ගවේෂණාත්මක වාර්තාකරණය සිදු කිරීමට සහ සැක සහිත විද්‍යාත්මක සොයාගැනීම් කෙරෙහි අවධානය යොමු කිරීමට පවා, මාධ්‍යවේදීන් වැඩි වැඩියෙන් විද්‍යා පුවත්පත් කලාව සහ විද්‍යාත්මක විමර්ශන මෙවලම් භාවිතා කරයි.

දත්ත කැණීම් සහ චන්ද්‍රිකා ඡායාරූප බොහෝ විට මෙම නව ගවේෂණාත්මක විද්‍යා වාර්තාකරණ ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන අතර, එය කෝවිඩ්  වසංගතයේ මෙම යුගයේ සෞඛ්‍ය හා පාරිසරික තත්වය සහ දේශගුණික විපර්යාසවල වර්ධනයෙහි බලපෑම් පිළිබඳ විශේෂත්වයක් පෙන්නුම් කර ඇත. නමුත් ‘Massachusetts Institute of Technology (MIT)’ ක්‍රියාත්මක වෙන ‘Knight Science Journalism’ වැඩසටහනෙ හි අධ්‍යක්ෂ ඩිබෝරාහ් බ්ලම් සඳහන් කරන්නේ මාධ්‍යවේදීන්ට මෙම මෙවලම් සහ ඔවුන්ගේ “රටාව හඳුනාගැනීමේ” කුසලතා බොහෝ මාතෘකා පිළිබඳ පෙරළිකාර නිගමනවලට එළඹෙන බවයි.

“දත්ත සමුදායන් මගින් ඵලදායී ලෙස තොරතුරු කැණීම එය හොඳ විමර්ශන වාර්තාකරණයේ සම්මත කොටසක් බවට පත්වෙමින් තිබේ,” බ්ලම් පවසයි. “අන්තර්ජාලය ඇත්ත වශයෙන්ම විද්‍යාව සඳහා බොහෝ මෙවලම් ලබා දෙයි. නිදසුනක් වශයෙන්; විශේෂිත රසායනික සංයෝගයක් විමර්ශනය කරන විට, සෑම ප්‍රශ්නයක් පිටුපසම ඇති විද්‍යාව සහ මූලාශ්‍රවල විශ්වසනීයත්වය සොයා බැලීමට මම ‘PubMed’ සහ ‘Google Scholar’ භාවිතා කල හැකිය.

ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් කලාව සඳහා ප්‍රයෝජනවත් වන බොහෝ දත්ත සමුදායන් සහ වෙනත් සම්පත් ඇත්ත වශයෙන්ම ඇත. ‘PubMed’ යනු ජෛව වෛද්‍ය සාහිත්‍යයේ උපුටා දැක්වීම් සහ සාරාංශ මිලියන 33කට වඩා අඩංගු දත්ත සමුදායකි. එවන් තවත් කිහිපයක් නම්; එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (EPA) විසින් පවත්වාගෙන යනු ලබන විෂ ද්‍රව්‍ය මුදා හැරීමේ ලේඛන, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහ නිව්යෝක් සිටි කොලේජ් මගින් ක්‍රියාත්මක වන ‘Toxic Docs’, කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ San Francisco’s Industry මගින් පවත්වාගෙන යන ආයතනික මතක සටහන්, අභ්‍යන්තර හෝ ප්‍රකාශයට පත් නොකළ වාර්තා, ආරක්ෂිත ද්වාරය, අනතුරුදායක නොවන ආහාර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමයේ වේගවත් අනතුරු ඇඟවීම් පද්ධතිය වේ. 

