ක්‍රියාකාරීන් සහ එක්සත් ජනපද දේශපාලනඥයින්, විශේෂයෙන් හවායි ප්‍රාන්තයේ සහ වර්ජින් දූපත් ප්‍රදේශයේ වාසය කරන්නන් හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරන ආලේපන හි අඩංගු රසායනික ද්‍රව්‍ය තුනක් නැවත වර්ගීකරණය කරන ලෙසට ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයට (FDA) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඔක්සිබෙන්සෝන්, ඔක්ටිනොක්සෙට් සහ ඔක්ටොක්‍රයිලීන් නැවත වර්ගීකරණය කරන ලෙස ඉල්ලා පාරිසරික කණ්ඩායම්, ප්‍රජා නායකයින්, විද්වතුන් සහ ව්‍යාපාර 60ක එකතුවක් FDA වෙත පුරවැසි පෙත්සමක් ඉදිරිපත් කළහ.

මෙම රසායනික ද්‍රව්‍ය “ආරක්ෂිත නොවන හෝ ඵලදායී නොවන” ( ග්‍රේස් දෙවන කාණ්ඩය) කාණ්ඩය වෙත මාරු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වෙළඳපොලෙන් ඉවත් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

පෙත්සම ඉදිරිපත් කළේ රසායනික ද්‍රව්‍ය වල සෞඛ්‍ය අවදානම්, ජල මාර්ග සහ වෙරළ තීරයට ඇති අහිතකර බලපෑම් හේතුවෙනි.

මේ වසරේ මැයි මාසයේදී FDA ජාතික පරිසර ප්‍රතිපත්ති පනත යටතේ පාරිසරික බලපෑම් ප්‍රකාශයක් සකස් කිරීමේ අභිප්‍රාය පිළිබඳ නිවේදනයක් ප්‍රකාශයට පත් කළේය. 

2021 සැප්තැම්බර් 27වන දින වනවිට FDA හිරු එළිය නිරාවරණය කිරීම සඳහා යෝජිත නියෝගයක් නිකුත් කරනු ඇත.

ඔක්සිබෙන්සෝන්, ඔක්ටිනොක්සෙට් සහ ඔක්ටොක්‍රයිලීන් සහ අනෙකුත් ද්‍රාව්‍ය කාබනික පාරජම්බුල කිරණ පෙරහන් 11ක් සමඟ 2019 පෙබරවාරි මාසයේදී ග්‍රේස් කාණ්ඩය (සාමාන්‍යයෙන් ආරක්ෂිත සහ ඵලදායී ලෙස පිළිගත්) ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී.

එයට හේතුව වූයේ, නිශ්චිත ග්‍රේස් නීර්ණයන් වලට සහාය වීම සඳහා ප්‍රමාණවත් දත්ත දැනට පොදු වාර්තාවේ නොමැති බැවිනි. හිරු එළියෙන් ආරක්ෂාවීමට යොදා ගන්නා ආලේපනයන්හි බහුල වශයෙන් ඇති බවට ඇති දත්ත ප්‍රමාණවත් නොවන බව බැවින්  III කාණ්ඩය, ග්‍රේස් කාණ්ඩය ලෙස නම් කර ඇත.

ඔක්සිබෙන්සෝන්, ඔක්ටිනොක්සෙට් සහ ඔක්ටොක්‍රයිලීන් යනු හිරු එළියෙන් ලැබෙන තිර වලින් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු ක්‍රියාකාරී ද්‍රව්‍යයන් ය. නවතම පර්යේෂණ වලට අනුව ඒවා මහජන සෞඛ්‍යයට, සාගර ජීවීන්ට සහ කොරල්පර වලට තර්ජනයක්.

හිරු කිරණ ආරක්‍ෂක නිෂ්පාදන වල ඇති ඔක්ටොක්‍රයිලීන්, බෙන්සොෆෙනෝන් ලෙස පිරිහී යන අතර, එය පිළිකා කාරකයක් වන බැවින් එමගින් ප්‍රධාන හෝමෝන හා ප්‍රජනක අවයව වලට ද බාධා ඇති විය හැක. “විෂ සහිත 3 O’s” මඟින් කොරල් විනාශ කරන අතර මිනිසුන්ට සහ සාගර ජීවීන්ට සෞඛ්‍ය අවදානම් ඇති කරන බව පෙන්වා දී ඇත.

ඒවා මානව සෛල වලට හානි කරන අතර පිළිකා තත්ත්ව කරයි. මීට අමතරව හෝමෝන වලට බාධා කිරීම, මව්කිරි, රුධිරයේ සහ මුත්‍රා වල එකතු වීම පවා සිදුවේ.

මෙම රසායනික ද්‍රව්‍ය කොරල්පර හා මුහුදු ජීවීන්ට ද විනාශකාරී ය. ඔවුන් පිහිනීමේදී මිනිසුන්ගේ ශරීරයෙන් සේදී ගොස් අපජලය පිටාර ගැලීමෙන් අපවිත්‍ර වන අතර සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ඇති නමුත් ප්‍රජනන හැකියාවෙන් තොර කොරල් විරංජනය මෙන්ම වෙනත් ක්‍රියාකාරිත්වයක් නොමැති ‘සොම්බි’ කොරල්ද ඇති කරයි.

කොරල්පර සාගර පත්ලෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් ඇති නමුත් නමුත් සාගර ජීවීන්ගෙන් සියයට විසිපහකට වැඩි ප්‍රමාණයක් වාසය කරයි.

ඔක්සිබෙන්සෝන් විශේෂයෙන් කොරල්පර වලට විෂ සහිත වන්නේ ට්‍රිලියනයකට කොටස් කිහිපයක් තරම් අඩු සාන්ද්‍රණයකිනි නමුත් එය කොරල් වලට දැඩි හානි කිරීමට හෝ මරා දැමීමට ප්‍රමාණවත් වේ.

‘විෂ සහිත 3 Os’ අපවිත්‍ර ජලයේ මසුන් ඇල්ලීමේදී මිනිස් සෞඛ්‍යයට හා ආර්ථිකයටද අහිතකර ලෙස බලපායි.

Down to Earth කාර්ය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද US activists, politicians demand FDA reclassify ‘Toxic 3 Os’ used in sunscreen නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.