• 2021 දෙසැම්බර් 26 වන දින, ජීව විද්‍යාඥයකු සහ කතුවරයෙක් වූ  එඩ්වර්ඩ්. ඕ.විල්සන් වයස අවුරුදු 92 දී මැසචුසෙට්ස් හි බර්ලින්ටන්හිදී මිය ගියේය.
  • සාමාන්‍යයෙන් ඊ  ඕ ඩාර්වින් හා සසඳන විට විල්සන් කුහුඹුවන් පිළිබඳ අධ්‍යයනය, පරිණාමය, ජීව භූගෝල විද්‍යාව සහ සමාජ ජීව විද්‍යාව පිළිබඳ ඔහුගේ වැඩ සඳහා ප්‍රසිද්ධය.
  • විල්සන් මේ ජීවිතයේ අවසාන වසර කිහිපය කැප කළේ මහා වඳවීම, පාරිසරික බිඳවැටීම වැළැක්වීම සහ දේශගුණික විපර්යාස සඳහා පොදු විසඳුමක් නිර්මාණය කිරීමේ මාර්ගයක් ලෙස ඔහු දුටු “අර්ධ පෘථිවි” සංකල්පය සඳහා ය.
  • කතුවරයකු වන ජෙරමි හැන්ස්, විල්සන් සමඟ 2017 සංවාදයක් මෙම ලිපියෙන් විස්තර කරනු ලබයි.

2017 ජනවාරි මාසයේදී මම ඊ. ඕ.විල්සන් සමඟ දුරකථන සංවාදයක් කළෙමි. 

ඩාර්වින් හා සසඳන විට ඊ.ඕ. විල්සන් කුහුඹුවන් පිළිබඳ අධ්‍යයනය, පරිණාමය, ජීව භූගෝල විද්‍යාව සහ සමාජ ජීව විද්‍යාව පිළිබඳ ප්‍රසිද්ධය. මම දහස් ගණන් විද්‍යාඥයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති බැවින් එම අවස්ථාවන්හිදී මම සාමාන්‍යයෙන් කලබල නොවන නමුත් මට ඊ. ඕ. විල්සන් සඳහා එය වෙනස් වු අතර දුරකථනය ඔස්සේ ඔහුගේ කටහඬට ඇහුම්කන් දීමෙන් මා ටිකක් වෙව්ලන්නට විය.

අවසානයේ විල්සන්ට සහ මට එම මාසයෙන් පසුව ද කතාබස් කිරීමට අවස්ථාව ලැබුණි, නමුත් එය ඔහුගේ පරිණාමීය විද්‍යාව හෝ දිවයින ජෛව භූගෝල විද්‍යාව හෝ සමාජ ජීව විද්‍යාව ගැන හෝ ඔහුගේ ප්‍රියතම මාතෘකාව වන කුහුඹුවන් ගැන නොවේ. ඒ වෙනුවට අපි කතා කළේ ඔහුගේ නවතම පොත වන ‘Half-Earth’ගැනයි. එහිදී ඔහු ග්‍රහලෝකයෙන් අඩක් මනුෂ්‍ය නොවන විශේෂ සඳහා වෙන් කිරීමට දැඩි ලෙස යෝජනා කළේය. අපගේ සම්මුඛ සාකච්ඡාවේදී 87 හැවිරිදි වුවද, විල්සන් ඔහුගේ බලයේ උච්චතම අවස්ථාවෙහිදී නීතිඥයෙකු මෙන් විය.

පාරිසරික බිඳවැටීම, දේශගුණික විපර්යාස සහ මහා වඳවීම වලක්වා ගැනීම සඳහා පොදු විසඳුමක් නිර්මාණය කරන්නේ කෙසේද යන්නට පිළිතුරක් ‘Half Earth’ කෘතියේ ඇති බවට විල්සන් විශ්වාස කළේ ය.