නව මෙවලම් සහ තාක්ෂණික ක්‍රම 

මේ අතර, කලාපීය පාරිසරික පුවත් වෙබ් අඩවියක් වන ‘InfoAmazonia’ හි බ්‍රසීලයේ නිර්මාතෘ ගුස්ටාවෝ ෆෙලිරෝස්, ‘geojournalism’ ලෙස හැඳින්වෙන ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් ප්‍රවේශයකට සහාය වීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප සහ වෙනත් දුරස්ථ සංවේදන ක්‍රම භාවිතා කිරීමේ විශාල උපදේශකයෙකි. “පරිසරය අවබෝධ කර ගැනීමේ අපගේ අවශ්‍යතාවය, පෘථිවි විද්‍යාව, භූගෝලීය විශ්ලේෂණය, චන්ද්‍රිකා සහ දුරස්ථ සංවේදකවල සියලුම දත්ත, දත්ත දෘශ්‍යකරණය සහ අන්තර්ක්‍රියාකාරී සිතියම්කරණ මෙවලම් සමග අප දකින වේගවත් වෙනස්කම් පැහැදිලි කිරීම සඳහා භාවිතා කිරීමට උනන්දු කර ඇත” ඔහු පවසයි.

ගවේෂණාත්මක විද්‍යා ශිල්පීය ක්‍රම මගින් විශිෂ්ඨ වූ කතන්දර පිළිබඳ උදාහරණ රාශියක් මෙම පුවත්පත් සතුව ඇත. මම විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කරන Internews හි Earth Journalism Network (EJN) සහ ඇමරිකාවේ අනෙකුත් මාධ්‍යවේදීන් සමග එක්ව ඇමසන් ද්‍රෝණියෙන් පිටවන පරිසර දූෂණය විශාල ලෙස ඇල්ගී වර්ධනය වීමකට හේතු වී ඇති ආකාරය පිළිබඳව ‘InfoAmazonia’ විසින් පසුගිය වසරේ නිෂ්පාදනය කළ කතන්දර මාලාව, ෆෙලිරෝස් පෙන්වා දෙයි. 

“ලොව දිගම ඇල්ගී වර්ධනය ලේඛනගත කිරීමටත්, බ්‍රසීලයේ ටපජෝස් කලාපයේ පතල් කැණීම විෂ සහිත දූෂණයට මූලාශ්‍රයක් වූ බවටත්, අධි විභේදන චන්ද්‍රිකා ඡායාරූප මගින් සොයා ගැනීම ඉතා වැදගත් විය” ෆලෙයිරොස් පැහැදිලි කරයි. “අපට මෙය කිරීමට හැකි වූයේ ‘EarthRise Media’ සමඟ ඇති අපගේ හවුල්කාරිත්වයට ස්තූතිවන්ත වන්නට” (අධි තාක්ෂණික මෙවලම් සමග පාරිසරික වාර්තාකරණයට සහාය දක්වන ඩිජිටල් ආයතනයකි.)

BuzzFeed පුවත් මගින් චීනයේ සිර කඳවුරු පිළිබඳ විමර්ශනයක් නිදර්ශනය කිරීමට භාවිතා කරන සිතියමක්.  ඡායාරූපය: Screenshot/ GIJN

මෙම ශිල්පීය ක්‍රම භාවිතා කරන්නේ විද්‍යාව හා සම්බන්ධ කථා සඳහා පමණක් නොවේ, ෆේලිරොස් සටහන් කරයි. පලිට්සර් ත්‍යාගලාභී කථාවක් වූ චීනයේ ෂිනජියැන් පළාතේ යුයිජර් කඳවුරු පිළිබඳ කතන්දරය සඳහා පදනම් වූයේ චන්ද්‍රිකා ඡායාරූප සහ 3D ගෘහ නිර්මාණ ආකෘති විශ්ලේෂණය කිරීම මත, රැඳවුම් මධ්‍යස්ථාන ලෙස ඒවායේ ස්වභාවය හෙළි කිරීමයි. ගූගල් සහ බින්ග් යන දෙකම ඔවුන්ගේ පොදු සිතියම්වල මෙම ප්‍රදේශ පැහැදිලි කර නොමැත. එබැවින් බස්ෆිඩ් චීන රජය පිළිගත්තාට වඩා රැඳවුම් කඳවුරු පුළුල් බව පෙන්වීමට සවිස්තරාත්මක චන්ද්‍රිකා ඡායාරූප සපයන, ලාභ නොලබන සමාගමක් වන ‘imagery from Planet’ වෙතින් ලබාගත් ඡායාරූප භාවිතා කළේය. නමුත් “විද්‍යාඥයන් එවැනි පර්යේෂණ කිරීමට ඉදිරිපත් නොවනු ඇත,” ඔහු තවදුරටත් පවසයි.

