද වන විට අලි ඇතුන් 30ක් පමණ එහි කුණු කසළ ආහාරයට ගැනීමට නිතර සොයා පැමිණෙති.

මෙම තීරණය පළාත් පාලන ආයතන සඳහා අමතර වියදම් ද නිර්මාණය කර ඇති අතර, අලි ඇතුන් පිටමං කිරීම සහ කම්කරුවන් සහ උපකරණ ආරක්ෂා කිරීම සඳහා අඩවිය වටා විදුලි වැටක් සැකසීමට සිදු විය.

“සැබවින්ම අදූරදර්ශී, දේශපාලනික අභිප්‍රේත තීරණයක් නිසා දිගම්පතන අලි ඇතුන් සම්බන්ධයෙන් නව ගැටලුවක් නිර්මාණය වී ඇති අතර, විදුලි වැට සඳහා එම නරක තීරණයට සහාය වීමට අමතර වියදම් දැරීමට සිදු විය” පිලපිටිය මොංගාබේ වෙත පැවසීය. “හොඳම සහ ලාභම විසඳුම වන්නේ පරිසර කළමනාකරණයේ නව ගැටළු ඇති නොකිරීමයි.”

අලි ඇතුන්ට අමතරව වීදි බල්ලන් සහ කොක්කු විශේෂ මෙම කුණු කඳු ආශ්‍රිතව පෝෂණය වේ. ඡායාරූපය: මනෝරි ගුණවර්ධන/මොන්ගාබේ 

කසළ කෑම හෝ බෝග විනාශය

කසළ ගොඩක ආහාර ගනිමින් සිටින අලි ඇතුන් මියයාම අතිශයින් දුර්ලභ බව සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ (CCRSL) අලි ජීව විද්‍යාඥ ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.

IUCN හි ආසියානු අලි විශේෂඥ කණ්ඩායමේ සේවය කරන, විශේෂ පිළිබඳ ගෝලීය අධිකාරියක් වන ප්‍රනාන්දු පැවසුවේ අලි ඇතුන් ඉතා තෝරා බේරා කසළ ගොඩවල් වලින් පෝෂණය ගන්නා බවයි. “ඔබ කුණු ගොඩවල්වල සිටින අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය (ශරීර තත්ත්වය) එම ප්‍රදේශයේම වනෝද්‍යානවල සිටින අලි ඇතුන් සමඟ සංසන්දනය කළහොත්, කුණු ගොඩවල්වල සිටින අලි ඇතුන් වඩා හොඳ තත්ත්වයේ පවතී,” ඔහු මොන්ගාබේට පැවසීය. අලින්ගේ වාසභූමිවලින් බැහැරව මෙම ස්ථාන ස්ථානගත කිරීම සඳහා කළ යුතු හොඳම දේ කසළ වර්ගීකරණය කිරීම බවත්, එබැවින් අලි ඇතුන්ට කාබනික අපද්‍රව්‍ය වෙන වෙනම ආහාරයට ගත හැකි බවත් ඔහු පැවසීය.

ප්‍රනාන්දු සහ සගයන් දකුණු ශ්‍රී ලංකාවේ කුණු ගොඩවල් කිහිපයක අලි හැසිරීම් අධ්‍යයනය කර ඇත. යාල ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි උද්දකන්දර කුණු කන්ද අවට අලි ඇතුන් 26 දෙනකු ගැවසෙන අතර වැල්ලවාය ප්‍රදේශයේ අලි 24ක් පමණ සිටින බව ඔවුහු සොයා ගත්හ. අලි ඇතුන් 45 කට වැඩි සංඛ්‍යාවක් පෝෂණය කළ කතරගම ප්‍රදේශයේ දැනට අභාවප්‍රාප්ත වූ කුණු කන්දද මෙම කණ්ඩායම නිරීක්ෂණය කළේය. ශ්‍රී ලංකාව පුරා කුණු කසළ ස්ථාන 54ක සාමාන්‍යයෙන් අලි ඇතුන් 20ක් පමණ පෝෂණය වන බවට ඔවුන් ගණන් බලා ඇත.

පොලිතින් අඩංගු අලි ගොම. පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ සතුන් මැරීමට හේතුව ප්ලාස්ටික් නොව ආහාර විෂ වීම බවයි. ඡායාරූපය: සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය (CCRSL)/ මොන්ගාබේ  

කුණු ගොඩවල් නැරඹීමට පැමිණෙන අලි ඇතුන් අතරින් බහුතරයක් වෙඩි වැදී, තුවාල වී සිටින වුන්ය. ගොවීන් වෙඩි තබන්නේ භෝග විනාශ කිරීමේදීය. මෙමගින් අලි ඇතුන්, ගොවීන්ගේ කෙත්වලට එළවා නොගෙන කුණු කසළවලින් බැහැර කරන්නේ කෙසේද යන ප්‍රශ්නය අති සංකීර්ණය.

“ඔබ මෙම කුණු කන්ද වසා දැමුවහොත්, මෙම අලි කුණු කන්දේ ගත කරන කාලය බෝග වැටලීම් සඳහා ගත කරනු ඇත, එබැවින් එය අලි-මිනිස් ගැටුම නානාප්‍රකාර ලෙස ඉහළ නංවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ගේ සහ අලි ඇතුන්ගේ මරණ වැඩි වේ” ප්‍රනාන්දු පැවසීය.

එවැනි අවස්ථාවලදී සිදුවිය හැකි දේ පිළිබඳ පෙළපොත් උදාහරණ ලෙස ඔහු උද්දකන්දර සහ කතරගම අඩවි ගෙනහැර පෑවේය. රජය උද්දකන්දර කුණු කන්ද වසා දමන ලද්දේ අලි ඇතුන් කසල බිම් වෙත පැමිණීම නැවතීමටයි. ගම්වාසීන්ගේ විරෝධයට හේතු වූ අලි ඇතුන් නියමිත පරිදි නැවත වගා වෙත පැමිණ වගා විනාශ කල අතර පීඩනයට මුහුණ දුන් බලධාරීන් කුණු කන්ද නැවත විවෘත කළ අතර අලි ඇතුන් නැවත කසළ අනුභව කිරීමට පටන් ගත්හ. “සයිට් එක වහලා තියෙනවා ඇරෙන්න කතරගමෙත් ඔය කතාවම තමයි” ප්‍රනාන්දු කිව්වේ.

කුණු ආහාරයට ගන්නා අලියෙක්. ඡායාරූපය:පැතුම් බණ්ඩාර/මොන්ගාබේ  

“කතරගම කුණු කන්ද වසා දැමුවා. ඉන්පසුව එම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම විශාල ලෙස වැඩි වූ අතර වගා වැටලීම්ද වැඩි විය” ඔහු පැවසීය. “මිනිසුන්ට තම වගාවන් සහ නිවාස ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටවල් දැමීම සඳහා වැඩි ආයෝජනයක් කිරීමට සිදුවී ඇති අතර, අලි ඇතුන් සහ මිනිසුන් යන දෙපාර්ශවයටම ඉන් හානි කරනු ඇති.”

ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ, “මෙම කුණු ගොඩවල් ඇත්ත වශයෙන්ම සෘජු අලි මිනිස් ගැටුම අවම කරයි. නමුත් මේ කුණු කන්දල් වඩාත් හොඳින් කළමනාකරණය කළ යුතුයි.”

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද Poor waste management turns dump sites into death traps for Sri Lanka’s elephants නම් ලිපියේ සිංහල පරිවර්තනයකි