ගවේෂණාත්මක වාර්තාකරණ සිදු කිරීමට සහ සැක සහිත විද්‍යාත්මක සොයාගැනීම් කෙරෙහි අවධානය යොමු කිරීමට, මාධ්‍යවේදීන් වැඩි වැඩියෙන් විද්‍යා පුවත්පත් කලාව සහ විද්‍යාත්මක විමර්ශන මෙවලම් භාවිතා කරයි.

දත්ත කැණීම් සහ චන්ද්‍රිකා ඡායාරූප බොහෝ විට මෙම නව ගවේෂණාත්මක විද්‍යා වාර්තාකරණ ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන අතර, එය COVID-19 වසංගතයේ මෙම යුගයේ සෞඛ්‍ය හා පාරිසරික කථාන්දර සහ දේශගුණික විපර්යාසවල වර්ධනය වන බලපෑම් පිළිබඳ විශේෂ පොරොන්දුවක් පෙන්නුම් කර ඇත. නමුත් මැසචුසෙට් තාක්ෂණික විද්‍යාලයේ (MIT) හි නයිට් විද්‍යා මාධ්‍යකරණ වැඩසටහනෙහි අධ්‍යක්ෂ ඩිබෝරා බ්ලම් සඳහන් කරන්නේ, මාධ්‍යවේදීන්ට මෙම මෙවලම් සහ ඔවුන්ගේ “රටාව හඳුනාගැනීමේ” කුසලතා බොහෝ මාතෘකා පිළිබඳ පෙරළිකාර නිගමනවලට ගෙන එන බවයි.

“මාධ්‍යවේදීන්, යටින් පවතින විද්‍යාව අවබෝධ කර ගත යුතු අතර කරුණු පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතුය.” – MIT හි ඩෙබොරා බ්ලම් පවසයි 

“ඔබට දත්ත කැණීම් කරන බොහෝ මාධ්‍යවේදීන් හමුවනු ඇත. දත්ත සමුදායන් හාරා ඵලදායී ලෙස තොරතුරු කැණීම, එය හොඳ විමර්ශන වාර්තාකරණයේ සම්මත කොටසක් බවට පත්වෙමින් තිබේ,” බ්ලම් පවසයි. “අන්තර්ජාලය ඇත්ත වශයෙන්ම විද්‍යාව සඳහා බොහෝ මෙවලම් ලබා දෙයි. නිදසුනක් වශයෙන්, විශේෂිත (රසායනික) සංයෝගයක් විමර්ශනය කරන විට, සෑම ප්‍රශ්නයක්ම පිටුපස ඇති විද්‍යාව සහ මූලාශ්‍රවල විශ්වසනීයත්වය සොයා බැලීමට මම පබ්මේඩ් සහ ගූගල් ස්කොලර් භාවිතා කරමි.”

ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් කලාව සඳහා ප්‍රයෝජනවත් වන බොහෝ සබැඳි දත්ත සමුදායන් සහ වෙනත් සම්පත් බොහොමයක් තිබේ. පබ්මේඩ් යනු ජෛව වෛද්‍ය සාහිත්‍යයේ උපුටා දැක්වීම් සහ සාරාංශ මිලියන 33කට වඩා අඩංගු දත්ත සමුදායකි. තවත් කිහිපයක් නම්: එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (EPA) විසින් පවත්වාගෙන යනු ලබන  විෂ ද්‍රව්‍ය මුදා හැරීමේ ලැයිස්තුව; කොලුම්බියා විශ්වවිද්‍යාලය සහ නිව්යෝක් විද්‍යාලය මගින් ක්‍රියාත්මක වන ‘ටෝක්සික් ඩොක් (toxic doc)’; කැලිෆෝනියා විශ්වවිද්‍යාලය කර්මාන්ත ලේඛන සමග ආයතනික මතක සටහන් සහ අභ්‍යන්තර හෝ ප්‍රකාශයට පත් නොකළ වාර්තා; සහ ‘සේෆ්ටි ගේට්(සෆ්ට්ය් safty gate)’, අනතුරුදායක නොවන ආහාර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමයේ වේගවත් අනතුරු ඇඟවීමේ පද්ධතිය වේ.