දැන් පලිට්සර් මධ්‍යස්ථානයේ වැසි වනාන්තර විමර්ශන ජාලයේ සේවය කරන ෆේලිරොස්, නෝර්වීජියානු සමාගමක් වන ‘ප්ලැනට්’ සහ KSAT සමග සහයෝගයෙන් කටයුතු කරමින් ජනමාධ්‍යවේදීන්ට උසස් රූප විශ්ලේෂණයක් සිදු කරන්නේ කෙසේද යන්න සහ වර්ණාවලීක්ෂ පෙරහන් භාවිතයෙන් මිණුම් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවක් ලබා දෙයි. 

EJN මේ වනවිට මීකොං කලාපයේ කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය පුරා පැතිරී ඇති පාරිසරික වාර්තාකරණය වැඩිදියුණු කිරීම සඳහා දත්ත පුවත්පත් ශිල්පීය ක්‍රම භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් පුහුණු කරමින් සිටින අතර පාරිසරික හා ප්‍රයෝජනවත් දත්ත කට්ටල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත. දේශගුණය සම්බන්ධ විමර්ශන බෙදා ගැනීමට සම්පත් ඇති අනෙකුත් කණ්ඩායම් නම් පාරිසරික මාධ්‍යවේදීන්ගේ සංගමය (SEJ), සෞඛ්‍ය සේවා මාධ්‍යවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය මාධ්‍ය ජාලය, ගවේෂණාත්මක වාර්තාකරුවන් සහ සංස්කාරකවරුන්, ලෝක විද්‍යා මාධ්‍යවේදීන්ගේ සම්මේලනය සහ  ගෝලීය විමර්ෂණාත්මක මාධ්‍ය ජාලය වේ.

බිලිඳුන් පෝෂණය කිරීම සඳහා සෝයා භාවිතා කිරීමේ අවදානම පිළිබඳව ‘Undark’ සඟරාව සඳහා, බ්ලම් ඇයගේ කෘතිය සමගින් කතන්දර අනාවරණය කර ගැනීමට සහ වැදගත් නව නිගමනවලට එළඹීමට, විද්‍යා පුවත්පත් ශිල්පීය ක්‍රම ද භාවිතා කර ඇත. “මම සෝයා සූත්‍රය සහ ඉන් ළදරුවන්ගේ අන්තරාසර්ග පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳ පත්‍රිකා ඇතුළුව තවත් විද්‍යාත්මක සඟරා කිහිපයක් ඉදිරිපත් කරම්න් සිටියෙමි. මම සෝයා කිරිවල ඇති ඊස්ට්‍රජන් සංඛ්‍යාව පිළිබඳව පර්යේෂණ කිරීමට පටන් ගත් අතර මෙය මානව සංවර්ධනයේ විශාල අත්හදා බැලීමක් බව මට වැටහුණි. සංයෝග 11,000 ක් ඇති සෝයා සූත්‍රය ළදරුවන්ට ලබා දීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි කිසිවෙකු පරීක්‍ෂා කර නැත. ”ඇය පැහැදිලි කරයි. “මම එම නිලධාරියෙකු සමග කතා කර ඔහුගෙන් කාලය ඉල්ලා සිටි අතර, අපි මූලික වශයෙන් ළමා සෞඛ්‍යය පිළිබඳ සැලසුම් නොකළ අත්හදා බැලීමක් සිදු කරන බව ඔහු පිලිගත්තේය.”

