වසර 142ක් තුළ පෘථිවියේ වාර්තා වූ පස්වන උණුසුම්ම මාසය මේ වනවිට වාර්තා වී ඇති බව පාරිසරික තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පවසයි.

ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ ගෝලීය වාර්තාව පෙන්වා දෙන පරිදි මෙම මාසය වාර්තාගත කුණාටු සහිත මාසයක් විය.

මෙම මාසයේ සාමාන්‍ය ගෝලීය පෘෂ්ඨයේ (ගොඩබිම හා සාගර) උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.88කි. එය 20 වන සියවසේ සාමාන්‍යය, සෙල්සියස් 15.5ට වඩා ඉහළ අගයක් ගනී.

මෙම ජුනි මාසයේදී ගොඩබිම පමණක් උෂ්ණත්වය ගෝලීය වශයෙන් ඉහළම අගය වාර්තා කළේය. එය 2019 ජුනි වාර්තාවේ ඉහළින්ම සිටින අතර සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.42ක් වී ඇත.

උතුරු අර්ධගෝලයේ රටවල්, පසුගිය ජුනි මාසයේදී රසදිය මට්ටම් ඉක්මවා ගිය, ලොව පුරා උෂ්ණත්වය ඉහළ දැමූ රටවල් විය.

උතුරු අප්‍රිකාව සහ අප්‍රිකාව ඔවුන්ගේ උණුසුම්ම කාලගුණය 2021 ජුනි මස අත්වින්දේය. “යුරෝපයේ ජුනි මස උෂ්ණත්වය වාර්තාගත දෙවන ඉහළම අගය වන අතර ආසියාවෙහි 2021 ජුනි, 2010 ජුනි මාසයට සාපේක්ෂව දෙවන උණුසුම්ම වාර්තාව විය” යනුවෙන් කතුවරුන්, වාර්තාවේ ලියා ඇත.

ආක්ටික් අයිස් වල භූමි ප්‍රමාණය පසුගිය මාසයේදී එහි හයවන අඩුම මට්ටමට ලඟාව වර්ග සැතපුම් මිලියන 4.14ක් විය. එය 1981-2010 සාමාන්‍යයට වඩා වර්ග සැතපුම් 405,000ක අඩුවක් බව වාර්තාව පෙන්වා දෙයි.

ජුනි මාසයේදී ලොව පුරා නිවර්තන සුළි සුළං 9 ක් ඇතවූ අතර, 1997 සහ 2018 දී වූ වාර්තාවනට වඩා එක් කුණාටුවක් අඩුය. 2021 දී අත්ලාන්තික් සාගරයේ නම් කරන ලද කුණාටු හතරක් ඇති අතර, පළමු මාස ​​හය තුළ 2012, 2016 සහ 2020 සමඟ වැඩිම වාර ගණනක වාර්තාව එය වේ.

2021 මුල් භාගය වාර්තාගත අටවන උණුසුම්ම අවස්ථාව වන අතර එය ගෝලීය උෂ්ණත්වය ෆැරන්ඩ්හයිඩ් අංශක 1.42  (සෙල්සියස් අංශක 0.79)කි. එය 20වන සියවසේ සාමාන්‍ය ෆැරන්ඩ්හයිඩ් අංශක සෙල්සියස් අංශක 56.3 (13.5) ට වඩා ඉහළ අගයක් ගනී.

වර්ෂය ආරම්භයේ සිට අප්‍රිකාවට තෙවන උණුසුම්ම, ආසියාව සඳහා අටවන උණුසුම්ම, දකුණු ඇමරිකාවට දහවන උණුසුම්ම හා උතුරු ඇමරිකාවට එකොළොස්වන උණුසුම්ම වාර්තාව මෙය විය.

Down to Earth කාර්යය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද This June was the fifth-warmest on record නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.