නව මෙවලම් සහ තාක්ෂණික ක්‍රම

මේ අතර, කලාපීය පාරිසරික පුවත් වෙබ් අඩවියක් වන ‘InfoAmazonia’ හි බ්‍රසීලයේ නිර්මාතෘ ගස්ටෝවා ෆෙලිඔරෝස්, ‘අර්ත් ජර්නලිසම්’ ලෙස හැඳින්වෙන ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් ප්‍රවේශයකට සහාය වීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප සහ වෙනත් දුරස්ථ සංවේදන ක්‍රම භාවිතා කිරීමේ උපදේශකයෙකි. “පරිසරය අවබෝධ කර ගැනීමේ අපගේ අවශ්‍යතාවය මාධ්‍යවේදීන් පෘථිවි විද්‍යාව, භූගෝලීය විශ්ලේෂණය, චන්ද්‍රිකා සහ දුරස්ථ සංවේදකවල සියලුම දත්ත, දත්ත දෘශ්‍යකරණය සහ අන්තර්ක්‍රියාකාරී සිතියම්කරණ මෙවලම් සමඟ අප දකින වේගවත් වෙනස්කම් පැහැදිලි කිරීමට භාවිතා කර ඇත,” ඔහු පවසයි.

ගවේෂණාත්මක විද්‍යා ශිල්පීය ක්‍රම මගින් ප්‍රබෝදමත් වූ කතන්දර පිළිබඳ උදාහරණ රාශියක් මෙම පුවත්පත් නායකයින් සතුව ඇත. මම විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කරන ‘Internews’ Earth Journalism Network’ (EJN) සහ ඇමරිකාවේ අනෙකුත් මාධ්‍යවේදීන් සමඟ එක්ව ඇමසන් ද්‍රෝණියෙන් සිදුවන පරිසර දූෂණය, සාගසම් මයික්‍රො ඇල්ගී පිපී, කුණු වූ විශාල ප්‍රදේශ සමග කැරිබියන් මුහුදේ තිබීමට හේතු වූ ආකාරය පිළිබඳව ‘InfoAmazonia’ විසින් පසුගිය වසරේ නිෂ්පාදනය කළ කථා මාලාවකින් (Faleiros) පෙන්වා දෙයි. 

“ලොව දිගම ඇල්ගී පිපීම ලේඛනගත කිරීමටත්, බ්‍රසීලයේ ටපජෝස් කලාපයේ පතල් කැණීම, විෂ සහිත දූෂණයට මූලාශ්‍රයක් වූ බවටත්, අධි-විභේදන චන්ද්‍රිකා ඡායාරූප සොයා ගැනීමත් ඉතා වැදගත් විය,” ෆලෙයිරොස් පැහැදිලි කරයි. “අපට මෙය කිරීමට හැකි වූයේ අධි තාක්ෂණික මෙවලම් සමඟ පාරිසරික වාර්තාකරණයට සහාය දක්වන ඩිජිටල් ආයතනයක් වන ‘EarthRise Media’ සමඟ ඇති අපගේ හවුල්කාරිත්වයට ස්තුතිවන්ත වන්නටය”

‘BuzzFeed’ පුවත් මගින් චීනයේ සිර කඳවුරු පිළිබඳ විමර්ශනයක් නිදර්ශනය කිරීමට භාවිතා කරන සිතියම් වලින් එකක්. ඡායාරූපය: ස්ක්‍රීන් ෂොට්ෂොට්

මෙම ශිල්පීය ක්‍රම භාවිතා කරන්නේ විද්‍යාව හා සම්බන්ධ කථා සඳහා පමණක් නොවේ, ෆෙලියිරෝස් සටහන් කරයි. ‘බස්ෆීඩ්’ වෙතින් පලකල පලිට්සර් ත්‍යාගලාභී කතාවෙහි පදනම වුයේ චීනයේ සින්ජියන්ග් පළාතේ උයිගුර් කඳවුරු පිළිබඳ චන්ද්‍රිකා ඡායාරූප සහ 3D ගෘහ නිර්මාණ ආකෘති විශ්ලේෂණය කිරීම මත, රැඳවුම් මධ්‍යස්ථාන ලෙස ඒවායේ ස්වභාවය හෙළි කිරීමයි. ගූගල් සහ බින්ග් යන දෙකම ඔවුන්ගේ පොදු සිතියම්වල මෙම ප්‍රදේශ අපැහැදිලි කර ඇත. එබැවින් ‘බස්ෆීඩ්’ චීන රජය පිළිගත්තාට වඩා රැඳවුම් කඳවුරු පුළුල් බව පෙන්වීමට සවිස්තරාත්මක චන්ද්‍රිකා ඡායාරූප සපයන ලාභ ලබන සමාගමක් වන ප්ලැනට්හි ඡායාරූප භාවිතා කළේය. “විද්‍යාඥයන් එවැනි පර්යේෂණ කිරීමට ඉදිරිපත් නොවනු ඇත,” ඔහු තවදුරටත් පවසයි.

