• බ්‍රසීලය, සිය අත්ලාන්තික් වනාන්තරයන්හි ස්වදේශික වෘක්ෂලතා ආරක්ෂණ නීතීන් නියාමනය කර ඇති මට්ටමට යළි පත් කරන්නේ නම්, මාරාන්තික ආසාදන ඇතිකල හැකි හන්ටා වෛරස් සම්ප්‍රේෂණය 45%කින් අඩු කළ හැකි බව එරට විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත.
  • ආසාදිත කෘන්තකයන් සමඟ සම්බන්ධ වීමෙන් හන්ටා වෛරස පැතිරී යා හැකි අතර, වනාන්තර එළි පෙහෙළි කර කෘන්තකයන් ගහනය වැඩිවන විට එය භූමිය පුරා පැතිර යා හැකිය.
  • ක්ෂේත්‍ර අධ්‍යයනයන් මඟින්, අධ්‍යයනයේ අනුකරණයන් සනාථ කළ යුතු අතර, මෙම මූලික පර්යේෂණයෙන් පෙන්නුම් කරන්නේ වනාන්තර ප්‍රතිස්ථාපනය තුළින් සත්ව විද්‍යාත්මක රෝග අවදානම අඩුකල හැකි බවයි.

COVID-19 වසංගතය, සත්වයින්ගෙන් බෝවන රෝග සම්බන්ධව ගෝලීය අවධානයට යොමු කළේ ශතවර්ෂයක් තිස්සේ කිසිවක් කර නොමැති ආකාරයටය. කෙසේ වෙතත්, සූනොසිස් රෝග මිනිසුන් සහ සතුන් අතර සම්මතව සම්ප්‍රේෂණයවන අතර, එම සෑම විටම මහජන සෞඛ්‍ය තර්ජනයක් බවට වර්ධනයවනු ඇත. සූනොසිස් රෝග මානව හා පාරිසරික සෞඛ්‍යය අතර සම්බන්ධතාවයට හා එම සම්බන්ධතාවය බිඳවැටීමේ වේදනාකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට අපට බල කර ඇත.

වනාන්තර විනාශය හේතුවෙන් සත්වයින්ගෙන් බෝවන රෝග අවදානම ඉහල යාම පිළිබඳව පර්යේෂණ දැනටමත් සම්බන්ධ කර ඇති අතර, වාසස්ථාන අහිමි වීම හේතුවෙන් ඇතිවෙන පාරිසරික ගතිකතාවයන් තවදුරටත් රෝග නියාමනය කිරීමේ දක්ෂයෙකු නොවන බව සොයාගෙන ඇත. නමුත් වනාන්තර ප්‍රතිසංස්කරණය කිරීමෙන් සත්වයින්ගෙන් බෝවන රෝගවලින් අපව ආරක්ෂා කළ හැකිද? නිව් යෝර්ක්හි ලාභ නොලබන ‘ඉකෝහෙල්ත් එලායන්ස්’හි පර්යේෂකයෙකු වන පෝලා රිබීරෝ ප්‍රිස්ට් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් ප්‍රකාශ කරයි. 

ප්‍රිස්ට් සහ සගයන් විසින් මෙහෙයවන ලද සමාකරණ මගින් බ්‍රසීලයේ අත්ලාන්තික් වනාන්තර යථා තත්වයට පත් කිරීමෙන් රෝගයට ගොදුරුවන කුඩා ක්ෂීරපායීන්ගේ ගහනය අඩු කොට, අධි මාරාන්තික සූනොසිස් රෝගයක්වන ‘හන්ටා වෛරස් හෘද සින්ඩ්‍රෝමය’ පැතිරීම අඩු කළ හැකි බව සොයා ගන්නා ලදී. එම කණ්ඩායම නිගමනය කළේ, බ්‍රසීලියානු නීතියෙන් නියම කර ඇති මට්ටමට වනාන්තර යථා තත්වයට පත් කළහොත්, බ්‍රසීලයේ වඩාත්ම ජනාකීර්ණ කලාපයේ හන්ටා වෛරස සම්ප්‍රේෂණය 45%කින් අඩු කළ හැකි බවයි.

