2026 වන විට ලොවට පුහුණු සුළං කාර්මික ශිල්පීන් මිලියන භාගයකට වඩා අවශ්‍ය වනු ඇත.

සුළං අංශයේ ශ්‍රම බලකාය පිළිබඳ වාර්තාව, ශුද්ධ ශුන්‍ය ඉලක්ක සපුරාලීමට කාර්මික ශිල්පීන්ගේ 33% වැඩිවීමක් අපේක්ෂා කරයි.

2026 වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළං බලඇණිය ඉදිකිරීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා ගෝලීය වශයෙන් පුහුණු සුළං කාර්මික ශිල්පීන් මිලියන භාගයකට වඩා අවශ්‍ය වන බව නව වාර්තාවක් පෙන්වා දෙයි.

උප-සහාරා අප්‍රිකාවේ විශාලතම සුළං බලශක්ති වෙළඳපොල ඇති දකුණු අප්‍රිකාවට ශුද්ධ ශුන්‍ය ඉලක්ක සපුරාලීමට 2026 වන විට එවැනි කාර්මික ශිල්පීන් 6,600 ක් අවශ්‍ය වනු ඇත.

ගෝලීය සුළං ශ්‍රම බලකාය 2022-2026, ලාභ නොලබන ගෝලීය සුළං සංවිධානය (GWO) සහ සුළං බලශක්ති අංශය සඳහා සංසදයක් වන ගෝලීය සුළං ශක්ති කවුන්සිලය (GWEC) විසින් 2022 සැප්තැම්බර් 26 දින එලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඉදිරි වසර පහ තුළ ගෝලීය වශයෙන් අවශ්‍ය වන සුළං කාර්මික ශිල්පීන් සංඛ්‍යාව 2021 දී 426,700 සිට 2026 දී 568,800 දක්වා 33% කින් ඉහළ යනු ඇතැයි වාර්තාව පුරෝකථනය කරයි.

සෑම වසරකම නව කාර්මික ශිල්පීන් 28,000 කට වැඩි පිරිසක් ගෝලීය සුළං ශ්‍රම බලකායට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, සේවක සැපයුමෙහි පුරෝකථනය කරන ලද හිඩැස් සපුරාලීම සඳහා කර්මාන්ත-සම්මත ආරක්ෂාව සහ තාක්ෂණික පුහුණු ධාරිතාවේ වේගවත් වර්ධනයක හදිසි අවශ්‍යතාවය වාර්තාව සඳහන් කළේය.

ඉදිකිරීම් සහ ස්ථාපන (C&I) සහ මෙහෙයුම් සහ නඩත්තු (O&M) සඳහා, 2021 ශ්‍රම බලකායෙන් 28% ක් පමණ වන කාර්මික ශිල්පීන් 119,000ක් GWO හි මූලික ආරක්ෂක පුහුණු ප්‍රමිතියෙන් අවම වශයෙන් වලංගු සහතිකයක් තබා ඇත. 449,800 ක අතිරේක ශ්‍රම බලකායක් සඳහාදද සුළං කර්මාන්ත පුහුණුව අවශ්‍ය වේ. (2022-2026 වාර්තාව)

චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඉන්දියාව, බ්‍රසීලය, ජපානය, දකුණු අප්‍රිකාව, වියට්නාමය සහ දකුණු කොරියාව යන රටවල් 9කට, දැනට සිටින 449,800ක පුහුණු කාර්මික ශිල්පීන් ප්‍රමාණයෙන් 85%කට වැඩි අමතර ප්‍රමාණයක් 2026 වන විට අවශ්‍ය වේ.

සම්මත ආරක්ෂණ පුහුණුව, ශ්‍රම බලකායේ නිපුණතාවය සහ ආරක්ෂාව වැඩි කිරීමට පමණක් නොව ශ්‍රම බලකායේ සංචලනය වැඩි කිරීමටද උපකාරී වේ.

කලාපීය විවිධත්වය සහ වෙළඳපල වර්ධනය සඳහා මෙම රටවල් නවය තෝරාගෙන ඇත. ඒකාබද්ධව, ඔවුන් 2022 සිට 2026 දක්වා ලොව පුරා බලාපොරොත්තු වන සියලුම, භූමිය මත සහ භූමියෙන් පිටත සුළං ධාරිතා එකතු කිරීම් වලින් 75%ක්, (ගිගාවොට් 417)ක නියෝජනයක් කරයි.

සමස්ත තාක්‍ෂණ ශිල්පීන් සංඛ්‍යාව 2021 සිට 2026 දක්වා 92% කින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර එම කාලසීමාව තුළ භූමිය මතද 27%ක සාපේක්ෂතාවයකින් වැඩි වනු ඇතැයි විශ්ලේෂකයන් පවසයි.

කෙසේ වෙතත්, ඉදිරි වසර පහ තුළ භූමියෙන් පිටත සුළං තාක්‍ෂණ ශිල්පීන් කොටස් නිෂ්පාදනයක කරනු ඇත. නමුත් 87% ක් භූමිය මත, බොහෝ දුරට O&M තුළ පිහිටා තිබෙනු ඇත.

මෙම වාර්තා ගොඩනගා ඇත්තේ ගෝලීය සුළං සංවිධානයහි ශ්‍රම බලකායේ පුරෝකථන ආකෘතියේ ප්‍රතිදානයන් මත, උපදේශන සමාගමක් වන පුනර්ජනන උපදේශන කණ්ඩායමේ සහායද ඇතිවය.

 ගෝලීය සුළං ශක්ති කවුන්සිලය සහ ගෝලීය සුළං සංවිධානයට අනුව, ස්ථාවර සහ තිරසාර කර්මාන්ත සංවර්ධනයක් පුරෝකථනය කිරීමෙන් වර්ධනය වන සුළං බලශක්ති කර්මාන්තයේ ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා විශ්වාසය ගොඩනැගීමට විශ්ලේෂණය උපකාරී වනු ඇත.

එය ව්‍යාපාර සහ රැකියා උත්පාදනය පෝෂණය කිරීමේ දැවැන්ත අවස්ථාව පිළිබඳ දැනුවත්භාවය වැඩි කරයි.

දකුණු අප්‍රිකාව ගිගාවොට් 3.2ක සමුච්චිත සුළං ධාරිතාවක් වෙරලේ ස්ථාපිත කර ඇත. කෙසේ වෙතත්, සුළං මගින් සපයනු ලබන්නේ රටේ විදුලි අවශ්‍යතාවයෙන් 3% පමණි.

ලෝක බැංකු සමූහයට අනුව ප්‍රබල, ‘භූමියෙන් පිටත සුළං විභවයක්’ ඇති අතර, අදාළ මුහුදු සීමාව තුළ එහි ගිගා වොට් 852 සම්පතක් ඇත.

දකුණු අප්‍රිකාවේ ඛනිජ සම්පත් හා බලශක්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රංශ පුනර්ජනනීය බලශක්ති සංවර්ධක සහ ක්‍රියාකරු ඊඩීඑෆ් රිනිවර්බල්ස් සමඟ වෙරළබඩ සුළං බලශක්ති උත්පාදන ව්‍යාපෘති තුනක් සඳහා ව්‍යාපෘති සංවර්ධන ගිවිසුමක් මෑතකදී අත්සන් කර ඇත.

Arya Rohini විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද The world will need more than half a million trained wind technicians by 2026 නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.