දැන් පලිට්සර් මධ්‍යස්ථානයේ වැසි වනාන්තර විමර්ශන ජාලයේ සේවය කරන ෆෙලිඔරෝස්, නෝර්වීජියානු සමාගමක් වන ‘ප්ලැනට්’ සහ ‘KSAT’ සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ජනමාධ්‍යවේදීන්ට උසස් රූප විශ්ලේෂණයක් සිදු කරන්නේ කෙසේද යන්න සහ වර්ණාවලීක්ෂ පෙරහන් භාවිතයෙන් මිණුම් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවක් ලබා දෙයි. EJN, මේ අතර මීකොං කලාපයේ – කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය පුරා පැතිරී ඇති පාරිසරික වාර්තාකරණය වැඩිදියුණු කිරීම සඳහා දත්ත ලබා ගැනීමට පුවත්පත් ශිල්පීය ක්‍රම භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් පුහුණු කරමින් සිටින අතර පාරිසරික හා දේශගුණය සම්බන්ධ විමර්ශන සඳහා ප්‍රයෝජනවත් දත්ත කට්ටල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත. බෙදා ගැනීමට සම්පත් ඇති අනෙකුත් කණ්ඩායම් ඇතුළත් වන්නේ පාරිසරික මාධ්‍යවේදීන්ගේ සංගමය (SEJ), සෞඛ්‍ය සේවා මාධ්‍යවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය මාධ්‍ය ජාලය, ගවේෂණාත්මක වාර්තාකරුවන් සහ සංස්කාරකවරුන්, ලෝක විද්‍යා මාධ්‍යවේදීන්ගේ සම්මේලනය සහ ‘Global Investigative Journalism Network’ ය.

“විශේෂයෙන්ම සෞඛ්‍යය, පරිසරය සහ දේශගුණික විපර්යාස වැනි මාතෘකා සම්බන්ධයෙන්, අප දකින සංසිද්ධි වඩ වඩාත් සංකීර්ණ සහ ගෝලීය වේ. මේ ආකාරයේ ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් කලාව වැඩි වැඩියෙන් වැදගත් වන්නේ එබැවිනි.”  ගුස්ටාවෝ ෆෙලියිරෝස් පවසයි 

බිලිඳුන් පෝෂණය කිරීම සඳහා සෝයා සූත්‍රය භාවිතා කිරීමේ අවදානම පිළිබඳව අන්ඩාර්ක් සඟරාව සඳහා ඇයගේ කෘතිය සමඟින් බ්ලම් අනාවරණය කර ගැනීමට සහ වැදගත් නව නිගමනවලට එළඹීමට විද්‍යා පුවත්පත් ශිල්පීය ක්‍රම භාවිතා කර ඇත. “මම සෝයා සූත්‍රය සහ ළදරුවන්ගේ අන්තරාසර්ග පද්ධතියට එහි බලපෑම පිළිබඳ පත්‍රිකා කිහිපයක් ඇතුළුව සමහර විද්‍යාත්මක සඟරා අධ්‍යනය කරමින් සිටියෙමි. මම සෝයා කිරිවල ඇති ඊස්ට්‍රජන් සංඛ්‍යාව ගැන පර්යේෂණ කිරීමට පටන් ගත් අතර මෙය මානව සංවර්ධනයේ විශාල අත්හදා බැලීමක් බව මට වැටහුණි. සංයෝග 11,000 ක් අඩංගු සෝයා සූත්‍රය ළදරුවන්ට ලබා දීමේ තේරුම කිසිවෙකු පරීක්ෂා කර නැත. ”ඇය පැහැදිලි කරයි. “මම ෆෙඩරල් නිලධාරියෙකු සමඟ කතා කර, ඔහුගෙන් හිස් බවක් ඉල්ලා සිටි අතර, අපි මූලික වශයෙන් ළමා සෞඛ්‍යය පිළිබඳ සැලසුම් නොකළ අත්හදා බැලීමක් සිදු කරන බවට ඔහු එකඟ විය.”