ඊ.ඕ. විල්සන් වයස අවුරුදු 92 දී මැසචුසෙට්ස් හි බර්ලින්ටන්හිදී මිය ගියේය. ඡායාරූපය: Mongabay 

දැඩි පරිණාමීය විද්‍යාව සඳහා තම ජීවිතයෙන් වැඩි කොටසක් කැප කළ මිනිසෙකුට, විල්සන්ගේ ලොකුම බලපෑම ඔහුගේ ජීවිතයේ අවසානයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි රැඩිකල් අදහස විය හැකිය. එය ඔහු ප්‍රසිද්ධ විද්‍යාව මත පැවතියද, විල්සන්ගේ අවසාන තෑග්ග සැබවින්ම ප්‍රතිපත්ති, මනුෂ්‍යත්වය සහ බලාපොරොත්තුවයි.

Half-Earth යනු විද්‍යා ප්‍රබන්ධයක් සේ පෙනෙන්නට ඇත, නමුත් එය යථාර්ථයක් බවට පත් කිරීමට හෝ එවැනි දෙයක් කිරීමට උත්සාහ කරමින් පවතී. ග්‍රහලෝකයෙන් අඩක් මිනිසුන් වසා නොගෙන පැවතුනහොත් ශතවර්ෂයකින් පමණ පසු  යම් ආකාරයක ස්වභාවික හෝ පුනර්ජනනීය තත්වයක පෘථිවිය පවත්වා ගත හැක. 

නමුත් මෙම අර්ධ-ස්වභාවය කළමනාකරණය කිරීමට දරන ප්‍රයත්න සඳහා හේතු වනු ඇත්තේ විල්සන්ගේ ජීවිතයේ අවසානයේ පැවති නොපසුබස්නා උපදේශනයයි.

දෛවෝපගත මාළු වරල්

ඊ. ඕ. විල්සන්ට වයස අවුරුදු හතේදී ඔහු හැදී වැඩුණේ ඇලබාමා හි බර්මින්හැම් හි ය. ඔහු මසුන් ඇල්ලීමෙහි නිරතව සිටි මොහොතක ඉතා දැඩි ලෙස ඔහුව බිලි පිත්ත සමඟ ඇදී ගියේය. එම අවස්ථාවේදී මාළුවා වතුරෙන් ඉවතට පියාසර කළ අතර උගේ වරලෙහි වූ වරල් කූරු පෙළක් විල්සන්ගේ ඇසට ඇතුල් විය. මාළු වරල් විද්‍යා වංශ කතාවේ වැදගත්ම මාළු වරල් වලින් එකක් ලෙස විවාදයට ගත හැකි මෙම මාළුවා විල්සන්ගේ දකුණු ඇස අන්ධ කළේය.

දුර බැලීමේ හැකියාව සදහටම විනාශ වී ඇති හෙයින්, විල්සන් ඔහුට අවධානය යොමු කළ හැකි කුඩා දේවල් දෙසට ඔහුගේ බැල්ම යොමු කළේය. කුරුල්ලන්, ක්ෂීරපායින් හෝ මත්ස්‍යයන් වෙනුවට ඔහු කෘමීන් සහ අවසානයේ කුහුඹුවන් වෙත යොමු විය, එය ජීවිත කාලය පුරාම උමතුවක් සහ ආදරයක් වන අතර ඔහුගේ සියලු විද්‍යාත්මක කටයුතුවල සන්ධිස්ථානයකි.

විල්සන් ඇලබාමා විශ්ව විද්‍යාලයෙන් ඉගැන්වීම් ආරම්භ කොට පසුව හාවඩ් වෙත ගිය අතර එහිදී ඔහු වසර 46ක් ඉගැන්වීමට සහ ඔහුගේ මූලික පර්යේෂණ බොහොමයක් සිදු කළේය.

කුඩා දූපත්

1960 ගණන් වලදී, විල්සන් හාවඩ් හි වයස අවුරුදු තිහක නව මහාචාර්යවරයෙකු වූ විට, ඔහු දක්ෂ ගණිතඥයෙකු සහ පරිසර විද්‍යාඥයෙකු වන රොබට් මැක්ආතර් සමඟ හවුල් වී, දූපතක එහි ප්‍රමාණය අනුව විශේෂ කීයක් සිටිය හැකිද යන්න පිළිබඳ සමීකරණයක් වර්ධනය කළේය.