වනාන්තර ප්‍රතිස්ථාපනය, සූනොසිස් රෝග ව්‍යාප්තියට බලපාන්නේ කෙසේදැයි බැලීමට, ප්‍රිස්ට් සහ සගයන් ‘සාඕ පවුලෝ’ ප්‍රාන්තය පුරා වනාන්තර සහ වනාන්තර විනාශ වූ ස්ථාන වලින් ලබාගත් මීයන්ගේ දත්ත වලින් ප්‍රයෝජන ගත්හ. බ්‍රසීලියානු ස්වදේශික වෘක්ෂලතා ආරක්ෂණ නීතිය මඟින් නියම කර ඇති ප්‍රතිස්ථාපන මට්ටම්වලට එදිරි ව්‍යාපාරයක්, හන්ටා වෛරස ව්‍යාප්තිය තක්සේරු කිරීම සඳහා මෙම කණ්ඩායම මගින් සංඛ්‍යාත්මකව භාවිතා කළේය.

“නිවර්තන කලාපීය ප්‍රදේශවල සූනොසිස් රෝග සහ ප්‍රතිස්ථාපන පිළිබඳව අවධානය යොමු කළ පළමු අධ්‍යයනය මෙයයි. අවම වශයෙන් අප දන්නා පරිදි, මුළු ලෝකයේම සූනොසිස් රෝග හා ප්‍රතිස්ථාපනය සම්බන්ධ කරන තුන්වන අවස්ථාවද මෙයයි.”

ආසාදිත මීයන්ගේ මුත්‍රා, මළපහ සහ ඛේටය හරහා හන්ටා වෛරස හෘද සින්ඩ්‍රෝමය හෙවත් හන්ටා වෛරසය පැතිරෙයි. වාහක මීයන් ගහනය විශාල වනවිට සහ ඝනත්වය ඉහළ මට්ටමක පවතින විට සම්ප්‍රේෂණය ඉහළ යයි. වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන්, දේශීයව උෂ්ණත්වය ඉහළ යන විට සම්ප්‍රේෂණ මට්ටම තවදුරටත් ඉහළ යා හැක. මීයන් තුළ හන්ටා වෛරසය පැතිරීම ඉහල වූ විට එය අවට ඇති මිනිස් ප්‍රජාව තුල පැතිරීමද සිදුවේ. හන්ටා වෛරසය මිනිසුන්ට මාරාන්තික වුවද එය මිනිසුන් අතර පැතිරෙන්නේ කලාතුරකිනි. මෙයින් අදහස් කරන්නේ ගෝලීය COVID-19 වැනි වසංගතයක් ආරම්භ කිරීමට අපහසු වුවත්, එය තවමත් ප්‍රාදේශීය කලාපවල විනාශකාරී විය හැකි බවයි.

අත්ලාන්තික් වනාන්තරය ඇතුළු වනාන්තර යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩිවන දිරිගැන්වීම් ලැයිස්තුවකට විද්‍යාඥයින්ගේ මෙම සොයාගැනීම් එක් කරයි.

එය වනාන්තර ප්‍රතිස්ථාපනය, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම, විශේෂයන් බේරා ගැනීම සහ වනාන්තරයෙන් යැපෙන ප්‍රජාවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ප්‍රධාන ජාත්‍යන්තර ඉලක්කයක් බව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකුවන ‘මැතිව් ෆැගන්’ සහ සගයන් සංරක්ෂණ ලිපියකට සඳහන් කොට ඇත. වඩාත්ම වැදගත් දෙය නම්, 2011 දී ජර්මනිය සහ IUCN විසින් ආරම්භ කරන ලද බොන් අභියෝගයෙහි අරමුණ වන්නේ සහභාගීවන රටවල ස්වේච්ඡා කැපවීම් තුළින් 2030වන විට වනාන්තරය හෙක්ටයාර් මිලියන 350ක් (අක්කර මිලියන 865) යථා තත්ත්වයට පත් කිරීමයි.