මීට පෙර PLOSහි  ජීව විද්‍යා මාධ්‍යවේදියෙකු වූ සහ දේශගුණික විපර්යාස සහ කැලිෆෝනියා කෘෂිකර්මාන්තය ආවරණය කිරීම සඳහා විශේෂීකරණය වූ ‘Insideclimate News’ හි වාර්තාකරුවෙකු වන ලීසා ග්‍රොස් මෙහි විස්තර කරන පරිදි ඇයගේම වාර්තාකරණයෙන් තවත් උදාහරණ පෙන්වයි. “බොහෝම හානිකර පළිබෝධනාශක යොදන්නේ ෆ්‍රෙස්නෝ ප්‍රදේශයේ යැයි මිනිසුන් සිතූ නමුත්, පර්යේෂකයන් සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) විශේෂඥයෙකුගෙන් දත්ත ලබා ගැනීමට මට හැකි විය. එය කුමන පළිබෝධනාශකයක් යොදන්නේ කොතැනද යන්න පෙන්වා දුන්නේය” කැලිෆෝනියාවේ කෘෂිකාර්මික කේන්ද්‍රස්ථානයේ පිහිටි වෙන්ටුරා ප්‍රාන්තයේ සහ පාසල් කිහිපයක් අසල එලෙසින් වේ.

“විද්‍යාඥයින් තවමත් ලබාගෙන නැති පර්යේෂණ සහ දත්ත වලින් අපට නිගමන උකහා ගත හැක” යනුවෙන් ග්‍රෝස් පවසයි.

අන්ඩාර්ක් සඟරාවේ සෝයා සුත්‍ර පර්යේෂණ අත්හදා බැලීම මගින් දරුවන්ට සෝයා කිරි ලබා දීමෙන් ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් ගවේෂණය. ඡායාරූපය: ශර්ටර්ස්ටොක්/GIJN 

COVID-19 වසංගතයේ බලපෑම

බ්ලම්, ෆැලෙයිරෝස් සහ ග්‍රොස් යන සියල්ලෝම විශ්වාස කරන්නේ කෝවිඩ් -19 පැමිණීම ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් කලාවට බෙහෙවින් ඉවහල් වී ඇති බවයි. මන්ද මාධ්‍යවේදීන් මරණ අනුපාත පිළිබඳ දත්ත එකට එකතු කිරීමට උත්සාහ කරන බැවින්, බොහෝ රජයන් ඒවා එක්රැස් කිරීමට නොහැකි වන සේ හෝ සක්‍රීයත්වය නැති කිරීමට උත්සාහ කරයි. වසංගතය අතරතුර අධික මරණ සංඛ්‍යාව පිළිබඳ ‘ඉකොනොමිස්ට්’ සඟරාවේ වාර්තාව නිදසුනකි. බ්‍රසීලයේ, ෆැලෙයිරෝස් එකතු කරන පරිදි, ෆෝල්හා පුවත්පත ඕ ග්ලොබෝ සමඟ එක්ව රජයේ සංඛ්‍යා විශ්වාස නොකරන බැවින්, නිවැරදි මරණ දත්ත එකතු කිරීමට උත්සාහ කරයි.

ගවේෂණාත්මක පුවත්පත් කලාව විකාශනය වන ආකාරය පිළිබඳ වසංගතය හොඳ උදාහරණයක් ද සපයයි: විද්‍යාත්මක ව්‍යවසාය තුළම කථා සහ අපයෝජනයන් අනාවරණය කර ගැනීම. බ්ලූම් සහ ග්‍රෝස් යන දෙදෙනාම COVID-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ විවාදයට යොමු කරයි. එය විද්‍යාගාරයකින් ආරම්භ වූවාද, නැතහොත් මිනිසුන් සහ සතුන් අතර වෙනත් අන්තර්ක්‍රියා වලින් පැමිණියාද? උදාහරණයක් ලෙස වුහාන් මස් වෙළඳපොල. විද්‍යාඥයන් සහ අනෙකුත් ප්‍රවීණයන් මුලින් පිළිතුර පැහැදිලි යැයි යෝජනා කරන විට පවා ඔවුන්ගේ සංවාදය පවත්වා ගැනීමට එසේ සිදු කලහ.

