නව අධ්‍යයනයකට අනුව 1990 සිට 2020 දක්වා මුහුදු කැස්බෑවන් මිලියන 1.1 කට වඩා නීතිවිරෝධී ලෙස මරා දමා ඇති අතර සමහර අවස්ථාවල ජාවාරම් කර ඇත.

කෙසේ වෙතත්, පසුගිය දශකය තුළ වාර්ෂිකව කැස්බෑවන් 44,000 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් සාගර ජීවීන් දඩයම් කිරීම 28% කින් අඩු වී ඇත.

ජෙස් එෆ් සෙන්කෝ සහ කයිලා එම් බර්ගර් විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනය ගෝලීය ජෛව විවිධත්ව වෙනස් වීම් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී. ජීවීන් ආරක්ෂා කිරීමේ නීති තිබියදීත්, රටවල් 65 ක සහ ලෝකයේ මුහුදු කැස්බෑ කලාපීය කළමනාකරණ ඒකක (RMU) 58 න් 44 ක් සූරාකෑමට ලක්වූහ.

මුහුදු කැස්බෑ පවුලට ගල් කැස්බෑවන්, ඔළුගෙඩි කැස්බැවන්, දාර කැස්බෑවන්, බටු කැස්බෑවන් සහ පොතු කැස්බෑවන් ඇතුළත් වේ. මෙම විශේෂ පහ ලොව පුරා, ප්රධාන වශයෙන් නිවර්තන සහ උපනිවර්තන ජලයෙහි දක්නට ලැබේ.

වසර 30 ක කාලය තුළ වැඩිපුරම පරිභෝජනයට මුහුණ දුන් විශේෂ වන්නේ ගල් කැස්බෑවා (56%) සහ පොතු කැස්බෑවා (39%) යන මුහුදු කැස්බෑවන් ය.

අග්නිදිග ආසියාව සහ මැඩගස්කරය නීතිවිරෝධී මුහුදු කැස්බෑ වෙළඳාම සඳහා ප්‍රධාන ස්ථාන විය. විශේෂයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පොතු කැස්බෑවා, උන්ගේ අලංකාර කටුව නිසා  නීති විරෝධී වනජීවී වෙළඳාමේදී විශේෂ මිලකට විකිණේ.

වියට්නාමය නීතිවිරෝධී මුහුදු කැස්බෑ ජාවාරම සඳහා වඩාත් පොදු රට වූ අතර චීනය සහ ජපානය වෙළඳාම් කරන ලද මුහුදු කැස්බෑ නිෂ්පාදන සියල්ලන්ගේම පාහේ ගමනාන්ත ලෙස කටයුතු කළේය. වියට්නාමය-චීනය දශක තුන පුරාවටම වඩාත් පොදු වෙළෙඳ මාර්ගය වූ බව අධ්‍යයනයෙන් අනාවරණය විය.

2010 ගණන්වල ඉහළම සූරාකෑම සහිත මුහුදු කැස්බෑ කලාපීය කළමනාකරණ ඒකක10 සැලකීමේදී කළමනාකරණ ඒකක 7 තුල ගල් කැස්බෑවන්ද, ඉතිරි කළමනාකරණ තුන තුල පොතු කැස්බෑවන්ද අධික ලෙස සුරා කෑමට ලක්විය. 

මෙම කැස්බෑ විශේෂ පහ හැරුණු විට, සීමා සහිත පරාසයන් ඇති තවත් මුහුදු කැස්බෑ වර්ග දෙකක් ඇත. කෙම්ප්ගේ රිඩ්ලි කැස්බෑවා ප්‍රධාන වශයෙන් මෙක්සිකෝ බොක්කෙහි සහ උතුරු ඕස්ට්‍රේලියාවේද, පැතලි කැස්බෑවා දකුණු පැපුවා නිව්ගිනියාවේද දක්නට ලැබේ.

කෙසේ වෙතත් මෙහි සුළු, යහපත් ප්‍රවණතාවක් ඇත. එනම් 2000 සිට 2010 දක්වා වාර්තා වූ මුහුදු කැස්බෑවන් සූරාකෑමෙහි ප්‍රමාණය 28%ක අඩුවීමක් දක්නට ලැබුණි.