හන්ටා වෛරස හෘද සින්ඩ්‍රෝමයට හේතුවන ප්‍රාථමික සත්ව මුලාශ්‍ර දෙකක් වන වම – බ්ලැක් ෆුටෙට් පිග්මි මීයා (Oligoryzomys nigripes) සහ දකුණ- හෙයාරී ටේල් බොලෝ මීයා (Necromys lasiurus). පින්තූර-තෝමස් පුට්කර් සහ පැබ්ලෝ ගොන්වාල්ව්ස්/Mongabay

බ්‍රසීලයේ අත්ලාන්තික් වනාන්තරය ඉතා වැදගත් ජෛව විවිධත්වයක් සහ විශාල කාබන් ගබඩා කිරීමේ විභවයක් සහිත ගෝලීය වශයෙන් වැදගත් පරිසර පද්ධතියකි. කෙසේ වෙතත්, ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඒ මත වර්ධනය වූ මිනිස් පීඩනය දැන් අඩුවී තිබේ. මීට වසර 500කට පෙර යුරෝපීයයන් පැමිණීමට මත්තෙන් අත්ලාන්තික් වනාන්තරය හෙක්ටයාර මිලියන 150කට (අක්කර මිලියන 370) ආවරණය ව තිබී ඇත. මෙය දල වශයෙන් මොන්ගෝලියාවේ ප්‍රමාණය මෙන් වේ. අතීතයේදී පැවතී දැවැන්ත අත්ලාන්තික් වනාන්තරය, අද වන විට ‘සාඕ පවුලෝ සහ රියෝ ද ජැනෙයිරෝ’ යන විශාල නගර ඇතුළුව බ්‍රසීලයේ ජනගහනයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයකට සහය දක්වන අතර, එහි වනාන්තර ආවරණයෙන් 90%කට වඩා මේවන විට අහිමිවද ඇත.

ප්‍රිස්ට් සහ සගයන් විසින් කරන ලද පර්යේෂණයෙන්, වනාන්තර ප්‍රතිෂ්ටාපනය මඟීන් හන්ටා වෛරසය අවම කර ගත හැකි බව සොයාගෙන ඇති අතර, සංරක්ෂණ විද්‍යාඥ ‘නියල් මැකාන්’ පවසන්නේ එය ප්‍රායෝගිකව සිදු කිරීම සංකීර්ණ බවයි.

“ස්ථාපිත විලෝපික ගොදුරු ගතිකතාවයන් සහිත අඛණ්ඩ පරිසර පද්ධති, ඉහළ සූනොසිස් විභවයක් සහිත රෝග ගෙනයන මීයන් සහ වෙනත් විශේෂ ගණන ස්වාභාවිකවම යාමනය කරයි” යනුවෙන් ජාතික උද්‍යාන රැකගැනීමෙහි සංරක්ෂණ අධ්‍යක්ෂ සහ End Pandemics සංවිධානයේ අධ්‍යක්ෂක මකෑන් මහතා ප්‍රකාශ කලේය. 

වන ආවරණය පමණක් නොව මෙම පද්ධතිවල සංකීර්ණතාවයත් ආරක්ෂා කිරීම සහ ප්‍රතිස්ථාපන කළ යුතු බව ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කළේය. නමුත් පර්යේෂකයන්, රෝග මර්දනය සඳහා වැඩි  ප්‍රතිස්ථාපනක් හා ආරක්ෂාවක්ද ඉල්ලා සිටියමුත්, බ්‍රසීලයේ නායකයින් වනාන්තර ආරක්ෂණ ඉවත් කරමින් සිටී.

“පැරණි වන නීති සංග්‍රහය” මගින් උල්පත් හා ගං ඉවුර වැනි මූලික යැයි සැලකෙන ප්‍රදේශවල වනාන්තර සහ වෙනත් ස්වාභාවික වෘක්ෂලතාදිය නඩත්තු කිරීම සහතික කර තිබේ.

කෙසේවෙතත්, 2012 දී දේශපාලන බලයේ මාරුව බ්‍රසීලියානු ස්වදේශික වෘක්ෂලතා ආරක්ෂණ නීතිය (බී. එන්. වී.පී.එල්) නව, වන නීති සංග්‍රහයක් හඳුන්වා දුන්නේය. පෞද්ගලික ඉඩම්වල ස්වදේශික වෘක්ෂලතාදිය අවම වශයෙන් ‘බී.එන්.වී.පී.එල්’ විසින් තවමත් නියම කර ඇති නමුත්, එය වනාන්තර විනාශය වැඩි කිරීමට ඉඩ සලසමින් පැරණිවන නීති සංග්‍රහයේ මාර්ගෝපදේශ නානාප්‍රකාර ලෙස දුර්වල කරමින් පවතී.

