• IUCN විසින්, IUCN විශේෂයන්ගේ හරිත තත්වය ළඟදීම දියත් කිරීමට බලාපොරොත්තු වේ. එය නව තක්සේරු මෙවලමක් වන අතර එමඟින්, ඒවායේ පරාසය තුළ ජීවීන්ගේ පාරිසරික ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන අතර සංරක්‍ෂණ ප්‍රයත්නයන් හේතුවෙන් කොපමණ විශේෂ ප්‍රමාණයක් නැවත යථා තත්ත්වයට පත් වී ඇත්ද යන්න පෙන්වයි.
  • නව රාමුව මඟින් විශේෂයන් ප්‍රතිසාධන කාණ්ඩ නවයකට වර්ගීකරණය කරන අතර කෙටි කාලීන හා දිගු කාලීනව අතීත සහ වර්තමාන සංරක්‍ෂණ ප්‍රයත්නයන්හි සහ ප්‍රතිසාධන ශක්‍යතාවන්ගේ බලපෑම මනිනු ඇත.
  • ජාත්‍යන්තර පර්යේෂකයන් 200 කට වැඩි කණ්ඩායමක් විශේෂ 181 ක් සඳහා මූලික හරිත තක්සේරුව නව පත්‍රිකාවකින් ඉදිරිපත් කළහ.
  • IUCN විශේෂයන් සඳහා වන හරිත තත්ත්වය, සැප්තැම්බර් මාසයේදී IUCN ලෝක සංරක්ෂණ සම්මේලනය ආරම්භයේදී නිල වශයෙන් මාර්ගගතව දියත් කෙරේ.

කැලිෆෝනියාවේ කොන්ඩෝර් දශක ගණනාවක් තිස්සේ වඳවීමේ අද්දරට ළඟා වෙමින් තිබේ. මෙම විශේෂය 1994 දී මුලින්ම තක්සේරු කරන විට, විශේෂයන්ගේ සංරක්ෂණ තත්වයන් පිළිබඳ ගෝලීය අධිකාරිය, එය ‘දැඩි තර්ජනයට ලක්වී ඇති’ යනුවෙන් ලැයිස්තු ගත කරන ලදී. වසර 30කට පමණ පසු එහි තත්ත්වය වෙනස් වී නැත. නමුත් මෙය මුළු කතාවම නොකියයි.

කැලිෆෝනියාවේ කොන්ඩෝර් (Gymnogyps californianus) අල්ලා ගෙන අභිජනනය හා නැවත හඳුන්වා දීමේ උත්සාහයන් සඳහා සංරක්‍ෂකයින් සැබවින්ම වෙහෙස මහන්සි වී වැඩ කළේය. කැලිෆෝනියාවේ කොන්ඩර් ලැයිස්තුගත කිරීමේ වැඩ කළ බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල්හි රතු ලැයිස්තු පර්යේෂකයෙකුවන ක්ලෝඩියා හර්මීස් මොංගබේ වෙත පැවසුවේ “සංරක්‍ෂණයකින් තොර වූවා නම් මේ  වන විටත් ඔවුන් වඳ වී යනු ඇති. නමුත් සංරක්‍ෂණයත් සමඟ ඔවුන් ඇත්තෙන්ම හොඳින් ප්‍රතිචාර දක්වයි.”

මෙය IUCNහි රතු ලැයිස්තුවට නව එකතු කිරීමක් වේ. IUCN විශේෂයන්ගේ හරිත තත්වයන් විසින් දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති තත්ත්ව තිබියදීත්, මෙම ප්‍රයත්නයන් පවත්වාගෙන යාම මඟින් කොන්ඩෝර්න් සංරක්‍ෂණ ඉහළ ප්‍රතිසාධන ශක්‍යතාවක් පෙන්නුම් කරයි.

“හරිත තත්ත්වය ඇත්තෙන්ම මෙම හිඩැස පුරවනවා. තරමක් ඉහළ වඳවීමේ අවදානමක් තිබියදීත්, අප තවමත් මේ පිලිබඳ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඒ නිසයි” හර්මීස් පැවසීය.

සංරක්‍ෂණ ජීව විද්‍යාවේ ජූලි 28 දින ප්‍රකාශයට පත් කරන ලද නව පත්‍රිකාවකින් IUCN හරිත තත්වය හඳුන්වා දෙන අතර නව විශේෂ තක්සේරු රාමුවක් ලෙස විශේෂයක් එහි පරාසය තුළ ඇති පාරිසරික ක්‍රියාකාරීත්වය මෙන්ම සංරක්‍ෂණ ප්‍රයත්නයන් නිසා කොපමණ ප්‍රමාණයක් නැවත යථා තත්ත්වයට පත් වී තිබේද යන්න පිළිබඳව තොරතුරු සපයයි. ආයතන 171 ක, 200 කට අධික ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් රෝස පරෙවියා (Nesoenas mayeri), අළු වෘකයා (Canis lupus) සිට සුමත්‍රාන් රයිනෝසිරස් (Dicerorhinus sumatrensis) දක්වා විශේෂ 181ක් සඳහා මූලික හරිත තක්සේරුවක් ඉදිරිපත් කළහ.

