ලෝකයේ ශීතලම ප්‍රදේශවලින් සමහරක් 2021 දී ගිනිගෙන ඇත. තවත් සමහරක් ශීත මාසවලදී පවා වෙනස් වන දේශගුණික බලපෑමක් පෙන්නුම් කරයි.

යුරෝපා සංගමයේ කොපර්නිකස් වායුගෝල නිරීක්ෂණ සේවයට අනුව 2021 දී (නොවැම්බර් 30 දක්වා) ලොව පුරා ලැව්ගිනි කාබන් ටොන් බිලියන 1.76 ක් විමෝචනය කරඇත.

මෙය කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 6.45ට සමාන වන අතර එය යුරෝපා සංගමයේ සමස්ත ෆොසිල ඉන්ධන විමෝචනයට වඩා සියයට 148කින් වැඩි බව කොපර්නිකස් මාධ්‍ය නිවේදනයේ දැක්වේ. ලැව්ගිනි වැඩිපුරම ඇතිවූයේ සයිබීරියාව, උතුරු ඇමරිකාව, උතුරු අප්‍රිකාව සහ මධ්‍යධරණී ප්‍රදේශ වලය.

කොපර්නිකස් විසින් 2003 ආරම්භයේ සිට වාර්තා කරන ලද, ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයන්හි මෙම ප්‍රදේශයවල ලැව්ගිනිවලින් වැඩිම කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙය විය.

මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ කලාපවල වියළි හා උණුසුම් තත්ත්වයන් බව කොපර්නිකස්ගේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ මාර්ක් පැරින්ටන් පෙන්වා දුන්නේය.

ගෝලීය වශයෙන්, ලැව්ගිනිවලින් කාබන් විමෝචනය වීම කොපර්නිකස් විසින් වාර්තා කර ඇති උපරිමය නොවූවත්, දේශගුණික විපර්යාසවලට ලක්වන ලෝකයක එවැනි විමෝචනයන් වැඩි වනු ඇතැයි යුරෝපා සංගම් නියෝජිතායතනය පැවසීය.

සයිබීරියාවේ ලැව්ගිනි වසරේ මුල් භාගයේදී ඔම්ස්ක් සහ ටියුමන් අවට කලාපයේ බටහිර කොටසට බලපෑවේය. ගිම්හානය වන විට කලාපයේ නැගෙනහිර කොටස, විශේෂයෙන්ම ඊසානදිග සකා ජනරජයට ලැව්ගිනි වල තාපය දැනෙන්නට පටන් ගත්තේය.

අගෝස්තු මාසය ලොව පුරා ලැව් ගිනි සම්බන්ධයෙන් නරකම මාසය වූ අතර ආන්තික සිදුවීම් වලින් වැඩිම කාබන් විමෝචනය ටොන් බිලියන 0.378 ක් විය.

ජූලි මාසයේදී විමෝචනය ටොන් බිලියන 0.343 ක් වූ අතර එයින් අඩක් උතුරු ඇමරිකාවෙන් සහ සයිබීරියාවෙන් පැමිණ ඇත. ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයට (NOAA) අනුව, සාමාන්‍යයට වඩා ශීතල උෂ්ණත්වයක් පැවතියද අප්‍රේල් මාසයේදී මෙම ප්‍රදේශ වල ලැව්ගිනි පැතිරීම වැඩි විය.

උතුරු ඇමරිකාවේ ජූලි සහ අගෝස්තු කාලයේ ලැව්ගිනි වලින් වාර්තාවූ උෂ්ණත්ව සහ තාප තරංග, කැනඩාවෙහි දත්ත සමගද සමපාත විය. ලිටන් නගරයේ ජූනි මස අවසානයේදී සෙල්සියස් අංශක 49.6ක උෂ්ණත්වයක් වාර්තා වූ අතර එය දින ගණනාවක් පුරා පැවති ලැව්ගිනි මාලාවක් අවුලුවා ඇත. මෙය කැනඩාවේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය විය.

