මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති සහ නාගරික නගරවල උස් ගොඩනැඟිලි ඉදිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය පිළිබඳව පිබිදීමක් ඇති බැවින් බැවින්, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට, පරිසරයට සහ සමස්ත සමාජ හා ආර්ථික ප්‍රතිවිපාක කෙරෙහි එහි බලපෑම පිළිබඳ අවධානය යොමු වී ඇත්තේ අඩුවෙනි.

අපගේ මීළඟ හරිත සංවාදය ” In the Name of Development: Environment and Socio-economic Consequences of Large-scale Infrastructure Development Projects in Sri Lanka – සංවර්ධනයේ නාමයෙන්: ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල පරිසරය සහ සමාජ-ආර්ථික ප්‍රතිවිපාක” යන මාතෘකාව යටතේ සවිස්තරාත්මකව ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන අතර පරිසර හිතකාමී සංවර්ධනය වඩාත් හොඳින් පිළිබිඹු කිරීමට ගත යුතු පියවර සහ ජාතික ඉලක්ක සකසා ගත යුතු අයුරු මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇත.

මෙම සාකච්ඡාව 2021 දෙසැම්බර් 14 දින සවස 6.00 සිට පෙ.ව. 7.30 දක්වා ZOOM මගින් පැවැත්වෙන අතර මුහුණු පොත හරහා සජීවීව විකාශය කෙරෙනු ඇත.

පාරිසරික විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති යන ක්ෂේත්‍ර නියෝජනය කරන මෙම විද්වත් මණ්ඩලය, ඔවුන්ගේ විවිධ දෘෂ්ටිකෝණයන් මෙම මාතෘකාවට ගෙන ඒම අරමුණු කරගන්නා අතර එම විශේෂඥ මණ්ඩලය සමන්විත වන්නේ: ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්යවරියක වන ඉංජිනේරු. (මහාචාර්ය) ශිරෝමි කරුණාරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, පරිසර විශේෂඥ, උපදේශිකා, රමණි ඇල්ලේපොල, සහ , ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ආචාර්ය (ඉංජිනේරු) ප්‍රදීප් තන්තිරිගේ යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වේ.


මෙම සංවාදය මෙහෙයවීම් සිදුකඩනු ලබන්නේ විද්‍යා ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු සහ සංවර්ධන සන්නිවේදන විශේෂඥයෙකු වන නාලක ගුණවර්ධන විසිනි.

මෙම සාකච්ඡා මාලාව විමර්ශන හා වාර්තාකරණ මධ්‍යස්ථානයේ ‘Stories from the Margins’ වැඩසටහන යටතේ එන මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් වන අතර, එයට Earth Journalism Network සහ Internews විසින් අනුග්‍රහය දක්වයි.