නව අධ්‍යයනයකට අනුව පැරණි මිනිසුන් දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිචාර වශයෙන් නව වාසස්ථානවලට පදිංචි වීම සහ අනුවර්තනය වීම මගින් පරිණාමය වී ඇත.

පෘථිවි අක්ෂයේ ඇලවීම සහ සූර්යයා වටා පෘථිවි කක්ෂයේ හැඩය වෙනස් වීම වැනි තාරකා විද්‍යාත්මක බලවේග විසින් මෙහෙයවනු ලබන දේශගුණික විපර්යාස – සූර්ය විකිරණ ග්‍රහලෝකයට කොපමණ ප්‍රමාණයක් ළඟා වේදැයි බලපා ඇති බව ‘Nature’ හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක සඳහන් කළේය.

පර්යේෂකයන්ට අනුව මෙය අයිස් යුගය සහ උණුසුම් අන්තර් ග්ලැසියර කාලපරිච්ඡේදය ඇති කිරීමට හේතු විය. මෙම දේශගුණික විපර්යාස ආහාර ලබා ගත හැකි ස්ථාන තීරණය කිරීම, සංක්‍රමණය සහ අනුගතවීම් තීරණය කරන බව අධ්‍යයනය සඳහන් කළේය.

“පුරාණ මිනිසුන් තාරකා විද්‍යාත්මක දත්ත මගින් අතීත දේශගුණික විපර්යාස තීරණය කොට ඔවුන් ජීවත් වූ ස්ථානය සහ ඔවුන්ගේ නව වාසස්ථාන සහ ආහාර රටාවන්ට කෙසේ අනුවර්තනය විය යුතුද යන්න තීරණය කළහ.” යැයි අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන දකුණු කොරියාවේ  පුසාන් ජාතික විශ්ව විද්‍යාලයේ දේශගුණික භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ (ICCP) අධ්‍යක්ෂ ඇක්සෙල් ටිමර්මන්, ඩවුන් ටු අර්ත් වෙත පැවසීය.

හෝමෝ නියන්දර්තලන්සිස්, හෝමෝ ඉරැක්ටස්,හෝමෝ හෙයිදෙල්බර්ගේන්සිස්, අප්‍රිකානු හෝමෝ – හෝමෝ හැබිලිස්, හෝමෝ එර්ගස්ටේර් සහ හෝමෝ සේපියන් යන මානව පෙළපත් පහක වාසස්ථාන පර්යේෂකයන් විසින් සිතියම් ගත කළහ.

පෙර අධ්‍යයනයන් දේශගුණික විපර්යාස සහ මානව පරිණාමය අතර සම්බන්ධය විමර්ශනය කර ඇත. අදහස පැරණි වුවද, ප්‍රමාණාත්මකව මෙම උපකල්පනයට සහය දැක්වීමට ඇත්තේ ඉතා සුළු දෘඪ දත්ත බව ටිමර්මන් වැඩිදුරටත් පැවසීය.

පර්යේෂකයන් මෙම පරතරය විසඳීමට උත්සාහ කළේ හොඳින් කාල නිර්ණය කළ පොසිල අවශේෂ සහ පුරාවිද්‍යාත්මක කෞතුක වස්තු පිළිබඳ දත්ත ඒකාබද්ධ කිරීමෙනි. පසුගිය වසර මිලියන දෙකක කාලය තුළ පෘථිවි දේශගුණික ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට සුපිරි පරිගණකයක් ඔවුන්ට උපකාර කළේය.

ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව, හෝමෝ ඉරෙක්ටස් සහ හෝමෝ සේපියන්ස් වඩාත් පුළුල් වාසස්ථාන සතු විය. නියැන්ඩර්තාල්වරු යුරෝපයේ වැඩි වශයෙන් සංකේන්ද්‍රණය වී සිටි අතර, මුල් අප්‍රිකානු හෝමෝවරුන් නැගෙනහිර සහ දකුණු අප්‍රිකාවේ රැකවරණය සොයා ගත්හ. හෙයිදෙල්බර්ගේන්සිස් දකුණු අප්‍රිකාවේ, නැගෙනහිර අප්‍රිකාවේ සහ යුරේසියාවේ පදිංචි වූ බව අධ්‍යයනයෙන් තීරණය විය.

මානව විශේෂ පහම විශේෂිත වාසස්ථානයක් සඳහා මනාපයක් පෙන්නුම් කළද, ඔවුන් දේශගුණික විපර්යාසයන්ට ප්රතිචාර දැක්වූ බව පර්යේෂකයන් අවධාරණය කරයි.