“COVID ආවරණය කරන අය විද්‍යාගාර කාන්දු න්‍යාය, මුලින් වට්ටම් කළ විද්‍යාඥයින්ට ඉතා සමීප විය හැකි අතර, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් රෙල්මන්, අප එය සොයා බැලිය යුතු යැයි පවසයි” ග්‍රෝස් පවසයි.

ඉකොනොමිස්ට්ගේ අතිරික්ත මරණ දත්ත. ඡායාරූපය: ස්ක්‍රීන් ෂොට්ෂොට්/GIJN

විද්‍යාඥයන් ප්‍රශ්න කිරීම සහ විද්‍යාව

“නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ලිනොන් ලෙඩර්මන් පවසන්නේ, සෑම කෙනෙක්ම විද්‍යාඥයින්ගේ වචනය පිළිගත් නමුත්, දැන් අපගෙන් සමහර සොයාගැනීම් ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන් වැඩි කැමැත්තක් දක්වයි.” බ්ලම් පවසයි. “අපි විද්‍යාවට ඔල්වරසන් දෙන්නන් නොවිය යුතුයි. අපි ස්වාධීන පරීක්ෂණයක් කරන්නෙමු, අපගේ පක්ෂපාතිත්වය අපගේ ප්‍රේක්ෂකයන්ට විය යුතුය.

විද්‍යාත්මක සොයාගැනීම් විමර්ශනය කළ මාධ්‍යවේදීන්ගේ සහ විද්‍යාඥයින්ගේම සදාචාරාත්මක හැසිරීම් පිළිබඳ බොහෝ උදාහරණ බ්ලම් පෙන්වා දෙයි. ඔවුන් අතර: සෑම් කීන්, මෑත පොතේ “The Icepick Surgeon” කතුවරයා; අසීන් ගොරයිෂි, විද්‍යාඥයින් විසින් ලිංගික හිරිහැර කිරීම් පිළිබඳ අවස්ථා නැවත නැවතත් හෙළිදරව් කර ඇත; තව දුරටත් ආපසු ගොස්, එච් අයි වී  වෛරසය සොයා ගත් බවට රොබට් ගැලෝගේ ප්‍රකාශය පිළිබඳ ජෝන් ක්‍රිව්ඩ්සන්ගේ විමර්ශනය. රෙබෙකා ස්ක්ලූට්ගේ “The immortal Life of Henrietta Lacks” පොතේ ලේඛනගත කර ඇති පරිදි වෛද්‍ය පර්යේෂණවල සෛල රේඛා භාවිතය පිළිබඳ විමර්ශනය තවත් හොඳ උදාහරණයකි.

එවැනි අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නය පැමිණෙන්නේ සම්ප්‍රදායික පුවත්පත් ව්‍යවසායයන්ගෙන් පමණක් නොව, වැඩි වැඩියෙන් ලාභ නොලබන ප්‍රවෘත්ති වෙබ් අඩවි වලින් ය.

නැවතත්, විද්‍යාත්මක පර්යේෂණ සහ පර්යේෂකයන් විමර්ශනය කිරීමේදී මාධ්‍යවේදීන්ට යොමු විය හැකි සබැඳි සම්පත් තිබේ: අයිවන් ඔරන්ස්කයිගේ ‘Retraction Watch’, එය ඉල්ලා අස්කර ගත් ශාස්ත්‍රීය පත්‍රිකා පිළිබඳ යාවත්කාලීන කිරීම්, ඇයි සහ නැවත වැරදි කරන්නන් කවුද යාවත්කාලීන තොරතුරු සපයයි. ; සහ නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ චාල්ස් සීෆ්ගේ විද්‍යා විමර්ශන ඉගැන්වීම, එක්සත් ජනපදය, ආහාර හා ඖෂධ පරිපාලනය සහ පාරිසරික ආරක්ෂණ ඒජන්සිය වැනි රජයේ විද්‍යාත්මක ආයතනවල කටයුතු වඩාත් සමීපව නිරීක්ෂණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් ග්‍රොස් දකී.

