• සැවුල් පෙඳ දිය සෑනා ප්‍රජනනයේදී විශේෂිත ක්‍රමයක් භාවිතා කරයි. එය සෑම ගැහැණු සත්වයෙකුම පිරිමි පක්ෂීන් කිහිප දෙනෙකුගෙන් යුතු “හාරාමයක්” පවත්වා ගෙන යන අතර, සෑම කෙනෙකුටම බිත්තර පොකුරක් බලාගැනීමේ වගකීම පැවරේ.
  • මෙය අසාමාන්‍ය දෙමාපිය භූමිකාවන්ට තුඩු දෙන අතර පිරිමි සතුන් බිත්තර සහ පැටවුන් රැකබලා ගන්නා අතර අතර විලෝපිකයන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ගැහැණු සතුන් විසින් ඉටු කරයි.
  • ශ්‍රී ලංකාවේ රැම්සා තෙත්බිම් හයෙන් එකක් වන ශ්‍රී ලංකාවේ ආනවිලුන්දාව අභයභූමියේ සැවුල් පෙද දිය සෑනා පිළිබඳව කරන ලද අධ්‍යයනයකදී මෙම හැසිරීම් ප්‍රථම වරට ලේඛනගත කර ඇත.
  • පර්යේෂකයන් පවසන්නේ තෙත් බිම්වල විවෘත වාසභූමිය තුළ ගොදුරු වීමෙන් සිදුවන ඉහළ මරණ අනුපාතිකය සැලකිල්ලට ගෙන, වැඩිහිටි වියට වැඩෙන පැටවුන් සංඛ්‍යාව උපරිම කිරීම සඳහා මෙම විශේෂය ක්‍රමය පරිණාමය වී ඇති බවයි.

සත්ව රාජධානියේ සුපිරි තාත්තලා ගැන කතා කරන විට, සැවුල් පෙද දිය සෑනා ලෙස හැඳින්වෙන කැපී පෙනෙන පෙනුමැති ජලජ පක්ෂියා ඒ පිළිබඳව පරිපුර්ණ වේ.. බිත්තර රැකීමේ සිට පැටවුන් රැකබලා ගැනීම දක්වා කාර්යය භාරයේදී පිරිමි සතා විශිෂ්ට වේ. වනයේ රඟපාන සාමාන්‍ය භූමිකාවෙන් වෙනස්ව ගැහැනු සතුන් විසින් කූඩුව සහ පැටවුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි.

සැවුල් පෙඳ දිය සෑනා (Hydrophasianus chirurgus) ගේ කැදලි හැසිරීම් පිළිබඳ මෙම විශේෂ තොරතුරු සහ කලින් නොදන්නා අනෙකුත් තොරතුරු ශ්‍රී ලංකාවේ රැම්සා අඩවි හයෙන් එකක් වන ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිම් හයෙන් එකක් වන ශ්‍රී ලංකාවේ ආනවිලුන්දාව අභයභූමියේ සිදු කරන ලද අධ්‍යයනයකින් මතු වී ඇත.

පිරිමි සැවුල් පෙඳ දිය සෑනා තම පැටවුන් පියාපත් යටට දමා වේගයෙන් ආරක්ෂිතව ගමන් කරයි. ඡායාරූපය: ගෙහාන් රජිව් 

“සැවුල් පෙද දිය සෑනා ආක්‍රමණයට දක්වන ප්‍රබල ආරක්‍ෂක ප්‍රතිචාරය අපි නිරීක්ෂණය කළ අතර, බොහෝ අවස්ථාවලදී, තර්ජනයක් ඇති විට පිරිමි සතා ප්‍රතිචාර දක්වන්නේ තරුණ පැටවුන් රැකබලා ගැනීමෙන් වේ.” අධ්‍යයනයේ සම කර්තෘ සහ ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා සමූහයේ (FOGSL) භූගෝලීය තොරතුරු පද්ධති (GIS) විශේෂඥ, පරිසර විද්‍යාඥ චන්දිම ප්‍රනාන්දු පැවසීය. 