පැසිෆික් දූපත් වල කුහුඹු ප්‍රජාවන් පිළිබඳ විල්සන්ගේ අධ්‍යයනය මත පදනම් වූ න්‍යාය, දිවයිනේ විශාලත්වය අනුව දූපත් වල විශේෂවල සමතුලිතතාවයක් ඇති බව තර්ක කළේය. මෙයින් අදහස් කළේ දූපතක සිදුවන සෑම වඳවීමක්ම වෙනත් විශේෂයකට සංක්‍රමණය වීමට අවස්ථා නිර්මාණය කළ බවයි. කෙසේවෙතත්, අවසානයේදී, සමතුලිතතාවයට පහර දෙමින් දූපතක් පිරී යයි. විශාල දූපත් වැඩි විශේෂයන් රඳවා තබා ගන්නවා පමණක් නොව, ඔවුන් එසේ කරන්නේ රොබට් මැක්ආතර්ට සත්‍ය වශයෙන්ම විශේෂ-ප්‍රදේශ සම්බන්ධය ලෙස ගණනය කළ හැකි වේගයකිනි.

ෆ්ලොරිඩා කීස්හි කඩොලාන. ඡායාරුපය: NASA/Mongabay 

විල්සන් සහ මැක්ආතර් ඔවුන්ගේ න්‍යාය 1967 දී පොතක් ලෙසින් ප්‍රකාශයට පත් කළ අතර පසුව විල්සන් එය ක්ෂේත්‍රය තුල පරීක්ෂා කිරීමට ගියේය. ෆ්ලොරිඩා කීස් හි කුඩා කඩොලාන දූපත් කිහිපයක් අතර, විල්සන් සහ එවකට ශිෂ්‍ය ඩැනියල් සිම්බර්ලොෆ් විසින් එක් එක් දූපත් වල කෘමීන් හොඳින් සමීක්ෂණය කරමින් පර්යේෂණ ආරම්භ කළේය. ඉන්පසු ඔවුන්  දූපත් ධූමකරණය කොට ජීවින් අතුගා දමන ලදී. ඉන් පසුව යන්තම් වසරක් ඇතුළත සියලුම කුඩා දූපත් නැවතත් පූර්ව-අපෝකැලිප්ස් මට්ටමේ ජෛව විවිධත්ව ජනපද දක්වා පිහිටුවා ගත් අතර පසුව යම් ආකාරයක ජෛව විවිධ සමතුලිතතාවයකට එය ඉතා වේගයෙන් පත් වන ආකාරය දෙස ඔවුන් බලා සිටියා.

මෙම සැබෑ ජීවිතයේ ප්‍රතිඵල සමගින්, ‘විශේෂයන්ගේ ප්‍රදේශ’ සමීකරණය විද්‍යාගාරයේ වැඩ කරන පරිසරවේදීන්ට පමණක් නොව, වනයේ විශේෂ සුරැකීමට ක්‍රියාශීලීව ක්‍රියා කරන සංරක්ෂණවේදීන්ටද පදනමක් බවට පත් විය. දූපත් වල විශේෂ සමතුලිතතාවයක් ඇති බව පමණක් නොව, දූපත් ගිලෙන්නේ නම් ඒවා අනිවාර්යයෙන්ම විශේෂ හීන වී යන ඒවා බවද පෙන්නුම් කළේය.

පෘථිවියේ ඇති දූපත් තවදුරටත් සාගරයේම නොපවති. මුළු ලෝකයෙහිම මානව ආධිපත්‍යය සහිත විශාල ස්වභාවික ප්‍රදේශ, දූපත් බවට පත්වෙමින් ඇත. බ්‍රසීලයේ ‘මාටා අත්ලාන්තිකා’ හි නගරයෙන් වට වූ නිවර්තන වැසි වනාන්තරය, බොට්ස්වානාහි ගොවිපලවල් සහ නගරවලින් වට වූ සැවානා ජාතික වනෝද්‍යානය, එක්සත් ජනපදයේ අධිවේගී මාර්ගයක එක් පැත්තක තණබිම්, මෙන්ම සෑම පැත්තකින්ම ඔයිල් පාම් වලින් වැසී ඇති මැලේසියාවේ කඳුකර වනාන්තරය වැනි පරිසර පද්ධති සියල්ලම පවා මිනිස් සිතුවිලි සහ අරමුණු වෙනුවෙන්, මුහුදෙන් වටවූ දූපත් මෙන් වෙන්වී ඇත.

