එක්සත් ජනපදයේ උටා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සහ කෝර්නෙල් විශ්ව විද්‍යාලය (එක්සත් ජනපදය) විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, පසුගිය වසර 50 තුළ වායුගෝලීය ප්ලාස්ටික් හෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම ප්ලාස්ටික් අංශු දැන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව මහමාර්ග (84%), සාගරය (11%) සහ කෘෂිකාර්මික පාංශු දූවිලි (5%) ප්‍රධාන වායුගෝලීය ප්ලාස්ටික් ප්‍රභවයන් වේ. කෙසේ වෙතත්, සාගරයන්හිද ඉහළම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය පෙන්නුම් කරයි.

බිඳ වැටෙන මුහුදු රළ නිසා සිරවී ඇති වායු බුබුලු මතුපිටට නැග පුපුරා යන විට මුහුදේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික්ද වේගයෙන් ජල මතුපිට සිට ඉහළට නෙරපේ. මෙය ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජාල මතුපිටට ඉහළින් වාතයේ සිට පසුව වායුගෝලය දක්වා ප්‍රවාහනය කරයි. මෙම ක්‍රියාවලිය ‘මතුපිට හා බුබුලු පුපුරා යාමේ ක්‍රියාවලිය’ ලෙස හැඳින්වේ. 

එක්සත් රාජධානියේ ස්ට්‍රැට්ක්ලයිඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද තවත් අධ්‍යයනයකට අනුව, මෙය ක්ෂුද්‍ර ප්ලාස්ටික් වායුගෝලීය සංසරණයට විභව හේතුවක් ලෙස සැලකේ.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජෛව හායනයට ලක් නොවන බැවින්, ඒවා වායුගෝලයේ, ලිතෝස්ෆියර් සහ ජෛවගෝලවල නොනැසී පවතින ලෙසින් ප්ලාස්ටික් චක්‍රයක්ව ඇත. මෙම නැගී එන චක්‍රය ග්‍රහලෝකයේ ‘ප්ලාස්ටිකරණය’ සඳහා වගකිව යුතු බව ප්‍රකාශ කර ඇත.

එසේ සිදුවන්නේ කෙසේද? ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් වන චීනය සහ ඉන්දියාව, එක්සත් ජනපදය වැනි සංවර්ධිත රටවල් සිට ඇන්ටාක්ටිකාව, ආක්ටික් වැනි දුර බැහැර ප්‍රදේශවල පවා මයික්‍රොප්ලාස්ටික් අද බහුලව දක්නට ලැබේ. උටා-කෝර්නෙල් අධ්‍යයනය මඟීන් බටහිර එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපය, නැගෙනහිර සහ බටහිර ආසියාව ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය සඳහා උණුසුම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.

පර්යේෂකයන් දැන් ඔවුන් බලන සෑම තැනකම; ගංගා, ලොව ගැඹුරුම විල් හා පසෙහිද ක්ෂුද්‍ර ප්ලාස්ටික් සමඟ නගර වැසියන්, දුර බැහැර කඳු මුදුන් සහ පිරෙනීස් කඳුකරයේ ප්‍රංශ කොටස වැනි පෞරාණික ස්ථානයන්ගෙන් පවා සොයාගෙන ඇත.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල ප්‍රභවයන් අප අඳින ඇඳුම්, අප පදවන කාර්, මසුන් ඇල්ලීම, කිමිදීම, යාත්‍රා කිරීම සහ ගමන් කිරීම වැනි සාගර ක්‍රියාකාරකම් දක්වා වෙනස් වේ. එදිනෙදා නිෂ්පාදන සෑදීමේදී ප්ලාස්ටික් භාවිතා කරන බැවින්, අපගේ එදිනෙදා ජීවිතයේදී තනි භාවිත ප්ලාස්ටික් හෝ ඕනෑම ශ්‍රේණියේ ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය අඩු කිරීම වැදගත්ය.