සැවුල් පෙඳ දිය සෑනා පිරිමි සත්ත්වයා තම පියාපත් යටට දමා වේගයෙන් ඉවතට ගමන් කිරීම, නොවැඩුණු පැටව් අනතුරෙන් මුදා ගැනීමේ විශේෂ ක්‍රමයක් ලෙස යොදා ගන්නා බව ඔහු පැවසීය. නමුත් ප්‍රනාන්දු ඔවුන්ගේ නිරීක්ෂණ වෙබ් අඩවියේ වැඩිපුරම නිරීක්ෂණය කළේ පිරිමි සතුන් ඉක්මනින් කුඩා පැටවුන් ආරක්ෂිත සැඟවී සිටින ස්ථාන වෙත යොමු කරන බවයි.

විශේෂයෙන්ම අනෙකුත් පක්ෂීන්ගෙන් එල්ල වන ගුවන් තර්ජනවලට එරෙහිව ගැහැණු සතා පැටවුන් ආරක්ෂා කිරීමට ද සහභාගී වන බව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. ඇත්ත වශයෙන්ම, ඔවුන් හුදෙක් ගුවන් තර්ජනවලට එරෙහිව පිරිමි ආරක්ෂක ක්‍රියාමාර්ගවලට සහාය දෙනවාට වඩා ප්‍රධාන ආරක්ෂක භූමිකාව ඉටු කළ බව ප්‍රනාන්දු පැවසීය.

සැවුල් පෙඳ දිය සෑනා හට එහි නම ලැබී ඇත්තේ අභිජනන සමයේදී වර්ධනය වන දිගටි මැද වලිග පිහාටු නිසාය.ඡායාරූපය: රයිස් කාඩර් 

සුපිරි පියවරුන් සහ ආරක්ෂක මව්වරුන් 

සැවුල් පෙඳ දිය සෑනා පැටවුන් අනෙකුත් පක්ෂීන් සඳහා පොදු ඉලක්කයක් වන අතර, උකුස්සා  (Accipiter Badius) සහ බමුණු පියාකුස්සා (Haliastur indus) වැනි දඩයම්කාරී විශේෂයන් මෙන්ම පිළිහුඩුවා (Halcyon smyrnensis) වැනි පක්ෂීන් විසින්  පැටවුන් ඉලක්ක කර ගනී.  කීතලා (Porphyrio poliocephalus) වැනි පක්ෂීන් බිත්තර ඉලක්ක කර ගනී. බමුණු පියාකුස්සා යනු නිතර ප්‍රහාර එල්ල කරන්නා වන අතර, ඔවුන් සැවුල් පෙද දිය සැනා කූඩුවකට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන විට, පළමුව ප්‍රතිචාර දක්වන්නේ මව් පක්ෂියායි. ගැහැණු සැවුල් පෙද දිය සැනා ගැහුණු පක්ෂීන් අහසින් එන අනතුරුවලට මුහුණ දීමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පිරිමි පක්ෂීන්ට වඩා තරමක් විශාල වීම සැලකිය හැකි බව ඔහු පැවසුවේය.

ඔවුන්ගේ ප්‍රතිචාරය අනතුරු ඇඟවීමේ ඇමතුමක සිට ඉහළට පියාසර කිරීම සහ තර්ජනාත්මක ඉරියව්වකට පහර දීම දක්වා වෙනස් වේ. සැවුල් පෙද දිය සෑනා ගැහුණු සත්වයින් අනවසරයෙන් ඇතුළු වූ විට සක්‍රීයව සටන් විලාසයන්  මෙන්ම පසුපස හඹා යන අවස්ථා ද නිරීක්ෂණය කොට ඇති බව ප්‍රනාන්දු මහතා පැවසීය. අභිජනනය වර්ධනය වන විට, ආරක්ෂාව පිණිස ගැහැණු සතාගේ මැදිහත්වීම වැඩි වන බව පර්යේෂකයන් නිරීක්ෂණය කළහ.