මැලේසියානු බෝර්නියෝහි තෙල් පාම් සඳහා වනාන්තර එළි පෙහෙළි කර ඇති ආකාරය.ඡායාරූපය: Rhett A. Butler/Mongabay 

අපගේ ස්වාභාවික ලෝකය, මිනිස් භාවිතය සහ වාසස්ථාන වැඩි ප්‍රදේශවලින් වට වූ දූපත් භූමි ක්‍රමයට ඇදෙමින් පවතින බැවින්, බොහෝ සත්ව විශේෂවලට ඒවායෙහි දිගු කාලීනව පැවතීමට නොහැකිව ඇත.

ජීව භූගෝල විද්‍යාව පිළිබඳ ඔහුගේ මූලික කාර්යයෙන් පසුව, ඔහු සමාජ ජීව විද්‍යාව ලෙස හැඳින්වෙන නව සංකල්පයකට යොමු විය. මෙම නව ක්ෂේත්‍රය පරිණාම ක්‍රියාවලීන් හරහා සත්ව හැසිරීම, විශේෂයෙන්ම විල්සන්ගේ ප්‍රියතම විෂය කුහුඹුවන් වැනි සංකීර්ණ සමාජ හැසිරීම් පැහැදිලි කිරීමට උත්සාහ කළේය.

බොහෝ පොත් ඇතුළු විල්සන්ගේ කෘතීන්, එම අධ්‍යයනයන් වැඩි දියුණු කොට ජනප්‍රිය කළේය. ඒ වගේම ඒවා විශාල ආන්දෝලනයකටද තුඩු දුන්නේය. විල්සන් යෝජනා කළේ කෙනෙකුට සමාජ ජීව විද්‍යාව යන සංකල්පය කුහුඹුවන්, නිරුවත් මවුල මීයන් සහ මිනිසුන් සඳහා යෙදිය හැකි බවයි. විල්සන් තර්ක කළේ අවම වශයෙන් අපගේ පරිණාමීය ඉතිහාසය, අපගේ ජාන, සමාජය තුල අපගේ හැසිරීම, අපගේ භූමිකාව පුරෝකථනය කරන බවයි. එම සමාජය, කුහුඹුවන්ගේ හෝ මිනිසුන්ගේ සමාජය – පරිණාමය විසින් මෙහෙයවනු ලබයි. සමාජ ජීව විද්‍යාව පිළිබඳ ඔහුගේ වැඩ කටයුතු හරහා ඔහු “බයෝපයිලා” සංකල්පයද වර්ධනය කළේ මිනිසුන්ට සහජ-ජානමය-ජීවිතයට, ජෛව විවිධත්වයට ආදරයක් ඇති බව තර්ක කරමිනි.

1996 දී හාවඩ් වෙතින් විල්සන් විශ්‍රාම ගන්නා විට, දූපත් ජෛව භූගෝල විද්‍යාව පිළිබඳ ඔහුගේ සුවිශේෂී කාර්යය සහ සමාජ ජීව විද්‍යාව පිළිබඳ නිර්භීත අදහස් සඳහා, ඔහු සිහිපත් කරනු ඇතැයි පෙනෙන්නට තිබුණි. කෙසේ හෝ විල්සන්, මනුෂ්‍ය හා මනුෂ්‍ය නොවන දෙපාර්ශවයටමත්, අපගේ පෘථිවියටත් කළ විශාලතම දායකත්වයට, ඔහුගේ ජීවිතයේ අවසාන මොහොතේ හෝ කෘතගුණ ලැබෙනු ඇති.

අර්ධ ස්වභාවය

විල්සන් 2014 දී මාධ්‍යවේදී ටෝනි හිස්ට පැවසුවේ, “මිනිසුන්, ප්‍රමාණවත් තරම් සංරක්ෂකයින් ගැනවත් සිතන්නේ නැත. එය වසර ගණනාවක් තිස්සේ මගේ මනසෙහි පැවතුනි.”

