නව කොරොන වයිරස් රෝගය (COVID-19) වසංගතය හේතුවෙන් පසුගිය වසරේ කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනය තාවකාලිකව පහත වැටීමක් පමණක් සිදු වූ බව මෑතකදී නිකුත් කළ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පවසයි.

පසුගිය වසරේදී මෙන්ම මේ වසරේ මුල් භාගය තුළදීත් වායුගෝලයේ ප්‍රධාන හරිතාගාර වායූන්ගේ සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යමින් පැවති අතර එය United in Science 2021 නම් වාර්තාව තවදුරටත් තහවුරු කළේය.

ගල් අඟුරු, ගෑස්, සිමෙන්ති යනාදියෙන් පොසිල ඉන්ධන විමෝචනය 2019 මට්ටමට හෝ 2021 දී ඊටත් වඩා ඉහළ අගයක් ගත් බව එම වාර්තාව පවසයි.

2019 දී ගල් අඟුරු, තෙල්, ගෑස් සහ සිමෙන්ති වලින් පොසිල CO2 විමෝචනය 36.64 ගිගාටෝන්, කාබන් ඩයොක්සයිඩ් (GtCO2) ට සමාන විය. පසුව ඒවා 1.98 GtCO2 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටුණු අතර එය 2020 දී COVID-19 වසංගතය හේතුවෙන් සියයට 5.6 ක අඩුවීමකි.

නමුත් කනස්සල්ලට පත්වන සොයාගැනීම්ද තිබුණි.

2021 ජනවාරි-ජූලි කාල පරිච්ඡේදයේදී විදුලිබල හා කාර්මික අංශවල ගෝලීය විමෝචනය 2019 කාලයට වඩා වඩා වැඩි මට්ටමක පැවතිණි. නමුත් ප්‍රවාහනය මඟින් විමෝචනය සියයට පහකින් පමණ අඩුවිය.

ගෝලීය මධ්‍යම මුහුදු මට්ටම 1900 සිට 2018 දක්වා සෙන්ටි මීටර් 20කින් වැඩි වී තිබුණි. මෑත අතීතයට වඩා ඉහළ අක්ෂාංශ ප්‍රදේශ සහ සහේල් 2021-2025 වන විට තෙත් බැවින් වැඩි විය හැකිය. පසුගිය වසර පහක කාලය තුළ වාර්තා වූ ඉහළම ගෝලීය උෂ්ණත්වය වාර්තාගත වූ බවද වාර්තාවෙහි සඳහන් වේ.

ඉදිරි වසර පහ තුළදී, පූර්ව කාර්මික යුගයට වඩා, උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාව තාවකාලිකව පසුකිරීමේ කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව එය තවදුරටත් පැවසීය.

“දේශගුණික ක්‍රියාකාරිත්වයේ අවශ්‍යතාවය පිළිබඳ අපි ඉතා වැදගත් ස්ථානයකට පැමිණ ඇත. අපේ දේශගුණයට හා අපේ පෘථිවියට ඇති වන බාධා දැනටමත් අප සිතනවාට වඩා නරක අතට හැරෙමින් පවතින අතර එය අනාවැකි පළ කළ වේගයට වඩා වේගයෙන් ගමන් කරමින් තිබේ, ”එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

2015 පැරිස් සම්මුතියට අනුකූල දිගු කාලීන උපාය මාර්ග සකස් කරන ලෙස එම වාර්තාවෙන්, තවත් බොහෝ රටවල් ඉල්ලා සිටියේය.

ශුද්ධ-ශුන්‍ය කැපවීම්, ශක්තිමත් ආසන්න කාලීන ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය බව එය තවදුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩ සටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය, දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය, ගෝලීය කාබන් ව්‍යාපෘතිය, ලෝක දේශගුණ පර්යේෂණ වැඩසටහන සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියළු කරුණු ඇතුළත් වාර්තාව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය එක්ව සකස් කරන ලදී. 

Madhumita Paul විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද COVID-19 pandemic has not slowed climate change: UN නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.