ඇලුමිනියම් සදහටම ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්..

කඩදාසි වලට ප්‍රතිචක්‍රීකරණ සීමාවක් තියෙනවා. ඒත් ඇලුමීනියම් වලට එහෙම නැහැ. ඇලුමිනියම් ටින් එකක් ප්‍රතිචක්‍රීකරණය කළාම පැය තුනක්රූපවාහිනියක්  ධාවනය කරන්න අවශ්‍ය ශක්තිය නිපදවෙනවා. සාමාන්‍යයෙන් වසරකට ඇලුමීනියම් ටින් ක්‍රිලියන අසූවක් විතර පාවිච්චි වෙනව්වා. එතකොට කොච්චර ශක්තියක් නිපදවෙනවද කියලා හිතලා බලන්න.

ඉවත දැමූ ඇලුමීනියම් ටින් එකක්. ඡායාරූපය: Pixabay.com

ගස් වලින් නිපදවන කඩදාසි හය වතාවක් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්.

කඩදාසි නිපදවන්නෙ ගස් ගස් වලින්.  මේ කඩදාසි උපරිම වශයෙන් හය වතාවක් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්, ඊට පස්සෙ නම් කඩදාසි වල  තන්තු එකට තබා ගන්න බැරි තරම් දුර්වල වෙනවා. ඒ කියන්නෙ ඕනෑම රටක ජනප්‍රිය සඟරාවක හරි පුවත්පතක හරි  කඩදාසි දිනපතා ප්‍රතිචක්‍රීකරණය කළොත් ඊකෙන්  ගස් 75,000 ක් පමණ ඉතිරි කරගන්න පුළුවන්.

පැරණි පුවත්පත්.ඡායාරූපය: Pixabay.com

වීදුරු පහසුවෙන් දිරාපත් වෙන්නෙ නැහැ.. වීදුරු බෝතලයක් ප්‍රකිචක්‍රීකරණය්‍රන් සාමාන්‍ය විදුලි බල්බයක් පැය 4ක් දල්වන්න පුළුවන්.

මිනිසා විසින් සාදන ලද වැඩියෙන්ම කල් පවතින ද්‍රව්‍යය විදියට වීදුරු හඳුන්වන්න පුළුවන්. එදිනෙදා ජීවිතේදි අපි ගොඩක් වීදුරු පාවිච්චි කරනවා. ඒ කොහොම වුණත් වීදුරු බෝතලයක් පරිසරයේ දිරාපත් වෙන්න අවුරුදු මිලියනයක් පමණ ගතවෙනවා. ඒ කියන්නෙ මීට අවරුදු 5000 කට කලින් නිපදවලා භාවිතා පාරපු  වීදුරුවක් තවමත් පරිසරයේ තියෙන්න පුළුවන්.

වීදුරු බෝතලයක් ප්‍රතිචක්‍රීකරණය සාමාන්‍ය විදුලි බුබුලක් පැය හතරක් පමණ බල ගැන්වීමට ප්‍රමාණවත් ශක්තියක් ඉතිරි වේ. වීදුරු ප්‍රතිචක්‍රීකරණය කිරීම පරිසර හිතකාමී කියාවක්. වීදුරු බෝතලයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ශක්තියක් ඉතිරි වනවා. ඒ ඉතිරි කරන ශක්තියෙන් සාමාන්‍ය විදුලි බුබුලක් පැය හතරක් පමණ බල ගන්වන්න පුළුවන්.

පැරණි වීදුරු බෝතල්. ඡායාරූපය: Pixabay.com

ප්ලාස්ටික් ද පහසුවෙන් දිරාපත් වෙන්නෙ නැහැ..

ස්ටයිරෝෆෝම් සහ ප්ලාස්ටික් බෑග් දිරාපත් වෙන්න  අවුරුදු 1000 පමණ ගත වෙනවා. ඒවා ජලයට විසි කළොත්, ප්ලාස්ටික් දූෂණය හා ජලය හා පස දූෂණය කිරීමට විතරක් නෙමෙයි සාගර සතුන් දහස් ගණනකගේ මරණයටත් දායක වෙනවා.

ප්ලාස්ටික්. ඡායාරූපය: Pixabay.com

කුණු දූපතක් ?

මහා පැසිෆික් කසළ පැල්ලම කියන්නෙ කුණු හා අපද්‍රව්‍ය වලින් සෑදී ඇති සුළි සුළඟකට සම කරන්න පුළුවම් දෙයක්. මේ පැල්ලම ඇමරිකානු මහද්වීපයට වඩා දෙගුණයක් විශාලයි. කසළ ටොන් මිලියන 100 ක් පමණ මෙතන තියෙනවා. මේ කසළ පැල්ලම උතුරු ඇමරිකාවේ බටහිර වෙරළේ ඉඳලා පැසිෆික් සාගරයේ ජපානය දක්වා විහිදිලා තියෙනවා..

මහා පැසිෆික් කසළ පැල්ලම. ඡායාරූපය: Boyan Slat, CC0, via Wikimedia Commons