මුළු පෘථිවියම දූපතක් නම් කුමක් කළ යුතුද? නවතම ඇස්තමේන්තු වලට අනුව එය ට්‍රිලියන ගණනක් ජීවත්වන, හුස්ම ගන්නා, පරිභෝජනය කරන, ආදරය කරන සහ මිය යන විශේෂ මිලියන අටක් පමණ අඩංගු තනි දූපතකි. මුළු ලෝකයම විශ්මය ජනක මනරම් වාසස්ථාන සහිත දිවයිනක් නම් ගැඹුරු සාගරයේ යෝධ නල පණුවන් පිරී ඇති ජල තාප වාතාශ්‍රවල සිට හිමාල කඳු මුදුන්වල ඇති හඬ නගන පිකා විශේෂ දක්වා අප එය සහතික කරන්නේ කෙසේද? අපට තවමත් ජීවයේ ඉතිරි කොටස සුරැකිය හැකිද?

දූපත් ජෛව භූගෝල විද්‍යාවේ න්‍යායට අනුව, දූපතක් ගිලීයන විට, එනම් වාසස්ථාන විනාශ වූ විට, ජෛව වඳවී යාම සිදුවේ. අද සිදුවෙමින් පවතින්නේද මෙයයි. මිනිසුන් ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම නිසා සාමාන්‍ය පසුබිම් අනුපාතය මෙන් 100 සිට 1000 ගුණයක වේගයකින් විශේෂ අතුරුදහන් වෙමින් පවතී. ඒ හැරුනු කොට වෙනත් බලපෑම් අතර අධික ලෙස දඩයම් කිරීම, දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය යන කාරණා ඉහලින්ම ඇත. පරිසර පද්ධති සම්පූර්ණයෙන්ම ලිහිල් වීමට පෙර පෘථිවියට කොපමණ වඳවීම් ඉවසිය හැකිද යන්න අපි නොදනිමු.

බෝර්නියෝ හි වන විනාශය. ඡායාරූපය: Rhett A. Butler/Mongabay 

මෙම ගෝලීය ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා විල්සන් 1960 දශකයේ මැක්ආතර් සමග ගොඩනගා ගත් න්‍යාය වෙත ආපසු පිවිසියේය. පෘථිවිය දූපතක් නම්, අප ආරක්ෂා කරන්නේ එහි වාසස්ථානවලින් 10% ක් පමණි. එලෙසින් අදට, අපට ලෝකයේ විශේෂවලින් අඩක් අහිමි වේ. අතීතයේ සිදු වූ විශාලතම වඳ වී යාම, සමූහ වඳවී යාමක්. නමුත් අපි ලෝකයේ වාසස්ථානවලින් අඩක් ආරක්ෂා කරන්නේ නම්, අපි විශේෂ වලින් 80% ක් පමණ ආරක්ෂා කරන්නෙමු. සමහර විට අපි කොරල්පර සහ නිවර්තන වැසි වනාන්තර වැනි ජෛව විවිධත්වය වැඩි කලාප ආරක්ෂා කිරීමට වග බලා ගන්නේය. අපගේ ශිෂ්ටාචාරය ව්‍යසනයකට ඇද දැමිය හැකි මහා වඳ වී යාමේ සහ පාරිසරික බිඳවැටීමේ පෙරනිමිති මෙයින් වැළකෙනු ඇත.

2016 දී ඊ.ඕ. විල්සන් විසින් ‘Half-Earth’ ප්‍රකාශයට පත් කළේ, 2014දී ‘හිස්’ විසින් ප්‍රථම වරට නිර්මාණය කරන ලද යෙදුමකින් පසුවය. විල්සන්, පෘථිවියෙන් අඩක් ආරක්ෂා කිරීමේ අදහස නිර්මාණය නොකලේ එය ටික කලක් සංරක්ෂණ කවයන් වටා ගැටෙමින් තිබූ නිසාවෙන් නමුත්, ඔහුගේ ආකාරය වූයේ ප්‍රධාන සංස්ලේෂකයෙකු ලෙස සහ ශතවර්ෂයේ හොඳම විද්‍යා සන්නිවේදකයකු එහි විභවය සනාථ කිරීමයි.

