කන්ටේනර් 250කට ආසන්න ප්‍රමාණයකට අපද්‍රව්‍ය ආපසු ලබා දෙන ලෙස අධිකරණය නියෝග නිකුත් කිරීමෙන් පසු, දින 400කට වැඩි කාලයක් ගෙවී ඇතත් අපරාධකරුවන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවක් පෙන්වා දී, එක්සත් රාජධානිය විසින් අනතුරුදායක අපද්‍රව්‍ය කන්ටේනර් 50කට අධික ප්‍රමාණයක් ආපසු යැවීමට ශ්‍රී ලංකාවේ පරිසර නියාමන ආයතන තවමත් අරගල කරමින් සිටී.

වසර දෙකක් පුරා පැවති නීතිමය සටනකින් අනතුරුව ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය බහාලුම් ආනයනය කිරීම සම්බන්ධ ආයතනවල හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අපද්‍රව්‍ය කන්ටේනර් නැවත එරටට  ගෙන්වා ගැනීමටත් 2020 ඔක්තෝබර් 14 දින අභියාචනාධිකරණය, මධ්‍යම පරිසර අධිකාරියට (CEA) නියෝග කලේය. පසුව එම අපද්‍රව්‍ය කන්ටේනර් වරින් වර එරටට ගෙන්වා ගැනීමට ඔවුන් පියවර ගත් අතර, තවමත් හෙළි නොකළ අපද්‍රව්‍ය කන්ටේනර් 55ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ (FTZ) අංගනයක තබා ඇත.

මෙම කන්ටේනර් 2017 දී නැව්ගත කර ඇති අතර, ඒවායේ සායනික අපද්‍රව්‍ය, භාවිතා කරන ලද කුෂන් සහ මෙට්ට, ශාක කොටස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වෙනත් අන්තරායකර සහ වර්ගීකරණය නොකළ අපද්‍රව්‍ය අඩංගුය.

එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලද පශ්චාත් පාරිභෝගික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 2,400කට අධික තොගයක්, ප්‍රදේශයේ ජනතාවට සහ පරිසරයට තර්ජනයක් වෙමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (BIA) මීටර් සිය ගණනක් දුරින් පිහිටි Hayleys Free Zone Limited (HFZL) අඩවියකට විවෘතව බැහැර කරන ලදී. එම අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණියේ වෙළෙඳ ගනුදෙනුවක කොටසක් ලෙස බව පසුව අනාවරණය විය.

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (CICT) සැක කටයුතු බහාලුම් පිළිබඳව 2019 මැයි මාසයේදී ශ්‍රී ලංකා රේගුව දැනුම් දෙන තුරු රටේ පරිසරය සුරැකීමේ ඉහළම ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පළාත් පාලන ආයතන පශ්චාත් පාරිභෝගික අපද්‍රව්‍ය ආනයනය කරන එවැනි වෙළඳ ගනුදෙනුවක් ගැන දැන සිට නැත. 

ශ්‍රී ලංකා රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පරමාණුක බලශක්ති අධිකාරිය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) අතර පසුගිය වසර දෙක තුළ හුවමාරු වූ ලිපි සහ වාර්තා දුසිම් ගණනක් මෙහි විය. ඒ, අපද්‍රව්‍ය බහාලුම්වල ඇති භාණ්ඩවල නියම ස්වභාවය තීරණය කිරීමේ වගකීම අභියාචනාධිකරණය රජයේ රස පරීක්ෂකවරයා වෙත පැවරූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත්, භාණ්ඩවල නිවැරැදි ස්වභාවය තීරණය කිරීම ගැටලු සහගත වී තිබුණේ මෙය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ විෂය පථයට අයත් නොවීම නිසා සම්පත් හිඟකම හේතුවෙන් පරීක්ෂණ සිදු කිරීමට අපහසු වූ බැවිනි.

ප්‍රමාදය

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසුවේ, දැනට පවතින Covid-19 වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ අපද්‍රව්‍ය බහාලුම් 50කට අධික ප්‍රමාණයක් යැවීමේ ප්‍රමාදයක් පවතින බවයි.

එමෙන්ම, කසළ ආපසු මෙරටට ගෙන ඒම සඳහා යොදාගත් නැව් මාර්ගම භාවිතා කිරීමට ඔවුන්ට සිදුවන අතර HFZL සහ නැව් සමාගම් දෙකක් අතර සම්බන්ධීකරණය නිසි ලෙස සිදු කර නොමැත. මෙය ප්‍රමාදයට හේතු වී ඇති අතර සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම ඉතිරි බහාලුම් ද ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩිදුර විමසීම්වලදී ජයසිංහ පැහැදිලි කළේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් එක්සත් රාජධානියේ පරිසර නියෝජිතායතනය සහ අපද්‍රව්‍ය ආනයනයට සම්බන්ධ සමාගම් සමග ලිපි දුසිම් ගණනක් හුවමාරු කරගෙන ඇති බවයි.