ආනවිලුන්දාව ශ්‍රී ලංකාවේ රැම්සා තෙත්බිම් හයෙන් එකකි. ඡායාරූපය: අජිත් ගමගේ 

තෙත් බිමක් යනු විලෝපිකයන්ගෙන් සැඟවීමට කුඩා හෝ ඉඩක් නොමැති විවෘත වාසස්ථානයකි, එබැවින් කුඩා සුදු පිහාටු බෝලයක් බඳු පැටවුන්, වෙනත් තර්ජන වලින් සක්‍රීයව ආරක්ෂා කළ යුතුය. තරුණ සැවුල් පෙද දිය සෑනා දඩයම් කරන සර්පයන් සහ අනෙකුත් උරගයින් මෙන්ම කබරගොයන් ආනවිලුන්දාව තෙත් බිමෙහි බහුලව දක්නට ලැබේ. මේ නිසා පිරිමි පක්ෂියාට පැටවුන් රැකබලා ගැනීමේ කාර්යබහුල කාලයක් ලැබෙන බව ප්‍රනාන්දු මහතා පැවසීය.

පර්යේෂකයන් විසින් අභිජනන සමයේදී සැවුල් පෙද දිය සෑනා අභිජනන කණ්ඩායම් නවයක් අධ්‍යයනය කරන ලද අතර එය කූඩු ගොඩනැගීමේ සිට කූඩු හැර යන තත්වය දක්වා දිව ගියේය. පර්යේෂණ කණ්ඩායම වඩා හොඳ නිරීක්ෂණයක් සඳහා අභිජනන සමය අදියර තුනකට බෙදා ඇත. පූර්ව බීජෞෂණ යුගය: යුගලයක් සංසර්ගයේ යෙදෙන සහ කූඩු තනන අවදිය වන අතර එය  දින හයේ සිට අට දක්වා වේ. බීජෞෂණ අවධිය; මෙය  දින 21 සිට 26 දක්වා පවතින අතර මෙම කාලයේදී පුරුෂයා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. පැටවුන් ඇති දැඩි කිරීමේ අවධිය වන මෙය අවසාන දින 21 වන තර ගැහැනු සතාගේ ආරක්ෂක හැසිරීම ඉහළ වේ.

සෑම සැවුල් පෙද දිය සෑනා ගැහුණු සත්වයකුම විශාල භූමි ප්‍රදේශයක් පවත්වා ගෙන යන අතර, පිරිමින් කිහිප දෙනෙකු තමන්ගේම කුඩා ප්‍රදේශ සඳහා තරඟ කර ආරක්ෂා කරයි. ඔවුන්ගේම විශේෂයට අයත් වෙනත් පක්ෂීන්ට  අනවසරයෙන් ඇතුළුවීමට ඔවුන් නොඉවසන අතර එම පක්ෂීන් සීමාවන් ඉක්මවා ගියහොත් ඔවුන් පලවා හරිති. පර්යේෂකයන් නිරීක්ෂණය කළේ පිරිමි ජැකානා ආක්‍රමණය කරන පිරිමින්ට ප්‍රතිචාර දක්වන අතර ගැහැණු සතුන් අනවසරයෙන් ඇතුළු වන ගැහුණු පක්ෂීන්ට ප්‍රතිචාර දක්වන බවයි.

අධ්‍යයන කණ්ඩායම අනවසරයෙන් ඇතුළුවන්නන්ගෙන් වෙන්ව නිවැසියන් හඳුනාගැනීමට, අධ්‍යයන ස්ථානවල තනි තනි සැවුල් පෙද දිය සෑනා පක්ෂීන් හඳුනා ගැනීම සඳහා තනි වර්ණ රටා, සලකුණු සහ වලිගයේ දිග සහ ගුණාත්මක වෙනස්කම් භාවිතා කළේය.

“සැවුල් පෙද දිය සෑනා පක්ෂීන් සතුව බහුඅභිජනන පද්ධතියක් ඇත, එබැවින් අභිජනන අවස්ථා සඳහා පිරිමින් අතර ඇති තරඟය හේතුවෙන් අනෙකුත් පිරිමින්ගෙන් පිරිමි පක්ෂීන් තම ප්‍රදේශයට පැමිණීමෙන් වඩාත් ආරක්ෂා කර ගත හැකිය.” ප්‍රනාන්දු මොන්ගාබේ වෙත පැවසීය.

