ඉවත්ව යාමට පාදක වූ ආර්ථික අර්බුදයට සහ සමාජ නොසන්සුන්තාවයට හේතුවූ බව සමහර විචාරකයින් පැවසූයේ ජුලි මස මැදදී තම ධූරය අත් හැර ගෝඨාභය පළාගිය පසුවය. නමුත් මෙම තත්වය වැරදි කියවීමකි. සිදුවූයේ, දීර්ඝ කාලීන කාබනික ගොවීන් පසුගිය කාලය පුරාවටද හොඳින් කටයුතු කල නමුත් සාම්ප්‍රදායික ගොවීන් හිටපු ජනාධිපතිවරයාගේ මූල්‍ය අවභාවිත‍යන් සහ නොහැකියාවන් නිසාවෙන් පීඩා විඳීමයි.

ජුලි 13 වෙනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගියේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත් පුරවැසියන්ගේ මහජන විරෝධතා මධ්‍යයේය. ඒ වනවිට මෙරටෙහි ණය පැහැර හැර, බලශක්තිය සහ ආහාර මිල ඉහළ යමින් තිබූ අතර විදේශ විනිමය සංචිතය පුළුල් හිඟයක විය.

නිදහසට පහසු කරුණක්

ඇතැමුන් ගෝඨාභයගේ පසුබෑම පසුපස හඹා යන්නේ 2021 අප්‍රේල් මාසයේ දී සියලු රසායනික පොහොර ආනයනය නතර කිරීමට සහ හදිසියේම රට කාබනික කෘෂිකර්මාන්තය කරා යොමු කිරීමට ගත් අවාසනාවන්ත තීරණය නිසාවෙනි. එක් විචාරකයෙක් ලියා ඇත්තේ, මුළු රටේම ගොවිතැන කාබනික කිරීමට “මිස්ටර් කාබනික” ගත් අනපේක්ෂිත තීරණයෙන්, කෘෂිකාර්මික ආර්ථිකය බිඳවැටීම පුළුල්ව පැතිරුණු සාගින්නක ආරම්භය වූ බවයි. යථාර්ථය නම්, මෙම ප්‍රතිපත්තිය කාබනික කෘෂිකර්මාන්තයට සැලසුම් සහගත මාරුවීමකට, වඩා විදේශ මුදල් හිඟය සහ ආනයන සඳහා ගෙවීමට නොහැකි වීම සමඟ ඍජුව සම්බන්ධ බවයි. එනිසා, කාබනික සංක්‍රාන්තියක් සඳහා හිටපු ජනාධිපතිවරයාගේ හදිසි ඉල්ලීම, පොහොර ආනයනය සඳහා ගෙවීම නතර කිරීම වැනිදෑ පහසු නිදහසට කරුණු විය.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන කාබනික වගාවට එදිරිව සාම්ප්‍රදායික තේ ගොවීන්ගේ ආහාර වේල පිළිබඳ අපගේ පර්යේෂණවලින් පෙනී යන්නේ, ඇත්ත වශයෙන්ම පසුගිය වසර දෙක තුල ප්‍රගතියක් ඇත්තේ කාබනික තේ ගොවීන් බවයි. ඔවුන් තම නිෂ්පාදනය සඳහා මිල වාරිකයක් ලබා ගනී. තවද ඔවුන්ගේ පස නඩත්තු කිරීම සඳහා උසස් තත්ත්වයේ කොම්පෝස්ට් අභ්‍යන්තර සැපයුම් හරහා ඇති අතර, ඔවුන්ගේ තේ අස්වැන්න සාම්ප්‍රදායික තේ ගොවීන්ගේ අස්වැන්නට වඩා සමාන හෝ හොඳ වේ.

ඔවුන්ගේ ස්ථාවර ඉපැයීම්, ගෘහ පරිභෝජනය සඳහා එළවළු උද්‍යාන සමඟ ඒකාබද්ධ කිරීමෙන් අදහස් වන්නේ ඔවුන් සතුව පෝෂ්‍යදායී ආහාර වේලක් ඇති බවයි. මෙය පසුගිය ග්‍රීෂ්මයේදී රසායනික පොහොර සැපයුමේ හදිසි අලාභයට මුහුණ දීමට සිදු වූ, නමුත් පසුව හොඳ තත්ත්වයේ කොම්පෝස්ට් සොයා ගැනීමට අරගල කලත් එය අසාර්ථක වී අස්වැන්න පහත වැටීමෙන් ගොවීන්ගේ ආදායම් අඩු විය. එය දුප්පත් ආහාර රටාවන් උරුම වූ සාම්ප්‍රදායික තේ ගොවීන් හා සැසඳෙනු ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය 2021 අවසානයේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීම අත්හැර දැමුවද, සැපයුම් තවමත් අක්‍රමවත් වන අතර විදේශ විනිමය සංචිත නොමැතිකමේ ගැටලුව නිසාවෙන්, අධික මිලට විකිණෙන පොහොර ලබා ගත හැක්කේ ධනවත් ගොවීන්ට පමණි.