IUCN හරිත තත්ත්වය මගින් විශේෂයන් ප්‍රතිසාධන කාණ්ඩ 9කට වර්ගීකරණය කරනු ලබන අතර එමඟින් ‌ෙඑතිහාසික ගහන මට්ටම් උපයෝගී කරගනිමින් විශේෂයක් එහි පරාසයෙන් බොහෝ දුරට හීන වී තිබේද නැතහොත් එය ප්‍රකෘතිමත් වීමට ආසන්නද යන්න දක්වයි. තක්සේරු කිරීමේ රාමුව මඟින් අතීත සංරක්‍ෂණ ප්‍රයත්නයේ බලපෑම, සංරක්‍ෂණ ක්‍රියාවන් කෙරෙහි විශේෂයන් විශ්වාසය තැබීම සහ සංරක්‍ෂණ ක්‍රියා හේතුවෙන් ඉදිරි වසර 10 තුළ විශේෂයකට කොපමණ ප්‍රමාණයක් ලබා ගත හැකිද යන්නද මැන බලනු ඇති. ඉදිරි වසර 100 තුළ විශේෂයන් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පිළිබඳ දිගු කාලීන දැක්මක්ද එහි අඩංගු වේ.

සමහර අවස්ථවලදී විශේෂයක රතු ලැයිස්තු තත්ත්වය හරිත තත්වය සමඟ සමපාත වන නමුත් බොහෝ විට එම ප්‍රමිතීන් දෙක නොගැලපේ. උදාහරණයක් ලෙස කුඩා මාසුපියල්වන බර්ටොං බෙටොං (Bettongia lesueur) විශේෂයෙහි රතු ලැයිස්තු තත්ත්වය ‘ආසන්න වශයෙන් තර්ජනයට ලක්ව ඇති’ වන අතර එයින් ඇඟවෙන්නේ එම සත්වයා අනතුරේ සිටියද වඳවීමේ අවදානමක් නොමැති බවයි. නමුත් හරිත තත්ත්‍වයෙන් පෙන්නුම් කෙරෙන්නේ, සත්තුන්ගේ ගොදුරු වලට ලක්වන බෙට්ටොං ඇත්ත වශයෙන්ම එහි පරාසයෙන් ‘critically depleted’වන අතර මෙම සතුන් ගොදුරු කර ගන්නා බළලුන් සහ හිවලුන් වැනි ආක්‍රමණික විශේෂ පාලනය කිරීමේ දුෂ්කරතා හේතුවෙන් ඉහළ ප්‍රතිසාධන හැකියාවක් නොමැති බවයි.

සමීක්‍ෂණයට ලක් කළ විශේෂ වලින් 2% කටත් වඩා අඩු ප්‍රමාණයක් සංරක්‍ෂණ බලපෑමක් ඇති ශුන්‍ය මෙට්‍රික් එකක් ඇති අතර එයින් ඇඟවෙන්නේ ‘මෙම විශේෂයන්ගෙන් අතිමහත් බහුතරයකගේ විශේෂ තත්ත්වය වැඩි දියුණු කිරීම හෝ පවත්වා ගැනීම සඳහා සංරක්‍ෂණය මගින් මහඟු කාර්යභාරයක් ඉටු කරන බවයි’.

වනජීවී සංරක්ෂණ සමිතියේ (WCS) ජීවි විශේෂ සංරක්‍ෂණ උප සභාපති සම කර්තෘ එලිසබෙත් බෙනට් පවසන්නේ මෙම නව රාමුව මඟින් සංරක්‍ෂණ ක්‍රියාවන් දිරිමත් කළ හැකි බවයි.

“රතු ලැයිස්තුවට වඩා සියුම් ලෙස වෙනස් කළ යුතු හා සංවේදීත්වය නිසාවෙන් මේ ගැන උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇති පරිත්‍යාගශීලින් සිටිනවා” යැයි බෙනට්, මොංගබේ වෙත පැවසීය. “එබැවින් ලබා දීමේ කාල සීමාවක් තුළදී, වෙනස් වීමට ප්‍රතික්‍රියා දැක්වීමට රතු ලැයිස්තුගත තත්ත්වය බෙහෙවින් අඩු මට්ටමක පවතින විශේෂයක හරිත තත්ත්වය වැඩි දියුණු කිරීමට ඔබට හැකියි.”

2021 සැප්තැම්බර් 3-11, ප්‍රංශයේ මාර්සෙයිලිහි පැවැත්වෙන IUCN ලෝක සංරක්ෂණ සම්මේලනය ආරම්භයේදී IUCN ග්‍රීන් තත්වය නිල වශයෙන් මාර්ගගත කිරීම ආරම්භ කෙරේ.

“මා සිත් උද්දීපනය කරන මූලික කරුණ නම් විශේෂ සංරක්‍ෂණය සමඟ අපට කොතැනට යාමට අවශ්‍යද යන්න පිළිබඳ ශුභවාදී දෘෂ්ටියක් තිබෙනවා,” බෙනට්, මොංගබේ වෙත පැවසීය. “තවද එය සෑම විශේෂයක් සඳහාම මිනිසුන්ට හොඳ පැහැදිලි මාර්ග සිතියමක් ලබා දෙනවා. නිකරුණේ කියනවා වෙනුවට, මෙම විශේෂය වඳ වී යාමට අපට අවශ්‍ය නැතැයි කියනවා වෙනුවට නමුත් අපට එය සමෘද්ධිමත් වීමට අවශ්‍ය වන අතර, එහි පූර්ණ පාරිසරික කාර්යභාරය ඉටු කිරීමට අපට අවශ්‍යය බව පැවසිය හැක. මෙම ගැටලුව ජය ගත හැක්කේ ඒ ආකාරයටයි.”

Elizabeth Claire Alberts විසින් Mongabay  වෙත ලියන ලද For species in the red, IUCN’s new Green Status signals conservation wins නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.