යාපනය වැල්වැටිතුරෙයි ජිවත්වන 56 හැවිරිදි කතිරමලෙයි කමලනාදන් සිය පස් දෙනෙකුගෙන් යුත් පවුල නඩත්තු කිරීම සඳහා යොවුන් වියේ සිට මසුන් ඇල්ලීමෙහි යෙදී ඇත. තම දරුවන් විවාහ කරදී ළඟ පාත ගම්මානවල පදිංචි වූ පසුවද ඔහු කාගෙන්වත් යැපෙන්නේ නැතිව මුහුදට බසින්නට කැමැත්තක් දක්වයි.

එකම වෙනස නම්, දැන් ඔහුට හොඳ මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට වෙරළේ සිට නාවික සැතපුම් හයක්වත් ඔබ්බට යා යුතු වීමයි. මන්ද මේ වන විට වෙරළබඩ නොගැඹුරු ජලයේ මාළු නොමැති බැවිනි.

“මෙම කන්නයේ (ජූලි-අගෝස්තු) හාල්මැස්සන්, කූරල්, පොකිරිස්සන්, සාඩින්, කිරි මෝරන්, පොම්ෆ්‍රෙට් යන කුඩා මාළු වර්ග වෙරළට ආසන්නව අල්ලා ගත් නමුත් දැන් ඒ කාලය ගෙවී ගොස් හමාරය.” කමලන්තන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ තම ධීවර පැල්පතේ සිට මුහුද දෙස හිස් බැල්මක් හෙළමිනි.

යුද්ධයේදී කිහිප වතාවක්ම අවතැන් වී, 2009 යුද්ධය අවසන් වීමෙන් පසු මුල සිට නිවසක් තැනීමට පැමිණි කමලනාදන්ට, මේ වයසේදී මුහුද මැදට දිගු ගමනක් යාම දුෂ්කර කාර්යයකි.

“සිතා බලන්න මම එක ගමනකදී මාළු කිලෝග්‍රෑම් 30-35 ක් පමණ ලබා ගත් නමුත් දේශීය ට්‍රෝලර් යාත්‍රාවකින් අවම වශයෙන් කිලෝ 2,000 ක් ගෙන එනවා. දරුණුතම වැරදිකරුවන් වන්නේ ඉන්දියානු බොටම් ට්‍රෝලර් යාත්‍රා, මන්ද ඔවුන් මුහුදු පත්ලේ ඇති සියල්ල සුරා අල්ලා ගන්නවා. අපිට මොනවද කරන්න පුළුවන්?”

පසුගිය සතියේ යාපනයේ ඉන්දීය කවුන්සිල ජනරාල් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයකින් අනතුරුව පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය ධීවරයින් විසින් මත්ස්‍යයින් ඇල්ලීමට සහ ධීවර උපකරණවලට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 300 ක වන්දියක් ඉල්ලා පෙත්සමක් භාර දෙන ලදී.

කමලනාදන් මෙන්ම, උතුරු පළාතේ පාරම්පරික ධීවර ක්‍රමවල යෙදෙන සමස්ත ධීවර පවුල් 50,310න්, 2/3ට වැඩි ප්‍රමාණයක් ඉන්දීය යාත්‍රා මගින් බොටම් ට්‍රෝලින් කිරීම, නීති විරෝධී මසුන් ඇල්ලීම සහ දේශීය ධීවරයින් වැඩි වීම හේතුවෙන් මත්ස්‍ය සම්පත ක්ෂයවී අඳුරු අනාගතයකට මුහුණ දී සිටිති.

යාපනය ධීවර දෙපාර්තමේන්තුවට අනුව දේශීයව නවීකරණය කරන ලද ට්‍රෝලර් යාත්‍රා 700 කට අධික ප්‍රමාණයක් උතුරු මුහුදේ ට්‍රෝල් කිරීමේ යෙදී සිටිති. 2016 වසරේ වාර්තා වූ ට්‍රෝලර් යාත්‍රා 150 සිට එම සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

මෑත මාසවලදී, 2017 දී සම්මත කරන ලද ඕනෑම වර්ගයක ට්‍රෝලින් ‘නීති විරෝධී මසුන් ඇල්ලීම’ ලෙස ප්‍රකාශයට පත්කර අධික දඩ මුදල් හඳුන්වා දුන් සංශෝධිත නීතිය ක්‍රියාත්මක කරන්නැයි එකම ඉල්ලීමක් ඇතිව උතුරේ ධීවර කණ්ඩායම් පළාත පුරා බොහෝ විරෝධතා පැවැත්වීය. එහෙත් මේ නීතිය යටතේ කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.

ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම මගින් හානිකර මසුන් ඇල්ලීමේ පුරුද්දක් වන ‘බොටම් ට්‍රෝල්’ තහනම් කරන ලදී. එය උල්ලංඝනය කරන්නන් සඳහා දැඩි දඩ මුදල්ද හඳුන්වා දෙන ලදී. බොටම් ට්‍රෝලින් කරන බෝට්ටුවකින් මසුන් ඇල්ලීම, ක්‍රියාත්මක කිරීම හෝ අයිතිකර ගැනීම නීතියෙන් නීති විරෝධී වේ. මෙම වරදට රුපියල් 50,000ක දඩයක් සහ වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ.

නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට, ඉස්සන් සහ ඉස්සන් අස්වැන්න සඳහා බලපත්‍ර නිකුත් කිරීමට දිවයින වටා යා හැකි ට්‍රෝලිං බිම් හඳුනා ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) පත් කළේය. යාපනයේ ඩෙල්ෆ්ට්, ගුරුනගර් සහ මන්නාරම පේසාලෙයි උතුරේ NARA විසින් නිර්දේශ කර ඇති ට්‍රෝලිං බිම් තුන වේ.

යාපනය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්යවරයෙකු සහ මන්නාරම ධීවර පර්යේෂකයෙකු වන ආචාර්ය ඒ.එස්. සූසෙයි පැවසුවේ මත්ස්‍ය සම්පත ක්ෂය වීමට බොහෝ සාධක බලපාන නමුත් පශ්චාත් යුධ සමයේ අධික ලෙස සූරාකෑම විශාල හේතුවක් බවයි.

“නිසි ධීවර සම්පත් කළමනාකරණයක් හෝ අධීක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නැහැ. ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් සංඛ්‍යාව සමඟ මෑත වසරවලදී කර්මාන්තයේ දේශපාලනීකරණය සහ දූෂණය වෙනත් මට්ටමකට ගියේය.” මහාචාර්ය සූසෙයි පැවසුවේ ධීවර දෙපාර්තමේන්තුව ට්‍රෝලිං සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම නතර කළ යුතු බවයි.

ඉන්දීය ධීවරයින් භාවිතා කරන නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම. මූලාශ්‍රය: යාපනය ධීවර දෙපාර්තමේන්තුව/The Sunday Times

ට්‍රෝලිං ක්‍රියාවලියේදී ඉලක්කගත මත්ස්‍ය අස්වැන්න කිලෝවක් සඳහාම වෙනත් මත්ස්‍ය ප්‍රභේදවලින් සමන්විත තවත් මත්ස්‍ය කිලෝ 18ක් නොදැනුවත්වම දැල්වලට හසුවන බව මහාචාර්ය සූසෙයි පෙන්වා දුන්නේය.

විභව නීතිමය ක්‍රියාමාර්ග වලක්වා ගැනීම සඳහා, උතුරු ධීවරයින් විසින් මෙම අතිරේක මත්ස්‍ය අස්වැන්න මුහුද මැදට දමා හෝ වෙනත් ධීවර යාත්‍රා වෙත මාරු කර ඔවුන්ගේම මසුන් ඇල්ලීම සිදු කරයි. පසුව ඔවුන් එය තොග වෙළෙන්දන්ට ඉතා අඩු මිලට විකුණනු ලබයි.

සාගර සම්පත් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ අනිවාර්ය වාර්ෂික දින 61ක තහනමක් පවතිද්දී, මහාචාර්ය සූසෙයි පැවසුවේ සෘතුමය මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීමට සහ මත්ස්‍ය සම්පතේ තිරසාර බව සහතික කිරීමට ශ්‍රී ලංකාව තුළ කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. “අධික ලෙස මසුන් ඇල්ලීම සහ මත්ස්‍ය සම්පත සූරාකෑම මෙම පරිමාණයෙන් දිගටම පැවතුනහොත්, ඉදිරි දශකය තුළ එහි ප්‍රතිවිපාක දැනෙනු ඇත.” ඔහු පැවසීය.

