ජෛව ස්කන්ධ දහනය කිරීමේදී විමෝචනයවන කළු කාබන් (BC) අංශු මත නව කොරෝනා වෛරස් රෝගයට (COVID-19) හේතු වන කොරෝනා හෝ නව SARS-CoV-2 සොයාගෙන ඇත. ඒ පූනේහි පිහිටි ඉන්දියානු නිවර්තන කාලගුණ විද්‍යා ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව ය.

මෙය සත්‍ය වන්නේ කළු කාබන් අංශු සඳහා පමණක් වන අතර සියලු PM 2.5 අංශු සඳහා නොවේ. මෙම අධ්‍යයනය පදනම් වී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා දිල්ලියේ එකතු කරන ලද දත්ත පදනම් කරගෙන ය.

කළු කාබන්, බොහෝ විට සබන් සහ බහු අවයවික ඇරෝමැටික හයිඩ්‍රොකාබන මෙන්ම වෙනත් රසායනික ද්‍රව්‍යයන්හි ඇත. ඒවා විමෝචනයෙහි 40%ක් පමණම සිදුවන්නේ විවෘතව සිදු කරන ජෛව ස්කන්ධ දහනයෙන්ය. තවද එය, 40%ක් පොසිල ඉන්ධන දහනය කිරීමෙන් හා 20% ක් ජෛව ඉන්ධන දහනය කිරීමෙන් සිදුවේ.

මාස හයක සාමාන්‍ය තත්වයෙන් පසු අගනගරයේ COVID-19 ආසාදන අනුපාතය ඉහළ ගියේය. මෙය අසල්වැසි ප්‍රාන්තවල පිදුරු පුළුස්සා දැමීම සමග සමපාත වූ බව අධ්‍යයනය පෙන්වා දෙයි.

වයස්ගත ජෛව ස්කන්ධ කළු කාබන් අංශු එකතු වී අනෙකුත් සංයෝග සමඟ ප්‍රතික්‍රියා කොට ප්‍රමාණයෙන් වර්ධනය වී වෛරස් වලට තාවකාලික වාසස්ථාන සපයයි. මෙය COVID-19 රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාමට හේතු විය. බෝග පිළිස්සීම් නැවැත්වීමෙන් පසු එය අඩු විය.

කළු කාබන් සාන්ද්‍රණය “ශීත සෘතුවේ ආරම්භයත් සමඟ සිදුවූ පිදුරු දැවෙන කාලය වැඩි වීමෙන් එය සිදු වූ අතර පසුව ආසාදන පැතිරීමේ වේගයට කෙලින්ම අනුරූප වූ පසු, පිදුරු ගිනි තැබීම අඩු කිරීම නිසා කළු කාබන් අඩුවීමේ ප්‍රවණතාව සමඟ ආසාදන පැතිරීමේ වේගයත් අඩු වූවා” යැයි පර්යේෂකයෝ සොයා ගත්හ.

කළු කාබන් විමෝචනයේ වැඩි වීමත් සහ PM 2.5 සාන්ද්‍රණයේ වැඩි වීමත් නිසා පිදුරු දැවෙන ප්‍රදේශවලින් බාහිරටද ඒවා ප්‍රවාහනය වේ.

අධ්‍යයනයෙන් එය සනාථ විය:

  • COVID-19 ආසාදන ගණනය වැඩිවීම වායුගෝලයේ කළු කාබන් වැඩිවීමට අනුරූප වන අතර වායුගෝලයේ කළු කාබන් අඩුවීම සමග එය සමගාමීව අඩු විය.
  • COVID-19 මරණ සංඛ්‍යාව වායුගෝලයේ කළු කාබන් වැඩිවීමත් සමඟ ඉහළ ගිය අතර වායුගෝලයේ කළු කාබන් අඩුවීමක් සිදු වූ විට එය අඩු විය.
  • ජෛව ස්කන්ධ ගිනි ගැනීම් වැඩිවීමත් සමඟ ජෛව ස්කන්ධ කොටස්වල වැඩි වීමක් ඇති බව අධ්‍යයනයෙන් පෙනී යයි.

දිල්ලියේ මෙම දහනයන් වැඩි වන සමය, COVID-19 රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ සමපාත විය. 

රෝගාබාධ හා මරණ අනුපාතය සෑම විටම ඉහළ මට්ටමක පැවති විට එය රැල්ලට තුඩු දුන්නේය. මේ අනුව, අධ්‍යයනයෙන් පෙනී යන්නේ, පැරණි කළු කාබන් බහුල පරිසරයක් හරහා SARS-CoV-2 සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇති බවයි.

Shourabh Gupta විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Black carbon particles contribute to increasing COVID-19 cases නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.