සැවුල් පෙඳ දිය සෑනාට දිගු ඇඟිලි සහ නිය ඇති අතර ඒවා ශරීරය ස්ථාවරව තබා ගැනීමට සහ ජලජ වෘක්ෂලතා මත ඇවිදීමට උපකාරී වේ. ඡායාරූපය: ජගත් ගුණවර්ධන

විවිධ ප්‍රජනක ආකාර 

සැවුල් පෙද දිය සෑනා යනු වෘක්ෂලතා සහිත වැවක ජීවිතයට හොඳින් අනුගත වූ නිවර්තන ජල පක්ෂීන් වේ. ඔවුන්ට දිගු සෘජු නියපොතු සහ විහිදෙන ඇඟිලි ඇත

ශරීරයේ බර පාවෙන ජලජ වෘක්ෂලතාදිය මත පහසුවෙන් ඇවිදීමට ඔවුන්ට ඉඩ සලසයි. එමනිසා ඔවුන්ට “ලිලී කුරුල්ලන්” සහ “ලිලී ට්‍රොටර්ස්” යන නම් ලබා දුන්නේය. ඔවුන්ගේ පොදු නාමයෙන් අදහස් කරන්නේ අභිජනන සමයේදී වර්ධනය වන දිගටි මධ්යම වලිග පිහාටුයි.

අනෙකුත් සතුන් හා සසඳන විට, කුරුල්ලන්ට සාමාන්‍යයෙන් ආදර්ශවත් පවුල් ජීවිතයක් ඇත, විශේෂ වලින් 90% ක් පමණ ඒකාකාරී වේ, එනම් තනි පිරිමි පක්ෂියකු සහ තනි ගැහැණු පක්ෂියකු අතර සංසර්ගය සිදු වේ.නමුත් සැවුල් පෙද දිය සෑනා යනු කැපී පෙනෙන ව්‍යතිරේකයකි, සෑම ගැහැණු පක්ෂියකුම පිරිමි පක්ෂින් කීපදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පවත්වා ගෙන යන අතර, ඒ සෑම පක්ෂියෙක්ම  බිත්තර පොකුර බලා ගනි.

“සමහර කුරුල්ලන් බහුඅස්‍ර සංසර්ග ක්‍රමයට අනුගත වන්නේ මන්දැයි තේරුම් ගැනීමට අපට තවත් අධ්‍යයනයක් කළ යුතුව ඇත. නමුත් පොදු අවබෝධය නම් අභිජනන ක්‍රමෝපායන් මූලික වශයෙන් ඔවුන් ජීවත් වන පරිසරයට සම්බන්ධ බවයි.” අධ්‍යයනයේ සම කර්තෘ, පක්ෂි විද්‍යාඥ සහ සම්මානනීය සරත් කොටගම පැවසීය. ඔහු මෑත දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කුරුල්ලන් නැරඹීම සහ පක්ෂි විද්‍යා අධ්‍යයනයන්හි පුරෝගාමී වූ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි.

කිතලා යනු සැවුල් පෙඳ දිය සෑනාගේ බිත්තර ගොදුරු කර ගන්නා එක් සත්ව විශේෂයකි.  ඡායාරූපය: ඉවර්ට්ස් රන්ලි

සැවුල් පෙද දිය සෑනා විවෘත වාසස්ථානයන් හි සිටීමෙන් ඉහළ මරණ අනුපාතයක් නිර්මානය කරයි. එයින් අදහස් කරන්නේ හැකි තරම් පැටවුන් වැඩිහිටිභාවයට පත්වීම සහතික කිරීම සඳහා සැබෑ අවශ්‍යතාවයක් ඇති කල යුතු බවයි. පර්යේෂකයන් පවසන්නේ පැටවුන් වැඩි ප්‍රමාණයක් හරහා පැටවුන් සංඛ්‍යාව වැඩි කිරීම මගින්  විශේෂයේ පැවැත්මේ අනුපාතය වැඩි කිරීමට හැකි බවයි. මෙය සැවුල් පෙද දිය සෑනා පරිණාමය වී ඇති උපාය මාර්ගය විය හැකි බව කොටගම මොන්ගාබේ වෙත පැවසීය.

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද In Sri Lanka, a waterbird flips the parenting paradigm on its head නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.