• ජෛව විවිධත්වය සහ සංරක්ෂණය පිළිබඳ ගෝලීය දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීමට උපකාර කල ප්‍රකට ජීව විද්‍යාඥයෙකු සහ ප්‍රවීණ ලේඛකයෙකු වූ එඩ්වඩ් ඕ. විල්සන් මිය ගියේය.
  • විල්සන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ කුහුඹුවන්ගේ ජීව විද්‍යාව සහ සමාජ ව්‍යුහයන් අධ්‍යයනය කරමින් වන අතර පරිණාමය සහ ග්‍රහලෝකය සමඟ මනුෂ්‍යත්වයේ සම්බන්ධතාවය පිළිබඳ පුළුල් න්‍යායන් වර්ධනය කිරීමට එය ඔහුට මග පෑදුවේ ය.
  • විල්සන්ගේ පර්යේෂණ විද්‍යාත්මක කවයන් තුළ බෙහෙවින් ප්‍රබල චරිතයක් වූ අතර බොහෝ පිළිගැනීම් දිනා ගත්තේය. ඔහු බොහෝ දුරට ප්‍රසිද්ධ වූයේ ජෛව විවිධත්වය වැනි සංකල්ප ජනතාවට හඳුන්වා දුන් ලිපි සහ වැඩියෙන්ම අලෙවි වන පොත් වැනි ලේඛන නිසාය.
  • විල්සන් ගෝලීය සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා විවෘතව පෙනී සිටි අයෙකි.

ජෛව විවිධත්වය සහ සංරක්ෂණය පිළිබඳ ගෝලීය දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීමට උපකාර කල ප්‍රකට ජීව විද්‍යාඥයෙකු සහ ප්‍රවීණ ලේඛකයෙකු වන එඩ්වඩ් ඕ. විල්සන් මිය ගියේය.

ඊ.ඕ.විල්සන් ජෛව විවිධත්ව පදනමෙහි ප්‍රකාශයකට අනුව විල්සන්, පසුගිය ඉරිදා දින මැසචුසෙට්ස් හි බර්ලින්ටන්හිදී මෙලාව හැරගොස් ඇත. මිය යන විට ඔහු 92 වියෙහි පසු විය.

“එඩ් හට, දැනුම සොයා යාම ඉමහත් ප්‍රීතියක් ගෙන දෙන්නක් විය. නිර්දය අදහස් සංශ්ලේෂකයක්, ඔහුගේ නිර්භීත විද්‍යාත්මක අවධානය සහ කාව්‍යමය කටහඬ, අපව සහ අපගේ ලෝකය අවබෝධ කර ගැනීමට විශාල ලෙස උපකාරී විය.” ඊ .ඕ. විල්සන් ජෛව විවිධත්ව පදනමෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති සහ ‘Half-Earth Project’හි සම-නිර්මාතෘ, ප්‍රකාශයක පෝල් ජේ. එර්ලිහ් පැවසීය. “ඔහුගේ ලොකුම බලාපොරොත්තුව වූයේ සෑම තැනකම සිටින සිසුන්, ලෝකයේ අනාගත භාරකාරත්වය සඳහා අවසාන විද්‍යාත්මක පදනම ලෙස ඔහුගේ අදහස් බෙදා ගැනීමයි. ඔහු මිනිසුන් කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තැබූ අතර ස්වාභාවික ලෝකය සුරැකීමට හවුල් වූ මානව අධිෂ්ඨානයක් විය.”

ඊ.ඕ.විල්සන් 2003 දී. ඡායාරූපය: ජිම් හැරිසන්/PLOS/ Mongabay

විල්සන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ කුහුඹුවන්ගේ ජීව විද්‍යාව සහ සමාජ ව්‍යුහයන් අධ්‍යයනය කිරීමෙනි. එම පර්යේෂණය ඔහුට පරිණාමය අනුව සමාජ හැසිරීම පැහැදිලි කරන සමාජ ජීව විද්‍යාව යන සංකල්පය වර්ධනය කිරීමටත්, දූපත් ජෛව භූගෝල විද්‍යාවට ප්‍රධාන දායකත්වයක් ලබා දීමටත් හේතු විය. එය කුහුඹු විශේෂවල විවිධත්වය කෙරෙහි, වාසස්ථාන ප්‍රමාණයේ බලපෑම අවබෝධ කර ගැනීම සඳහා පදනම විය. ඔහුගේ දූපත් ජෛව භූගෝල විද්‍යාව, වාසස්ථාන විනාශයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන, විශේෂ විනාශ පුරෝකථනය කිරීමට ගණිතමය පදනමක් ලෙස සේවය කර ඇති අතර එය දැනට සිදුවෙමින් පවතින හයවන මහා වඳවීම ප්‍රමාණනය කිරීමට මාර්ගයක් සපයයි.

