ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ පිහිටි යාපනය අර්ධද්වීපය, රටේ සිවිල් යුද්ධය හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ තහනම් කර ඇති අතර, දිවයිනේ පොහොසත්ම කොරල්පර එකතුවක් ඇති බව අධ්‍යයනයකින් පෙන්වා දෙයි.

යාපනයේ උපන් අශානි අරුලානන්දන් විසින් මෙහෙයවන ලද මෙම සමීක්ෂණය මගින් දෘඩ කොරල්පර විශේෂ 113ක් ලැයිස්තුගත කර ඇති අතර ඉන් 36ක් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම තැනක සොයාගෙන නොමැත.

පර්යේෂකයන් විසින් ශ්‍රී ලංකාවේ වෙනත් තැන්වල කොරල්පරවලට වඩා විරංජන හානිය අඩු සහ ඉහළ විවිධත්වයකින් යුතු කොරල් ආවරණයක් සොයා ගන්නා ලදී. කෙසේ වෙතත්, ඔවුන් හට කොරල් පර විනාශ වී යාමේ ලකුණු නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකාව වටා ඇති අනෙකුත් ගල්පරවලට වඩා දේශගුණික විපර්යාස බලපෑම්වලට ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්වන මෙම විවිධ කොරල්පර ප්‍රජාවන් සංරක්ෂණය කිරීම වැදගත් බව අරුලානන්දන් පවසයි.

ශ්‍රී ලංකාවේ උතුරු දිස්ත්‍රික්කයේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි තම ගම්මානයේ වෙරළ තීරයට ළමා කාලයේ සංචාරය කළ බව ඇයට සිහිපත් කළ හැකි බව අශානි අරුලානන්දන් පවසයි. ඇය වෙරළට ගසා ගෙන එන  කොරල්පර එකතු කරන අතර, ඇගේ පියා වඩදිය බාදිය තුළ මතුවන කොරල්පරවල විස්මිත සුන්දරත්වය පිළිබඳ ඔහුගේම මතකයන් බෙදාහදා ගනී.

මෙය කොරල්පර කෙරෙහි ඇයගේ උනන්දුව ඇති වූ අතර එය ඇයව විද්‍යාව කරා යන මාවතට යොමු කළේය. අද වන විට අරුලානන්දන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන අතර, ඇයගේ උපන් ගම වන යාපනය අර්ධද්වීපයේ පොහොසත් කොරල්පර විවිධත්වය ලැයිස්තුගත කරන 2021 අධ්‍යයනයක ප්‍රධාන කතුවරයාද වේ.

දශක ගනනාවක් තිස්සේ, යාපනයේ සහ අනෙක් උතුරු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පර්යේෂණ ආරක්ෂක හේතූන් නිසා පාහේ කළ නොහැක්කකි: කලාපය ශ්‍රී ලංකා රජයට එරෙහිව සිවිල් යුද්ධයක් දියත් කරන කැරලිකාර කණ්ඩායම වන දෙමළ කොටි නොහොත් එල්ටීටීඊයේ පාලනය යටතේ පැවතුනි. 2009 කොටි පරාජයත් සමඟ උතුරු කලාපය කෙමෙන් කෙමෙන් විවෘත වන්නට විය. අරුලානන්දන් සහ ඇයගේ සගයන් ඔවුන්ගේ කොරල් සමීක්ෂණය 2017 මාර්තු සිට 2018 අගෝස්තු දක්වා සිදු කරන ලදී.

ඔවුන්ගේ ප්‍රධානතම සොයාගැනීම වන්නේ යාපනය අර්ධද්වීපයේ උතුරු කෙළවරේ සහ පෝක් බොක්කෙහි පිහිටි දූපත් අතලොස්සක පවතින කොරල්පර යනු ජෛව විවිධත්වයේ සම්පූර්ණ ධනයයි. ඔවුන් විසින් දෘඩ කොරල් සහ ස්ක්ලෙරැක්ටීනියානු කොරල්පර විශේෂ 113ක් සොයා ගත් අතර ඉන් 36ක් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම තැනක වාර්තා වී නොමැත.

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ ඇති කොරල්පර බොහොමයක් හොඳ තත්ත්වයේ පවතින බව පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදී. ඡායාරූපය: අඛිල හරිස්චන්ද්‍ර/

අභියෝගාත්මක පර්යේෂණ

යාපනයේ කොරල්පර පිළිබඳ පර්යේෂණ කිරීම දුෂ්කර කාර්යයක් බව ඇය දැන සිටි බව අරුලානන්දන් මොංගාබේට පවසයි. යාපනයේ බොහෝ කොරල්පර සෑදී ඇත්තේ වෙරළේ සිට කෙලින්ම මුහුද දෙසට වැඩෙන ෆ්‍රින්ජිං ගල්පර ලෙසිනි. නමුත් මීටර් 20ක් (අඩි 66ක්) පමණ ගැඹුරට දිවෙන කොරල්පර ඇති දූපත් කිහිපයක් ඇති බැවින් ඒවා අධ්‍යයනය කිරීමට දක්ෂ කිමිදුම්කරුවන් සොයා ගැනීම අත්‍යවශ්‍ය විය.