එය ඉතා නිර්භීත අදහසක් වනමුත්  සමහරුන්ට එය පිස්සු යැයි පවා පැවසිය හැක. නමුත් එය විල්සන්ගේ නිරන්තර අභිලාෂය සහ සීමාවන් තල්ලු කිරීමේ වෘත්තීය ජීවිතයට අනුකූල වේ.

ජනතා සංරක්ෂණයක්

විල්සන් විසින් අර්ධ-පෘථිවිය සංරක්ෂණය, බල ප්‍රදේශ සංරක්ෂණයේ පිලිබිඹුවක් ලෙස සැලකුවේ නැත. දේශීය හා ආදිවාසීන් බැහැර කිරීමේ ඉතිහාසයක් ඇති දැඩි ආරක්ෂිත ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කිරීම සහ ඒ වෙනුවට විවිධ ආකාරයේ ආරක්ෂාවන් යොදමින්, බොහෝ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සහ වාසස්ථාන සඳහා ඉඩ ලබා දුන්නේය.

“ඔබට දේපල අයිතිය අහෝසි කිරීමට අවශ්‍ය නොවන අතර කිසිවෙකු ඉවත් කිරීමටද අවශ්‍ය වන්නේ නැත” යනුවෙන් විල්සන් 2017 දී පැවසීය.

විල්සන් විසින්, අර්ධ-පෘථිවිය විවිධ මට්ටම්හි සංරක්‍ෂණ ප්‍රදේශ වල නම්‍යශීලී ජාලයක් ලෙස පරිකල්පනය කළේය. සමහරක් දැඩි ආරක්‍ෂිත ප්‍රදේශ ඇත්ත වශයෙන්ම බොහෝ මිනිසුන් ජීවත් වන භූ දර්ශන ආරක්ෂා කිරීම සඳහා, දේශීය ඉඩම් හිමියන් සහ ප්‍රජාවන් සමග ක්‍රියා කරන එක්සත් ජනපදයේ ජාතික බිම් සලකුණු තනතුර ආදර්ශයට ගත්හ. එවැනි ආකෘතීන් උප-සහාරා අප්‍රිකානු ප්‍රදේශවල ඉතා සාර්ථක ලෙස ඔප්පු වී ඇති ප්‍රජා සංරක්ෂණයන් වේ.

විල්සන් විශ්වාස කළේ අර්ධ පෘථිවියට ස්වදේශික ප්‍රදේශ ද ඇතුළත් විය යුතු බවයි. ඔහු 2016 දී පෙන්වා දුන්නේ ආදිවාසී කණ්ඩායම් ඔවුන්ගේම ඉඩම්වල ‘බොහෝ විට හොඳම ආරක්ෂකයින්’ බවයි. දේශීය ඉඩම් ජෛව විවිධත්වය මෙන්ම සම්භාව්‍ය ආරක්ෂිත ප්‍රදේශ වලට වඩා හොඳින් ආරක්ෂා කරන බව පෙන්වන පර්යේෂණ වලදී මෙය නැවත නැවතත් සනාථ වී ඇත. වෙනත් වචන වලින් කිවහොත්, දේශගුණික විපර්යාස, ක්‍රියාවන් සහ ජීවත්වීමට සුදුසු පෘථිවියක් සඳහා වන සංරක්‍ෂණය සඳහා වන අරගලය ස්වදේශික ඉඩම් අයිතිය නොමැතිව ජයගත නොහැක.

“අර්ධ පෘථිවිය වැඩි වැඩියෙන් කෘෂිකර්මාන්තය හා මානව ජනාවාස බිහිවන විට ඔවුන්ගේ ජීවන මාර්ගය විනාශ වන ආදිවාසීන් ආරක්ෂා කරනු ඇත,” විල්සන් තවදුරටත් පැවසීය.

