• ශ්‍රී ලංකාවේ රතු දත්ත වාර්තාවට අනුව දේශීය ශාක විශේෂ ලැයිස්තුවේ නවතම සංස්කරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ තක්සේරු කළ විශේෂ වලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවත් එය 2012 වසරට පෙර පැවති සංස්කරණයට වඩා වැඩි බවත්ය.
  • කෙසේ වෙතත්, 2012 දී වඳ වී ගොස් ඇති බවට තක්සේරු කරන ලද පැල පහෙන් තුනක් අහම්බෙන් නැවත සොයා ගන්නා ලදී.
  • ශීඝ්‍ර වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක සංඛ්‍යාව සියවසකින් දැක නැති නිසා එම විශේෂ 170 සිට 128 දක්වා අඩු වී ඇති අතර බොහෝ දුරට ආධුනික උද්භිද විද්‍යාඥයින් සහ සමාජ මාධ්‍ය ජාවාරම් වලට ස්තූතිවන්ත විය යුතුය.
  • රතු ලැයිස්තු සම්පාදනය කිරීමේ වැඩ කටයුතු බොහෝමයක් සිදුකළේ පැලෑටි අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන, පුරවැසි විද්‍යාඥයින් අතර උනන්දුවක් ඇති කරවන තරුණ ක්ෂේත්‍ර උද්භිද විද්‍යාඥයින් කණ්ඩායමක් විසිනි.

හිමේෂ් දිල්රුවන් ජයසිංහ, දිවයිනේ මධ්‍යම කඳුකරයේ පිහිටි නකල්ස්හි සමනලුන් හඹා යමින් අධ්‍යන කටයුතු වල යෙදි සිටියේය. පියාපත්වල සලකුණු හේතුවෙන් කුඩා කොටිතියා ලෙස හැඳින්වෙන දුර්ලභ සමනලයෙකු තම ධාරක ශාක පැලෑටියක තැබූ බිත්තර දෙස සමීපව බැලීමට කටයුතු කරමින් සිටියේය.

නමුත් හදිසියේම ඔහු විශ්මයට ලක්වුයේ සමනලයා හෝ එහි බිත්තර පිළිබඳ නොව සමනලයා බිත්තර දැමු ශාකය පිළිබඳවය.

එය 1888 සිට නිරීක්ෂණය නොවූ ශාකයක් වන Rinorea decora වූ අතර 2012 දී අවසානයට යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාවේ තර්ජනයට ලක් වූ ශාක ලැයිස්තුවෙහි වඳ වී ගොස් ඇතැයි නම් කරන ලද්දකි.

ජයසිංහගේ සොයා ගැනීම රතු ලැයිස්තුවේ ලේඛනගත කොට යාවත්කාලීන කර ඇති බොහෝ අහඹු හෙළිදරව් වලින් එකකි. (2020 ජාතික රතු ලැයිස්තුව ලෙස හැඳින්වුවද එය මේ වසරේදී ප්‍රකාශයට පත් විය.)

නව රතු ලැයිස්තුව මඟින් 2012 සංස්කරණයේ වඳ වී ගොස් ඇති බවට ප්‍රකාශයට පත් වූ ශාක පහෙන් තුනක් නැවත සොයා ගන්නා ලදී . මේ අතරින් ශාක විශේෂ 2ක් පාරවල් තැනීමට පෙර පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේදී සොයා ගත්තේය.

වඳ වී ගොස් ඇති පැල නැවත සොයා ගැනීම

ශාක සංරක්‍ෂණය වන සතුන් සංරක්‍ෂණය තරම් ආකර්ෂණීය ක්ෂේත්‍රයක් නොවේ. නමුත් C. zeylanica විශේෂය නැවත සොයා ගැනීමත් සමග එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ කතා බහට ලක්වූයේය. ජයසිංහ විසින් 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දාරළුව ප්‍රදේශයේ C. zeylanica ගසක් හඳුනාගන්නේ සැලසුම් කොට තිබු අධිවේගී මාර්ගයක අසන්නයෙනි. ඒ අසල වැඩ කරන විට ඔහු එම මුල් ගසට නුදුරින් වැඩෙන C.zeylanica ගස් වැඩිපුර සොයා ගත්තේය. 2020 රතු ලැයිස්තුවට අනුව එය දැන් C. zeylanica දැඩි තර්ජනයට ලක්ව ඇති විශේෂයක් බවට වර්ගීකරණය කොට ඇත.

වෙනත් අධිවේගී මාර්ගයක් සැලසුම් කිරීම සඳහා සමීක්‍ෂණයක් කරමින් සිටියදී සමාන වාතාවරණයක් යටතේ ජයසිංහ විසින් වඳ වී ගිය තුන්වන ශාක විශේෂය වනRinorea bengalensis සොයා ගත්තේය. ඒ මෙම ශාකය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළක් අසල වැඩෙමින් තිබියදීය.

