දේශගුණික විපර්යාස හේතුවෙන් දකුණු හා අග්නිදිග ආසියාවේ මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ බොහෝමයක් මුහුදු හා මිරිදිය පද්ධති විනාශ කිරීමෙන් අප අනතුරේ වැටෙනු ඇත. නේචර් ෆුඩ් හි මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, අර්බුදය සමනය කිරීම සඳහා සුදුසු පියවර නොගත හොත් මෙය ජීවනෝපායන් සඳහා පමණක් නොව, කලාපයේ රටවල ආර්ථිකයන්ටද තර්ජනයක් විය හැකිය.

අප්‍රිකාව, දකුණු සහ අග්නිදිග ආසියාව සහ ඉන්දු-පැසිෆික් කලාපය මෙම සියවසේ මැද භාගය වන විට ඉහළ වායු විමෝචන තත්ත්වයක් යටතේ (ආර්සීපී 8.5), ආහාර පද්ධතීන්හි ප්‍රතිඵල එකක් හෝ කිහිපයක් සඳහා ‘ඉහළ’ සිට, ‘ඉතා ඉහළ’ තත්ත්ව දක්වා දේශගුණික අවදානමකට මුහුණ දෙනු ඇත. හරිතාගාර වායු විමෝචනය කරන ඉහළම රටවල් අතර දේශගුණික විපර්යාසයන්ගෙන් වැඩිම අවදානමක් අවශ්‍ය නොවන බව ද එහි සඳහන් විය.

අධ්‍යයනයට අනුව ඉන්දියාව සහ අනෙකුත් දකුණු ආසියානු රටවල් හි ජලජ ආහාර පද්ධති ‘ඉහළ’ අවදානමක ඇත. මෙම සියවස මැද භාගය වන විට ඉහළ විමෝචනයක්, අවම කිරීමේ තත්ත්වයක් යටතේ ආහාර පද්ධති ප්‍රතිඵල තුනක් සඳහා ඉන්දියාවේ ‘ඉහළ’ සිට ‘ඉතා ඉහළ’ දේශගුණික අවදානමක් ද ඇත.

අධ්‍යයනයේ සඳහන් වූයේ අධික දේශගුණික අවදානමක් ඇති රටවල්හි මුහුදු ආහාර (මූලික වශයෙන් අප්‍රිකාව) හෝ මිරිදිය සහ කලපු ධීවර කර්මාන්තය හා ජලජීවි වගාවන් (දකුණු සහ ගිනිකොනදිග ආසියාව සහ මධ්‍යම) සංකීර්ණ දේශගුණික අවදානමකට මුහුණ පෑ හැකි බව අපේක්ෂා කරන බවයි. රටවල් සහ කලාප හරහා ඇති මෙම විවිධ අවදානම් පැතිකඩයන් කලාපීය විශේෂිත සහ සන්දර්භ-විශේෂිත අවදානම් අඩු කිරීමේ මැදිහත්වීම් ඉල්ලා සිටී.

මෙම අධ්‍යයනය ප්‍රකාශයට පත් කළේ ස්වීඩනය පදනම් කරගත් ස්ටොක්හෝම් ඔරොත්තු දීමේ මධ්‍යස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ලාභ නොලබන සංවිධානයක් වන EAT අතර සහයෝගිතාවයෙනි.

අධ්‍යනයට අනුව:

සාගරයට වඩා විශාල මහාද්වීපික භූමි ප්‍රදේශ උනුසුම් වීම වැඩි වීමත් සමඟ විසිඑක් වන සියවස මැද භාගය වන විට  සමහර රටවල මිරිදිය ධීවර කර්මාන්තය විශේෂයෙන් උතුරු අප්‍රිකාව සහ මැද පෙරදිග වැනි ජල පීඩනයෙන් පීඩිත ප්‍රදේශවල ‘ඉතා ඉහළ’ උපද්‍රවයන්ට මුහුණ දෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. 

ජලජ ආහාර පද්ධතිවල දිගුකාලීන තිරසාරභාවය, ඔරොත්තු දීමේ හැකියාව සඳහා සහය දැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස එම වාර්තාව ඉල්ලා තිබේ. සත්‍ය දේශගුණික උපද්‍රව අඩු කිරීම, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ නිෂ්පාදන පද්ධති මෙම උපද්‍රව කෙරෙහි දක්වන සංවේදීතාව අඩු කරන ලෙස එය යෝජනා කළේය.

පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, මෙය ජලජ ආහාර ලබා ගැනීම අඩු කිරීමට සමාන වන අතර, මේ හේතුවෙන් දැනටමත් ජනතාව තුල යකඩ, සින්ක්, විටමින් බී 12 සහ ඔමේගා -3 මේද අම්ල වැනි අත්‍යවශ්‍ය පෝෂක ඌණතා ඇති වී තිබේ.

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සාගර විසඳුම් මධ්‍යස්ථානයේ සම-ප්‍රධාන කතෘ සහ පර්යේෂිකා මිෂෙල් ටිග්චෙලාර්ට අනුව:

“මිලියන 100 කට වැඩි පිරිසකට රැකියා සහ ලොව පුරා බිලියන තුනකට වැඩි පිරිසකට ජීවනෝපාය සපයන මිරිදිය, සාගර සහ ජලජීවි වගාවන් යන සියළුම ජලජ ආහාර සඳහා දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඇති විය හැකි අවදානම් තක්සේරු කිරීමේ පළමු පත්‍රිකාව මෙයයි. “

දෙවැන්න පිළිබඳ උදාහරණයක් නම්, ආහාර යැපීම අඩු හා දේශගුණයට ඔරොත්තු දෙන විශේෂ වගා කිරීම සහ කුණාටු වලින් ආරක්ෂා වීම සඳහා බාධක ගොඩනැගීම සහ වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ය.

දේශගුණික විපර්යාස නොසලකා මානව සංවර්‍ධනයට වාසි වන ආයෝඡන තුළින් දේශගුණික සංවේදී ජලජ ආහාර මත යැපීම සහ එහි අවදානම අඩු කරන ලෙස ද එය යෝජනා කළේය.

Down to Earth කාර්ය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Climate crisis may destroy aquatic food systems — and livelihoods, economies නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.