මේ සඳහා අරුලානන්දන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ විශේෂඥ කිමිදුම්කරුවන් වෙත ප්‍රවේශ විය. කිමිදුම්කරුවන් විසින් සෑම ස්ථානයකම සිදු කරන ලද සමීක්ෂණවලදී ඡායාරූප ගත් අතර, ඒවා එක් එක් කොරල් විශේෂ හඳුනා ගැනීමට භාවිතා කරන ලදී.

පර්යේෂකයන් විසින් හඳුනා ගැනීමට අපහසු විශේෂ සඳහා ඩීඑන්ඒ විශ්ලේෂණය සිදු කිරීම සඳහා කොරල් සාම්පල ද රැස් කරන ලදී. මෙහිදී ඔවුන් අභියෝග රැසකට මුහුණ දුන්හ. ඩීඑන්ඒ සාම්පල දූෂිත වී ඇති බැවින් පළමු සාම්පල කට්ටලය අසාර්ථක බව ඔප්පු විය. පසුව අරුලානන්දන් හට එම සාම්පල කිලෝමීටර් 320ක් (සැතපුම් 200ක්) පමණ දුරින් පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරයකට ගෙන යන තෙක් කල් තබා ගැනීමට ක්‍රමයක් සොයා ගැනීමට සිදු විය.

සෞඛ්‍ය සම්පන්න අතරමැදි නිම්න කොරල්පර (Oulophyllia crispa) ශ්‍රී ලංකාවේ උතුරේ යාපනයේ එක් අධ්‍යයන ස්ථානයකින් හමු විය. ඡායාරූපය: අශානි අරුනලන්තම්/මොන්ගාබේ 

අවසානයේදී ඔවුන්ගේ උත්සාහය සාර්ථක විය. කොරල් විශේෂ හඳුනා ගැනීමට අමතරව, සමීක්ෂණය මගින් යාපනය අර්ධද්වීපයේ කොරල් අවරණයෙන් 48.5%ක් පමණ ප්‍රමාණයක්, ගුණාත්මක බවින් ඉහළ සජීවී කොරල් ආවරණ සොයා ගත් අතර අවට දූපත් ආශ්‍රිතව සජීවී කොරල් ආවරණයක තුල 27%ක සජීවී කොරල් ආවරණයක් තිබුණි. ඒ කියන්නේ “ශ්‍රී ලංකාවේ ප්‍රදේශ අතරින් වැඩිම සජීවී කොරල්පර ආවරණයක් ඇත්තේ මෙම කලාපයට” බව අධ්‍යයනය පවසයි.

ශ්‍රී ලංකාවේ දකුණු හා වයඹ දිග කොරල්පර දරුණු විරංජන තත්ත්වයන්ට ගොදුරු වී ඇති අතර, උතුරු යාපනය අර්ධද්වීපයේ කොරල්පර සාපේක්ෂව පොහොසත් විවිධත්වයක් පවත්වා ගෙන යන බව සමීක්ෂණය සඳහා සාම්පල එකතු කිරීමට ද කිමිදුණු අධ්‍යයන සම කර්තෘවරයෙකු වන ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන අනුර උපශාන්ත පැවසුවේය.

අශානි අරුලානන්දන් ස්නෝකර්ලිං කරමින් දිය යට කොරල්පරවල තත්ත්වය පිළිබඳව සටහන් ගනිමින්.  ඡායාරූපය: අශානි අරුනලන්තම්/මොන්ගාබේ 

දේශගුණයට ඔරොත්තු දෙන කොරල්පර

කෙසේ වෙතත්, මෙම කලාපයේ කොරල්පර සඳහා එය හොඳ ආරංචියක් නොවේ. පරිසර දූෂණය හෝ ධීවර ක්‍රියාකාරකම් හේතුවෙන් ගල්පර විශාල ප්‍රදේශ විනාශ වෙමින් පවතින බව අරුලානන්දන් මොන්ගාබේට පැවසුවේය. මෙහි දක්නට ලැබෙන කොරල්පර අසාමාන්‍ය ලෙස දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන නිසාත්, දරුණු තත්ත්‍වයට පවා ඔරොත්තු දෙන නිසාත්, ඒවා ආරක්ෂා කර සංරක්ෂණය කිරීම වැදගත් බව අරුලානන්දන් පවසයි.