ජනාකීර්ණ නගරවලට වැඩි ඈතක නොවූ නාගරික ප්‍රදේශවලින් Crudia zeylanica සහ Rinorea bengalensis සොයා ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ බොහෝ උද්භිද විද්‍යාත්මක ක්ෂේත්‍ර සමීක්ෂණ ආරක්ෂිත ප්‍රදේශවලට පමණක් සීමා වී ඇති බවයි. බාධාවන්ට ලක්ව ඇති ස්ථාන වල වැඩෙන සමහර පැළෑටි විශේෂ අවදානය අඩු වීමෙන් අපට මඟ හැරෙමින් තිබෙනවා ”ජයසිංහ මොංගාබේ වෙත පැවසීය.

ශතවර්ෂයකට පමණ පෙර දක්නට නොතිබූ හෙයින්, 2012 වර්ෂයේ රතු ලැයිස්තුවෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක 170 ක් ‘වඳ වී ගොස් ඇති’ ලෙස නම් කර ඇත. පසුගිය වසර අට තුළ හමු වූ නව නිදර්ශක රාශියක් හේතුවෙන් නව ලැයිස්තුව මෙම සංඛ්‍යාව 128 දක්වා අඩු කර තබේ.

ජාතික උද්භිද උද්‍යානයේ ජාතික ශාකාගාර දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර උද්භිද විද්‍යාඥ භාතිය ගොපල්ලව පැවසුවේ “බොහෝ ශාක ලෝලීන් ශාක සොයා ගැනීම, දිරිගන්වන සුළුවන අතර ඔවුන්ගේ පැමිණීම වැදගත් සොයාගැනීම් කිරීමට උපකාරීවන බවය”.

ගොපල්ලව යනු ක්ෂේත්‍ර පර්යේෂකයෙක් වන අතර ශාක හඳුනා ගැනීමට සෙසු අයට මඟ පෙන්වීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙකි. සමාජ මාධ්‍ය වේදිකා හරහා යොමු පොත් සහ ක්‍ෂණික සන්නිවේදනයන් ලබා ගැනීම තුළින් ශාක හඳුනා ගැනීම සහ නව උද්යෝගිමත් අය දිරිමත් කිරීම සඳහා ආධුනික උද්භිද විද්‍යාඥයින්ට කාලෝචිත විශේෂඥ සහාය ලබා ගත හැකි බව ගොපල්ලව මහතා පැවසීය.

“1911 දී අවසන් වරට දුටු Shorea ovalifolia විශේෂය ‘ස්වභාවික වාසස්ථාන තුලින් වඳ වී ගොස් ඇති බවට සැලකු අතර, එය නැවත සොයා ගැනීම, සෑම තැනකම ගොනු කරන ලද සමීක්‍ෂණ වල වැදගත්කම පෙන්නුම් කරන හොඳම උදාහරණයක් බව ගොපල්ලව මොංගාබේ වෙත පැවසීය.

සිංහල බසින් පිනි බෙරලිය ලෙස හැඳින්වෙන මෙම ශාකය නැවත සොයා ගැනීම සමාජ මාධ්‍ය තුළ විශාල රැල්ලක් ඇති කළේය. ශාක විශේෂ පිළිබඳව උනන්දුවක් ඇති ලසිත ප්‍රගීත්, මර්ගගතව පවතින කණ්ඩායමකට අදහස් දක්වමින් කියා සිටියේ එවැනි නමක් ඇති පැළයක් තම ගමේ ඇති බවයි. ප්‍රවීණයන් හා ආධුනිකයින් එකට එක්ව වැඩ කිරීමෙන් “වඳ වී ගොස් ඇති” මෙම විශේෂයක් නැවත හඳුන්වා දෙනු ලැබීය.

සමාජ මාධ්‍ය මගින් සිදුකළ සහයෝගීතාවයට ස්තූතිවන්ත වන්නට අතිරේක C. zeylanica පැල ගණනාවක් ද සොයාගෙන ඇති බව ගොපල්ලව පැවසීය. වඳ වී ගොස් ඇතැයි සැලකෙන හෝ නිල වාර්‍තා එකක් හෝ දෙකක් පමණක් ඇති Henckelia wijesundarae Strobilanthes gardnerianaWrightia puberula, Exacum pedunculatum, Henckelia wijesundarae වැනි ශාක, විශේෂ උනන්දුවක් දක්වන අය සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් දැනුම බෙදා ගනිමින් කටයුතු කිරීම පිළිබඳව ස්තූතිවන්ත වනබව ගොපල්ලව පැවසීය.

