• මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයක, පර්යේෂකයන් විසින් දේශගුණික විපර්යාස වලින් වනාන්තරවලට ඇති කරන අවදානම් පුරෝකථනය කිරීම සඳහා දේශගුණික සහ පරිසර පද්ධති ආකෘති මාලාවක් විශ්ලේෂණය කළහ.
  • ඒ අනුව බටහිර-උතුරු ඇමරිකාවේ වනාන්තර, ගිනිකොනදිග ඇමේසන් වැනි වියළි නිවර්තන වනාන්තර සහ උතුරු බෝරියල් වනාන්තර සඳහා ආකෘති නිරන්තර අවදානම් පෙන්නුම් කරයි.
  • පර්යේෂකයන් පවසන්නේ ඔවුන්ගේ සොයාගැනීම්, දේශගුණික විසඳුමක් ලෙස ශාකවලට ඉටු කළ හැකි කාර්යභාරය ඇගයීමේදී සැලකිලිමත් විය යුතු බවයි.

දේශගුණික විසඳුම් සම්බන්ධයෙන් ගත් කල, ගස් රෝපණය දැන් විලාසිතාවක්ව පවතී. ‘ට්‍රිලියනයක් ගස්’ ව්‍යාපාරයේ සිට ප්‍රබල ප්‍රවාහයන් දක්වා පසුගිය වසරේ COP26 දේශගුණික සමුළුවේදී ගෝලීය වන විනාශය නැවැත්වීමට පොරොන්දු වූ අතර, වනාන්තරවල කාබන් වෙන් කිරීමේ බලය උපයෝගී කර ගැනීම ලොව පුරා රජයන්, නගර සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඉලක්කයක් බවට පත්ව ඇත. තෙල් සමාගම් පවා මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙමින් පවතී.

නමුත් දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී ගස් සිටුවීමේ විභව ප්‍රතිලාභ, දැනටමත් අප සතුව ඇති වනාන්තර, උණුසුම් පරිසරයකට ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන දන්නේ අල්ප වශයෙනි. සමහර විද්‍යාඥයන් පවසන්නේ එය ගෝලීය දේශගුණික න්‍යාය පත්‍රයට ඇතුළත් විය හැකි ආකාරය පිළිබඳ අපගේ දැනුමේ තීරණාත්මක පරතරයක් ඇති බවයි. වියදම් අධික වන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියකට සම්පත් ගිල්වා දැමීම අර්ථවත් නොවේ. උදාහරණයක් ලෙස, දේශගුණය ආශ්‍රිත මිය යෑම් හෝ එහි ආයු කාලය තුළ ගිනි ඇතිවීමේ, ඉහළ අවදානම් කලාප වේ.

සයන්ස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයක් එම හිඩැස පිරවීම ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. එහි කතුවරුන් සොයා ගත් පරිදි, මිනිසා විසින් මෙහෙයවන ලද වන විනාශය විචල්‍යයක් ලෙස ඉවත් කළද, පවතින කැළඹීම් පිළිබඳ චන්ද්‍රිකා දත්ත සමඟ පරිසර පද්ධතියේ සහ දේශගුණික ආකෘතිවල එකතුවක් ගත් කල, සමහර වනාන්තර දේශගුණික අවදානම් වලට විශේෂයෙන් සංවේදී ලෙස පෙන්නුම් කරයි. ඔවුන් පවසන්නේ එම සොයාගැනීම්, ප්‍රතිපත්ති සම්පාදකයින්ට ග්‍රහලෝකයේ වනාන්තර මුහුණ දෙන තර්ජන මොනවාද සහ ගෝලීය දේශගුණික න්‍යාය පත්‍රය තුළ ඔවුන්ගෙන් අපේක්ෂා කළ හැකි කාර්යභාරය පිළිබඳව වඩාත් සියුම් අවබෝධයක් වර්ධනය කර ගත හැකි බවයි.

“ශීඝ්‍රයෙන් වෙනස් වන දේශගුණයක් තුළ පෘථිවි වනාන්තරයන්ගේ අනාගතය ඇදහිය නොහැකි තරම් අවිනිශ්චිතය. එය ප්‍රජාවන්ට, ආර්ථිකයට සහ වායුගෝලයටම දැවැන්ත ඇඟවීමක් කර ඇත.”උටා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු සහ අධ්‍යයනයේ කතුවරයෙකු වන විලියම් ඇන්ඩරෙග් පැවසීය.

විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ වනාන්තර වෙනස් වීම් ආදර්ශනය කිරීමට උත්සාහ කළ පළමු අධ්‍යයනය මෙය නොවේ. නමුත් ඇන්ඩෙරෙග් මොන්ගාබේට පැවසුවේ එය ඔවුන්ගේ සොයාගැනීම් කොතැනද යන්න බැලීමට විවිධ ප්‍රවේශයන් ඒකාබද්ධ කර සංසන්දනය කළ පළමු එක බවයි.

පර්යේෂකයන් විසින් භාවිතා කරන ලද ආකෘති බොහෝ විට ඊට එකඟ නොවීය. සමහර අවස්ථාවලදී සෘජුවම එකිනෙකට පටහැනි විය. නමුත් සමස්තයක් වශයෙන් ඔවුන් පෙන්වා දුන්නේ බටහිර-උතුරු ඇමරිකාවේ වනාන්තර, ගිනිකොනදිග ඇමේසන් වැනි වියළි නිවර්තන වනාන්තර සහ උතුරු ඇමරිකාවේ සහ යුරේසියාවේ විශාල ප්‍රදේශ ආවරණය කරන දකුණු බෝරියල් වනාන්තර දේශගුණික විපර්යාස හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවයි.

“මෙම කැළඹීම් දරුණු ලැව්ගිනි, නියඟ සහ බටහිර උතුරු ඇමරිකාවේ පොතු කුරුමිණියන් ව්‍යාප්ත වීම වැනි පළිබෝධ සහ රෝග කාරක වැනි දේට හේතුවිය හැකි බවයි. ඒවා විශාලතම ඒවා වේ. නමුත් විශේෂවල වෙනස්වීම් හෝ ක්‍රමයෙන් මිය යාම සහ මරණ අනුපාත ඉහළ යාම වැනි වඩාත් සියුම් ඒවා ද තිබිය හැකිය.” ඇන්ඩෙරෙග් පැවසීය.

කැලිෆෝනියාවේ ගිනි නිවන භටයෙක් ගිනි නිවීමට උත්සහ දරමින්.  ඡායාරූපය: NOAA/ ක්‍රියේටිව් කොමන්ස්/ මොන්ගාබේ 

අධ්‍යයනයේ සොයාගැනීම් වලට අනුව, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේදී ගස් සිටුවීම, එහි උත්තේජකයන් කැමති වීමට වඩා, ඉටුවන කාර්යභාරය පිළිබඳ අඩු තක්සේරුවක් පිළිබිඹු කරයි. උදාහරණයක් ලෙස, කැලිෆෝනියාවේ දේශගුණික උපායමාර්ගයේ මූලිකය වන්නේ, වන සංරක්ෂණ ව්‍යාපෘතිවලින් ජනනය කරන ලද ණය ඇතුළත් රාජ්‍ය මූල්‍යකරණය, කාබන් ඕෆ්සෙට් වෙළඳපොලක් ලෙසිනි. නමුත් වසර 10 ක් තුළ, එය ලැව්ගිනි සම්පූර්ණයෙන්ම නිමා කොට, වෙළඳපොළ කාබන් සංචිත අතුගා දමා, මයික්‍රොසොෆ්ට් වැනි සංගත විසින් මිල දී ගෙන ඇති ඕෆ්සෙට්ද විනාශ කර, වෙළඳපොලේ සමස්ත දේශගුණික ප්‍රතිලාභය ඉදිරියට ගෙන ආ බවයි.

විද්‍යා අධ්‍යයනය මගින් විශ්ලේෂණය කරන ලද ආකෘති නිවැරදි නම්, කැලිෆෝනියාවේ කරදර යළි ආරම්භ වීමට ඉඩ ඇත. Anderegg ට අනුව, ගස් සිටුවීම සහ කාබන් ඉවත් කිරීමේ ව්‍යාපෘති වඩාත් දැඩි ලෙස සැලසුම් කළ යුතු අතර දේශගුණික විපර්යාසයන් විසින්ම ඒවායේ ශක්‍යතාවට තර්ජනයක් විය හැකි ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇතිව කරන ලද අවදි කිරීමේ ඇමතුම මෙය විය හැකිය.