පෘථිවියේ සහ එහි වැසියන්ගේ සෞඛ්‍යයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල බලපෑම හා ඇඟවුම් දරාගත නොහැකිය. මෙම වාතයේ ඇති ප්ලාස්ටික් වලට මහාද්වීපික දේශසීමා තරණය කිරීමේ හැකියාව පමණක් නොව අපගේ රුධිර ප්‍රවාහයටද ළඟා විය හැකිය.

අප හුස්ම ගන්නා වාතය, අප පානය කරන ජලය, අප ගන්නා ආහාර හෝ අප අඳින ඇඳුම් වැනි ප්‍රභවයන්ගෙ ක්ෂුද්‍ර ප්ලස්ටික් ඇන්ටාක්ටිකාවෙ කෘමීන්ගේ ආහාර මාර්ගයේ පවා තිබී සොයා ගෙන ඇත. කෙසේ වෙතත්, වාතයෙන්, ආහාරවලින් හෝ ජලයෙන් ප්ලාස්ටික් ආශ්වාස කිරීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් තීරණය කිරීම සඳහා වැඩිදුරටත් පර්යේෂණ අවශ්‍ය වේ.

වසරකට මිනිසුන් කොපමණ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අනුභව කරනවාද යන්න මත පදනම් වූ අධ්‍යයනයකට අනුව වැඩිහිටියන් වසරකට මයික්‍රො ප්ලාස්ටික් අංශු 50,000 කට අධික ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර ළමයින් 40,000 ක් පමණ පරිභෝජනය කරන බව සොයාගෙන ඇත.

ජලයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින බව තක්සේරු කළ තවත් අධ්‍යයනයකට අනුව බෝතල් කළ ජලය පමණක් පානය කළ අයෙකු එම ප්‍රභවයෙන් පමණක් වසරකට අංශු 130,000 ක් පරිභෝජනය කරනු ඇත. බොහෝ ආහාර හා බීම තවමත් පරීක්‍ෂා කර නොමැති බැවින් දත්ත හිඩැස් පිරවීම සඳහා අමතර පර්යේෂණ අවශ්‍ය වේ.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් දැන් සෑම තැනකම දක්නට ලැබෙන බැවින් ඒවායේ බලපෑම මිනිසුන්ගේ ජීවිතවලට පමණක් නොව පරිසරයටද බලපායි. කෝර්නෙල් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව, මිනිස් සෞඛ්‍යයට සහ ස්වාභාවික පරිසරයට ඒවා සෘණාත්මක හෝ නොදන්නා ප්‍රතිවිපාක ඇති කළ හැකි බව සොයාගෙන ඇත.

අමතර පර්යේෂණ හදිසි අවශ්‍යතාවයක් වන අතර, අවම වශයෙන් ඉන්දියාව වැනි ක්ෂුද්‍ර ප්ලාස්ටික් උණුසුම් කලාපයනට අයත් රටවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අධ්‍යයනය අවශ්‍ය වේ.

පුළුල් පර්යේෂණ, ප්‍රතිපත්ති හෝ තාක්ෂණයන්ට අමතරව, එය දැන් ගෝලීය පාරිසරික අවශ්‍යතාවයක් වන අතර එය ප්ලාස්ටික් භාවිතය සීමා කිරීම සඳහා පුද්ගල හෝ පෞද්ගලික උත්සාහයක් ඉල්ලා සිටී. මෙය සිදු කළ යුත්තේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු ඇතුළු නිෂ්පාදන වළක්වා ගැනීම, ස්වාභාවික තන්තු වලින් සාදන ලද ඇඳුම් තෝරා ගැනීම, තනි භාවිත ප්ලාස්ටික් නිෂ්පාදන වළක්වා ගැනීම සහ කාණු වලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැටවීම හෝ පිට කිරීම නොකිරීමෙනි.

Anushree Singh විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Plastic is now in humanity’s blood නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.