උද්යෝගිමත් තරුණ උද්භිද විද්‍යාඥයින්

“ජාතික රතු ලැයිස්තු වැඩ බොහෝමයක් කරන්නේ ක්ෂේත්‍රයේ සිටින තරුණ උද්භිද විද්යාඥයින් කණ්ඩායමක් විසින් වන අතර, ඔවුන් රටට යහපතක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි” යනුවෙන් යාවත්කාලීන කරන ලද රතු ලැයිස්තුව පිටුපස විශේෂඥ කමිටුවේ ප්රධානියා වූ සිරිල් විජේසුන්දර මහතා පැවසීය.

උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ විජේසුන්දර මහතා පැවසුවේ සාමාන්‍ය පුරවැසියන් තුළ පැලෑටි අධ්‍යයනය කෙරෙහි උනන්දුවක් ඇති කිරීම සඳහා සන්නිවේදන මෙවලම් භාවිතා කරන බව දැකීම, 

සොයා ගැනීම නොතකා, පසුගිය වසර අට තුළ ශ්‍රී ලංකාවේ ශාක තර්ජනය සමස්තයක් ලෙස නරක අතට හැරී ඇති බව නව රතු ලැයිස්තුවෙන් පෙන්නුම් කරන බව විජේසුන්දර මහතා මොංගාබේ වෙත පැවසීය.

ශ්‍රී ලංකාවට ආවේණික වූ, සොයාගත් සපුෂ්ප ශාක 3,087ක් හෝ ඇන්ජියෝස්පර්ම් වලින් 2020 රතු ලැයිස්තුවෙන් තක්සේරු කර ඇත්තේ 1,496 ක් හෝ අඩකට ආසන්න ප්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇති බවයි. තක්සේරු කර ඇති පර්ණාංග වලින් වැඩි ප්‍රමාණයක්, තක්සේරු කළ 350 න් 207 ක්ම තර්ජනයට ලක්ව ඇතැයි සැලකේ.

“මෙය සපුෂ්ප ශාක වලින් 48.4% ක් සහ පර්ණාංග ශාක වලින් 59.1% ක් තර්ජනයට ලක් වී ඇත” යනුවෙන් විජේසුන්දර පැවසීය. 2012 තක්සේරුවට අනුව තර්ජනයට ලක්ව ඇත්තේ සපුෂ්ප ශාක වලින් 44% ක් පමණි. එබැවින් මෙය වඳවීමේ තර්ජනයේ වැඩි වීමක් සහ බිය ගෙන දෙන තත්වයකි. ”

රතු දත්ත ලැයිස්තුව, ශාක විශේෂ සහ ඒවායේ තත්ත්‍වයේ ඉන්වෙන්ටරි පමණක් නොව, සංරක්‍ෂණ ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති වෙනස් කිරීම් දැනුම් දීම සඳහා ප්‍රබල මෙවලමක් බව ඔහු පැවසීය. එනිසා එය ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා සඳහා සෞඛ්‍ය වාර්තාවක් ලෙස සැලකිය යුතු අතර, වෛද්‍ය පරීක්‍ෂණයක ප්‍රතිඵල මෙන්ම සංරක්‍ෂණ තක්සේරුවට ගැලපෙන විසඳුමක් නියම කළ යුතු බව ද විජේසුන්දර මහතා පැවසීය.

මෙම ලැයිස්තුව සපුෂ්ප ශාක, පර්ණාංග සහ ඇන්ජියෝස්පොර්ම්(බීජ නිපදවන පැලෑටි) කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, මෙම ප්‍රකාශනයටම පාසි, ලයිකන, ඇල්ගී සහ සයනොබැක්ටීරියා විශේෂ ලැයිස්තුගත කොට ඇති අතර එය ශ්‍රී ලංකාවේ ශාක විශේෂ ඇතුලත් කොට ඇති වඩාත්ම යාවත්කාලීන වූ සඳහන වේ.

පැලෑටි සඳහා වූ ප්‍රථම ජාත්‍යන්තර රතු ලැයිස්තුව 1964 දී ගෝලීය සංරක්ෂණ අධිකාරිය වන IUCN විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1999 දී ශාක විශේෂ 809 ක් තක්සේරු කරමින් ශ්‍රී ලංකාව සිය පළමු ජාතික රතු ලැයිස්තුව ප්‍රකාශයට පත් කළේය. 2007 රතු ලැයිස්තුව මඟින් ශාක 1,099 ක් ඇඟයීමට ලක් කොට ඇති අතර, 2012 සංස්කරණය මඟින් සපුෂ්ප ශාක 3,100 ක් තක්සේරු කරන ලදී.

ජාතික රතු ලැයිස්තුව මුලින් සකසන ලද්දේ අයි යූසීඑන් හි ශ්‍රී ලංකා කාර්යාලයෙන් වන අතර මෙම වසරේදී එම කාර්යය පරිසර දෙපාර්තමේන්තුවේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයට භාර දෙන ලදී.

Malaka Rodrigo විසින් Mongabay  වෙත ලියන ලද Follow the butterfly: Rediscovery of ‘extinct’ plants highlights Sri Lanka’s new red list නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.