නාරා ආයතනයේ සමුද්‍ර පර්යේෂණ අංශයේ හිටපු ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය රේඛා මල්දෙණිය සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ, දැවැන්ත ඓතිහාසික කොරල්පර පැවතීම හේතුවෙන් උතුරු මුහුදේ මුහුදු පත්ල නියාමනය නොකළ දේශීය ට්‍රෝලිං සහ ඉන්දීය ට්‍රෝලිං හේතුවෙන් කලාපයේ සාගර ජෛව විවිධත්වයට විශාල හානියක් සිදු වන බවයි. 

“ඉන්දියානු බොටම් ට්‍රෝලර් යාත්‍රා වානේ/ යකඩ කූරු භාවිතා කලද දේශීය ධීවරයින් හානිය අවම කරගැනීමට භාවිතා කරන්නේ ලී පුවරුයි” ආචාර්ය මල්දෙණිය අවධාරණය කළේ ඇතැම් කොරල්පරවල බර ටොන් 10-15ක් පමණ වන බවද පවසමිනි.

සාගර ජීව විද්‍යාඥ සහ ලාභ නොලබන සමුද්‍ර පර්යේෂණ සහ සංරක්ෂණ කණ්ඩායමක් වන Blue Resources පදනමෙහි සම-නිර්මාතෘ නිශාන් පෙරේරා ප්‍රකාශ කලේ මෙලෙස ට්‍රෝලිං දිගටම කරගෙන ගියහොත් උතුරු මුහුදේ සමස්ත සමුද්‍ර පරිසර පද්ධතියම විනාශ වී යනු ඇති බවයි.

“ඩයිනමයිට් මසුන් ඇල්ලීම වැනි නීති විරෝධී ධීවර ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සම්පත් දැනටමත් ආතතියට ලක්ව ඇති අතර ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීම, අහම්බෙන් හසු වීම හා ට්‍රෝලිං වල පැටලී මිය යාම නිසා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සමහර විශේෂ, විනාශ වී යාම හේතුවෙන් සාම්ප්‍රදායික ධීවරයින්ට නව ධීවර බිම් සෙවීමට සිදුව ඇති බව පෙරේරා මහතා පැවසීය.

මාස දෙකක තහනම සාමාන්‍යයෙන් අප්‍රේල් 14 සිට ආරම්භ වන අතර තමිල්නාඩු ප්‍රාන්ත ධීවර දෙපාර්තමේන්තුව විසින් පිහිටුවන ලද එය, විද්වත් කමිටුවක නිර්දේශ මත පදනම්ව 2014 දී හඳුන්වා දෙන ලදී. කෙසේ වෙතත්, මෙම තහනම ‘වල්ම්’ හෝ ‘කැටමරන්’ ක්‍රියාත්මක කරන සම්ප්‍රදායික ඉන්දීය ධීවරයින්ට අදාළ නොවේ.

තමිල්නාඩුවේ ධීවර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව තමිල්නාඩු වෙරළබඩ දිස්ත්‍රික්ක 13කින් අවම වශයෙන් යාන්ත්‍රික ට්‍රෝලර් යාත්‍රා 12,000ක් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් මෙම කාලය තුළ ඉන්දීය සම්ප්‍රදායික ධීවරයින්ට මසුන් ඇල්ලීමට අවසර ලැබේ.

“ට්‍රෝලින් සහ නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම වැඩි වීම හේතුවෙන් උතුරු මුහුදේ විශේෂිත මත්ස්‍ය ප්‍රභේදවල, විශේෂයෙන්ම මෝරුන් සහ වලයින්ගේ සියුම් අඩුවීමක් සිදුවී ඇති බව මගේ ක්‍ෂේත්‍ර පර්යේෂණ අතරතුර පෙනී ගියා.”යැයි Blue Resources පදනමෙහි සමුද්‍ර ජීව විද්‍යාඥ රාමජෙයම් ගෝබිරාජ් පැවසීය. 