“පරිසර ඒජන්සිය අවසරය ලබා දුන් පසු, නම් කරන ලද නැව් මාර්ගයන් වුවද අපද්‍රව්‍ය බහාලුම් නැවත මෙරටට ගෙන්වා ගැනීමට මෙහි සමාගම් කටයුතු කළ යුතුය. අප අත්හරින්නේ නැත, අන්තිම කන්ටේනරය යවන තුරු අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා රේගුවේ රේගු අධිකාරී අෂ්රෆ් සම්සුදීන් පැවසුවේ කන්ටේනර් හිඟයක් පවතින බැවින් කුඩා කොටස් වශයෙන් කසළ බහාලුම් එවූ බවයි.

“කොළඹ වරායේ අපද්‍රව්‍ය බහාලුම් 130ක් සහ කටුනායක HFZL හි කන්ටේනර් 77ක් ආපසු හරවා යවා ඇත. කටුනායක අංගනයේ අපද්‍රව්‍ය බහාලුම් 55ක් ඉතිරිව තිබේ. බහාලුම් නොමැතිකම හේතුවෙන් ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද විය. මෙතෙක් කන්ටේනර් කාණ්ඩ 10ක් 15ක් වශයෙන් අපද්‍රව්‍ය යවා ඇත. කටුනායක අංගනයේ කන්ටේනර් මුද්‍රා තැබීමට අපි වග බලා ගෙන තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

අනෙක් අතට එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය තහවුරු කළේ අපද්‍රව්‍ය කන්ටේනර් 208ක් නැවත එංගලන්තයට පැමිණ ඇති අතර 55ක් නැවත එරටට ගෙන්වා ගැනීමට ඇති බවයි.

ලැබී ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් ලබා ගැනීමේදී නියෝජිතායතනය පැවසුවේ, ආපසු ලැබුණු බහාලුම් 208 සඳහා ආසන්න වශයෙන් ටොන් ප්‍රමාණය එක් කන්ටේනරයකට ටොන් 22ක් බවයි. “මේ වන විට දළ වශයෙන් ටොන් 4,576ක් ආපසු ගෙන්වා ඇත.”

වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන නැත

ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය කන්ටේනර් ආනයනය කිරීම සම්බන්ධ ආයතනවල හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය බලධාරීන්ට නියෝග කර තිබියදීත්, අපද්‍රව්‍ය ආපසු එවූ පමණින් ඊට සම්බන්ධ සමාගම්වලට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජයසිංහ සහ පරිසර දූෂණ පාලන හා රසායනික කළමනාකරණ අධ්‍යක්ෂ, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සෙනරත් මහින්ද වේරහැර අවධාරණය කළේ එක්සත් රාජධානියේ අපද්‍රව්‍ය නැවත එරටට ගෙන යෑම සඳහා රජය සතයක්වත් වැය නොකරන බව සහ ඊට සම්බන්ධ සමාගම්වලට ආපසු ගෙන්වා ගැනීමේ සියලු වියදම් දැරිය යුතු බවයි.

“අපද්‍රව්‍ය කන්ටේනර් නැවත එරටට ගෙන්වා ගැනීමේ සියලු වියදම් දැරීමට සිදු වූ නිසා මෙය ඔවුන්ට හොඳ පාඩමක් විය. එසේම සාකච්ඡා මාර්ගයෙන් ඇතිකරගත් එකඟතාවන්ට අනුව නැවත එරටට ගෙන්වා ගැනීම සිදුකෙරිණි. පොරොන්දු වූ පරිදි අපද්‍රව්‍ය ආපසු එරටට නොගෙනියේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අපට සිතීමට හැකිව තිබුණි.” වේරහැර විස්තර කළේය.

අනෙක් අතට, එක්සත් රාජධානියේ පරිසර නියෝජිතායතනයද ඊට සම්බන්ධ සමාගම්වලට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත. මන්ද එම අවසන් පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවිනි.

මේ අතර, එක්සත් රාජධානියේ අපද්‍රව්‍යවලට එරෙහිව වසර දෙකක නීති අරගලයක නිරත වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ (CEJ) හේමන්ත විතානගේ, බලධාරීන් වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව කලකිරීම ප්‍රකාශ කළේය.

“පාඩම් ඉගැන්වීමේ මුවාවෙන් හෝ ඔවුන් අපද්‍රව්‍ය බහාලුම් ආපසු ගෙන්වා ගත් පමණින් පරිසර බලධාරීන් මෙම වැරදිකරුවන් නිදහස් කිරීමට උත්සාහ කළහොත් නැවත වරක් නීතිමය සහාය ලබා ගැනීමට අපට බල කෙරෙනු ඇත. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ගිවිසුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් කළහොත්, ඔවුන් රාජසන්තක කළ මත්ද්‍රව්‍ය ආපසු එවන්නේ නම් කුමක් කළ යුතුද? අපිරිසිදු වාතය ආශ්වාස කළ මිනිසුන් ගැනත් කටුනායක ප්‍රදේශයේ අපිරිසිදු ජලය සහ පස ගැනත් කුමක් කිව හැකිද?” ඔහු විමසීය.

