එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) විද්‍යාඥයින්ට අනුව, 1880 ගෝලීය උෂ්ණත්වය වාර්තා කිරීම ආරම්භ වූ දා සිට සාමාන්‍ය ගෝලීය මතුපිට උෂ්ණත්වය, හයවැනි ඉහලම උෂ්ණත්වය වීම 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය අතර විය.

ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය, එම දිනයේම (ජනවාරි 13, 2022) නිකුත් කරන ලද ගෝලීය උෂ්ණත්ව දත්ත පිළිබඳ වෙනම විශ්ලේෂණයක දී පැවසුවේ 2021 වාර්තාගත හයවන උණුසුම්ම වසර ලෙස, 2018 සමග සම වන බවයි. 2021 දෙසැම්බර් ගෝලීය මතුපිට උෂ්ණත්වය වසර 142ක වාර්තාවේ, පස්වන ඉහළම උෂ්ණත්වය ලෙස 2016 සමග බැඳී ඇත.

ගෝලීය පෘෂ්ඨයන් හරහා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.84 වන අතර එය 20 වැනි සියවසේ සාමාන්‍යයට වඩා වැඩිය. මෙය 1880-2021 වාර්තාවේ සියලුම වසර අතර හයවන ඉහළම අගය විය.

2021 ජනවාරි – දෙසැම්බර් ගොඩබිම සහ සාගර උෂ්ණත්වයේ ප්‍රතිශත. දත්ත මූලාශ්‍ර: NOAA Global temp V 5.0.0 20220108

2021, 20 වැනි සියවසේ ගෝලීය උෂ්ණත්ව සාමාන්‍යයට වඩා, ගෝලීය උෂ්ණත්වය සහිත අඛණ්ඩ 45 වැනි වසර (1977 සිට) වේ. 2013 සිට 2021 දක්වා විහිදෙන වසර නවය වාර්තාගත උණුසුම්ම වසර 10 අතරට ශ්‍රේණිගත වේ.

2021 ගෝලීය ගොඩබිම් සහ සාගර උෂ්ණත්වය වසර 21 ක කාලයෙහි සාමාන්‍යයට වඩා 1.04°C කින් වැඩි විය. නමුත් එය පූර්ව කාර්මික තත්ත්වයන් සඳහා සාධාරණ ආදේශකයක් ලෙස සැලකේ.

වාර්ෂික ගෝලීය මතුපිට උෂ්ණත්වය 1880 සිට දශකයකට 0.08°C සාමාන්‍ය වේගයකින් වැඩි වී ඇත. 1981 සිට, සාමාන්‍ය වැඩිවීමේ වේගය එම අනුපාතය මෙන් දෙගුණයකට වඩා (0.18°C) වඩා වැඩිය.

2021 වසර ආරම්භ වූයේ 2020 අගෝස්තු මාසයේදී වර්ධනය වූ මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරය හරහා සීතල අවධියක El Niño Southern Oscillation (ENSO) කථාංගයක් මධ්‍යයේ ය.

2021 උතුරු අර්ධගෝලයේ මතුපිට උෂ්ණත්වය 20 වැනි සියවසේ සාමාන්‍යයට වඩා 1.09°Cක්, වසර 142කදී වාර්තා කරමින් හයවැනි ඉහළම උෂ්ණත්වයට ලඟා විය.

උතුරු අර්ධගෝලයේ භූමි මතුපිට උෂ්ණත්වය වාර්තාගත තෙවැනි ඉහළම උෂ්ණත්වය 2016 (දෙවන) සහ 2020 (පළමු) ලෙස වාර්තා විය. 2021 දක්ෂිණ අර්ධගෝලයේ මතුපිට උෂ්ණත්වය වාර්තාගත නවවැනි ඉහළම උෂ්ණත්වය විය.

2021 දී උතුරු අප්‍රිකාව, දකුණු ආසියාව සහ දකුණු ඇමරිකාවේ ප්‍රදේශ හරහා ගොඩබිම් මතුපිට වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් මනිනු ලැබිණි. අත්ලාන්තික් සහ පැසිෆික් සාගරවල කොටස් හරහා වාර්තාගත ඉහළ මුහුදු මතුපිට උෂ්ණත්වයක් නිරීක්ෂණය විය.

ඉහළ සාගර තාප ප්‍රමාණය (සාගරයේ මීටර් 0-2000 ගැඹුරේ ගබඩා කර ඇති තාප ප්‍රමාණය) 2021 දී වාර්තාගත ඉහළ අගයක් ගත් අතර, එය 2020 දී පිහිටුවන ලද පෙර වාර්තාව අභිබවා ගියේය.

ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්ථානයේ විශ්ලේෂණයකට අනුව 2021 දෙසැම්බර් මාසයේදී ඇන්ටාක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය වර්ග සැතපුම් මිලියන 3.55 ක් විය. මෙම අගය සාමාන්‍යයට වඩා සියයට 11.6 ට වඩා අඩු වන අතර වාර්තාගත තුන්වන කුඩාම අගය දෙසැම්බරයේ විය. 

කැලිෆෝනියාව පදනම් කරගත් ලාභ නොලබන පර්යේෂණ සංවිධානයක් වන බර්ක්ලි අර්ත් (2013 සිට ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්ව වෙනස්වීම් පිළිබඳ ස්වාධීන විශ්ලේෂණ සූදානම් කරමින්) 2021 හයවන උණුසුම්ම වසර ලෙස ශ්‍රේණිගත කර ඇත.

NASA පරිපාලක බිල් නෙල්සන් මෙසේ පැවසීය: “අපේ පෘථිවියේ ඉහළම උණුසුම්ම වසර 10 න් අටක්ම පසුගිය දශකය තුළ සිදු විය, එය අවිවාදිත කරුණක් වන අතර එය අපේ රටේ සහ සමස්ත මානව වර්ගයාගේ අනාගතය ආරක්ෂා කිරීමට නිර්භීත ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය අවධාරනය කරයි.”

Susan Chacko විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද 2021 sixth warmest year since 1880 නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.