ලාභ නොලබන ආයතනයක් වන ‘දරුවන් සුරකිමු’ ආයතනය විසින් කරන ලද නවතම අධ්‍යයනයකට අනුව 2020 දී ඉපදුණු දරුවන් දේශගුණික විපර්යාස හේතුවෙන් ජීවිත කාලය පුරාම අධික උණුසුම, ගංවතුර, නියඟය සහ ලැව්ගිනි වලට මුහුණ දෙනු ඇත.

මෙම ළමුන් සාමාන්‍යයෙන් මෙන් දෙගුණයකටත් වඩා ලැව් ගිණි වලට මුහුණ දෙනු ඇත. 1960 දී ඉපදුණු පුද්ගලයෙකුට සාපේක්‍ෂව බෝග අසාර්ථක වීමේ අවදානම 2.8 ගුණයකින්ද, නියඟය 2.6 ගුණයකින්ද, 2.8 ගුණයක ගංවතුර අත්දැකීම්ද අත්විඳීමට සිදුවන අතර ජීවිත කාලය පුරාම 6.8 ගුණයක තාප තරංග අත්විඳීමටද සිදුවනු ඇති බව අධ්‍යයනයේ සඳහන් වේ.

Vrije Universiteit Brussel (VUB) විසින් මෙහෙයවනු ලබන අන්තර්ජාතික දේශගුණික පර්යේෂකයින් කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් සිදු කරන ලද මෙම අධ්‍යනයෙහි දැක්වෙන්නේ, අඩු හා මධ්‍යම ආදායම් ලබන බොහෝ රටවල දරුවන් අහිතකර දේශගුණික විපර්යාසයන්ට තවදුරටත් ගොදුරු වන බවයි.

‘දේශගුණික අර්බුදය තුල ඉපදීම’ වාර්තාවනට අනුව ළමා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සඳහා අප දැන් ක්‍රියා කළ යුත්තේ ඇයි දැයි විමසමින් රටවල් 178 ක, ජීවිත කාලය පුරා සාමාන්‍ය පුද්ගලයෙකුගේ දේශගුණික බලපෑම් වලට නිරාවරණය වීම ගණනය කරන ලදි.

එම වාර්තාවේ සොයා ගැනීම් අතර:

  • පලස්තීනය, ඇෆ්ගනිස්ථානය සහ පැපුවා නිව්ගිනියාවේ 2020 දී උපත ලැබූ දරුවන් පසුගිය පරම්පරාවට සාපේක්ෂව ජීවිත කාලය පුරාම ඇති වන ලැව් ගිණි අවදානම මෙන් දෙගුණයකට ආසන්න ය.
  • පෘතුගාලයේ අලුත උපන් දරුවන් පෙර පරම්පරාවට වඩා 1.8 ගුණයක ලැව් ගින්නකට මුහුණ දෙනු ඇති.
  • උප සහරා අප්‍රිකාවේ, 1960 දී ඉපදුණු පුද්ගලයෙකුට වඩා 2020 දී අලුත උපන් බිළිඳුන් තම ජීවිත කාලය තුළ 2.6 ගුණයක අස්වැන්න බිඳවැටීම් වලට මුහුණ දෙනු ඇත. දකුණු ආසියාවේ මෙම අනුපාතය 3.6 ගුණයක් දක්වා වැඩි වන අතර මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ 4.4 ගුණයකින් වැඩි වේ.
  • ඇෆ්ගනිස්ථානයේ අලුත උපන් බිළිඳුන් තම ජීවිත කාලය තුළ නියං තත්ත්වයන්ට 5.3 ​​ගුණයකටත් වඩා මුහුණ දෙනු ඇත. ටැන්සානියාවේ සහ කෙන්යාවේ නියඟයට නිරාවරණය වීමේදී දරුවන් පිළිවෙලින් 2.8 සහ 4.6 ගුණයකට වඩා මුහුණ දෙනු ඇත. ගෝලීය සාමාන්‍යයට වඩා 1.5 ගුණයක වේගයෙන් උෂ්ණත්වය ඉහළ යන සහේල් හි 21 වන සියවස අවසන් වන විට කෘෂිකාර්මික අස්වැන්න 20% කින් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.
  • බටහිර යුරෝපයේ, අලුත උපන් බිළිඳකු පසුගිය පරම්පරාවලට සාපේක්ෂව නියඟයට ආසන්න වශයෙන් සමාන නිරාවරණයකට මුහුණ දෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.
  • උප-සහරා අප්‍රිකාවේ වැඩිහිටි පරම්පරාවට වඩා 3.8 ගුණයක් සහ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ 4.5 ගුණයක් දක්වා අලුත උපන් දරුවන් සඳහා ජීවිත කාලය නිරාවරණය වීම ඉහළ යයි.
  • 2020 දී යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ උපත ලැබූ දරුවන්ට පෙර පරම්පරාව හා සසඳන විට 4.8 ගුණයක තාප ඉහල යාමක් බලපානු ඇති.
  • අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල, අලුත උපන් බිළිඳුන් නිරාවරණය වීමේ වැඩි වීම කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 9 ගුණයක් සහ එරිත්‍රියාවේ 11.6 ගුණයක් දක්වා ඉහළ යනු ඇත. දකුණු හා මධ්‍යම ආසියාවේ නිරාවරණය තව දුරටත් ඉහළ යන අතර 1960 දී තජිකිස්තානයේදී උපත ලැබූ පුද්ගලයෙකු මෙන් 15.9 ගුණයක් සහ ඇෆ්ගනිස්ථානයේ මෙන් 18 ගුණයක් වැඩි වේ.

කාර්මික පූර්ව මට්ටමට වඩා උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමෙන් අලුත උපන් බිළිඳුන් ජීවිත කාලය පුරාම තාප තරංග වලට නිරාවරණය වීම 45% කින්ද  නියඟය 39% කින්ද ගංවතුර 38% කින්ද වගා හානිය 28% කින් මෙන්ම ලැව් ගින්න 10% කින් අඩු කළ හැකි බව ද වාර්තාවෙන් සොයාගෙන ඇත.

අධික වායු විමෝචන අඩු කිරීම තුළින් කාලගුණික විපර්යාසයෙහි බලපෑම අඩුවන අතර එය වැඩි වැඩියෙන් දරුවන් පාසැලේ තබා ගැනීමට උපකාරී වනවා මෙන්ම මන්දපෝෂණය වැඩිවීම වැළැක්වීමට උපකාරී වේ. අවසානයේදී මෙය ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සිදු කරන බව වාර්තාවේ දැක්වේ.

ළමයින් සමාන කොටස් කරුවන් ලෙස සහ මෙම වෙනස්වීම් වලට බලපාන ප්‍රධාන නියෝජිතයින් ලෙස පිළිගැනීම මඟින් සමාජ ආරක්ෂණ පද්ධති ඉහළ නැංවීම සහ උණුසුම් වීම සීමා කිරීම සඳහා නිර්භීත ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු ක්‍රියාකාරකම්, වාර්තාව නිර්දේශ කරයි.

Down to Earth කාර්ය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Children born in 2020 will experience 6.8 times more heatwaves than those born in 1960: Report නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.