‘හන්ටා වෛයිරස අවදානම වැඩි කළ හැකි එකම ප්‍රධාන කරුණ වනාන්තර විනාශය නොවේ; දේශගුණික විපර්යාස දැනටමත් තත්වය නරක අතට හරවමින් තිබේ.’

ප්‍රිස්ට් විසින් මෙහෙයවන ලද සහ PLOS විසින් නොසලකා හරින ලද නිවර්තන රෝගවල ප්‍රකාශයට පත් කරන ලද 2017 අධ්‍යයනයකින් හෙළි වූයේ වනාන්තර එළි පෙහෙළි කිරීමකින් තොරව පවා උෂ්ණත්වයේ සුළු වැඩිවීමක් 30%කට වඩා වැඩි පිරිසකට මාරාන්තික රෝග වැළඳීමේ අවදානමට හේතුව බවයි.

අත්ලාන්තික් වනාන්තර කලාපයේ පෞද්ගලික ඉඩම්වල ස්වදේශික වනාන්තර නැවත ලබා ගැනීම සඳහා 2012 බ්‍රසීලියානු ස්වදේශික වෘක්ෂලතා ආරක්ෂණ නීතිය යටතේ මෙවැනි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති අනිවාර්ය කර ඇත. පින්තූරය – ඇනසාලියා එම්. ටෙඩෙස්කෝ/Mongabay

ප්‍රතිස්ථාපන ස්ථානවල ක්ෂේත්‍ර අධ්‍යයනයන් සමඟ ඔවුන්ගේ සොයාගැනීම් වලංගු කිරීම ඔවුන්ගේ අරමුණ බව ප්‍රිස්ට් පැවසීය. වනාන්තර යථා තත්ත්වයට පත් කිරීමත් සමඟ සත්ව ප්‍රජාවන් නැවත එක්රැස්වන ආකාරය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් වර්ධනය කිරීමටද එම කණ්ඩායම බලාපොරොත්තුවන බව ඔහු පැවසීය.

“බ්‍රසීලයේ පැල්ලම් සහිත උණ සහ කහ උණ ​​වැනි වෙනත් සත්ව විද්‍යාත්මක රෝග සමඟ ප්‍රතිස්ථාපනය, සමාන ප්‍රතික්‍රියාවක් ලබා ගන්නේද යන්නත් අපි ඇගයීමට ලක් කරන්නෙමු,” 

තවද ප්‍රිස්ට් මොන්ගාබේට පැවසුවේ, “මෙම සේවාව සැපයීම සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද භූ දර්ශනයන්හි, වඩාත් සුදුසු වින්‍යාසය කුමක්ද යන්නයි?.”

COVID-19 වසංගතය මඟින් වනාන්තර සහ වන ජීවීන්ට සිදුවන බලපෑම් හේතුවෙන් සතුන්ගෙන් මිනිසුන් වෙත රෝග පැමිණෙන විට කොපමණ අවදානමක් තිබේද යන්න පෙන්වා දී ඇත. සූනොසිස් රෝග පැතිරීමේ අවදානම කිසි විටෙකත් ශුන්‍ය නොවන අතර, බ්‍රසීලයේ වනාන්තර ප්‍රතිස්ථාපන යටතේ ඇති විය හැකි හන්ටා වෛරස අඩුකිරීමේ සිද්ධියෙන් පෙනී යන්නේ ප්‍රජාවන්ට සහ රජයන්ට එය උඩුදිවීමේ සම්භාවිතාව, අඩු කිරීමේ නියෝජිත ආයතනයක් ඇති බවයි.

Anna Nordseth විසින් Mongabay වෙබ් අඩවිය වෙත ලියන ලද Hantavirus study shows restoring forests can reduce zoonotic disease risk නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.