නැවත වන වගාව, වන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල විභවයන් සහ දේශගුණික ප්‍රතිලාභ දැඩි ලෙස විවාදාත්මක විෂයක් ලෙස පවතී. සමහර අවස්ථාවලදී ඇතැම් වනාන්තර ඔවුන්ගේ වටපිටාව සිසිල් කරයිද නැතහොත් ඒවා උණුසුම් කරයිද යන්න පිළිබඳව විද්‍යාව පවා විසඳා නැත. නමුත් බොහෝ ප්‍රවීණයන් පවසන්නේ ප්‍රමුඛතාවය විය යුත්තේ දැනටමත් පවතින වනාන්තර ආරක්ෂා කිරීමයි. එයින් අදහස් කරන්නේ ඉදිරි දශක කිහිපය තුළ ඔවුන් මුහුණ දෙන අවදානම් මොනවාද යන්න පිළිබඳ අපගේ අවබෝධය ගැඹුරු කිරීමයි.

මෑත අධ්‍යයනයන්ට සම්බන්ධ නොවූ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෙබොරා ලෝරන්ස් පැවසුවේ “අපට තවමත් එම වනාන්තර අවශ්‍යයි. එබැවින් අප ඒවා ආරක්ෂා කිරීමද සිදුකල යුතුය.” එයින් අදහස් කරන්නේ කරුණු දෙකකි: පළමුවැන්න ගින්න, පළිබෝධ සහ නියඟය නිරීක්ෂණය කරන්න. එවිට අපට ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැක. දෙවැන්න, ගින්න සහ පළිබෝධකයන් වැනි භූ දර්ශකයක් හරහා ගමන් කරන කැළඹීම් වල බලපෑම වළක්වා ගැනීමට, පවතින වනාන්තරවල මායිම් දිගේ නව වනාන්තර රෝපණය කරන්න.

තවමත්, වඩාත් බලාපොරොත්තු සහගත දේශගුණික තත්ත්වයන් යටතේ වුවද, උණුසුම් ග්‍රහලෝකයක් සමහර වනාන්තර වර්ග සඳහා නරක ආරංචියක් ගෙන ආ හැකි බව පෙනේ. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ, වන විද්‍යා විශේෂඥයින් දැන් සලකා බලමින් සිටින්නේ එම වනාන්තර, ආරක්ෂිත භූමියකට “සංක්‍රමණය” වේගවත් කිරීමට උදව් කළ හැකිද යන්නයි. නමුත් ඇන්ඩරෙග් පවසන්නේ මේ අතර, පොසිල ඉන්ධන විමෝචනය සඳහා වන්දි ගෙවීමට ගස්වලට කළ හැකි දේ පිළිබඳ ඇති අධික විකුණුම් තලයන් සම්භන්ධව, ප්‍රවේශමෙන් සහ සැක සහිතව බැලිය යුතු බවයි.

” අපගේ අධ්‍යයනය සහ එවැනි වෙනත් අධ්‍යයනයන් ඇත්ත වශයෙන්ම ඉස්මතු කිරීමට පටන් ගෙන ඇත්තේ අප දේශගුණික විසඳුම් සඳහා වනාන්තර භාවිතා කිරීමට යන්නේ නම්, කල්පනාකාරීව හා පවතින හොඳම විද්‍යාව මත පදනම්ව ඉදිරියට යා යුතු බවය” ඔහු තවදුරටත් පැවසීය. “අවුරුදු 20කින් හෝ 30කින් ගිනිගෙන දැවෙන වනාන්තර කට්ටලයක් ගැන, ඔට්ටු ඇල්ලීමට අපට අවශ්‍ය නැත.”

Citations:

Anderegg, W. R., Wu, C., Acil, N., Carvalhais, N., Pugh, T. A., Sadler, J. P., & Seidl, R. (2022). A climate risk analysis of earth’s forests in the 21st century. Science, 377(6610), 1099-1103. doi:10.1126/science.abp9723

Pearce, F. (2022). The forest forecast. Science, 376(6595), 788-791. doi:10.1126/science.add0552

Banner image:A fire smouldering in a boreal forest in Siberia. Image by Greenpeace International.

Ashoka Mukpo විසින් Mongabay වෙත ලියන ලද Even without human-driven deforestation, climate change threatens some forests නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.