2104 වන විට මුහුදු මට්ටම මීටර් 1.2 කින් ඉහළ යාමෙන් එක්සත් ජනපදයේ මධ්‍ය අත්ලාන්තික් ප්‍රාන්ත හයක දැනට පවතින වෙරළබඩ වගුරු බිම්වලින් 83% ක් සහ දැනට පවතින මුහුදු තණකොළවලින් 26%ක් අහිමි වනු ඇතැයි නව අධ්‍යයනයකින් ප්‍රක්ෂේපණය කර ඇත.

මීට අමතරව පහත් වෙරළාසන්න ප්‍රදේශවල හෙක්ටයාර් 270,000ක් පමණ වනාන්තර සහ වනාන්තර තෙත් බිම් වෙරළබඩ වගුරු බිම් බවට පත් වනු ඇති බව ඩියුක් විශ්ව විද්‍යාලයේ සහ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන්ගේ වාර්තාවේ සඳහන් වේ.

මුහුදු මට්ටම ඉහළ යාම මගින් මෙහෙයවනු ලබන එවැනි වාසස්ථාන වෙනස්වීම් අධ්‍යයන ප්‍රදේශය (නිව් යෝර්ක්, නිව් ජර්සි, ඩෙලවෙයාර්, මේරිලන්ඩ්, වර්ජිනියා සහ උතුරු කැරොලිනා) කාබන් ගබඩා වීමේ සිට මූලාශ්‍රයකට මාරු වීමට හේතු විය හැකි බව ‘පි.එල්.ඕ.ස්. දේශගුණය’ හි ප්‍රකාශයට පත් කර ඇත. 

මෙම ස්ථාන හය තුළ ශුද්ධ කාබන් අනුක්‍රමණය 57-99% කින් අඩු විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

අධ්‍යයනය මගින් විවෘත ජලය සහ මිරිදිය තෙත්බිම් වඩදිය බාදියට ජල විද්‍යාත්මකව සම්බන්ධ කිරීම හෝ නැවත සම්බන්ධ කිරීම මගින් වෙරළබඩ වගුරු බිම් නිර්මාණය කළ හැකි හෝ ප්‍රතිසංස්කරණය කළ හැකි ප්‍රදේශ හඳුනාගෙන ඇත. මෙය අනාගත ලවණ වගුරු බිම් පුළුල් කරන අතර මිරිදිය වාසස්ථාන ආශ්‍රිත මීතේන් විමෝචනය අඩු කරයි.

අවම කිරීමේ පියවරවල වැදගත්කම

වෙරළබඩ පරිසර පද්ධති මගින් කුණාටු සහ ඛාදනයෙන් ආරක්ෂා කිරීම, ජලයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සහ මත්ස්‍ය වගාව සඳහා භූමිය ලබා දීම, නීල හරිත කාබන් (ලෝකයේ සාගර සහ වෙරළබඩ පරිසර පද්ධති විසින් රැස් කර ගන්නා කාබන්) ගබඩා කිරීම වැනි අත්‍යවශ්‍ය පරිසර පද්ධති සේවා සපයි. මේ අනුව, ඒවා ගෝලීය දේශගුණික විපර්යාස සඳහා විසඳුමේ අත්‍යවශ්‍ය අංගයකි.

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙරළබඩ වාසස්ථානවල කාබන් ප්‍රවාහ සහ වාසස්ථාන වෙනස් වේ. ඡායාරූපය: ඩවුන් ටු අර්ත් 

ජාත්‍යන්තර නීල හරිත කාබන් මුලපිරීම වෙරළබඩ හා සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය කිරීම තුළින් දේශගුණික විපර්යාස අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

1990 – 2019 එක්සත් ජනපදයේ හරිතාගාර වායු විමෝචන සහ ගිලා බැසීම් පිළිබඳ එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සි වාර්තාවට අනුව, 2019 දී එක්සත් ජනපදයේ වෙරළබඩ තෙත්බිම් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 4.8 ක් ඉවත් කර ඇත.

උදම් තෙත් බිම් ප්‍රතිසංස්කරණය කිරීම මේ සඳහා සිදු කල හැකි ස්වභාවික දේශගුණික විසඳුමයි. එක්සත් ජනපදයේ ලවණ වගුරු බිම්වලින් 27% ක් පමණ සාගරයෙන් විසන්ධි වී ඇති අතර මිරිදිය ජලයෙන් යටවීමට යටත් වන බව වාර්තාව සඳහන් කරයි. මෙම ‘නැවුම්’ ලවණ වගුරු බිම් වලින් මීතේන් විමෝචනය විශාල ලෙස වැඩි වීම මෙහි ප්‍රතිඵලයකි.

මාර්ග හෝ වෙනත් බාධක යටතේ ඇති බෝක්කු හරහා සාගර සමඟ ලුණු වගුරු නැවත සම්බන්ධ කිරීමෙන් වසරකට කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 12 කින් මෙම මීතේන් විමෝචනය වළක්වා ගත හැකි බව 2018 නොවැම්බර් මාසයේ විද්‍යා අත්තිකාරම් වාර්තාවකින් හෙළි විය.

වෙරළබඩ වාසස්ථානවල නිල් කාබන් සංරක්ෂණය කිරීම සහ වැඩි කිරීම වැදගත් කාබන් අවම කිරීමේ උපාය මාර්ගයකි.

වෙරළබඩ වෙනස්වීම් සහ වෙරළබඩ කාබන්වල අවකාශීය වශයෙන් පැහැදිලි ආකෘති නිර්මාණය අනාගත පර්යේෂණ සහ නිරීක්ෂණ සඳහා වෙරළබඩ ප්‍රදේශ තෝරා ගැනීමක් දැනුම් දීමටත්, සංරක්ෂණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය දීමටත් භාවිතා කළ හැක.

Susan Chacko විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Sea-level rise: 6 states in US may lose 83% coastal marshes නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.