මීට පෙර PLOS ජීව විද්‍යාවේ විද්‍යා මාධ්‍යවේදියෙකු වූ සහ දේශගුණික විපර්යාස සහ කැලිෆෝනියා කෘෂිකර්මාන්තය ආවරණය කිරීම සඳහා විශේෂීකරණය වූ Inside Climate News හි වාර්තාකරුවෙකු වන Liza Gross, විස්තර කරන පරිදි ඇයගේම වාර්තාකරණයෙන් තවත් උදාහරණ බිහිවී තිබේ. “බොහෝම හානිකර පළිබෝධනාශක යොදන්නේ ෆ්‍රෙස්නෝ ප්‍රදේශයේ යැයි මිනිසුන් සිතූ නමුත්, පර්යේෂකයන් සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) විශේෂඥයෙකුගෙන් දත්ත ලබා ගැනීමට මට හැකිවූ නිසා, යොදන්නේ කුමන පළිබෝධනාශකද, කොතැනද සහ භයානක බව සොයා ගැනීමට හැකිවිය.”  ඒ කැලිෆෝනියාවේ කෘෂිකාර්මික කේන්ද්‍රස්ථානයේ පිහිටි Ventura ප්‍රාන්තයේ සහ පාසල් කිහිපයක් අසලය.

“විද්‍යාඥයින් තවමත් ලබාගෙන නැති පර්යේෂණ සහ දත්ත වලින් අපට නිගමන උකහා ගත හැක” යනුවෙන් ග්‍රෝස් පවසයි.

Undark සඟරාවේ The Great Soy Formula Experiment මගින් දරුවන්ට සෝයා කිරි ලබා දීමෙන් ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් ගවේෂණය කරන ලදී. ඡායාරූපය: Istock/ GIJN 

COVID-19 වසංගතයේ බලපෑම

බ්ලුම්, ෆේලිරෝස් සහ ග්‍රොස් යන සියල්ලෝම විශ්වාස කරන්නේ COVID-19 පැමිණීම ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් කලාවට බෙහෙවින් ඉවහල් වී ඇති බවයි. මන්ද මාධ්‍යවේදීන් මරණ අනුපාත පිළිබඳ දත්ත එකතු කිරීමට උත්සාහ කරන බැවින් බොහෝ රජයන්ට එය වසං කිරීමට නොහැකිව ඇත. වසංගතය අතරතුර සිදුවන අධික මරණ සංඛ්‍යාව පිළිබඳ ඉකොනොමිස්ට් සඟරාවේ වාර්තාව නිදසුනකි.ෆේලිරෝස් පවසන පරිදි බ්‍රසීලයේ, Folha පුවත්පත ‘O Globo’ සමඟ එක්ව, රජයේ සංඛ්‍යා විශ්වාස නොකරන බැවින් නිවැරදි මරණ දත්ත එකතු කිරීමට උත්සාහ කරයි.

ගවේෂණාත්මක පුවත්පත් කලාව විකාශනය වන ආකාරය පිළිබඳ වසංගතය හොඳ උදාහරණයක් ද සපයයි. විද්‍යාත්මක ව්‍යවසාය තුළම කථා සහ අපයෝජනයන් අනාවරණය කර ගැනීම, බ්ලුම් සහ ග්‍රෝස් යන දෙදෙනාම COVID-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ විවාදයට යොමු කර ඇත. එය විද්‍යාගාරයකින් ආරම්භ වූවාද, නැතහොත් මිනිසුන් සහ සතුන් අතර වෙනත් අන්තර්ක්‍රියා වලින් පැමිණියාද? උදාහරණයක් ලෙස වුහාන් වෙළඳපොල; විද්‍යාඥයන් සහ අනෙකුත් ප්‍රවීණයන් ඔවුන්ගේ සංශයවාදය පවත්වා ගැනීමට,

මුලදී පිළිතුර පැහැදිලි යැයි යෝජනා කරන විට පවා, මාධ්‍යවේදීන් සත්‍යය පැහැදිලි කොටගෙන තිබිනි.

“COVID විවේචනය නොකරන අය, විද්‍යාගාර කාන්දු න්‍යාය මුලිදී ඉස්මතු කළ විද්‍යාඥයින්ට ඉතා සමීප වූ වන් වුවද, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් රෙල්මන්, අප එය සොයා බැලිය යුතු යැයි පැවසීය” ග්‍රෝස් ගේ ප්‍රකාශය.