රසායනික පොහොර හදිසියේ නැතිවීම නිසා වී වගාවට මෙන්ම එළවළු වගාවටද බලපෑම් එල්ල විය. ඡායාරූපය: දිල්රුක්ෂි හඳුන්නෙත්ති/මොන්ගාබේ 

අඩු අස්වැන්නක්, අඩු ආදායමක්

ශ්‍රී ලාංකීය අර්බුදයෙන් උගත යුතු සැබෑ පාඩම නම් යහපත් පාලනය, ජාතියක සෞඛ්‍ය හා පෝෂණයට වැදගත් වන බවයි. තවද, ආනයනික යෙදවුම්වල ඉහළ මට්ටම් මත යැපෙන ගොවීන්ගේ සැපයුම් දාම කඩාකප්පල් කිරීම සහ මිල උච්චාවචනයන් නිසාවෙන් ඔවුන් දැඩි අවදානමකට ලක් වන බවය.

යුක්‍රෙන් යුද්ධය නිසාවෙන් යැයි පවසා බලශක්ති සහ පොහොර මිල ඉහල දැමීම, කෝවිඩ් -19 වසංගතයට සම්බන්ධ සැපයුම් දාම කඩාකප්පල් කිරීම වැනි ක්‍රියා හේතුකොට ගෙන හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිදුකල ආර්ථික අවපාලනය, කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම සහ ආහාර මිල ඉහළ යාමට හේතු විය. තවද කුසගින්න සහ මන්දපෝෂණයද වර්ධනය වන්නට විය. උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් ගොවීන්ට තම ට්‍රැක්ටර් ධාවනය කිරීමට හෝ ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ගෙන ඒමට නොහැකි වීමෙන් ඒවා ගොවිපලවම කුණු වී ගියේය.

වත්මන් අර්බුදය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට සහ ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් නොව නාගරික දුප්පතුන්ට ද දැඩි ලෙස බලපා ඇත. මෙරට ජනගහනයෙන් 30% ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බව මෑත කාලීන ලෝක ආහාර වැඩසටහන් වාර්තාවක් පෙන්වා දෙයි. විශේෂයෙන් තේ වතු අංශයේ ගොවි කම්කරුවන් සහ නාගරික කම්කරුවන් ඔවුන්ගේ ආහාර වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී, ආහාර මිල ඉහළ යාම පිළිබඳ සංවේදී වේ.

ක්‍රමානුකූල සංක්‍රමණය

බාහිර ආධාරකරුවන්, බලශක්තිය සහ අත්‍යවශ්‍ය ආහාරද වාණිජ බෝග නිෂ්පාදනයද නැවත ස්ථාපිත කිරීම සඳහා මෙරට වත්මන් විනාශය භාවිතා කරන නමුත්, ඉන් ක්‍රමවේදයේ දුර්වලතා විසඳීමට කටයුතු නොකරන බැවින් මෙය බරපතල වැරැද්දක් වනු ඇත. ශ්‍රී ලංකාවෙහි කෙටි කාලීන අර්බුදය විසඳීම සඳහා කෘෂිකාර්මික යෙදවුම් ලෙස ප්‍රධාන වශයෙන් රසායනික පොහොර අවශ්‍ය වුවද, කෘෂිකාර්මික හෝ කාබනික ක්‍රම භාවිතා කරමින් වඩාත් විවිධ වූ ආහාර නිෂ්පාදන පද්ධතියකට ක්‍රමානුකූලව හා සැලසුම් සහගතව සංක්‍රමණය වීම සැබවින්ම අර්ථවත් වනු ඇත.

පැහැදිලිවම කිවහොත්, ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කඩාවැටේ යැයි අපි තර්ක නොකරන්නෙමු. ඒ වෙනුවට, ගොවීන් සමෘද්ධිමත්, ස්ථාපිත කාබනික ක්‍රමවේදයක් සෙමින් හා හිතාමතා වර්ධනය කරන බවක් අපි දකින්නෙමු.

පසෙහි සාරවත් බව පවත්වා ගැනීම සහ පළිබෝධ ගැටළු කළමනාකරණය කිරීම සඳහා බෝග ආශ්‍රිත සහ කොම්පෝස්ට් වැනි කෘෂි පාරිසරික භාවිතයන් ඔස්සේ යන කාබනික ගොවිතැන, වඩා තිරසාර පමණක් නොව සැපයුම් දාම කඩාකප්පල් කිරීම් සහ බලශක්ති මිල උච්චාවචනයන්ට ගොදුරු වීම් වැනි අවදානම් වලින්ද තරමක් ආරක්ෂිතය. ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාකාර ගොවිතැන් ප්‍රවේශයන් සමූහයක් එය ස්වයං-ප්‍රේරක හෝ ගෝලීය වශයෙන් පැනවූ හෝ ඊළඟ අර්බුදයට ගොදුරු වීමේ අවදානම අඩු කරයි.

Nethmi S. Perera Bathige and William G. Moseley විසින් Mongabay වෙත ලියන ලද Drawing the wrong lessons from Sri Lanka’s organic farming experience (commentary) නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.