අතිශය දරුණු සුළි සුළඟේ අවශේෂ තවමත් උතුරු, වයඹ සහ මධ්‍යම ඉන්දියාවේ වර්ෂාපතනයට හේතුවන අතර තවත් ප්‍රබල සුළි සුළඟක් බෙංගාල බොක්කෙහි හමා යමින් පවතී.

මෙම ‘යාස්’ සුළි කුණාටුව, අතිශය දරුණු සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි එක්සත් ජනපදයේ ගෝලීය පුරෝකථන පද්ධතියේ දත්ත වලට අනුව පාරිසරික පුරෝකථනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පවසයි. 

එය දෘශ්‍යමය වශයෙන් Earth Nullschool වෙබ් අඩවියේ නිරූපණය කෙරේ.

දත්ත මඟින් පෙන්වා දෙන්නේ, සුළි කුණාටුව ඔඩීෂා සහ බටහිර බෙංගාලයේ මායිමට ඉතා ආසන්න විය හැකි බවයි. විශේෂයෙන්ම මාරාන්තික කොරෝනා තුන්වෙනි රැල්ල අතරතුර පැමිණිය හැකි මේ අනතුරු තත්ත්වය තුල එම ප්‍රාන්ත දෙකම පිහිටා ඇත. 

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (අයිඑම්ඩී) මෙන්ම රාජ්‍ය බලධාරීන් සහ සාමාන්‍ය ජනතාව සෑම විටම අවදියෙන් සිටිය යුතුයි. මන්ද දැනට පුරෝකථනය කර ඇති ප්‍රමාණයට වඩා ඉදිරියේදී ප්‍රබල කුණාටුවක් සිදුවිය හැකිය.

1985න් පසු මැයි මාසය තුල සුළි සුළං දෙකක් හෝ වැඩි ගණනක් ඇති වූ සිව්වන අවස්ථාව මෙය වේ. සුළි සුළං දෙකක් ඇති වූ අනෙක් වසර වන්නේ 2004, 2010 සහ 2018ය. අවසානයේදී යාස් සුළි කුණාටුව තීව්‍රවන අඩු පීඩන ප්‍රදේශය, මැයි 22වන දිනවන විට උතුරු අන්දමන් මුහුද හා නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක හරහා පිහිටීමට ඉඩ ඇති බව අයිඑම්ඩී පවසයි.

අඩු පීඩන ප්‍රදේශය මැයි 24වන විට සුළි සුළඟක් ලෙස තීව්‍රවී වයඹ දෙසට ගමන් කළ හැකි බවට අනාවැකි පල කර ඇත. නමුත් මැයි 26 වනදාවන විට සුළි කුණාටුව ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළ තීරයට ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

මැයි 22 සහ 23 යන දිනවල අන්දමන් සහ නිකොබාර් දූපත්වල මද වැසි හෝ මධ්‍යස්ථ වැසි ඇති හැකිබව අයිඑම්ඩී විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එයට සමාන අනතුරු ඇඟවීමක්, ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළ තීරයටද මැයි 25 වෙනුවෙන් නිකුත්කොට ඇත. සුළි සුළං මැයි 25වන විට නැගෙනහිර ඉන්දියානු වෙරළට ළඟාවී ක්‍රමයෙන් ඉහළ යනු ඇත.

මැයි මාසය තුල බෙංගාල බොක්කෙහි අඛණ්ඩව හටගත් දෙවන සුළි කුණාටුව මෙයයි. 2020 මැයි 16වන දින ඇම්ෆාන් සුළි කුණාටුව තීව්‍ර වී මැයි 20වන දින නාය යෑමක් සිදු විය. මෙතෙක් වාර්තා වූ අසාමාන්‍ය ලෙස උණුසුම් මුහුදු මතුපිට, බෙංගාල බොක්කෙහි මෙතෙක් වාර්තා වූ බලවත්ම කුණාටුව බවට ඇම්ෆාන් කුණාටුව පත් කොට තිබුණි.

තවත් ප්‍රබල සුළි කුණාටුවක්වන ෆානි 2019 අප්‍රේල් මාසයේදී ඇති වූ අතර එය මැයි මාසයේදී නාය යෑම් පවා ඇති කළේය. නාය යෑමෙන් පසු සාගර මතුපිට හා ගොඩබිම පුරා දීර්ඝ කාලයක් රැඳී සිටීමින් වේගවත් වර්ධනයක්ද පෙන්නුම් කර ඇත.

2021 පෙබරවාරි මාසයේදී පූනේ ඉන්දියානු නිවර්තන කාලගුණ විද්‍යා ආයතනයේ (IITM) විද්‍යාඥයින් විසින් නේචර් සඟරාවේ පළ කරන ලද වාර්තාවකට අනුව මැඩන් ජූලියන් දෝලනය සහ අසාමාන්‍ය ඉහළ සාගර පෘෂ්ටීය උෂ්ණත්වය, ෆානි සුළි කුණාටුවේ උත්පාදනය සඳහා හිතකර ගතික හා තාප ගතික තත්වයන් සපයයි. එය සාමාන්‍යයෙන් සුළි සුළඟක් ඇතිවිය නොහැකි සමකයට ඉතා ආසන්නවම ඇති වීම විශේෂත්වයකි. 

“සාගරයේ වාසිදායක තත්වයන් සහ කලාපය තුළ උණුසුම් හරයක් ඇතිවීම අතිශයින්ම දරුණු සුළි කුණාටුවක් දක්වා වේගයෙන් තීව්‍ර වීමට හේතු විය.”

Akshit Sangomla විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Cyclone Yaas may turn extremely severe by May 25 නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.