මුහුදු කොරල් සහ ඇනිමනි විශේෂ වල විශේෂිත ප්‍රතිශක්තිකරණ සෛල පවතින බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇත. සාගර පරිසර පද්ධතියේ ජීවීන් වෛරස් හා බැක්ටීරියා වලින් ආරක්ෂා වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට මෙම සෛල උපකාරී වේ.

මියාමි විශ්ව විද්‍යාලයේ රොසෙන්ස්ටීල් මැරීන් හා වායුගෝලීය විද්‍යාවේ සහ නැගෙව්හි බෙන් ගුරියන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් අළුතින් සොයා ගන්නා ලද ෆාගෝසයිටික් සෛල කොලිෆ්ලවර් කොරල් වල සහ ස්ටාලට් මුහුදු ඇනිමනි වල හඳුනාගෙන ඇත.

මෙම ජීවීන්ගේ මුළු සෛල ප්‍රමාණයෙන් අවම වශයෙන් සියයට තුනක් වත් ආසාදන වලට එරෙහිව සටන් කරන ෆාගෝසයිටික් බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත

ප්‍රතිශක්තිකරණ සෛල ෆාගෝසයිටෝසිස් නම් ක්‍රියාවලියක් මඟින් විදේශීය හා හානියට පත් වූ සෛල ආහාරයට ගෙන විනාශ කරයි.

යූඑම් රොසෙන්ස්ටීල් පාසලේ සමුද්‍ර ජීව විද්‍යාව සහ පරිසර විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය සහ අධ්‍යයනයේ සම කර්තෘ නිකී ට්‍රේලර්-නොල්ස් මෙසේ පැවසුවාය.

ආසාදන වලට එරෙහිව සටන් කිරීම මෙන්ම, ගෝලීය කොරල් පර ජෛව ස්කන්ධය අඩුවීම සහ කොරල් විවිධත්වය තියුනු ලෙස අඩු කිරීමට හේතු වන දේශගුණික විපර්යාස අර්බුදය හමුවේදී තම ආරක්ෂාව සඳහා විශේෂිත කාර්යයන් කොරල් සෛල ඉටු කරන්නේ කෙසේද යන්න පිළිබඳ මනා අවබෝධයක් අපට තිබිය යුතුය. කොරල් සෞඛ්‍යය තක්සේරු කිරීම සඳහා රෝග විනිශ්චය මෙවලම් සංවර්ධනය කිරීමට අපගේ සොයා ගැනීම් උපකාරී වේ.

බැක්ටීරියා, දිලීර සහ වෙනත් විදේශීය අංශු (ප්‍රතිදේහජනක) අධ්‍යයනය කළ විශේෂ දෙකට හඳුන්වා දීමෙන් පසු විද්‍යාඥයින් සෛල ජනගහනය හුදකලා කළහ.

ජීවීන්ගේ හානි වූ සෛල මෙන්ම ප්‍රතිදේහජනක ජීර්ණය කළ අද්විතීය ප්‍රතිශක්තිකරණ සෛල තුළ ෆාගෝසයිටෝසිස් නිරීක්ෂණය කරන ලදී. 

අධ්‍යයනයේ විෂය පථයට කොරල් විරංජනය වීමේ ( උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් කොරල් සෛලහි ඇති ඇල්ගී මියයාම නිසා සුදු පැහැයට හැරීම) බලපෑම ඇතුළත් නොවේ. කෙසේ වෙතත්, කොරල් විරංජනය වීමේන්  හානි වූ සෛල ෆාගෝසයිටෝසිස් ක්‍රියාවලියට ලක්වන බව පර්යේෂකයෝ නිරීක්ෂණය කළහ.

හෙක්සකොරලියා ෆාගෝසයිටික් සෛල වල ක්‍රියාකාරී ලක්‍ෂණ අධ්‍යයනය ජූලි 26 දා ෆ්‍රොන්ටියර්ස් ඔෆ් ප්‍රතිශක්ති විද්‍යාවේ සඟරාවේ පළ විය.

Down to Earth කාර්යය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Immune cells isolated in sea corals, anemones for the 1st time නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.