ගෝබිරාජ් පැවසුවේ මෙම විශේෂ අල්ලා ගැනීම දුර්ලභ වී ඇති බැවින් මෑත වසරවලදී අපනයන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

උදාහරණයක් ලෙස, කූරල් දැන් උතුරු මුහුදේ දුර්ලභ වන අතර විශාල අපනයන ඉල්ලුමක් තිබියදීත් සොයා ගැනීමට අපහසුය. කිලෝවක් රුපියල් 10,000 කට වඩා වැඩි මිලකට අලෙවි වේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දියානුවන් විසින් ඒක තන්තු දැල් භාවිතා කිරීම පළාතේ ධීවර පවුල් 50,000 ක පමණ ජීවනෝපාය තර්ජනයට ලක්ව ඇති බව උතුරේ ධීවරයෝ පවසති. අධික ලෙස මසුන් ඇල්ලීම සහ වැරදි කළමනාකරණය මගින් රටේ ධීවර සම්පත තවදුරටත් සූරාකෑමට ලක්විය හැකි බවට ඔවුහු බිය වෙති.

කුඩා පරිමාණයේ ශ්‍රී ලාංකික ධීවරයින් විසින් මෙහෙයවනු ලබන බෝට්ටු හා සසඳන විට, ඉන්දීය ධීවරයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන බහුදින බෝට්ටු හෝ වැල්ලම් ජාත්‍යන්තර සමුද්‍ර දේශසීමා සීමාව (IMBL) තරණය කිරීමට ප්‍රමාණවත් තරම් විශාල වන අතර ඉහළ බලයක්ද ඇත.

දේශීය වශයෙන් ‘තංගුස්’ නමින් හැඳින්වෙන ඔවුන්ගේ ඒක තන්තු දැල් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ විහිදී ගියේ නාවික හමුදා යාත්‍රා ඔවුන්ව අල්ලා ගන්නා බැවිනි. ඉන්දියාවේ ඒක තන්තු දැල් භාවිතය නීත්‍යානුකූල වුවත් ශ්‍රී ලංකාවේ එය තහනම් කර ඇත.

වසරකට ආසන්න කාලයක් COVID-19 හේතුවෙන් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ අතර, ඔක්තෝම්බර් මාසයේදී නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළේය. මේ වන විට ඉන්දීය ධීවරයින් 70කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් කර ඇත. ඔවුන්ගේ ධීවර යාත්‍රා සහ උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය ධීවරයින්, ට්‍රෝලර් යාත්‍රාකරුවන් සහ සාම්ප්‍රදායික ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන්නේ ඔවුන්ගේ මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත මේ වන විටත් සුරා අවසන් කර ඇති නිසා බව ද උතුරේ ධීවරයෝ අවධාරණය කළහ.

මන්නාරම ධීවර සම්මේලනයේ සභාපති ජස්ටින් සොයිසා මහතා පැවසුවේ ‘වත්තයි’ බෝට්ටුවකින් ඉන්දීය ධීවරයින් අවම වශයෙන් නාවික සැතපුම් 10ක්වත් අවහිර වන පරිදි කිලෝ 200-300ක් බරැති බොටම් සෙට් දැල් රැගෙන එන බවයි.

“ඒක හරියට මුහුද යට වැටක් වගේ. මේ දැල් දැම්මම අපේ ධීවරයන්ට මාළු අල්ලන්න යන්න බැහැ. මේ ඉන්දීය ධීවරයන්ගේ මේ වගකීම් විරහිත හැසිරීම අනුව අපි කොහොමද අපේ ජීවනෝපාය නැති කරලා ඉන්දීය ධීවරයින්ට ධීවර බලපත්‍ර නිකුත් කරන්නේ?” සොයිසා ඇසීය.

මේ අතර තමිල්නාඩුවේ මෙන් මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන්ම ක්ෂය වී යනු ඇතැයි ධීවර විශේෂඥයෝ බිය වෙති.

තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලන්නේ ඔවුන්ගේම සම්පත් අයහපත් ලෙස කළමනාකරණය කර අධික ලෙස මසුන් ඇල්ලීම නිසාය. ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ධීවර ප්‍රජාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට තමිල්නාඩු බෝට්ටු හිමියන්ට ලබා දී ඇති බලපත්‍රවලින් බලපෑම්ද එල්ල වනු ඇත. එහි ප්‍රතිවිපාක වන්නේ තමිල්නාඩු බෝට්ටු හිමිකරුවන් විසින් පෝක් බොක්කෙහි තමිල්නාඩු පැත්තේ සිදු වූවාක් මෙන්, ජීවනෝපාය අහිමි වීම, ධීවර ප්‍රජාවන්ට ආදායම අහිමි වීම සහ පෝක් බොක්කෙහි මෙරට පැත්තේ සාගර සම්පත් සෙමින්, ස්ථාවර ලෙස විනාශ වීමයි.” ශ්‍රී ලංකාවේ ධීවර උපදේශක ස්ටීව් ක්‍රීච් පැවසීය.