අතිරික්ත මරණ දත්ත වාර්තා. ඡායාරූපය: Screenshot/the economist/GIJN

විද්‍යාව සමඟ විද්‍යාඥයින් ප්‍රශ්න කිරීම

නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ලියොන් ලෙඩර්මන් සඳහන් කළේ, සෑම කෙනෙක්ම විද්‍යාඥයින්ගේ වචනය පිළිගත් නමුත්, සමහර සොයාගැනීම් ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන් වැඩි කැමැත්තක් දක්වන බව අපි දකිමු.” බ්ලුම් පැවසීය. “අපි විද්‍යාවට ඔල්වරසන් දෙන්නන් නොවිය යුතුයි. අපි ස්වාධීන පරීක්ෂණයක් කරන්නෙමු, අපගේ පක්ෂපාතිත්වය අපගේ ප්‍රේක්ෂකයන්ට හානි කරයි”.

විද්‍යාත්මක සොයාගැනීම් විමර්ශනය කළ මාධ්‍යවේදීන්ගේ සහ විද්‍යාඥයින්ගේම සදාචාරාත්මක හැසිරීම් පිළිබඳ බොහෝ උදාහරණ බ්ලුම් පෙන්වා දෙයි. ඔවුන් අතර: සෑම් කීන්, “The Icepick Surgeon“හි  කතුවරයා වන අසීන් ගොරයිෂි, විද්‍යාඥයින් විසින් ලිංගික හිරිහැර කිරීම් පිළිබඳ අවස්ථා නැවත නැවතත් හෙළිදරව් කර ඇත. තව දුරටත් ආපසු ගොස්,HIV වෛරසය සොයා ගත් බවට රොබට් ගැලෝගේ ප්‍රකාශය පිළිබඳ John Crewdson ගේ විමර්ශනයද සැලකිය හැක. රෙබෙකා ස්ක්ලුට් ගේ “The immortal Life of Henrietta Lacks” පොතේ ලේඛනගත කර ඇති පරිදි වෛද්‍ය පර්යේෂණවල සෛල රේඛා භාවිතය පිළිබඳ විමර්ශනය තවත් හොඳ උදාහරණයකි.

නැවතත්, විද්‍යාත්මක පර්යේෂණ සහ පර්යේෂකයන් විමර්ශනය කිරීමේදී මාධ්‍යවේදීන්ට යොමු විය හැකි සබැඳි සම්පත් තිබේ. අයිවන් ඔරන්ස්කයි ගේ ‘Retraction Watch’, එය ඉල්ලා අස්කර ගත් ශාස්ත්‍රීය පත්‍රිකා පිළිබඳ යාවත්කාලීන කිරීම්, එය නැවත වැරදි කරන්නන් කවුදැයි  සහ නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ (NYU) චාල්ස් සීෆ්ගේ විද්‍යා විමර්ශන ඉගැන්වීම පිළිබඳව විස්තර සපයයි. එක්සත් ජනපදය, ආහාර හා ඖෂධ පරිපාලනය සහ පරිසර ආරක්ෂණ ඒජන්සිය වැනි රජයේ විද්‍යාත්මක ආයතනවල කටයුතු වඩාත් සමීපව නිරීක්ෂණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් ග්‍රොස් දකී.

එවැනි අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නය පැමිණෙන්නේ සම්ප්‍රදායික පුවත්පත් ව්‍යවසායයන්ගෙන් පමණක් නොව, ‘ProPublica’, ‘EJN’, ‘China Dialogue’, ‘Mongabay’, ‘Oxpeckers’, ‘InfoNile’, පාරිසරික වාර්තාකරණ සාමූහිකය සහ එවැනි ආවරණ සඳහා සහාය දක්වන අරමුදල් සපයන ආයතන වැනි ලාභ නොලබන ප්‍රවෘත්ති වෙබ් අඩවි වලින් වේ. “විශේෂයෙන්ම කෝවිඩ් සහ දේශගුණික විපර්යාස නිසා විවිධ ආකාරවලින් විද්‍යා පුවත්පත් කලාවට මුදල් යොදවන පදනම් වැඩි වැඩියෙන් අපි දකිමු,” බ්ලම් පවසන්නේ, දැන් දියුණුව සඳහා වූ කවුන්සිලය විසින් පිරිනමනු ලබන ඩොලර් 20,000 ෂැරන් බෙග්ලි විද්‍යා වාර්තාකරණ සම්මානය වෙත යොමු කරමිනි.