නමුත් විල්සන්ගේ පර්යේෂණ විද්‍යාත්මක කවයන් වෙත ඉහළ බලපෑමක් ඇති කළ අතර බොහෝ පිළිගැනීම්ද දිනා ගත්තේය. ඔහු වඩාත් පුළුල් ලෙස ප්‍රසිද්ධ වූයේ ජෛව විවිධත්වය වැනි සංකල්ප ජනතාවට හඳුන්වා දුන් ලිපි සහ වැඩියෙන්ම අලෙවි වන පොත් ඇතුළු ප්‍රවේශ විය හැකි ලේඛන සඳහා ය. ඔහු ‘On Human Nature’ (1978) සහ ‘The Ants’(1990) සඳහා ‘Pulitzer’ ත්‍යාග දිනාගත් අතර, ‘The Diversity of Life’ (1992), ‘Naturalist’ (1994), ‘Consilience: The Unity of Knowledge’ (1998), ‘The Future of Life’ (2002), ‘The Creation: An Appeal to Save Life on Earth’ (2006), ‘The Social Conquest of Earth’ (2012), ‘Letters to a Young Scientist’ (2014), ‘The Meaning of Human Existence’ (2014) සහ  ‘Half-Earth: Our Planet’s Fight for Life’ (2016) වැනි කෘතීන් සඳහා ජනප්‍රිය පැසසුම් ලබා ගත්තේය.

“එඩ්ගේ විද්‍යාත්මක ජයග්‍රහණ අවතක්සේරු කිරීමට අපහසුයි. නමුත් ඔහුගේ බලපෑම සමාජයේ සෑම අංශයකටම විහිදේ. ඔහු අනෙකා ප්‍රබෝධමත් කිරීමට සහ උද්ධීපනය කිරීමට අද්විතීය හැකියාවක් ඇති සැබෑ දූරදර්ශී අයෙක් යැයි E.O විල්සන් ජෛව විවිධත්ව පදනමෙහි සභාපති ඩේවිඩ් ජේ. ප්‍රෙන්ඩ් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. “මිනිසෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ඔහු කාටත් වඩා හොඳින් ප්‍රකාශ කළේය. ඔහුගේ කුතුහලය සහ නිර්මාණශීලීත්වය මා ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත හැඩගස්වා ඇති අතර, ඔහුව මිතුරෙකු ලෙස හැඳින්වීමට ලැබීම වාසනාවක් ලෙස මට හැඟේ යැයි ඩේවිඩ් ජේ. ප්‍රෙන්ඩ් තවදුරටත් පැවසීය.

විල්සන් ග්‍රහලෝකයේ මනුෂ්‍ය නොවන වැසියන් වෙනුවෙන් විවෘතව පෙනී සිටි අයෙකි. ඔහු ජීව විශ්වකෝෂය පිහිටුවීමේ ප්‍රබල බලවේගයක් වූ අතර එය ලෝකයේ, විශේෂයන් ලැයිස්තුගත කිරීම අරමුණු කරගත් සංරක්ෂණය සඳහා පෘථිවි පෘෂ්ඨයෙන් අඩක් ආරක්ෂා කිරීමට මුලපිරීමක් ස්ථාපිත කළේය. ඔහු ජනාධිපතිවරුන්ගේ, ජාත්‍යන්තර ආයතනවල සහ ග්‍රහලෝකය ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රමුඛ පුද්ගලයින්ගේ උපදේශකයෙකු ලෙස සේවය කළේය.

ඊ.ඕ. විල්සන් සහ පෝලා එර්ලිච් පොත් අත්සන් කිරීමකදී. ඡායාරූපය: ඊ.ඕ.විල්සන් ජෛව විවිධත්ව පදනම/ Mongabay 

විල්සන් මිය යන විට ඔහුගේ දියණිය වන කැතරින් සහ ඇගේ සැමියා ජෝන් සමග සිටි අතර ඔහුගේ බිරිඳ අයිරින් කේ. විල්සන් මිය ගොස්ය.

සම්බන්ධ ලිපි

Rhett A. Butler විසින් Mongabay  වෙත ලියන ලද Edward O. Wilson, prominent biologist and author, has died at 92 නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.