ශ්‍රී ලංකා රේගුවේ සම්සුදීන් පෙන්වා දුන්නේ රට තුළ පවතින අතිශය දුර්වල නීති හේතුවෙන් විදේශීය අපද්‍රව්‍ය ආනයනය කරන සමාගම්වලට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු නොවන බවයි.

“ලෝකයේ පරිසර නීති හා සසඳන විට ශ්‍රී ලංකාව දුර්වලම රටයි. යම් හෙයකින් මෙම නඩුවේ වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැක්කේ ඔවුන් සම්බන්ධයෙන් රේගු ආඥාපනත යටතේ කටයුතු කළහොත් පමණි. ඒ සඳහා දැනට කරගෙන යන පරීක්‍ෂණ අවසන් වනතුරු අපට බලා සිටීමට සිදුවනු ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.

රේගුව විසින් මෙම අපද්‍රව්‍ය බහාලුම් හඳුනා ගැනීමෙන් පසුව පමණක් රෙගුලාසි හඳුන්වාදීම හෝ ශක්තිමත් කිරීම සිදුකළ බවත්, මෙය සිදුවන තුරු ඕනෑම කසල වර්ගයක් ශ්‍රී ලංකාවට එවීමට හෝ ගෙන ඒමට හැකි බවත් ඔහු කියා සිටියේය.

ප්ලාස්ටික්, විද්‍යුත් අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම දැඩි ලෙස තහනම් කිරීමට පියවර ගන්නා ලෙසට කමිටුවක් පත් කර නිර්දේශ අපනයන ආනයන පාලන දෙපාර්තමේන්තුවට යෝජනා කළ බව රේගුවේ සම්සුදීන් සහ පරිසර අමාත්‍යාංශයේ වේරහැර මහතා පැවසීය. නමුත් එය මෙතෙක් සිදුවී නොමැත.

ශ්‍රී ලංකාවෙහි, ලෝකයේ අතිශයින් දුර්වල පාරිසරික නීති පවතින බවට රේගු අධිකාරීවරයාගේ ප්‍රකාශය දුන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ පෙන්වා දුන්නේ රුපියල් බිලියන ගණනින් සිදුවන ජාත්‍යන්තර කසළ බැහැර කිරීමේ මාෆියාවට සම්බන්ධ පුද්ගලයන්ට ජාතික පරිසර පනත යටතේ පවතින නීතිවලට අනුව රුපියල් 1000 සිට රුපියල් 3000 දක්වා දඩයකට පමණක් යටත් විය හැකි බවයි.

“මෙම සුළු දඩුවම් මගින් රට ජාත්‍යන්තර අපද්‍රව්‍ය බැහැර කරන රටක් බවට පත්වීම අවසන් නොවේ. නිදසුනක් වශයෙන්, 2002 දී එවැනි ජාත්‍යන්තර අපද්‍රව්‍ය බැහැර කිරීමේ නඩුවකට මා මුලින්ම පෙනී සිටියේ, එහිදී ව්‍යාජ ප්‍රකාශයක් යටතේ ඔක්සිම් කාබනේට් කන්ටේනර් 184ක් චීනයේ සිට ශ්‍රී ලංකාවට එවා තිබිනි. ජාත්‍යන්තර අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව අපට ශක්තිමත් නීති තිබුණා නම්, දශක දෙකකට පසු එක්සත් රාජධානියේ අපද්‍රව්‍ය ගෙන්වීම ගැන සාකච්ඡා නොකර ඉන්නට තිබුනා” ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව සටන් කිරීමේ ප්‍රධාන අඩුපාඩුවක් වන බාසල් සම්මුතිය ශ්‍රී ලංකාව මෙතෙක් රටේ නීතිවලට ඇතුළත් කර නොමැති බවද දාබරේ සඳහන් කළේය.

විදේශීය/ ජාත්‍යන්තර අපද්‍රව්‍ය රට තුළට ආනයනය කිරීම හෝ බැහැර කිරීම සම්බන්ධව අනාවරණය වුවහොත් දඩ, දඬුවම් සහ වෙනත් දඬුවම් නියම කෙරෙන නීති, කෙටුම්පත් කිරීමට අප වහා වගබලා ගත යුතුය.

“අපි එසේ නොකරන්නේ නම්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වීම නැවැත්වීම දුෂ්කර වනු ඇත” ඔහු තරයේ කියා සිටියේය.

ගගනි වීරකෝන් විසින් 2021 දෙසැම්බර් 18 දින “Ceylon Today” පුවත්පතේ පළ කරන ලද Weak Laws, Lacklustre Action Turning Country Into A Landfill” නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.

This story was produced as part of a journalism fellowship under CIR’s ‘Stories from the Margins” initiative supported by the Earth Journalism Network (EJN) and Internews.