කමලනාදන්ට තම පවුල නඩත්තු කිරීමටත් වයස අනුව සාමකාමීව ජීවත් වීමටත් ඔහුගේ ධීවර අවශ්‍යතා අවමය. “නමුත් යහපත් මුදල් ඉපැයීම පසෙක තබා, එය සිදුකිරීම වඩ වඩාත් දුෂ්කර ය.”

ඉන්දියාව ‘මානුෂීය’ ගැටලූ රේඛාව අල්ලාගෙන සිටී

උතුරු මුහුදු සීමාවේ සිටින ඉන්දීය ධීවරයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා උතුරේ ධීවරයින්ගේ විරෝධතා මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල දූත පිරිසක් නොවැම්බර් 21 සිට 24 දක්වා රාමේෂ්වරම් හි තමිල්නාඩු ධීවර ගම්මාන වෙත ගොස් නවදිල්ලිය විසින් ගෙන ඇති විකල්ප අධ්‍යයනයට ගියහ.

එහිදී ඔවුහු ධීවර කටයුතු පිළිබඳ ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ ඉක්මන් රැස්වීමක් මෙන්ම දෙරටේ ධීවර සංගම් අතර අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සැලසීමට ද එකඟ විය. ශ්‍රී ලංකාවේ විවිධ වරායන්හි ගලවාගත නොහැකි ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසි කිරීමේ ක්‍රමවේදයන් අවසන් කිරීම සඳහා තමිල්නාඩුවේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

සන්ඩේ ටයිම්ස් ප්‍රශ්නවලට ලිඛිත ප්‍රතිචාරයක් දක්වමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා විවිධාංගීකරණය කිරීම, ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යටිතල පහසුකම් නිර්මාණය කිරීම, විකල්ප ජීවනෝපායන් ප්‍රවර්ධනය කිරීම වැනි බොහෝ පියවර ඉන්දීය මධ්‍යම රජය විසින් ගෙන ඇති බවයි. තමිල්නාඩු ධීවරයින් සඳහා විකල්ප ක්‍රමයක් ලෙස මුහුදුබඩ ප්‍රදේශවල මුහුදු සහ ජලජීවී වගා කටයුතු ආරම්භ කොට ඇත.

එවැනි ද්විපාර්ශ්වික අවබෝධතා ක්‍රියාත්මක කිරීමේදී පැන නගින සියලුම ධීවර ගැටලු සඳහා රජයේ ඉහළ මට්ටමින් කටයුතු කෙරෙන බව පෙන්වා දුන් මහ කොමසාරිස් කාර්යාලය, “ධීවර ප්‍රශ්නය මානුෂීය සහ ජීවනෝපායෙහි ගැටළුවක් බැවින් එය විසඳීමට උපරිම බලය පාවිච්චි කරන බවත් අවධාරණය කර ඇත. එසේත් නැතිනම් ආණ්ඩු දෙක අතර ඇති එකඟතාවයට අනුව කුමන හෝ ආකාරයකින් ප්‍රචණ්ඩත්වය වැළැක්විය යුතුය යන්නද පැවසීය.

2019 නොවැම්බරයේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දුවට අනුව ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඇති සියලුම ධීවර බෝට්ටු නිදහස් කිරීමේ අවශ්‍යතාව ඉන්දීය පාර්ශ්වයද යළි අවධාරණය කළේය. ඒ අනුව බෝට්ටු 130ක් නිදහස් කිරීමට නියමිත අතර බෝට්ටු 63ක් ශ්‍රී ලංකාවේ නඩු විභාගයට යටපත්ව පවතී.

එස්. රූබතීසන් විසින් 2021 දෙසැම්බර් 18 දින “The Sunday Times” පුවත්පතේ පළ කරන ලද නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.

This story was produced as part of a journalism fellowship under CIR’s ‘Stories from the Margins” initiative supported by the Earth Journalism Network (EJN) and Internews.