විද්‍යාත්මක පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරන කථා සඳහා බොහෝ අරමුදල් මූලාශ්‍ර ඇති බව ග්‍රොස් පවසයි. මේවා අතර ආහාර සහ පාරිසරික වාර්තාකරණ ජාලය (FERN), ගවේෂණාත්මක පුවත්පත් කලාව සඳහා වන අරමුදල, වර්ග විමර්ශනය, පාරිසරික පුවත්පත් කලාව සඳහා SEJ අරමුදල, ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා විද්‍යා සඟරාවේ අරමුදල සහ ඇලිසියා පැටර්සන් සාමාජිකත්වය වේ. යුරෝපයේ, ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ට ප්‍රදාන පිරිනමන නව පෘථිවි විමර්ශන වැඩසටහන ස්ථාපිත කිරීමට ආකේඩියා අරමුදල ද උදව් කර ඇත.

බ්ලුම් තවමත් එවැනි ප්‍රයත්නයන් දැකීමට කැමති වන අතර, මාධ්‍යවේදීන්ට – දත්ත සහ සිදුවීම්වල රටා දැකීමට පුහුණු වූ නිරීක්ෂකයින් ලෙස විද්‍යාත්මක සංසිද්ධි සහ විද්‍යාත්මක ක්‍රියාවලිය විමර්ශනය කිරීමේදී දායක වීමට බොහෝ දේ ඇති බව විශ්වාස කරයි. “නමුත් මාධ්‍යවේදීන් එහි අභ්‍යන්තරයේ පවතින විද්‍යාව තේරුම් ගත යුතු අතර, කරුණු පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතුය,” ඇය අනතුරු අඟවයි.

ෆේලිරෝස්ද ගැඹුරින් දැනුවත් වූ විද්‍යා පුවත්පත් කලාවේ අවශ්‍යතාවය දකියි. “විශේෂයෙන් සෞඛ්‍යය, පරිසරය සහ දේශගුණික විපර්යාස වැනි මාතෘකා සම්බන්ධයෙන් ගත් කල, අප දකින සංසිද්ධි – දකුණු ඇමරිකානු වර්ෂාපතනයට ඇමසන් වල බලපෑම හෝ අත්ලාන්තික් සාගරයේ ඇල්ගී පිපීම වැනි – වඩ වඩාත් සංකීර්ණ හා ගෝලීය වේ.” ඔහු සටහන් කරයි. “මේ ආකාරයේ ගවේෂණාත්මක විද්‍යා පුවත්පත් කලාව වැඩි වැඩියෙන් වැදගත් වන්නේ එබැවිනි.”

අතිරේක සම්පත්

Climate Crisis: Ideas for Investigative Journalists

New Data Tools and Tips for Investigating Climate Change

My Favorite Tools: Geo-Journalist Gustavo Faleiros

ජේම්ස් ෆාන්. ඡායාරූපය: GIJN

ජේම්ස් ෆාන් යනු GIJN සාමාජික ඉන්ටර්නිව්ස් හි Earth Journalism Network හි විධායක අධ්‍යක්ෂවරයා වේ. ඔහු බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය උපාධි පාසලේ කථිකාචාර්යවරයෙකු ද වන අතර එහිදී ඔහු ජාත්‍යන්තර පාරිසරික වාර්තාකරණය උගන්වයි.

James Fahn විසින් Global Investigative Journalism Network වෙත ලියන ලද The Rise of Science-Based Investigative Journalism නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.