කොලොම්බියාවේ ඇමසන් වැසි වනාන්තරයේ ආදිවාසී ටිකුනා මිනිසා. NbS දේශගුණය සහ ජෛව විවිධත්ව අර්බුද ඉල්ලා සිටින ආකාරයේ වෙනසක් සඳහා සහය දැක්වීමේ විභවය දරන්නට ඉඩ ඇත, නමුත් අපි NbS ගැන කතා කිරීමට පටන් ගන්නේ මිනිසුන් ස්වභාවධර්මයේ කොටසක් වන්නේ කෙසේද යන්න අවධාරණය කරන්නේ නම් පමණි. ඡායාරූපය: Rhett A. Butler/Mongabay 

බොහෝ විට බලහත්කාරයෙන් තම ඉඩම්වලින් ඉවතට තල්ලු කිරීමේ ම්ලේච්ඡ ඉතිහාසයක් හේතුවෙන් ආදිවාසී ජනයා දිගු කලක් තිස්සේ සංරක්ෂණවාදීන් සමඟ අමනාප වී ඇත. එක්සත් ජනපදයේ පළමු ජාතික වනෝද්‍යානය වන යෙලෝස්ටෝන් නිර්මාණය කිරීම ආදිවාසීන් නෙරපා හැරීමට හේතු විය. නමුත් දැන්, ස්වදේශික ඉඩම්හි අයිතිවාසිකම් ව්‍යාපාරයේ ශක්තිය සංරක්ෂණවාදීන් සමග ඒකාබද්ධ කිරීමෙන් ලෝකය ප්‍රතිනිර්මාණය කළ හැක.

දැනට ලෝකයේ, ගොඩබිමෙන් 17%ක් පමණ (එක්සත් ජනපදයේ 12%ක් පමණි) සහ සාගරවලින් 7%ට වඩා ප්‍රමාණයක් යම් ආකාරයක ආරක්ෂාවක් යටතේ පවතී. මෙයින් අදහස් කෙරෙන්නේ, ඇත්ත වශයෙන්ම අපට අර්ධ පෘථිවියට පෙර බොහෝ දුර යා යුතු බවයි. නමුත් මෙම අදහස මීට වසර පහකට පෙර විල්සන් සිය පොත ප්‍රකාශයට පත් කරන විට පවා සිදු වූවාක් මෙන් අසම්භාව්‍ය බවක් නොපෙනේ.

තිහට තිහක් 

වසරකට පෙර, ජාතීන් 50කට වඩා “තිහට තිහක් ” සැලැස්මට කැපවී ඇත. එය 2030 වන විට ලෝකයේ ගොඩබිම සහ සාගරවලින් 30% ක් ආරක්ෂා කිරීමට කැඳවීමකි.මෙය ඊනියා ‘උසස් අභිලාෂක සන්ධානයේ’ කොටසකි. 2016 දී මාෂල් දූපත් විසින් නිර්මාණය කරන ලද, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා වැඩි වීම වළක්වා ගැනීමට යොමු කරන ජාතීන්ගේ ලිහිල් සූත්‍රගත කිරීමකි.

“තිහට තිහක්” අනුමත කළ ජාතීන් අතරට යුරෝපය, එක්සත් රාජධානිය, කැනඩාව, ජපානය සහ නයිජීරියාව (අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට) වැනි ලෝකයේ බලවත්ම රටවල් කිහිපයක්ද ඇතුළත් වේ. කොලොම්බියාව සහ කොස්ටාරිකාව දැනටමත් 30% ඉලක්කයට ආසන්නව ඇත. කොවිඩ්-19 හේතුවෙන් එය නැවත කල් නොදමන්නේ නම්, 2022 දී චීනයේ කුන්මින්ග්හි පැවැත්වීමට නියමිත COP15 ජෛව විවිධත්ව සමුළුවේදී මෙම ජාතීන් “තිහට තිහක්” ගෝලීය ඉලක්කයක් අපේක්ෂා කරනු ඇත.

එක්සත් ජනපදයද “තිහට තිහක්” පසුපස හඹා යමින් සිටී. බයිඩන්ගේ පරිපාලනය දැනට ආරක්ෂිත ප්‍රදේශ පුළුල් කිරීමෙන් පමණක් නොව, ගෝත්‍රික ඉඩම් සමග වැඩ කිරීම සහ තිරසාර ලෙස කළමනාකරණය කරන ලද ඉඩම් වැනි සංරක්ෂිත ඉඩම් පිළිබඳ වෙනත් අර්ථකථන ඇතුළත් කිරීම මගින් ඉලක්කය සපුරා ගැනීම දෙස බලයි. වෙනත් වචන වලින් කිවහොත්, විල්සන් වැනි පරිපාලනයන්, සංරක්ෂණ සාර්ථකත්වය බහු-මුහුණත් සහ විවිධ ප්‍රවේශයන් සඳහා විවෘත ලෙස සලකයි.