එවැනි අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නය පැමිණෙන්නේ සම්ප්‍රදායික පුවත්පත් ව්‍යවසායයන්ගෙන් පමණක් නොව, ‘ProPublica’, ‘EJN’, ‘China Dialogue’, ‘Mongabay’, ‘Oxpeckers’, ‘InfoNile’, පාරිසරික වාර්තාකරණ සාමූහිකය සහ එවැනි ආවරණය සඳහා සහාය දක්වන අරමුදල් සපයන ආයතන වැනි ලාභ නොලබන ප්‍රවෘත්ති වෙබ් අඩවි වලින් වේ. “විශේෂයෙන්ම COVID සහ දේශගුණික විපර්යාස නිසා විවිධ ආකාරවලින් විද්‍යා පුවත්පත් කලාවට මුදල් යොදවන පදනම් වැඩි වැඩියෙන් අපි දකිමු,” බ්ලම් පවසන්නේ, දැන් ඉකොනොමිස්ට් සඟරාව විසින් පිරිනමනු ලබන ඩොලර් 20,000 ෂැරන් බෙග්ලි විද්‍යා වාර්තාකරණ සම්මානය වෙත යොමු කරමිනි. 

විද්‍යාත්මක පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරන කථා සඳහා බොහෝ අරමුදල් මූලාශ්‍ර ඇති බව ග්‍රෝස් පවසයි. මේවා අතර ආහාර සහ පාරිසරික වාර්තාකරණ ජාලය (FERN), ගවේෂණාත්මක පුවත්පත් කලාව සඳහා වන අරමුදල, වර්ග විමර්ශනය, පාරිසරික පුවත්පත් කලාව සඳහා SEJ අරමුදල, ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා විද්‍යා සඟරාවේ අරමුදල සහ ඇලිසියා පැටර්සන් සාමාජිකත්වය වේ. යුරෝපයේ, ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ට ප්‍රදාන පිරිනමන නව පෘථිවි විමර්ශන වැඩසටහන ස්ථාපිත කිරීමට ආකේඩියා අරමුදල ද උදව් කර ඇත.

මෙම මාතෘකාව පිළිබඳ වැඩි විස්තර සඳහා, සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව විමර්ශනය කිරීම සඳහා GIJN හි මාර්ගෝපදේශය සහ දේශගුණික අර්බුදය පිළිබඳ අපගේ මාර්ගෝපදේශය බලන්න.

බ්ලම් තවමත් එවැනි ප්‍රයත්නයන් දැකීමට කැමති වන අතර, මාධ්‍යවේදීන් යනු දත්ත සහ සිදුවීම්වල රටා දැකීමට පුහුණු වූ නිරීක්ෂකයින් ලෙස විද්‍යාත්මක සංසිද්ධි සහ විද්‍යාත්මක ක්‍රියාවලිය විමර්ශනය කිරීමේදී දායක වනු ඇති බව විශ්වාස කරයි. “නමුත් මාධ්‍යවේදීන් යටින් පවතින විද්‍යාව තේරුම් ගත යුතු අතර, කරුණු පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතුය,” ඇය අනතුරු අඟවයි.

ෆැලෙයිරොස්ද ගැඹුරින් දැනුවත් වූ විද්‍යා පුවත්පත් කලාවේ අවශ්‍යතාවය දකියි. “විශේෂයෙන් සෞඛ්‍යය , පරිසරය සහ දේශගුණික විපර්යාස වැනි මාතෘකා සම්බන්ධයෙන් ගත් කල, අප දකින සංසිද්ධි, දකුණු ඇමරිකානු වර්ෂාපතනයට ඇමසන් වල බලපෑම හෝ අත්ලාන්තික් සාගරයේ ඇල්ගී පිපීම වැනි වඩ වඩාත් සංකීර්ණ හා ගෝලීය කාරණා වේ.” ඔහු සටහන් කරයි. “මේ ආකාරයේ ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් කලාව වැඩි වැඩියෙන් වැදගත් වන්නේ එබැවිනි.”

අතිරේක සම්පත්

Climate Crisis: Ideas for Investigative Journalists

New Data Tools and Tips for Investigating Climate Change

My Favorite Tools: Geo-Journalist Gustavo Faleiros

James Fahn විසින් Global investigative Journalism Network වෙත ලියන ලද The Rise of Science-Based Investigative Journalism නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.