“නිදසුනක් වශයෙන්, හෝමෝ හයිඩෙල්බර්ජන්සිස් සහ නියැන්ඩර්තාල්වරුන්ට උතුරු යුරෝපයෙන් සංක්‍රමණය වීමට සිදු වූයේ අයිස් යුගයේදී එම කලාපය සීතල හා වියලි බවට පත් වූ නිසයි.” ටිමර්මන් පැහැදිලි කළේය.

එමනිසා, ඔවුන් ප්‍රමාණවත් තරම් ආහාර තිබූ මධ්‍යධරණී මුහුදට දකුණට ගියා. ග්ලැසියර තත්ත්වය අවසන් වූ විට, ඉක්මනින් වනාන්තර උතුරු දෙසට ව්‍යාප්ත වූ අතර, සතුන් සහ හෝමෝ හයිඩෙල්බර්ජන්සිස් සහ නියැන්ඩර්තාල්වරු ද වේගයෙන් ඒ දෙසට ගමන් කළහ.

ටිමර්මන් සහ ඔහුගේ සගයන් ද සොයා ගත්තේ මීට වසර මිලියන දෙකේ සිට 10 දක්වා කාලයකට පෙර, මුල් අප්‍රිකානු හෝමෝවරුන් ස්ථායී දේශගුණික තත්ත්වයන්ට කැමති වූ අතර, පටු වාසයට සුදුසු කොරිඩෝවල නැවතී සිටි බවයි.

අනෙක් අතට, හෝමෝ හයිඩෙල්බර්ජන්සිස් සංක්‍රමණය වුයේ ආහාර සම්පත් වඩා පුළුල් පරාසයක භාවිතා කිරීමට හැකි නව පරිසර පද්ධති වෙතයි. වසර 800,000කට පමණ පෙර සිදු වූ ප්‍රධාන දේශගුණික සංක්‍රාන්තියක් මෙම සංක්‍රමණයට හේතු වූ බව අධ්‍යයනයෙන් හෙළි විය.

“පෞරාණික මිනිසුන් විසින් නව පරිසරයට අනුවර්තනය වීම හෝ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වීමට සිදු විය,” ටිමර්මන් පැවසීය.

හෝමෝ හයිඩෙල්බර්ජන්සිස් යුරෝපයේ සහ නැගෙනහිර ආසියාවේ දුරස්ථ ප්‍රදේශ කරා ළඟා වීමෙන් ගෝලීය ඉබාගාතේ යන්නන් බවට පත් වූ බව  පුසාන් ජාතික විශ්ව විද්‍යාලයේ හි පශ්චාත් උපාධි අපේක්ෂක සහ අධ්‍යයනයේ සම කර්තෘ එල්කි සෙලර් පවසයි. “දේශගුණික තත්ත්වයන්, ආහාර සුරක්ෂිතතාවට දැඩි ලෙස සම්බන්ධ වී ඇත,” ටිමර්මන් වැඩිදුරටත් පැවසීය.

එක් විශේෂයක් තවත් විශේෂයක් බවට පත් වූයේ කවදාද සහ කෙසේද යන්න ලේඛනගත කිරීමෙන් පර්යේෂකයන් තවත් පියවරක් ඉදිරියට ගියේය. ප්‍රධාන අයිස් යුගයේ චක්‍ර ආරම්භ වූ විට, හෝමෝ හයිඩෙල්බර්ජන්සිස් කණ්ඩායම්  යුරෝපීය සහ අප්‍රිකානු ලෙස දෙකකට බෙදී ගියේයැයි අධ්‍යයනය පවසයි.

වසර 400,000-500,000 කට පමණ පෙර යුරෝපීය කණ්ඩායම ක්‍රමයෙන් නියැන්ඩර්තාල්වරුන් බවට පරිණාමය වන්නට ඇතැයි ටිමර්මන් පෙන්වා දුන්නේය.

අධ්‍යයනයට අනුව වසර 200,000-300,000 කට පමණ පෙර, අප්‍රිකානු කණ්ඩායම මහාද්වීපයේ දකුණු කොටසේ පැරණිතම හෝමෝ සේපියන්ස් බවට වර්ධනය විය හැකිය.

නිරන්තර කටුක දේශගුණික තත්ත්වයන් එක් විශේෂයකින් තවත් විශේෂයකට ක්‍රමානුකූලව සංක්‍රමණය වීමට හේතු විය හැකි බව විශේෂඥයා වැඩිදුරටත් පැවසීය.

අනාගතයේදී, මානව ජාන විවිධත්වය මත අතීත දේශගුණික විපර්යාසවල බලපෑම අධ්‍යයනය කිරීමෙන් පැරණි මිනිසුන් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට කණ්ඩායම සැලසුම් කරයි, ටිමර්මන් පැවසීය.

Rohini Krishnamurthy විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Climate change and us: What really shaped human evolution last 2 million years නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.