එම කාලය තුළ මධ්‍යධරණියටද ලැව්ගිනි ඇති වූ අතර එම කලාපයේ PM 2.5 මට්ටමට ඉහළ ගියේය. තුර්කිය දරුණුතම බලපෑමට ලක් වූ රට වූ නමුත් උතුරු අප්‍රිකාවේ ටියුනීසියාවේ සිට යුරෝපයේ ඉතාලිය දක්වාද ලැව්ගිනි ඇති විය.

මෙම වසරේ ඉන්දියාවේද ලැව්ගිනි අවදානම ඇතිවිය. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ලැව්ගිනි ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස කොපර්නිකස් හඳුන්වන්නේ වයඹදිග ඉන්දියාවේ සෘතුමය පිදුරු දැවීමට ලක්වීමයි.

අසල්වැසි පාකිස්තානයෙහිද ලැව් ගිනි ක්‍රියාකාරකම්වල වැඩි වීමක් දක්නට ලැබුණි. මෙය ඉන්දු-ගංගා තැන්න හරහා පකිස්ථානයේ සිට බංග්ලාදේශය දක්වා දූෂණය වැඩි කළේය.

“මීට පෙර, ඔඩීෂා 2020 නොවැම්බර් සිට 2021 ජූනි දක්වා ලැව්ගිනි 51,968 ක් වාර්තා කර ඇත.” එම කාලය සඳහා ඉන්දියාවේ වැඩිම ලැව්ගිනි, පරිසර, වන සහ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යම අමාත්‍ය භූපෙන්දර් යාදව් විසින් පාර්ලිමේන්තුවට පැවසීය. ඉන්දියාව පුරා ලැව්ගිනි 345,989 ක් වාර්තා වී ඇති අතර ලැව්ගිනි හේතුවෙන් විශාල අලාභයක් සිදු වූ අනෙකුත් ප්‍රාන්ත වන්නේ මධ්‍ය ප්‍රදේශ්, චත්තිස්ගාර්, මහාරාෂ්ට්‍ර, ජාර්කන්ඩ්, උත්තර්කාන්ද්, ආන්ද්‍ර ප්‍රදේශ්, තෙලන්ගානා, මිසෝරාම්, ඇසෑම් සහ මනිපූර්ය. වසරේ මුල් භාගයේදී ලැව් ගිනි නිසා උත්තරාකාන්ද් ප්‍රදේශය විනාශ විය. ලැව්ගිනි මාස හයක් තිස්සේ නොකඩවා පැවතුනි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව 2020 ඔක්තෝබර් 1 සිට 2021 අප්‍රේල් 4 දක්වා ප්‍රාන්ත වනාන්තරවල ලැව් ගිනි සිදුවීම් 989 ක් ඇති වී ඇති අතර එමගින් බහු ලැව්ගිනි අවුලී ගියේය. ඇස්තමේන්තු වලට අනුව හෙක්ටයාර් 1,297.43ක් පමණ එම ලැව් ගින්නෙන් දැවී ඇත.

මෙහි සඳහන් කළ යුතු වැදගත්ම දෙය නම් උත්තරකාන්ද් යනු කඳුකර ප්‍රාන්තයක් වන අතර මුළු ශීත කාලය පුරාවටම ලැව්ගිනි ඇවිලෙමින් පැවතීමයි.

ප්‍රාන්තය සඳහා ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) විසින් නිකුත් කරන ලද ශීත ඍතුව සඳහා වත්මන් දැක්මද සාමාන්‍ය මට්ටමට වඩා උෂ්ණත්වය ඉහළ යනු ඇති බැවින් බලාපොරොත්තු සහගත බවක්ද නොපෙනේ.

Akshit Sangomla විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද World’s coldest regions have been on fire in 2021, even in winter: Copernicus නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.