පර්යේෂකයෝ අර්ධද්වීපයේ කෙළවරට ආසන්න දූපත් හතරක කොරල්පර ද සමීක්ෂණය කළහ. මේවා දැඩි ලෙස දිරාපත් වී ඇති බවත්, මිය ගිය කොරල් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවත් පර්යේෂකයෝ පවසති. අපද්‍රව්‍ය බැහැර කිරීම, විනාශකාරී ඇල්ලීමේ ක්‍රම, දුර්වල ලෙස කළමනාකරණය ක්‍රම, සම්පත් සූරාකෑම, ඉහළ ඇල්ගී ආවරණය සහ මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම කොරල්පර පැවැත්මට ඇති ප්‍රධාන තර්ජන ලෙස ඔවුන් හඳුනාගෙන ඇත.

“බොහෝ ධීවරයින්ට කොරල්පරවල වටිනාකම වැටහෙන්නේ නැත, ඔවුන් මසුන් ඇල්ලීමට බාධාවක් ලෙස සලකයි, කොරල්පර මාළු දැල්වල පැටලෙයි,” අරුලානන්දන් පවසයි.

පර්යේෂකයන්ට මීටර් 20 (අඩි 66) තරම් ගැඹුරු මුහුදේ ඇති කොරල්පරවල ඡායාරූප ගැනීමට සහ සාම්පල ලබා ගැනීමට වෘත්තීය කිමිදුම්කරුවන් උපකාර කළහ. ඡායාරූපය: අශානි අරුනලන්තම්/මොන්ගාබේ 

මෙම ගැටලුව විසඳීම සඳහා අරුලානන්දන් යාපනය ධීවර ප්‍රජාවන් සමඟ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවක් පැවැත්වීය. ඔවුන් අල්ලා ගන්නා මසුන්ගේ ප්‍රධාන අභිජනන භූමිය ලෙස කොරල්පරවල වටිනාකම ඔවුන්ට උගන්වමින්, පරිසර පද්ධති ලෙස කොරල්පර වල වටිනාකම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඇය යාපනයේ පාසල් සිසුන් සඳහා දේශන ද පවත්වන ලදී. වඩදිය බාදිය ඇති වන විට ස්වාභාවික ස්වාරක්ෂකයක් ලෙස කොරල්පර ඉටු කරන ප්‍රධාන කාර්යභාරය සහ විශේෂයෙන් 2004 ඉන්දියානු සාගර සුනාමියේ බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රජාව අතර එතරම් අවබෝධයක් නොමැති බව තමාට පෙනී ගිය බව ඇය පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ ධීවර විද්‍යා අංශයේ ප්‍රධානී අධ්‍යයන සම කර්තෘ සිවශාන්තිනී කුගනාදන් පැවසුවේ අඛණ්ඩ පර්යේෂණ සඳහා අරමුදල් නොමැතිකම වැඩිදුර අධ්‍යයනයට බාධාවක් වන බවයි.

නාරා ආයතනයේ හිටපු පර්යේෂණ නිලධාරියෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරල් විශේෂඥ අර්ජන් රාජසූරිය, පර්යේෂණයට සහභාගී නොවුවද මෙම නව සොයාගැනීම් ශ්‍රී ලංකාවේ උතුරු කොරල්පර පිළිබඳ දැනුම පොහොසත් කිරීමක් ලෙස පිළිගත්තේය.

“දිගු කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් අපගේ වැඩකටයුතු බොහොමයක් උතුරු මුහුදේ සිදු නොවීය” යනුවෙන් යාපනය ප්‍රදේශයේ කොරල්පර පිළිබඳව නිරන්තර අධ්‍යයනය කළ පර්යේෂකයන් අතලොස්සෙන් කෙනෙකු වන රාජසූරිය පවසයි.

කොරල්පර සංරක්ෂණය සහ කළමනාකරණය සම්බන්ධයෙන් ගත් කල, මෑත කාලීන අධ්‍යයනය සහ ඔහුගේ අධ්‍යයනවල ප්‍රතිඵල, තීරණ ගැනීමේදී  දැනුම් දිය යුතු බව රාජසූරිය පවසයි. නමුත් අවාසනාවකට ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ එය එසේ නොවන බවයි.

උපුටා දැක්වීම:
Arulananthan, A., Herath, V., Kuganathan, S., Upasanta, A., & Harishchandra, A. (2021). The status of the coral reefs of the Jaffna Peninsula (Northern Sri Lanka), with 36 coral species new to Sri Lanka confirmed by DNA bar-coding. Oceans, 2(3), 509-529. doi:10.3390/oceans2030029

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද In a former conflict zone in Sri Lanka, a world rich in corals thrives නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.