නව කොරෝනා වෛරසය සෞඛ්‍ය, සමාජ-ආර්ථික හෝ පාරිසරික වශයෙන් ලොව පුරා විවිධ ක්ෂේත්‍රයන්හි අර්බුද ඇති කිරීමට පටන්ගෙන තිබෙන අතර එමගින් සෘජු හෝ වක්‍රව ඉතා විශාල පාරිසරික බලපෑම් සිදු වෙමින් පවතී. මෙම බලපෑම් අවම කිරීම සඳහාත්, අනාගතය ගැන පුරෝකථනය කිරීම සඳහාත්, වසංගතයෙන් ඉගෙන ගැනීම සඳහාත් බුද්ධිමත් සාකච්ඡාවන්හි අවශ්‍යතාවක් පවතී.

“ශ්‍රී ලංකා පරිසරයට ඇති කොවිඩ්-19 බලපෑම්” පිළිබඳව, විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) විසින් සිය පළමු හරිත සංවාදය 2021 ජුනි 16වන දින සවස 6.00 සිට පෙ.ව 7.30 දක්වා Zoom ඔස්සේ සහ Facebook ඔස්සේ සජීවීව පැවැත්වීමට අදහස්කරගෙන සිටි.

මෙම සාකච්ඡා මාලාව Earth Journalism Network (EJN) හි සහයෝගයෙන් ‘Stories from the Margin’ වැඩසටහන යටතේ මහජන දැනුවත් කිරීම උදෙසා CIR මඟින් පවත්වන වැඩසටහනකි.

වසංගතය පරිසරය හා සෞඛ්‍යය කෙරෙහි ඇති කරන බලපෑම, ප්‍රතිකර්ම, ක්‍රියාමාර්ග සහ විභව විසඳුම් සහ ගෝලීය හදිසි අවස්ථාවකට ප්‍රතිචාරයක් ලෙස තාක්‍ෂණය හා නව්‍යකරණයේ කාර්යභාරය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි මෙම සංවාදය හරහා අවධානය යොමු කෙරේ.

සංවාදය මෙහෙය වන්නේ Internews හි ආසියාවේ සෞඛ්‍ය මාධ්‍ය උපදේශක වෛද්‍ය ජයා ශ්‍රීධර් මහත්මිය විසිනි.

මෙහි විශේෂඥ කමිටුව සඳහා සම්පත් දායකත්වය දක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය විශේෂඥ, ප්‍රජා වෛද්‍ය, වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය, කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය රංගිකා බණ්ඩාර මහත්මිය සහ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිසර විද්‍යා කථිකාචාර්ය ස්වාභාවික සම්පත් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කථිකාචාර්ය හසින්ත විජේසේකර මහතා විසිනි.