එක්සත් රාජධානියේ කාලගුණ කාර්යාලය පවසන්නේ 2022, ලෝකයේ උණුසුම්ම වසරවල ප්‍රවණතාවය දිගටම පවත්වාගෙන යනු ඇති බවයි.

කාලගුණ ආයතනය පුරෝකථනය කර ඇත්තේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.97 සහ සෙල්සියස් අංශක 1.21 අතර පූර්ව කාර්මික යුගයෙහි (1850-1900) සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 ඉක්මවන අඛණ්ඩ අටවැනි වසර මෙය වනු ඇත.

දැනට පවතින මධ්‍යස්ථ ලා නීනා තත්ත්වයන්, මාර්තු මාසය දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, අනෙකුත් ලෝක ව්‍යාප්ත දේශගුණික සංසිද්ධීන්ද, පුරෝකථනය කර ඇති ගෝලීය සාමාන්‍ය උෂ්ණත්ව ගණනය කිරීම සඳහා සැලකිල්ලට ගෙන ඇත.

එලෙස සැලකිල්ලට ගෙන නොමැති දේ තාවකාලිකව, උෂ්ණත්වය මත සිසිලන බලපෑමක් ඇති කළ හැකි ගිනිකඳු පිපිරීම් වැනි අනපේක්ෂිත සිදුවීම් වේ.

ලා නිනා යනු එල්-නිනෝ හි දක්ෂිණ දෝලන සංසිද්ධියේ සිසිලන අවධිය වන අතර සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වයට පවා සිසිලන බලපෑමක් ඇති කරයි. 2020 වැනි සමහර පෙර වසරවලට වඩා 2021 සහ 2022 යන දෙවර්ශයේම උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ අනාවැකි අඩු වී ඇත්තේ එබැවිනි.

2020 සඳහා පුරෝකථනය වූයේ සෙල්සියස් අංශක 1.19 කි. නමුත් නිරීක්ෂණය කරන ලද ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට වඩා වැඩි 1.27°C ක් වුවද, 2016 හි 1.28°C ට වඩා 0.01°C අඩු වීම නිසා විද්‍යාඥයන් සහ නිරීක්ෂකයින් පුදුමයට පත් විය. නමුත් එය තවමත් වාර්තා වී ඇති උණුසුම්ම වසර වේ.

2016 දී නැගෙනහිර සහ මධ්‍යම පැසිෆික් සාගරයේ ඉතා ප්‍රබල එල්-නිනෝ සිදුවීමක් ඇති වූ අතර එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට උපකාරී විය.

නමුත් මානව හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම පෙන්නුම් කරන එවැනි සිදුවීමක් 2020 දී සිදු නොවූ බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.

“ඉදිරි වසර සඳහා වන පුරෝකථනයන් පෙන්නුම් කරන්නේ වායුගෝලයේ හරිතාගාර වායූන්ගේ ඉහළ යාම, ලෝකය උණුසුම් කරමින් 1990 ගණන්වල අවසානයේ එල්- නිනෝ, දශක දෙකකට පසුව ලා-නිනා තත්වයට වඩා සිසිල් කිරීමට තරම් වේගයකින් ඇතිවිය හැක.” කාලගුණ කාර්යාලයේ දිගු දුර අනාවැකි ප්‍රධානී ඇඩම් ස්කයිෆ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලෝකයේ විවිධ ප්‍රදේශවල උනුසුම් වීම් බොහෝ විට ගෝලීය සාමාන්‍යයෙන් වසන් වී ඇති බව ද මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කර ඇත. නිදසුනක් වශයෙන්, ආක්ටික් කලාපය 2021 දී ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් උණුසුම් විය.

2021 සඳහා, කාලගුණ දෙපාර්තමේන්තුව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.11 සඳහා මධ්‍යම ඇස්තමේන්තුවක් පුරෝකථනය කර ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් දක්වා දත්ත පෙන්නුම් කළේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පෙර කාර්මික මට්ටමට වඩා 1.09 ° C ඉහළ මට්ටමක පවතින බවයි.

වසර ආරම්භයේ සහ අවසානයේ ලා නිනා සිදුවීම් තිබියදී එය වාර්තාගත හත්වන උණුසුම්ම වසර විය. 2021 වසර පුරාවට, විශේෂයෙන්ම ආක්ටික් කලාපයේ වාර්තාගත ආන්තික කාලගුණික සිදුවීම්වල ස්වරූපයෙන් උනුසුම් වීමේ බලපෑම ද ලෝකය දුටුවේය.

Akshit Sangomla විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද  2022 may continue the trend of world’s warmest years: UK Met Office නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.