ඉන්දුනීසියාවේ නැගෙනහිර කලිමන්ටන්හි සාගරය, ගල්පර සහ වැසි වනාන්තර. ඡායාරූපය: Rhett A. Butler/Mongabay 

“තිහට තිහක්” ප්‍රතිඥාව ගෝලීය ප්‍රතිඥාවෙහි කොටසක් බවට පත් වුවහොත් සහ ඊටත් වඩා ආශ්චර්යමත් ලෙස, අපි එම ඉලක්කය වසර අටකින් හෝ ඊට ආසන්නව ළඟා කර ගන්නේ නම්, එයින් අදහස් වන්නේ අපි විල්සන්ගේ අර්ධ පෘථිවි න්‍යාය දෙසට අඩක් පමණ සිටින බවයි. නමුත් එය කෙනෙකුට තර්ක කළ හැකි අදහසක්, මීට දශකයකට පෙර එය උමතුවක් වුවද, දැන් පෙනෙන්නේ එහි සම්භාවිතාවකි.

තවද, එයින් අදහස් කරන්නේ මිනිසුන් සහ මිනිසුන් නොවන ජීවින් අතර බෙදුණු ලෝකයක් නොව, ඒ වෙනුවට අවකාශය වඩාත් සමානව බෙදාගත්, ඉවසා සිටින සහ නැඹුරු වූ ලෝකයකි. පෘථිවියේ බොහෝ ප්‍රදේශවල, මිනිසුන් තවමත් සියලුම මිනිස් ක්‍රියාකාරකම් වල නියැලෙනු ඇත. නමුත් අනෙක් දෙසින් අප මෙහි භාරකරුවන්ද වන්නෙමු. ගෙවතු වගා කරන්නන්, ප්‍රතිසංස්කරණය කරන්නන්, තිරසාර දඩයම්කරුවන්, ධීවරයින්, කඳු නගින්නන්, පරිසර පද්ධති කළමනාකරුවන් ලෙස වඩාත් ප්‍රීතිමත්ව අප පෘථිවියෙහි සියළු සුන්දරත්වයන් නිරීක්ෂණය කරන්නෙමු.

අපගෙන් සමහරෙක් එය ජීවිතය කරගනු ඇත. තවත් සමහරෙක් එය වෘත්තිය කරගනු ඇති අතර අමුත්තන් ලෙසින්ද පිරිස් යනු එනු ඇති. නමුත් ප්‍රථිලාභ ලෙසින ජීවය සඳහා පිරිසිදු ජලය, පාංශු ගුණ වර්ධනය සහ කාබන් රඳවා තබා ගැනීම වැනි කාරණා, සියලු දෙනාටම වාසි ගෙනදෙනු ඇත.

2003 දී E. O. විල්සන්. ඡායාරූපය: Jim Harrison / PLOS

“ඔබ දන්නවා, හැමෝම එක ඉලක්කයක් ගැන සිහින දකිනවා,” 2017දී ඔහුට මතක තබා ගැනීමට වඩාත්ම අවශ්‍ය කුමක්දැයි මා විමසූ විට විල්සන් පැවසුවේය. “ඔබ බෝලය වැටට උඩින් තැබීමට සිහින දකියි, ඔබ ඩොලර් මිලියන 10ක ලොතරැයි දිනුම්පතක් ගැන සිහින දකිනවා – එබැවින් ගෝලීය සංරක්ෂණය ඉදිරියට ගෙන යාමට මට විශාල බලපෑමක් කළ හැකිව තිබූ බව මම සිහින දකිමි.”

විල්සන් බලාපොරොත්තු වූ උරුමය එයයි. අපටද එය සාක්ෂාත් කරගත හැකිය.

Rhett A. Butler විසින් Mongabay  වෙත ලියන ලද E.O. Wilson’s last dream නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.