නව අධ්‍යයනයකට අනුව වාර්ෂික භෝග, බහු වාර්ෂික ජෛව බලශක්ති භෝග බවට පරිවර්තනය කිරීමෙන් ඒවා වගා කරන ප්‍රදේශවලට සිසිලන බලපෑමක් ඇති කළ හැකිය.

ජෛව ශක්ති භෝග යටතේ වගා කරන ප්‍රදේශය ගෝලීය මුළු භූමි ප්‍රමාණයෙන් 3.8%ක් ± 0.5%ක් හිමිකර ගනී. නමුත් ඒවා ප්‍රබල කලාපීය ජෛව භෞතික බලපෑම් ඇති කරන අතර එමගින් වායු උෂ්ණත්වය සෙල්සියස් අංශක −0.08 සිට +0.05 දක්වා ගෝලීය ශුද්ධ වෙනසක් ඇති කරයි.

වසර 50ක මහා පරිමාණ ජෛව ශක්ති භෝග වගාවෙන් පසු ප්‍රබල කලාපීය ප්‍රතිවිරෝධතා සහ අන්තර් වාර්ෂික විචල්‍යතාවයන් සමග ගෝලීය වායු උෂ්ණත්වය 0.03-0.08 °C කින් අඩු වන බව පර්යේෂකයන් සොයා ගත්හ.

ජෛව ශක්ති භෝග වගාවේ ජෛව භෞතික සිසිලනය හෝ උණුසුම් බලපෑම්, වගා සිතියම සහ ජෛව බලශක්ති බෝග වර්ගයා මත පදනම්ව, උෂ්ණත්ව වර්ධක සීමා කරමින් කාබන් ග්‍රහණය සහ ගබඩා (BECCS) සමග, එහි සඵලතාවය සැලකිය යුතු ලෙස ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට ඉඩදේඩදේ.

මහා පරිමාණ ජෛව ශක්ති භෝග වගාව, ගෝලීය පරිමාණයෙන් ජෛව භෞතික සිසිලන බලපෑමක් ඇති කරයි. නමුත් වායු උෂ්ණත්වය වෙනස් වීම, ප්‍රබල අවකාශීය වෙනස්කම් සහ අන්තර් වාර්ෂික විචල්‍යතාවයන් ගෙනදෙනු ඇත.

ශාකසාර, භෝග හා සසඳන විට වගා කලාපවල දැවමය භෝග මගින් ඇති කරන ශක්ති ප්‍රවාහවල වෙනස්වීම් විශාල වන අතර විවිධ වගා සිතියම් හරහා සිසිලන බලපෑම, ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න වන බව Nature Communications හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයේ සඳහන් වේ.

Gingmeng Wang විසින් මෙහෙයවනු ලැබූ, Global Change Studies ආයතනය, Tsinghua University, Beijing දේශගුණය අවම කිරීම සඳහා ඔවුන්ගේ භූමිකාව සම්පූර්ණයෙන් තක්සේරු කිරීමටට මහා පරිමාණ ජෛව බලශක්ති භෝගවල ජෛව භෞතික දේශගුණික බලපෑම් දෙස බැලූහ.

පර්යේෂකයන් විසින් අනාගත ජෛව බලශක්ති බෝග වගා අවස්ථා රාශියක ජෛව භෞතික දේශගුණික බලපෑම අනුකරණය කරන ලදී. ඒ යුකැලිප්ටස්, පොප්ලර්, විලෝ, මිස්කැන්තස් සහ ස්විච් ග්‍රාස් ආදී, අධ්‍යයනයේ දී භාවිතා කරන ලද ජෛව බලශක්ති බෝග වේ.

ජෛව ශක්ති භෝග අවස්ථා වල උෂ්ණත්ව වෙනස්වීම්, ඉතා විශාල අවකාශීය වෙනස්කම් සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වැදගත් දේශගුණික දුරකථන සම්බන්ධතා ඇති බවට අනතුරු ඇඟවීය.

ඇලස්කාවේ සහ වයඹදිග කැනඩාවේ උනුසුම් බලපෑම්, සංයුක්ත වගා සිතියම මත පදනම් වූ පරමාදර්ශී ජෛව ශක්ති භෝග අවස්ථා හතරෙන් දියවන නිත්‍ය හිම වලින් හරිතාගාර වායු මුදා හැරීමට ඉඩ ඇත.

යුරේසියාවේ ප්‍රබල සිසිලන බලපෑම්, 60°N සහ 80°N අතර, නිත්‍ය තුහින දියවීමෙන් ආරක්ෂා කිරීමට හෝ තෙත්බිම් වලින් මීතේන් විමෝචනය අඩු කිරීමට ඉඩ ඇත.

මෙම අධ්‍යයනයෙන් බෝග වර්ගය තෝරාගැනීමේ වැදගත්කම, ජෛව බලශක්ති බෝගය ව්‍යාප්ත කරන ලද මුල් ඉඩම් පරිහරණ වර්ගය, සම්පූර්ණ වගා ප්‍රදේශය සහ එහි අවකාශීය ව්‍යාප්ති රටාවන් ද පෙන්නුම් කරන ලදී.

යුකැලිප්ට්ස් වගා කිරීම සාමාන්‍යයෙන් ප්‍රධාන ජෛව බලශක්ති බෝගය ලෙස ස්විච් තණකොළ භාවිතා කරනවාට වඩා ශක්තිමත් සිසිලන බලපෑමක් පෙන්නුම් කරයි. එයින් ගම්‍ය වන්නේ ඉඩම් ජෛව භෞතිකව සිසිලනය කිරීමේදී ස්විච් තණකොළවලට වඩා යුකැලිප්ට්ස් හොඳ බවයි.

වනාන්තර වෙනුවට ස්විච් ග්‍රාස් යෙදීමෙන් ජෛව භෞතික උනුසුම් බලපෑම් ඇති වනවා පමණක් නොව අනෙකුත් කෙටි වෘක්ෂලතා, ජෛව ශක්ති භෝග බවට පරිවර්තනය කිරීමට වඩා වන විනාශය හරහා වැඩි කාබන් ප්‍රමාණයක් මුදා හැරෙන බැවිනි.

එබැවින් වන විනාශය වැළැක්විය යුතුය. ජෛව භෞතික බලපෑම්වල වෙනස්කම්හි විශාලත්වය වගා කරන ලද මුළු ප්‍රදේශය මත රඳා පවතී.

යුකැලිප්ට්ස් සඳහා සිසිලන බලපෑම් වැඩි වන අතර ස්විච් ග්‍රාස් සඳහා විශාලතම උණුසුම් බලපෑම්ද දක්නට ලැබේ.

ජෛව ශක්ති භෝග වගාවේ ජෛව භෞතික බලපෑම් ගෝලීය උෂ්ණත්වය සෘජුවම වෙනස් කරනවා පමණක් නොව, ස්වාභාවික හරිතාගාර වායු ප්‍රවාහයන් කෙරෙහි ද්විතියික බලපෑම්ද ඇති කරයි. එය මහා පරිමාණ BECCS යෙදවීම සලකා බැලීමේදී ද සැලකිල්ලට ගත යුතු බව අධ්‍යයනය සඳහන් කළේය.

Susan Chacko විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Bioenergy crops create cooling effect on cultivated areas: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.