පසුගිය දශකය තුළ, ‘මධ්‍යස්ථ’ හෝ ‘ඉහළ’ සූරාකෑමේ බලපෑම් ලකුණු සහිත මුහුදු කැස්බෑ කලාපීය කළමනාකරණ ඒකක සංඛ්‍යාව ද අඩු වී ඇත.

එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ජීවි විද්‍යා පාසලේ, බර්ගර් පැවසුවේ පසුගිය දශකය තුළ ඇති වූ පරිහානිය “වැඩි ආරක්‍ෂිත නීති සම්පාදනය සහ වැඩි දියුණු කළ සංරක්ෂණ ප්‍රයත්නයන් නිසා සිදුවිය හැකි බවයි”

පසුගිය දශකය තුළ නීති විරෝධී සූරාකෑම අඩු වී ඇති බව පෙනේ. එය මූලික වශයෙන් සිදු වන්නේ විශාල, ස්ථායී සහ ජානමය වශයෙන් විවිධත්වයක් ඇති සමුද්‍ර කැස්බෑ ගහන තුළ වන අතර සමහර ව්‍යතිරේක සහිතව, අධ්‍යයනයන්ද පෙන්වා දෙයි.

පසුගිය දශක තුන පුරාවට සම-සමාලෝචනය කරන ලද අධ්‍යයනයන්හි සාහිත්‍යය, සංරක්ෂිත මාධ්‍ය වාර්තා සහ රට අභ්‍යන්තර ප්‍රවීණයන්ගේ සබැඳි ප්‍රශ්නාවලියෙන් දත්ත එකතු කරන ලදී.

නීතිවිරෝධී ලෙස සතුන් හා ශාක ජාවාරම් කිරීම ජෛව විවිධත්වයට බරපතල තර්ජනයකි. කළු වෙළෙඳපොළ වනජීවී වෙළඳාම ලෝකයේ වඩාත්ම ලාභදායී නීති විරෝධී කර්මාන්තයක් ලෙස සැලකේ.

මුහුදු කැස්බෑවන් ඔවුන්ගේ බිත්තර, මස්, සම සහ කටු සඳහා ඝාතනය කරනු ලබන අතර, ඔවුන් වාසස්ථාන විනාශයට හා අහම්බෙන් අල්ලා ගැනීමට හෝ ධීවර ආම්පන්නවලට හසුවීමට ද මුහුණ දෙති. දේශගුණික විපර්යාස, කැස්බෑවන් කූඩු කරන ස්ථාන කෙරෙහි බලපෑමක් ඇති කරයි. එය වැලි උෂ්ණත්වය වෙනස් කරනු ඇති සහ පැටවුන්ගේ ලිංගිකත්වයටද බලපායි.

මුහුදු කැස්බෑ විශේෂ සියල්ලම පාහේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ලෙස වර්ගීකරණය කර ඇති අතර දැනට පවතින විශේෂ 3/7ක් බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

රාජ්‍ය නොවන සංවිධානයක් වන ලෝක ව්‍යාප්ත අරමුදල වැනි සංවිධාන විසින් කරන ලද අධ්‍යාපන සහ ප්‍රජා සත්කාර, කැස්බෑ බිත්තර අස්වැන්න 10% කින් අඩු කිරීමට උපකාරී වී ඇත.

ඔඩිෂාහි බටු කැස්බෑවන් 30,000ක් අධ්‍යනය කිරීමට සැලසුම් කර ඇත. මෙය විද්‍යාඥයින්ට අධ්‍යයනය කිරීමට සහ සංරක්ෂණ සැලසුම් කෙටුම්පත් කිරීමට උපකාර වනු ඇත.

සමුද්‍ර කැස්බෑවන් සඳහා වන මුහුදු කැස්බෑ කලාපීය කළමනාකරණ ඒකක රාමුව, කැස්බෑ ආරක්ෂණ ඒකක හරහා සංවිධානය කොට කැස්බෑ සංරක්ෂණය සිදු කරන්නේ කෙසේද යන අභියෝගයට විසඳුමකි. ඒකක කැදැලි ගහනය, එම මට්ටමට වඩා ඉහළින් තිබිය යුතු නමුත් ස්වාධීන පරිණාමීය ගමන් පථවල ඇති කලාපීය ආයතන තුළ ඇති විශේෂ මට්ටමට වඩා පහළින් තිබිය යුතුය.

Susan Chacko විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Over 1.1 million sea turtles poached in the last 30 years: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.