මේ විශේෂාංගයෙන් සත්ව ලෝකයේ දැවැන්තයින් විසි දෙනෙක් සම්බන්ධව රසවත් තොරතුරු ගෙන ඒමට අපි සූදානම්..

ලොකුම උරගයා – කරදිය කිඹුලා

කරදිය කිඹුලා. ඡායාරූපය: Pixabay.com
  • විශාලතම පිරිමි කරදිය කිඹුලා අඩි 23 දිග සහ රාත්තල් 2,205 ක බරක් වාර්තා කර ඇත.
  • ගැහැණු සතුන් වඩා කුඩා වේ. ඔවුනගේ දිග අඩි 10 පමණ වන අතර බර රාත්තල් 330 ක් පමණ වේ.
  • වැඩිහිටි කරදිය කිඹුලන්ට සාමාන්‍යයෙන් දත් 66 ක් ඇති අතර එය ලෝකයේ ඕනෑම සතෙකුගේ ලොකුම දෂ්ට පීඩනයයි.
  • කරදිය කිඹුලන් බහුලව දක්නට ලැබෙන්නේ වෙරළබඩ ජලයේ හෝ ගංගාවල වන අතර මොවුනට පිරිසිඳු ජලයේ හා හා බ්‍රැකිෂ් ජලයේ (Brackish) පිහිනීමට හැකිය.
  • කරදිය කිඹුලන්ට අවුරුදු 70 කට වඩා ජීවත් විය හැකිය.
  • කරදිය කිඹුලන් යනු කකුළුවන්ගේ හා මාළුන්ගේ සිට කුරුල්ලන්, කැස්බෑවන්, ඌරන්, මී හරකුන් සහ මිනිසුන් දක්වා විවිධ විශේෂයන් ගොදුරු කර ගන්නා අවස්ථාවාදී සත්ව විශේෂයකි.

ලොකුම සත්වයා – නිල් තල්මසා

නිල් තල්මසා. ඡායාරූපය: Pixabay.com
  • නිල් තල්මසුන් පෘථිවියේ මෙතෙක් ජීවත් වූ විශාලතම සතුන් වන අතර උපරිම දිග අඩි 110 ක් පමණ වන අතර බර රාත්තල් 330,000 පමණ වේ.
  • නිල් තල්මසුන්ට සාමාන්‍යයෙන් අවුරුදු 80 ත් 90 ත් අතර කාලයක් ජීවත් විය හැකිය.
  • නිල් තල්මසුන් යනු සැතපුම් 1,000 ක් ඈතින් සිටින වෙනත් නිල් තල්මසුන්ට ඇසෙන ශබ්ද නිපදවිය හැකි පෘථිවියේ ඝෝෂාකාරීම සත්ව විශේෂයයි.
  • නිල් තල්මසුන්ට දිනකට  රාත්තල් 12,000 ක් (මෙට්‍රික් ටොන් 5.4) පමණ ආහාරයට ගත හැකිය.
  • නිල් තල්මසුන් සාමාන්‍යයෙන් පැයට සැතපුම් 5 ක් පිහිනන නමුත් කෙටි පිපිරීම් (short bursts) වලින් පැයට සැතපුම් 20 කට වඩා පිහිනිය හැකිය.

පියාඹන ලොකුම කුරුල්ලා – කොරී බස්ටර්ඩ්

කොරී බස්ටර්ඩ්. ඡායාරූපය: Pixabay.com
  • අනෙකුත් පක්ෂීන් මෙන් නොව, කෝරි බස්ටර්ඩ් හට ප්‍රීන් ග්‍රන්ථියක් (Preen gland) නොමැති අතර, ඒ වෙනුවට නිපදවෙන කුඩක් මඟින් පිරිසිඳුව සිටීමට ඉඩ සැලසේ.
  • වැඩුණු පිරිමි සතකු රාත්තල් 40 ක් පමණ බරකින් හා අඩි 4 ක පමණ දිගකින් යුතු වන අතර අඩි 9ක් පමණ දිගට තටු විහිදිය හැක.
  • ගැහැනු සතකු රාත්තල් 15 ක් පමණ බරකින් හා අඩි 4 ක පමණ දිගකින් යුතු වන අතර අඩි 6ක් පමණ දිගට  තටු විහිදිය හැක.
  • මොවුන් බොහෝ විට ඉර එළියේ සහ දූවිල්ලේ ස්නානය කරයි.
  • බොහෝ කුරුල්ලන් සාමාන්‍යයෙන් ජලය පානය කරන අතර කෝරි බස්ටර්ඩ්  ජලය උරා බොයි.
  • සාමාන්‍යයෙන් මෙම පක්ෂීන් නිහඬ මුත්  ඔවුන් පුදුමයට පත් වූ විට,ගොරෝසු ශබ්ද නිකුත් කරයි.
  • මොවුන් නිතරම සීබ්‍රා, ඇන්ටිලොප් සහ වෙනත් සතුන්ගේ රංචු අසල දැකිය හැකිය.

ලොකුම මිරිදිය මාලුවා – බෙලුගා ස්ටර්ජන්

බෙලුගා ස්ටර්ජන්. ඡායාරූපය: Wikimedia Commons
  • මීට වසර මිලියන 200 කට පමණ පෙර පරිණාමය වූ ස්ටර්ජන් යනු දැනට ජීවත්වන අස්ථි මසුන්ගේ වඩාත් “ප්‍රාථමික” වර්ගයකි.
  • වැඩුණු මාළුවකු දිගින් අඩි 20ක් පමණ වන අතර බරින්‍ රාත්තල් 3500ක් පමණ වේ.
  • මොවුන් මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටින බව පෙනෙන තරමක් ලැජ්ජාශීලී සත්ව විශේෂයකි.
  • මොවුනගේ ජීවිත කාලය අවුරුදු 50ක් පමණ වේ.
  • බෙලූගා ස්ටර්ජන් යනු අවම වශයෙන් ක්‍රි.පූ 1,100 සිට එහි බිත්තරවල ගුණාත්මකභාවය සඳහා ආහාරයක් ලෙස දඩයම් කරන ලද මාළුවෙකි.

ලොකුම මාංශ භක්ෂකයා – එලිෆන්ට් සීල්

එලිෆන්ට් සීල්. ඡායාරූපය: Pixabay.com
  • එලිෆන්ට් සීල් සත්වයා අවුරුද්දේ මාස නවයක් පමණ ජලයේ ගත කරයි.
  • ඔවුන් විශිෂ්ට පිහිනුම් ක්‍රීඩකයින් වන නමුත් ගොඩබිම සිටියදී ගමන් කරන්නේ අමුතු ආකාරයකිනි.
  • මොවුන්ගේ වැඩුණු පිරිමි සතුන්  දිග අඩි 20 පමණ වන අතර  බර රාත්තල් 9,000 ක් පමණ වේ ගැහැනු සත්වයා ඊට වඩා තරමක් කුඩා ය.
  • පිරිමි එලිෆන්ඩ් සීල් සතුන් Bulls ලෙසත් ගැහැනු සතුන් Cows ලෙසත් හැඳින්වේ.  හැඳින්වේ.
  • මෙම සතුන්ව වඳ වී යන තර්ජනයට මුහුණ දෙම තෙක්ම 19 වන සියවසේ දී දඩයම් කරන ඇත.
  • එලිෆන්ට් සීල් සත්වයකු වයස අවුරුදු තුනේදී වැඩිහිටියෙකු බවට පත්වේ.